Tuesday, October 1, 2019

සම්බධතා වෘත්තය 2


පෙර ලිපියේ පැවසු පරිදි ඔබගේ ජීවිතයේ කොටසක් වීමට ඇතුලත වෘත්තයට පිවිසීමට අයෙකුට තනිව හැකියාවක් තිබේද, නැත්නම් එයට ඔබගේ උදව් ඔහුට අවශ්‍යද?

ඔබට සිතේවි ඔහු ඉතාමත් දක්ෂයෙක් නම් ඔහුට කිසිවෙකුගේ උදව් අවශ්‍ය  නැති බව. නමුත් සත්‍ය නම් ඔහු කෙතරම් දක්ෂයෙක් වුවත් ඔහුට ඔබගේ උදව් නොමැතිව එම කිසිදු සීමාවක් පසු කර නොහැකි බවයි.

මෙලෙස සිතන්න. ඔබ මේ සියලුම මායිම් විශාල තාප්පයකින් වට කර, ශක්තිමත් ඉතාමත් විශාල ගේට්ටුවක් යොදා මුර කරන බව. එය පසු කිරීමට මෙලොව කිසිම ජගතෙක් නැත. මෙහි යතුර ඇත්තේ ඔබේ අත පමණි.

එසේ නම් ඔහුට මෙම සීමා පසු කිරීමට ගේට්ටුව හැර දී  ඇත්තේ කවුද?

මෙය මදක් පැහැදිලි කරගනිමු.




සිතන්න ඔබ තවමත් තනිකඩ කිසිදු සම්බන්ධතාවයක් නොතිබූ අයෙක්. ඔබ එසේ සිටියත් ඔබගේ හිතමිතුරන් බොහෝ දෙනා පෙම්වතුන් වී අවසන්. දැන් ඔබට ඔවුන්ගෙන් ලැබෙන පීඩනය සුළු පටු දෙයක් නොවේ. එය ඔවුන් සිතා මතා නොකරනවා විය හැකියි. නමුත් සත්‍ය නම් ඔබ ඔවුන් පෙම්වතුන් ලෙස දකින සෑම මොහොතකම ඔබගේ සිත ඔබටද පෙම්වතෙක් වීමට බල කරයි.
එය ඔබගේ හෝ ඔබගේ මිතුරන්ගේ වරදක් නොවේ. සිතේ ස්වාභය එයයි.

ඔබ මෙතෙක් හොඳින් ආරක්ෂා කර දොරගුළු වසා සිටි සීමා ගේට්ටුව දැන් ඔබ විසින්ම අගුල බුරුල් කරනු ඇත. එය පළමු සංඥාවයි. මෙතෙක් කිසිදු කැමැත්තක් නොතුබු ඔබ දැන් “අකමැත්තක් නැති” තත්වයට පත්වී ඇත.

එය ඔබට වටහා ගැනීමට අපහසු නම් “කැමති නැද්ද, අකමැති නැද්ද?  ලිපියෙන් පැහැදිලි කර ඇත.

එබැවින් ඔබ දැන් සත්‍ය ලෙසම කවුරුන් හෝ එම දොරගුළු වලින් ඇතුලට ගැනීමට සචේතනාත්විත (චේතනාවෙන් යුතුව) හෝ අචේතනාත්විතව (චේතනාවෙන් තොරව) ක්‍රියා කර ඇත.

නමුත් එය චේතනාවකින් තොර යැයි ඔබට කිසිවිටෙකත් පැවසිය නොහැක. ඔබ එසේ පවසනුයේ ඔබගේ ක්‍රියාව හුදෙක් සාධාරණීය කරණය කරගැනීම උදෙසා පමණි. කෙසේ හෝ යතුර තිබුනේ ඔබගේ අතේ නම්, අගුල  ලිහිල් කලේද ඔබමයි. එසේ නම් එහි වගකීම ඔබගේයි.

දැන් ලිහිල් වූ අගුල දම්වැලෙන් ඉවත් කිරීමට ඕනෑම කෙනෙකුට පහසු දෙයකි. මන්ද ඔබ ඊට අවශ්‍ය පසු බිම සකස් කර දී අවසන් බැවින්. කෙසේ හෝ මෙතනින් ආරම්භ වී ඔබගේ ගේට්ටුව තුලින්ම ඔබගේ ඇතුලත වෘත්ත කරා කිසිවෙකු පැමිණීම ට ඉඩ දීමේ ඔබගේ අරමුණ දැන් සාර්ථක වී ඇත.

මෙතෙක් ඔබට අවශ්‍ය නොවූ දෙයක් එලෙසම තබා ගැනීමට ඔබ සෑම විටම ක්‍රියා කරාක් මෙන්ම ඔබට දැන් අවශ්‍ය දෙයක් ලබා ගැනීමට ඔබට ඕනෑම දෙයක් සිදු කල හැකිය.

උදාහරණයක් ලෙස ඔබ තවමත් පාසල් යන ඉගෙනුමෙහි පමණක් යෙදෙන ගැහැණු ළමයෙක් නම්, පිරිමි ළමුන් සමග කිසිවිටෙකවත් කිසිදු සම්බන්ධතාවයක් පැවැත්වීමට අකමැති ගැහැණු ළමයෙකු නම්, ඔබ එසේ සිදු වීමට ඉඩ ඇති සියලුම අවස්ථා මග හරිනු ඇත. ඔබට අවශ්‍ය නොමැති නම් ඔබ එය කිසිවිටෙකත් කුමන පරිසර සාධක පැවතියද එය සිදු නොකරනු ඇත.

නමුත් ඔබට පිරිමි ළමුන් සමග සම්බන්ධතාවයන් පැවැත්වීම ගැටළුවක් නොවේ නම්, ඔබ එසේ සිදු කර භාහිර සාධක මත වරද පටවනු ඇත. මට එහෙම නොකර එතන කොන් වෙලා ඉන්න බෑ, එහෙම නොකර නම් අනිත් අය මගේ ගැන වැරදියට හිතයි, මෙවැනි දහසක් හේතු කාරනා (නිදහසට කරුණු) ඉදිරිපත් කර ඔබ ඔබගේ අරමුණ ඉටු කරගනු ඇත.

නමුත් ඔබට ඇත්තවශයෙන්ම එසේ අවශ්‍යතාවයක් නොතිබුණි නම් ඔබ කුමන හේතුන් යටතේ කුමන භාහිර සාධක යටතේ වුවත් එය සිදු නොකරනු ඇත.

කොතරම් බඩගිනි වුනත් සිංහයා තණකොළ කන්නේ නෑ ලෙස අප කුඩා කාලයේ අපට උගන්වන්නේ එබැවිනි. නමුත් වර්තමානයේ සිංහයන් සෙවීම ඉතා අසීරු කාර්යයක් වන අතරම සිංහ හැම පෙරවා ගත වෘකයින් ඕනෑ තරම් දකින්නට ලැබේ.

ඔබගේ දැන් අවශ්‍යතාවය කවුරුන් හෝ ඇතුලත වෘත්තයට ගැනීම නිසාවෙන් ඔබ එයට අවශ්‍ය උල්පන්දම අගුල ලිහිල් කිරීමෙන් ලබා දී ඇත. දැන් ඔබගේ ඇතුලත වෘත්තය වෙත පැමිණෙන පිරිස අතරින් ඔබ සුදුසු පුද්ගලයා තෝරාගන්නේ කෙසේද?

එය මීළඟ ලිපියෙන් සාකච්චා කරමු.

No comments:

Post a Comment