Thursday, October 17, 2019

හොඳ ඇහැක්...


ඔබ මේ කියමන ඕනේ තරම් අහල ඇති. එයාට හොඳ ඇහැක් තියෙනවා. ඔයාට හොඳ ඇහැක් තියෙනවා.
මොකක්ද මේ හොඳ ඇහැක් කියන්නේ.

හොඳ ඇහැක් කියන්නේ ලොකු කතාවක සාරංශය වචන දෙකකින් කියනවට.

අපි බලමු මොකක්ද මේ ලොකු කතාව කියලා...

සාමාන්‍යයෙන් හොඳ ඇහැක් තියෙනවා කියල අපි කියන්නේ හොඳ තේරීමක් කරපු වෙලාවක.

හොඳ ඇඳුමක් තේරුවොත්, හොඳ රැකියාවක් තෝරාගත්තොත්, හොද පුද්ගලයෙක් තෝරාගත්තොත් වගේ හොද තේරීමක් කරොත් විතරයි.

සාමාන්‍යයෙන් හොඳ ඇහැක් තියෙන කෙනෙක් අනිත් අය වගේ හදිසි වෙන්නේ කලබල වෙන්නේ නෑ.

හොඳ ඇහැක් තියෙන කෙනෙක් ලේසියෙන් සෑහීමට පත් වෙන්නෙත් නෑ.

හොඳ ඇහැක් තියෙන කෙනෙක් තීරණයක් ගන්න කලින් හොඳින් හිහනවා. 

මොනවද?

ඍන පැත්ත ගැන. 

ඔව් හොඳ ඇහැක් තියෙන කෙනෙක් මුලින්ම දකින්නේ ධන පැත්ත නෙමෙයි, ඍන පැත්ත.

මොකද ඔහු හැමතිස්සෙම හේතුවක් හොයනවා ඒ දේ නොකර ඉන්න, නොගෙන ඉන්න.

මෙහෙම හිතන්න.

ඔබ ඇඳුමක් ගන්න යනවා. ඇඳුමේ අඩු පාඩු තිබුනත් මැහුම් තැනින් තැන ලිහිලා තිබුනත්, ඔබ ඒ ඇඳුමේ විලාසිතාවට කැමති නිසා අරන් එනවා. ඇවිත් මැහුම් ලිහෙන ඒවා මහගෙන අඳිනවා. එහෙනම් ඇයි ඔබ කඩෙන් වැඩි ගානක් දීල ඒ ඇඳුම ගත්තේ ඔබට ගෙදර ඇවිල්ලත් මහගන්න තියෙයි නම්?

එතැනදී වෙන්නේ ඔබ ඒ ඇඳුමේ ඍන පැත්තේ දේවල් වලට වඩා ධන පැත්තේ දේවල් වලට වැඩි තැනක් දීපු එකයි.

ඇඳුමක් නම් කමක් නෑ කියමුකෝ.

ඔබ ඔබගේ පෙම්වතා / පෙම්වතිය (පහසුව සඳහා පෙමවතා ලෙස සලකමු)  තොර ගනිද්දී ඔබ අඩු පාඩු ගොඩක් දකිනවා හැබැයි ඔබේ පුරුද්ද තියෙන්නේ ධන පැත්තට වැඩි ඉඩක් ලබා දෙන්න. ඉතින් ඔබ අර අඩු පාඩු වලට වඩා හිතනවා ධන පැත්තේ දේවල් මොනවද කියලා. එහෙම හිතනවා කියන්නෙම ඔබ ඔහුව තෝරාගෙන ඉවරයි.

ඉතින් සම්බන්ධෙ පටන් අරන්, ඉස්සරහට යද්දී ඔන්න ප්‍රශ්න එනවා. ඇයි? අර මුලින් දැක්ක අඩු පාඩු නිසා. නොගැලපීම් නිසා. ඒත් ඔබ ඒවා ගණන් නොගෙන සම්බන්ධෙ පටන් ගත්තේ හොඳ දේවල් තියෙන නිසා.
නමුත් ඇත්ත කතාව නම්, ප්‍රශ්න එන්නේ අඩු පාඩු නිසා.

දැන් හිතන්න ඔබ අර දැකපු ඍන පැත්තේ දේවල් වලට වැඩි ඉඩක් දුන්න නම් ඔබට මෙහෙම අඩු පාඩු තියෙන මනුස්සයෙක් එක්ක රණ්ඩු වේවි දුක් විඳින්න ඕනේ නෑ නේද?

ඉතින් අඩු පාඩු නැති මිනිස්සු නෑ නේ ලෝකේ...

අන්න ඒ නිසා තමයි හොඳ ඇහැක් තියෙන කෙනා හදිස්සි වෙන්නේ නැතුව ඉන්නේ හොඳම කෙනා එනකන්. හොඳම කෙනා ආවම ප්‍රශ්න අඩුම, රණ්ඩු නැතිම තරම්. (නැත්තේ නෑ, හැබැයි කලින් කිව්වා තරම් නෑ)

හිතන්න, අඩු පාඩුවක් දකිනවා නම්, ඒ කියන්නේ ඒ දේ වටිනා දෙයක් නෙමෙයි. හැබැයි හිතන්න ඔබ ට අඩුපාඩුවක් දකින්නේ නැති දෙයක් හම්බෙනවා. අන්න ඔබ එක තෝරාගන්නවා. දැන් එක කොච්චර වටිනා දෙයක්ද. හැමෝම අගය කරන දෙයක්. අන්න ඔබ හොඳ ඇහැක් තියෙන කෙනෙක් කියල අනිත් අය කියනවා.
අපිට පුරුදු නෑ අඩු පාඩු දකින්න. ඒ අඩු පාඩු නිසා මොන තරම් අපි කැමති වුනත් ඒ දේ ප්‍රතික්ෂේප කරන්න. මොකද අපි කොච්චර අඩු පාඩු තිබුනත් වැඩි ඉඩ දෙන්නේ එකක් හරි තියෙන හොද පැත්තට.

ඔබට හිතෙන්නේ නැද්ද හොඳම කෙනා එනකන් අමාරුවෙන් හරි ඉවසන් ඉඳල ඒ කෙනා එක්ක රණ්ඩු අඩු, ප්‍රශ්න අඩු ජීවිත කාලෙම පවතින සම්බන්ධයක් ඇති කරගන්න එක හොඳ නැද්ද කලබලේට අඩු පාඩු තියෙන, ඒත් මට හදිස්සි නිසා රණ්ඩු වේවි, දුක් වින්ද වින්ද, ඒක හරි යන්නේ නැත්නම් වෙන කෙනෙක් එක්ක යාලු වෙනවා කියලා හිතාගෙන පටන් ගන්න තාවකාලික සම්නන්ධකම් ඇති කරගන්නවාට වඩා.

අන්න ඒ නිසයි හොඳ ඇහැක් තියෙන කෙනා “ඔයාට හොඳ ඇහැක් තියෙනවා” කියන කතාව අහන්නේ අනිත් අයගෙන්. මොකද අනිත් අය ට වඩා වටිනා, හොඳ දේවල්, තීරණ ඔහු ගන්න නිසා. 

හැමෝටම බෑ හොඳ ඇහැක් තියෙන කෙනෙක් වෙන්න. මොකද ඒකට ඉවසීම සහ මුලින්ම ඍන පැත්ත දකින්න හැකියාව තියෙන්න ඕනේ.

No comments:

Post a Comment