Saturday, October 19, 2019

හොඳම අය තමයි නරකම අය වෙන්නේ...

මේ ලිපිය පහු ගිය කාලයේ ගැහැණු ළමයෙක් සිගරට් එකක් බොන වීඩියෝ එකක් දැකපු නිසා ඒ එක්කම ලියන්න හිතුනා...

ගැහැණු ළමයෙක් සිගරට් එකක් බිව්වම මොකද. ඒකට තමයි කියන්නේ සමානාත්මතාවය කියලා. :)

ඒ ගැන ගොඩක් අයගේ අදහස වුනේ ඒක වෙන්න ඕනේ.

මේ හැමෝගෙම අදහස නොවෙන  නිසාත් මේ බ්ලොග් එක ලියන්නේ මගේ අදහස නිසාත් ඔබගේ අදහස සහ මේ අදහස ගැටෙන්න පුළුවන්. ඔක්කොම කියවලම තීරණයක් ගන්න කියල ඉල්ලීමක් කරනවා.

ගැහැණු ළමයෙක් සිගරට් බිව්වත් පිරිමි ළමයෙක් සිගරට් බිව්වත් දෙකම වැරදියි. ඒත් මේ කතා කරන්නේ හරි වැරැද්ද ගැන නෙමෙයි.

අපි සමාජයේ දකින දෙයක් තමයි, රූප සම්පත්තියෙන් ඉහල, සරල භාෂාවෙන් කිව්වොත් මාර ලස්සන, හැමදේම සම්පූර්ණ ගැහැණු ළමයි ගොඩක් වෙලාවට එයාලගේ ඒ රුපයෙන් ලස්සනෙන් ගන්නේ අයුතු ප්‍රයෝජන කියන එක.

රූපේ තමන්ගේ නම් තමන් එකෙන් මොකක් කරාම මොකද.

ඒත් මේ කතා කරන්නේ ඒ දේ දකින තවත් දෘෂ්ටි කෝණයකින්.

කෙනෙක් ලස්සන වෙන්නේ, රූපයෙන් පිරිපුන් වෙන්නේ කලාතුරකින්. ඒ නිසානේ මෙච්චර බියුටි සැලුන් තියෙන්නේ රටේ එහෙම නැති අයව ඒ ගානට ගන්නනේ.

මේ උපතින්ම ලස්සන ලබාගෙන එන ගොඩක් ගැහැණු ළමයි මේ ලස්සන නිසාම ගොඩක් වෙලාවට අමාරුවේ වැටෙනවා.

මේ දවස් වල එහෙම සිද්ධ වෙන තැනක් තමයි ටික්ටොක් කියන්නේ.

ටික්ටොක් වීඩියෝ වල ගොඩක් ඉන්නේ හරිම ලස්සන ගැහැණු ළමයි. එයාල තමන්ගේ ලස්සන, කැමරාවේ සටහන් කරලා අප්ලෝඩ් කරන්නේ තමන් ලස්සන බව දන්නා නිසාමයි. ඒවා බලල අනිත් අය ඒවාට අදහස් දක්වන්නේ කැමැත්ත දක්වන්නේ ඒ නිසා කියලා එයාලත් දන්නවා. ඒත් ගැටලුව තියෙන්නේ එතනින් ඔවුන් නැවතීමේ තිත තියන්නේ නැති එකයි.

ජනප්‍රිය වෙන්න උත්සහ කරනවා කියන්නේ හරියට සූදුවක් වගේ. පොඩ්ඩ වැරදුන ගමන් ඔක්කොම ඉවරයි. තමන්ගේ ලස්සන අන්තර්ජාලයේ පෙන්නන එක තමන්ගේ කැමැත්ත, ඒත් හිතෙන්නේ නැද්ද තමන්ගේ ලස්සන අන්තර්ජාලයේ එහෙම සිල්ලරේට පෙන්නන එක තමන්ට හරි නෑ කියලා. ඔව් ඒක පුද්ගල බද්ධයි. ඒ නිසා ඒ ගැන එතනින් කතාව නවත්තනවා.

සිගරට් කතාවට ආවොත් ඒත් බොහොම ලස්සන ගැහැණු ළමයෙක්. හරි අපූරුවට සිගරට් එක බීල දුම පිට කරනවා. ඒක ඒ ළමයාගේ කැමැත්ත.

ඒත් ඒක අවුල් කියල හිතෙන්නේ නැද්ද?

මෙතැනදී එක දෙයක් පැහැදිලි කරන්නයි අවශ්‍ය වෙන්නේ.

ඒ මේ ගොඩක් දේවල් වලට යොමු වෙන්නේ බොහොම ලස්සන ගැහැණු ළමයි. (මෙතැනදී ලස්සන කියන වචනය ඇතුලේ කලින් කිව්වා වගේ ලැබීම් කියන අර්ථය ඇති බව සලකන්න)

මෙතැනදී ආයෙත් අපි කර්මය කියන අර්ථයෙන් ගත්තොත්, මේ ලැබීම් ලැබිල තියෙන හැමෝම හොඳ කර්ම විපාක ලබන අය. ඒත් ඔවුන් ඒ හොඳ කර්ම විපාක විඳින අතරේ ඔවුන්ගේ අරමුණ වෙනස් පැත්තකට ගිහින් තියෙන නිසා ඔවුන් තව තවත් ආගමිය කර්ම එකතු කර ගන්නවා. මේක සිද්ධ වෙන්නේ ඔවුන්වත් නොදැන. මොකද මුල ඉඳම ඔවුන්ගේ අරමුණ වෙනත් පැත්තක තියෙන්නේ.

ලස්සන ගැහැණු ළමයි ඔවුන්ගේ ලස්සන ගැන උදම් වීමම ඔවුන් වැරදි මාර්ගයේ යන්න හේතුවක් වෙනවා. සමහරු තමන් ලස්සන බව දැනගෙන එහෙම නෑ කියල හිත රවට්ටගෙන වැඩ කරන්න යාමෙන් තවත් අමාරුවේ වැටෙනවා. තවත් සමහරු තමන්ව වර්ණනා කරන අයගේ උගුල් වලට අහු වෙලා අමාරුවේ වැටෙනවා. හිතන්න ඔබට ලැබුණු එක ලැබීමක් ඔබගේ මනස නිරවුල් නැති කමින් ඔබව කොච්චර අමාරුවේ දාන්න පුළුවන් ද කියලා.

ලස්සන කියන්නේ පෙර කුසල් නිසා ලැබුණු දෙයක්. ඒ ලැබීම ඔවුන් මේ භවයේ පාවිච්චි කරන්නේ ඔවුන්ගේ අයහපතට නම් එතන ඔවුන් නොදැන කරන්නේ ඔවුන්ටම අයහපතක්. ඒත් ඔවුන්ට ඒ දේ තේරෙන්නේ නෑ වගේමයි මෙහෙම දෙයක් ලියපු එකට හිනා වෙනවත් ඇති. කෙල්ලොන්ගේ ලස්සන යි කෙල්ලෝ සිගරට් බොන එවයි විතරද පෙන්නේ කියලා.

නෑ.

මේ ලිපිය ලිව්වේ කොල්ලෝ සිගරට් බොන එක සාමාන්‍යකරණය වුනු රටක හැබැයි කෙල්ලෝ සිගරට් බොන එක තාම අමුතු දෙයක් වුනු රටක, බෞද්ධ රටක, බෞද්ධ ගැහැණු ළමයි, ලැබීම් තියෙන ගැහැණු ළමයි ගේ මේ හැසිරීම දැකලා අනාගතය ගැන දුකක් හිතුනු නිසා.

මේ ලිපිය ලිව්වා කියලා ඒවා නවතින්නේ නෑ. ඒත් අඩුම ගානේ හිත හරි නිදහස් වෙනවා.


No comments:

Post a Comment