Wednesday, October 23, 2019

හැම විහිලුවකම භාගයක් ඇත්ත...


මිනිස්සු එක එක වර්ගයෙන් හිටියත් හැම මනුස්සයෙක්ම විහිළුවක් කරලා අනිත් අයව විනෝදයෙන් තියල ඒ මොහොත සතුටින් ගෙවන්න කැමතියි.

සමහර මිනිස්සු විහිලුවෙන්මයි කතා කරන්නේ.

තවත් සමහර මිනිස්සු ඉඳල හිටලා විහිළුවක් කරනවා අවස්තාව අනුව.

මේ දෙගොල්ලෝ අතරේ අඩු වැඩි වශයෙන් තව වර්ග වල මිනිස්සු ඉන්නවා විහිළු තහළු කරන්න කැමති.
ඔබත් මේ එක වර්ගයකට අයත් වෙන නිසා මේ දේ හිතල බලන්න.

විහිළුවක් කියන්නේ භාගයක් සත්‍ය කරුණකට අපි අතින් බොරුවක් එකතු කරලා කියන අදහසකටයි.

වෙන විදියකට කිව්වොත්, විහිළුවක් කියන්නේ භාගයක් ඇත්ත සහ භාගයක් බොරු තියෙන “අදහසක්”.
ඔබ “සත්‍යය” කියන කේක් ගෙඩිය වටේට ලස්සන , පාට පාට “බොරුව” කියන අයිසින් වලින් ආවරණය කරනවා.

ඉතින් ඇත්තටම විහිළුවක් කරද්දී අපි ඒ අදාළ විහිලුවට පාදක කරගන්නේ, පදනම කරගන්නේ සත්‍යය කරුණක්.

මේ විදියට අපි විහිළු කරන අවස්ථා අතරින් අපි ගොඩක් දුරට භාවිතා කරන්නේ කෙලින් කියන්න බැරි දෙයක් විහිළුවෙන් කියලා දානවා කියන උපක්‍රමයයි.

එහෙම කරාම අපි  ඒක විහිළුවක් නිසා ඒ දේ සාමන්‍යය විදියට ගන්න බව ඒ විහිළුව කරන කෙනාත් දන්නවා හොඳටම. ඒ නිසයි කෙලින් කියාගන්න බැරි දෙයක් විහිළුවෙන් කියලා දාන්නේ.

ඒත් එතනින් ඒ විහිළුව කරන කෙනා බලාපොරොත්තු වෙන්නේ ඔහුගේ හිතේ තියෙන දෙයක්, බොහෝ විට ඔබේ රහසක් ඔහු දන්නා බව අඟවන්න අනිත් අය ඉස්සරහ විහිළුවක් මාර්ගෙන් ඒ බව කියලා දානවා වෙන්න පුළුවන්.

කොහොම වුනත්, ඔබ හිතල බලන්න, ඔබ කරන හැම විහිළුවක්ම භාගයක් ඇත්ත නේද කියල.

ඔබට ඒක එහෙමයි කියල හිතෙනවා නම්, මතක තියාගන්න අනිත් අයත් එහෙමම තමයි කියලා.

අපි කලිනුත් කතා කරා, පේන දේට වඩා වැඩියෙන් “දකින්න” උත්සහ කරන්න කියලා.

පේන දේ “හැම විහිලුවකම භාගයක් සත්‍යයි” කියන එක නම්, ඔබ දකින්න ඕනේ, ඔබට අනිත් අය කරන විහිලුත් එහෙමම තමයි කියන එක. ඒ දේ මාර්ගෙන් ඔවුන් ගේ කටින් එලියට පනින සත්‍යය තේරුම් ගන්න ඔබට පුළුවන් වේවි.

No comments:

Post a Comment