Saturday, October 19, 2019

අපේ නිමයුම්කරු...


අපි මේ විශ්වයේ ඉන්න එක පුංචි ජීවින් පිරිසක් විතරයි.

ඒත් මේ පුංචි ජීවින් පිරිස මුල ඉඳන්ම තමන්ව මැවුවේ කවුද කියන ප්‍රශ්නෙට උත්තර හොයන්න ගොඩක් උනන්දු වුනා.

ප්‍රතිඵලයක් විදියට ආගම කියන සංකල්පය ත් ඇති කරගත්ත.

ඒත් අපි ඇත්තටම දන්නවද අපිව මැවුවේ කවුද කියල..?

එක එක ආගමේ කියන්නේ එක එක දෙවියෝ අපිව මැවුව කියලා. එහෙම වෙන්න බෑ නේ. අපිව මවල නම් මවන්න් පුළුවන් එක දෙවි කෙනෙක් ට විතරයි. අපි හිතමු x කියන දෙවියන් අපිව මවුවා කියලා. එහෙනම් අනිත් ඔක්කොම ආගම් වල කියන දේ තනිකරම බොරු.

අන්න ඒ x කියන්නේ සනාතන ධර්මය.

අපි මේ කතාව ටිකක් වෙනස් විදියට බලමු.

ඔබ අහල ඇති විශ්වයේ තියෙනවා හැම දැනුමක් ම, අපි හරි විදියට අපේ මනස විවෘත කලොත්, අපිට විශ්වයේ තියෙන ඒ දැනුම ලබා ගන්න පුළුවන් කියලා.

ඒ කියන්නේ විශ්වයේ හැම දේම තියෙනවා.

අපි අපේ මනස යොදවන්නේ සැප සම්පත් හොයන්න නම්, ඒකට අවශ්‍ය දැනුම තමයි අපිට විශ්වයෙන් ලැබෙන්නේ. මොකද අපි අපේ මනස විවෘත කරන්නේ ඒකට.
අපි හොයන්නේ ලිංගිකත්වය නම්, අපිට විශ්වයෙන් ලැබෙන්නේ ඒක.
අපි හොයන්නේ සැනසීම නම් අපිට ලැබෙන්නේ ඒක.
අපි හොයන්නේ නිවන නම් අපිට ලැබෙන්නේ ඒක.

දැන් පොඩ්ඩක් මෙහෙම හිතන්න.

ඔබ මේ ලිපිය කියවන්නේ අන්තර්ජාලයේ.

මේ අන්තර්ජාලයේ හැමදේම තියෙනවා. හැමදේම.

හැබැයි ඔබ හොයන දේ විතරයි ඔබට ලැබෙන්නේ.

ඔබ හොයන්නේ සල්ලි හොයන්න ක්‍රමයක් නම්, ඔබට ඒ ගැන තියෙන ඕනේ තරම් වෙබ්සයිට් හම්බෙනවා.
ඔබ හොයන්නේ ලිංගිකත්වය නම්, ඔබට ඒ දේවල් තියෙන වෙබ්සයිට්ස් ඕනේ තරම් තියෙනවා.
ඔබ හොයන්නේ සැනසීම නම්, ඔබට ඒ වගේ වෙබ්සයිට්ස් නුත් හම්බෙනවා.
ඒ වගේමයි ඔබ හොයන්නේ නිවන නම් ඔබට ඒ ගැන දැනගන්න පුළුවන් ඕනේ තරම් දේවල් මේ අන්තර්ජාලයේ තියෙනවා.

එතකොට අන්තර්ජාලය සහ මේ විශ්වය එක වගේ නේද.

විශ්වයේත් හැමදේම තියෙනවා, අන්තර්ජලයේත් හැමදේම තියෙනවා.

දැන් හිතන්න අන්තර්ජාලයේ තියෙන්නේ කොහෙන් ආපු දැනුමක්ද? උඩින් පහත වුනු දැනුමක් ද?
නෑ. අපිම ඉගෙන ගෙන, අපිම හොයාගත්තු දැනුම අපි එක තැනකට අප්ලෝඩ් කරනවා. අනිත් අයටත් ඒවා දැන ගන්න.

අපි හැමෝම අපේ දැනුම බෙදාගන්නවා අන්තර්ජාලයේ, අනිත් අයටත් ඒවා පාවිච්චියට ගන්න පුළුවන් වෙන්න.එතකොට අපි අන්තර්ජාලයෙන් දෙයක් හොයාගෙන ඉගෙන ගත්තා කියන්නේ ඒ දැනුම අපිද නිර්මාණය කරේ? අපිද හොයාගත්තේ?

නෑ, ඒ දැනුම එතකොටත් අන්තර්ජාලයේ තිබුණු දැනුම, අපි ඒ දේ පීරලා පීරලා හොයාගත්තු එක විතරයි කරේ. ඒ දැනුම වෙන කවුරු හරි අන්තර්ජාලයට දාපු දැනුමක්. ඒ කෙනත් ඒ දැනුම වෙන කොහෙන් හරි ඉගෙන ගත්ත දැනුමක්.

එතකොට මේ විශ්වයේ තියෙන්නේ දැනුම..?

ඔව් දැන් තේරෙනවා නේද මේ විශ්වයේ තියෙන දැනුමත් අපේ මුතුන් මිත්තන් දැනගෙන හිටපු දැනුම කියලා. අපි අලුතින් හොයාගන්නවා කියල කිව්වට ඇත්තටම ඒ මේ ලෝකයේ තිබුණු දැනුම. අපි කරන්නේ ඒ තිබුණු දැනුම ආයෙත් පීරලා පීරලා හොයාගන්න එක විතරයි.

අන්න ඒ අතින් අතට මාරු වෙන දැනුමට තමයි කියන්නේ සනාතන ධර්මය කියලා.

එක එක කාල වල, එක එක මිනිස්සු මේ එකම දැනුම හොයාගෙන ඒ දැනුමට එක එක නම් දෙනවා. හැබැයි එක එක නම් වලින් තිබුනත් තියෙන්නේ එකම දැනුම.

ඒක නිකන් කික් කෝලා බෝතලයකටයි පෙප්සි බෝතලයකටයි දෙකටම පුරවනවා කොකාකෝලා මිශ්‍රණයෙන් හදපු බීම.

දැන් කික් කෝලා බෝතලේ තියෙන්නේ කික් කෝලා නෙමෙයි නේ. ඒ තියෙන්නෙත් කොකාකෝලා මයි. පෙප්සි බෝතලේ ඇතුලේ තියෙන්නෙත් කොකාකෝලා මයි. හැබැයි අපි බෝතලේ ට දෙන නම අනුව අපි හිතනවා මේ තියෙන්නේ තුනක් කියලා. ඒත් ඇත්තම කතාව ඒ තියෙන්නේ එකම කොකාකෝලා මිශ්‍රණයෙන් හදපු එකම බීම.

මෙන්න මේ වගේ තමයි එක එක කාල වල අපි එකම දැනුමට ලබාදෙන එක එක නම් නුත්.

ඉතින් අන්තර්ජාලය සහ විශ්වය සමාන බව ඔබට තේරෙනවා නම්, අපි මීළඟ ලිපියෙන් තවත් සිද්ධාන්තයක් කතා කරමු.

No comments:

Post a Comment