Thursday, October 10, 2019

අපේ පැයක් එහෙ විනාඩියක් 2


කලින් ලිපිය ටිකක් තේරුම් ගන්න අපහසු වුනා කියල දැනුන නිසා ඒ ලිපිය ටිකක් සරල කරලා දන්නා හිතුනා.
මම ආයෙත් කියන්නම්, මේ සම්පූර්ණ කතාවම තේරුම් ගන්න නම් මේ මුල් කොටස් කිහිපය හොඳින් තේරුම් ගැනීම අත්‍යවශ්‍යයි.

මේ රූපයෙන් පෙන්නන්නේ මේ වෘත්තය එක් ලක්ෂයකින් පටන් අරන් එක වටයක් කැරකිලා ආයෙත් ආරම්භක ලක්ෂයට පැමිණීම.

අපි හිතමු එක වටයක් යන්න මේ වෘත්තයට විනාඩියක් ගත වෙනවා කියලා. (තත්පර 60ක්)
එහෙනම්,

සුදු රවුමට එක වටයක් කරකැවෙන්න ගත වන කාලය - තත්පර 60 යි
කහ රවුමට එක වටයක් කරකැවෙන්න ගත වන කාලය - තත්පර 60 යි
නිල් රවුමට එක වටයක් කරකැවෙන්න ගත වන කාලය - තත්පර 60 යි
රතු රවුමට එක වටයක් කරකැවෙන්න ගත වන කාලය - තත්පර 60 යි




රවුමේ විශාලත්වය මෙතැනදී වැදගත් වෙන්නේ නෑ. පොඩිම රවුම වෙන සුදු රවුමට එක වටයක් කරකැවෙන්න යන්නේ තත්පර 60 යි. ලොකුම රවුම වෙන රතු රවුමට එක වටයක් කරකැවෙන්න යන කාලයත් තත්පර 60යි.

හැබැයි එතකොටම ඔබට තේරෙන්න ඕනේ එක එක ප්‍රමාණයේ රවුම් නිසා ඔක්කොටම එක වටයක් යන්න ගත වෙන්නෙත් එකම කාලය නම්, එක එක රවුම කරකෙවෙන වේගය වෙනස් වෙන්න ඕනේ.

මොකද හැම රවුමකම වටප්‍රමාණය එකිනෙකට වෙනස්.

ඒක පහල රූපයෙන් තේරුම් ගමු.


මේ තියෙන්නේ අපේ වෘත්තයේ 8න් එක කොටසක මිනුම්.

සුදු පාට රවුමේ 1 / 8 කොටසේ දිග 1ක් ලෙස උපකල්පනය කරමු. (මිනුම් ඒකකයක් භාවිතා නොකිරීම තේරුම් ගැනීමට පහසු වේ.)

එහෙනම්,

සුදු පාට රවුමේ 1 / 8 කොටසේ දිග 1යි.
කහ පාට රවුමේ 1 / 8 කොටසේ දිග 3යි.
නිල් පාට රවුමේ 1 / 8 කොටසේ දිග 5යි.
රතු පාට රවුමේ 1 / 8 කොටසේ දිග 7යි.

ඒ අනුව,

සුදු පාට රවුමේ වටප්‍රමාණය වගේ 3 ගුණයක් කහ පාට රවුමේ වටප්‍රමාණය දිගයි.
සුදු පාට රවුමේ වටප්‍රමාණය වගේ 5 ගුණයක් නිල් පාට රවුමේ වටප්‍රමාණය දිගයි.
සුදු පාට රවුමේ වටප්‍රමාණය වගේ 7 ගුණයක් රතු පාට රවුමේ වටප්‍රමාණය දිගයි.

අවසානයේ,

සුදු පාට රවුමට එක් වටයක් කරකැවෙන්න යන්නේ තත්පර 60යි. යන දුර 1යි. -  60 / 1    =  60යි (වේගය = 60යි.)
කහ පාට රවුමට එක් වටයක් කරකැවෙන්න යන්නේ තත්පර 60යි. යන දුර 3යි. -  60 / 3   =  20යි (වේගය = 20ි.)
නිල් පාට රවුමට එක් වටයක් කරකැවෙන්න යන්නේ තත්පර 60යි. යන දුර 5යි. -  60 / 5  =  12යි (වේගය = 12ි.)
රතු පාට රවුමට එක් වටයක් කරකැවෙන්න යන්නේ තත්පර 60යි. යන දුර 7යි. -  60 / 7   =  8.5යි (වේගය = 8.5ි.)

වෙනත් විදියකට කියනවා නම්

සුදු පාට රවුඑක් වටයක් කරකැවෙ වේගය 60ය  (හෙමින්ම)
කහ පාට රවුම එක් වටයක් කරකැවෙන වේගය 20ය  (හෙමින්)
නිල් පාට රවුම එක් වටයක් කරකැවෙන වේගය 12යි  (වේගයෙන්)
රතු පාට රවුම එක් වටයක් කරකැවෙන වේගය 8.5යි  (වේගයෙන්ම)

දැන් තේරෙන්නෙත් නැත්නම් කොහොමද එකම රවුමේ මධ්‍ය ලක්ෂයට වඩා පිටත දාරය වේගයෙන් කැරකෙන්නේ කියල, මේ පොස්ට් එක කියවන එකෙන් ඵලක් වෙන්නේ නෑ.

ඔලුව අවුල් වෙනවා වගේද? තාම මේ මග ඉන්නේ. තව ගොඩක් තියෙනවා අපේ මාතෘකාව ට යන්න.

No comments:

Post a Comment