Monday, October 7, 2019

බෞද්ධයෝ විතරද නිවන් දකින්නේ 4


අපි පොඩි සිද්දියක් මවා ගන්න උත්සහයක් ගමු.

හිතන්න ඔන්න තියෙනවා බැලුම් බෝල . ටිකක් වෙනස් බැලුම් බෝල හැබැයි. මේ බැලුම් බෝල ඔටෝමැටික් විදියට පිම්බෙනවා උපරිම පිම්බුනාම පුපුරනවා. ආයෙත් පිම්බෙනවා උපරිම පිම්බුනාම පිපිරෙනවා. (එහෙම බැලුම් නෑ බව දන්නවා. එකයි කිව්වේ හිතාගන්න කියල.)

මේ බැලුම් බෝල ඔන්න කන්වේ බෙල්ට් එකක් දිගේ (අර ෆැක්ටරි වල තියෙන්නේ එක දිගට යන) යනවා එකක් පස්සෙන් එකක්. කොහාටද යන්නේ?

ගිනි උඳුනට. එකට වැටුනම ඔක්කොම බැලුම් ටික පිච්චිලා විනාස වෙලා යනවා.



දැන් මේකෙදි කාටවත් පෝලිම් පනින්න බෑ. පිළිවෙලට ගිනි උඳුනට ගිහින් පිච්චිලා ඉවරයක් වෙන්න ඕනේ.


මුලින් ඉන්න අය මුලින් පිච්චිලා යනවා. අග ඉන්න අයට තව ගොඩක් වෙලා බෙල්ට් එක දිගේ එන්න වෙනවා උඳුනට වැටෙන්න. ඔන්න ඉතින් මෙහෙම දිගටම වෙනවා.

ඔන්න එක දවසක් මාර වැඩක් වෙනවා.

අර පෝලිමේ මුල ඉන්න ගින්නට වැටෙන්න ඉන්න එක බැලුමක් ඉස්සරහට යන්නේ නැතුව නවතිනවා. ඒත් එක්කම අනිත් අයත් නවතිනවා. නැවතිලා කට්ටියම ෆුල් ජොලියේ පිම්බි පිම්බි ඉන්නවා. එක පාරට පිපිරෙන්න ආවම ඒ ගැන දුක් වෙනවා. හැබැයි ආයෙත් පිම්බෙද්දී අර දුක මතක නෑ. පිම්බෙද්දී හෙන ජොලි. ඔහොම ඉතින් ගිනි උඳුන ගාවට වෙලා මේ වදයෙන් බේරෙන්නේ නැතුව, එක පාරට පිච්චිලා ඉවරයක් වෙන්නේ නැතුව පිම්බි පිම්බි පිපිරී පිපිරී ඉන්නවා.

දැන් මේ බෙල්ට් එකේ මුල ඉන්න අයනේ. එහෙනම් ඉතින් අග ඉන්න අයට කොහොමත්ම උවමනාවක් වත් පුළුවන් කමක්වත් නෑ නේ. එයාලටත් පිම්බෙද්දී හෙන ජොලි. පිපිරෙන්න කිට්ටු වුනාම හරි දුකයි වේදනාවයි. හැබැයි ආයෙත් පිම්බෙද්දී ඒ දුක මතක නෑ. හෙන ජොලි.

දැන් මේ කතාවම අපි ටිකක් වෙනස් විදියකට දකින්න බලමු.


ගිනි උඳුන නිවන නම්, බැලුම් මිනිස්සු නම්, මුලින් ඉන්න බැලුම්  නිවන් දකින්න තරම් පින් කරලා ඊට අවශ්‍ය කාර්ම ශක්තිය එක්ක ඉපදුනු මිනිස්සු නම් (සම්යාදෘෂ්ටික), අග හරියේ ඉන්නේ එහෙම පින් කරලා නැති, කාර්ම ශක්තිය නැති නිසා වෙනත් මත දරණ පරිසර වල ඉපදිලා කර්මය පුනර්භවය කියල දෙයක් දන්නෙවත් නැති අය නම් (මිත්‍යාදෘෂ්ටික) මේ සම්පූර්ණ ෆැක්ට්‍රිය සංසාරය නේද?



දැන් හිතන්න, නිවනට අවශ්‍ය පරිසරය (රට, පළාත, දෙමව්පියන්, සංස්කෘතිය) එක්ක ඉපදෙන්න තරම් කර්මය තියෙන මිනිස්සු තමයි මේ බෞද්ධ විදියට ඉපදිලා තියෙන්නේ.

හැබැයි අපේ බෞද්ධයොත් දැන් අර බෙල්ට් එකේ මගින් නැවතිලා ජොලියේ පිපිරී පිපිරී පිම්බි පිම්බි ඉන්න බැලුන් වගේ. හරි මාර්ගයේ එන්න කර්මය තියෙන නිසා ඒ මාර්ගයේ ඇවිත් මගදී හිර වෙලා.

එහෙනම් ඉතින් අනිත් අග හරියේ ඉන්න අය ගැන මොන කතාද.

මේ ආත්මය විතරයි, මේකෙන් පස්සේ දිව්‍යලෝකේ, නැත්නම් ස්වර්ගේ කියල හිතන් ඉන්න අය කොච්චර නම් තව මේ සංසාරේ දුක් විඳින්න ඕනෙද නිවන ට එන්න කලින්. මොකද දැන් බෙල්ට් එක හිර වෙලානේ.

හිතල බලන්න.


No comments:

Post a Comment