Saturday, October 26, 2019

Artificial Intelligence Dashboard සහ කර්මය


මේ මොන කුනුහරුපයක් ද මේ..?

නෑ නෑ. ඒ වගේ කතාවක් නෙමෙයි. පොඩ්ඩක් කියවල බලන්නකෝ.

ඔන්න තියෙනවා Artificial Intelligence Dashboard එකක් සිද්ද වෙන හැමදේම දකින, පෙනෙන.
අපි කරන හැම දේම, හැම හොර වැඩේම, හැම රහසක්ම දකින.

දැන් අපි කරන හොඳ සහ වැරදි අනුව මේ Artificial Intelligence Dashboard එක අපේ වැඩ මාර්ක් කරනවා වෙනම ලෙජර් එකක.

උදාහරණයක් ගමුකො.

ඔබ ඔන්න කන් ඇහෙන්නේ නැති මනුස්සයෙක්ට උසුළු විසිළු කරනවා. Artificial Intelligence Dashboard එක ඔන්න ඒක මාර්ක් කරගත්තා.

ඇමරිකාවේ ඉන්න මනුස්සයෙක් (ගොඩක් වයසක) තමන්ගේ කන් ඇහීම අඩු බිරිඳට හොඳටම තඩි බානවා, වතුර එකක් ඉල්ලලා ඒක ඇහුනේ නැතුව හිටියා කියලා.

ලංකාවේ තව ගැහැණු ළමයෙක් ශ්‍රවණාබාධ සහිත තමන්ගේ පන්තියේ යහළුවෙක් ව විහිලුවට ලක් කරනවා නරක විදියට.

දැන් මේ සේරම Artificial Intelligence Dashboard එක මාර්ක් කරගන්නවා වෙන වෙනම ඒ ඒ අයගේ ලෙජර් එකේ.

දැන් ඔන්න ඔබ රැකියාවකට යනවා. අර ගැහැණු ළමයත් ඔබේම තැන රැකියාව කරනවා. ඔබල දෙන්නා එකිනෙකාට ආදරය කරලා විවාහ වෙනවා. මේ අතරේ අර ඇමරිකාවේ වයසක කෙනා මැරෙනවා.
ඔන්න දැන් Artificial Intelligence Dashboard එක වැඩ පටන් ගන්නවා.

තුන් දෙනාගේම ලෙජර් තුනේ එකම සමාන වැරදි තුනක් තියෙයි.

Artificial Intelligence Dashboard එක දැන් අර මැරුණු වයසක කෙනා ඔබගේ සහ ඔබගේ බිරිඳගේ දරුවෙක් විදියට එවනවා. හැබැයි මේ දරුවා උපතින්ම කන් අහන්නේ නැති ළමයෙක්. දැන් ඔහුත් දුක් විඳිනවා. ඔබේ දරුවා ගැන හිතලා ඔබත් දුක් විඳිනවා, ඔබේ බිරිඳත් දුක් විඳිනවා.

හැබැයි මේ ඔබම වපුරපු දෙයක ප්‍රතිඵල.

ඔබ සහ ඔබේ බිරිඳ කන් ඇහෙන්නේ නැති අයට උසුළු විසිළු කරද්දී ඒ අයට කොහොමද දැනෙන්න ඇත්තේ කියල දැන් ඔබටම දැනෙනවා ඔබේ දරුවා නිසා. කන් ඇහෙන්නේ නැති කෙනෙක්ට තඩි බාද්දී ඒ කෙනාගේ වේදනාව දැන් ඔබේ දරුවටත් දැනෙනවා ජීවිත කාලෙම.

ඔබ තුන් දෙනාගේම පොදු වේදනාව, ඔබ තුන් දෙනාගේම පෙර කර්මය නිසයි. Artificial Intelligence Dashboard කරේ ඔබ තුන් දෙනාටම ඔබම වපුරපු දේ ප්‍රතිඵල ලබල දුන්නු එක විතරයි.

හිතන්න. මේ එක උදාහරණයක් අරගෙන කිව්වේ තේරුම් ගැනීමට පමණයි.

අපේ කර්මය කියන්නෙත් මෙන්න මේ වගේ Artificial Intelligence Dashboard එකක්. එකම වෙනස මේ Artificial Intelligence Dashboard එකට සපයන දත්ත සපයන්නේ අපි විසින්මයි. ඒ දත්ත අනුව Artificial Intelligence Dashboard එක ක්‍රියා කරනවා.

අපි දත්ත සපයන එක නැවත්තුවොත් Artificial Intelligence Dashboard එක ක්‍රියා විරහිත වෙනවා.
ඉතින් ඔබ දත්ත සපයන්නේ ඇයි?

No comments:

Post a Comment