Sunday, October 13, 2019

නිවනට අඩිය තියන්නේ කොහොමද


අපි හැමදාම නිවන නිවන කියල කතා කරාට අපි කාටවත් මේ ගෙන අදහසක් නෑ හරියටම.

ඒකට හේතුව අපි හැමතිස්සෙම අල්ලගන්න හදන්නේ මැදින්.

අපි උත්සහ කරමු මුලින් අල්ලගෙන මේ දේ තේරුම් ගන්න...

අපි හැමෝම මේ සංසාරේ මුලින්ම මොනම හරි භවයක ඉපදුනු අය. ඒ නිසයි අපි මේ භවයේ මිනිසෙක් විදියට ඉපදිලා, මේ මොහොතේ මේ ලිපිය කියවන්න පුළුවන් කම ලැබිලා තියෙන්නේ. ඔබේ ඇඟේ ඉන්න බැක්ටීරියා නුත් ජීවියෙක් විදියට ඒ භවයේ ඉපදිලා ඉන්නවා, ඔබේ සුරතල් සත්වයා ත් මේ භවයේ ජීවියෙක් විදියට ඉපදිලා ඉන්නවා. හැබැයි ඔබට තියෙන මේ බුද්ධිය ඒ එක ජීවියෙක්ටවත් නැති නිසා ඔබ ඉතාමත් වාසනාවන්තයි.

අපි ඉපදුනු මුල්ම භවය මිනිස් භවයක්ද වෙනත් භවයක්ද කියන්න අපි දන්නේ නෑ. ඒත් එක දෙයක්, ඔබ මේ සංසාරයේ ලබපු මුල්ම භවය සමානයි හිස් කොළයකට.



මේ හිස් කොළය අරන් ඔබ මේ සංසාරේ ඉපදුනේ මිනිසෙක් විදියට නම් සහ ඔබට නිවන් දකින්න තරම් කුසල් බලයක් තිබුනා නම්, ඔබ අද මේ ලිපිය කියවන්න මේ සංසාරේ මෙච්චර දුක් වින්ද ගෙන එන්නේ නෑ. එහෙනම් ඔබ දැන් නිවන් දැකපු උතුමෙක්.

හැබැයි ඔබ ඉපදුනු භවයේ ඉඳන් ඔබ මේ හිස් කොළයේ පුංචි පුංචි තිත් තියවෙන විදියේ වැඩ කරා නම්, දැන් ඔබගේ කොළය හිස් කොලයක් නෙමෙයි. යම් පැල්ලම් සහිත කොලයක්.



ඔබ එක තිතක් තියලා ආරම්භයක් ගත්ත නම්, සාමාන්‍යයෙන් සිද්ධ වෙන්නේ ඔබ දිගටම තිත් තිය තිය යන එක තමයි.
මොකද එක තිතක් සමානයි ඔබගේ භවයට ඇලීම. ඔබ එකකට ඇලුනොත් ඔබ දිගින් දිගින් දිගටම ඇලෙනවා.
දැන් ඔබ එක තිතත් තියාගෙන භවයට ඇලීම පටන් ගෙන ඉවරයි.



ඒ නිසයි ඔබ අදටත් මේ සංසාරයේ ඉන්නේ.

මෙහෙම මෙහෙම ඔබ ඇලි ඇලි, මැරී මැරී, ඉපදී ඉපදී ටිකෙන් ටික ඔබ ඔබේ හිස් කොළය තිත් වලින් (ඇලීම් වලින්) පුරවාගෙන ඉවරයි.






ඔබගේ හිස් කොළය දැන් සම්පූර්ණ තිත් වලින් පිරුණු කොලයක්.

ඔබට තියෙනවා ගන්න තීරණයක්.

එක්කෝ ඔබට පුළුවන් මේ තිත් ටික මෙහෙමම තියාගෙන ඇලි ඇලි දිගටම මේ සංසාරයේ ඉන්න. නැත්නම් එක තැනකින් පටන් ගෙන මේ ඔබම තියාගත්තු තිත් එකින් එක මකා ගන්න.

කරන්න තියෙන්නේ එක දෙයයි.

ඇලීම් එකින් එක අඩු කරන්න.

ඔබගේ හිස් කොළය තිත් වලින් පුරවාගත්තේ ඔබමයි.

මේ දැන් තිත් වලින් පිරුණු කොළය ආයෙත් හිස කරගන්න පුළුවන් වෙන්නෙත් ඔබටමයි. වෙන කාටවත් ඒ දේ කරන්න බෑ.
නමුත් ඔබට කර නොහැකිම දේත් ඒකමයි.

මොකද අපි ඇලීම් වලින් ගැලවෙන්න කැමති නෑ.




ඒත් ඔබ පලවෙනි පියවර තිබ්බොත් නිකන්ම ඔබට හැම තිතක්ම නැති කරගන්න එක අමාරු වැඩක් වෙන්නේ නෑ.
කෙනෙක්ට හිතෙයි තිත් ටික ඉවර කරගත්තොත් හිස් කොලයක් ලැබෙන එක නම් නිවන කියන්නේ, අපි එහෙනම් මේ භවයේ ඉපදෙන්න කලින්ම නිවන් දැකලා නේද කියලා.

අපි ඒ ගැන මීළඟ ලිපියෙන් කතා කරමු.

No comments:

Post a Comment