Monday, October 14, 2019

සිදුහත් ඇම


ඔබ බෞද්ධයෙක් නම් ඉගෙන ගෙන ඇති සිදුහත් කුමාරය රජ පවුලක ඉපදිලා සක්විති රජ වෙන්න හිටපු කෙනෙක් කියලා.

ඔබ කවදාවත් තිතුවද ඇයි සිදුහත් රජ පවුලක ඉපදිලා සක්විති වෙන්න හිටියේ කියලා..?
අපි ඒ ගැන කතා කරමු.

සිදුහත් ගේ කාලයේ තිබුණු කුල ක්‍රමය අනුව ඉහලින්ම හිටියේ බ්‍රාහ්මණ කුලය, දෙවනියට ක්‍ෂත්‍රීය තුන වෛශ්‍ය හතර ශුද්‍ර.

මේ කුල ගැන අපි මුලින් කතා කරමු, මොකද මේ ගැන සමාජයේ තියෙන්නේ වැරදි මතයක් නිසා.
බ්‍රාහ්මණ කුලයේ අය ට පැවරුණු රාජකාරිය ආගමික කටයුතු කරගෙන යන්න. වෙන විදියකට කිව්වොත් පුජ්‍ය පක්ෂයේ අය විදියට.

ක්‍ෂත්‍රීය අයට තිබුනේ පරිපාලන කටයුතු කරගෙන යන්න.
වෛශ්‍ය අයට තිබුනේ වෙළඳාම් කටයුතු කරගෙන යන්න. ව්‍යාපාර කටයුතු.
ශුද්‍ර අයට තිබුනේ කම්කරු වැඩ කරන්න.

දැන් සිදුහත් ඉපදුනේ පරිපාලන වැඩ කරන කුලයක.

බ්‍රහ්මණ කුලයේ ඉපදුනා නම් ඉහලම කුලේ විදියට වැඩි ගරු සැලකිලි ලැබෙයි නේ.

බ්‍රාහ්මණ කුලයේ අය ඉහලම කුලය වුනාට ඔවුන්ට තිබුනේ ආගම ගැන සහ ආධ්‍යාත්මය ගැන ඉගෙන ගන්න විතරයි.

ක්‍ෂත්‍රීය කුලයේ රාජ කුමාරවරු සියලු ශිල්ප ඉගෙන ගත යුතු වෙනවා. ඒ කියන්නේ ආගම, ආධ්‍යාත්මය, දුනු, කඩු වැනි සටන් ශිල්ප, පරිපාලන ශිල්ප වැනි සියලු ශිල්ප ඉගෙන ගත යුතු වෙනවා.

වෙනත් විදියට කිව්වොට් හැමදේම ඉගෙන ගන්නවා. හැමදේම ගෙන අවබෝධයක් ලබා ගන්නවා.
මේ අවබෝධයම සිදුහත්ට උදවු වුනා බුදු බව ලබන්න.

අපි ඒ ගැන කතා කරමු.

ඇයි සිදුහත් සක්විති රජ වෙන්න තරම් පුළුවන් කම තියෙන රජ කුමරෙක් වෙලත් ගිහි ගෙය හැර ගියේ කියල මුලින් කතා කරමු.

ඇත්තටම සිදුහත් කම්කරුවෙක් විදියට ඉපදුනා නම් සිදුහත්ට ගිහිගෙය හැර යන්න පුළුවන් වෙයිද?
එහෙනම් කිසිම සැප සම්පතක් නැති සිදුහත් උත්සහ කරන්නෙත් සැප ලබන්න. සම්පත් එකතු කරන්න. මේවට මහන්සි වෙද්දී දුක කියන දේ සාමාන්‍යය දෙයක්. දුක සාමන්‍යය දෙයක් නම් දුක දුකක් විදියට තේරෙන්නේ නෑ කවදාවත් (අපි වගේ). දුක ජීවිතේ එක දෙයක් කියල හිතිලා දිගටම දුක් විඳ විඳ සැප සම්පත් හොයවී.

හැබැයි රජෙක් වෙන්න ඉපදුනු කුමරයෙක්ට දුකක් කියල දෙයක් දැනෙන්නෙම නෑ. අතට පයට වැඩ කාරයෝ, ඍතු අනුව සැපට ඉන්න මාලිගා, නළඟනන් ඉන්නවා තමන්ව සතුටු කරන්න. ආයෙත් අමුතුවෙන් සැප සම්පත් හොයන්න ඕනේ නෑ. හැමදේම උපතින්ම ලැබෙනවා. දැන් දුකක් කියල දැනෙන්න දෙයක් නෑ. මොකද හැමදේම උපතින්ම ලැබිල තියෙන නිසා. ඒ වගේමයි රූප සම්පත්තිය, නිරෝගී බව වගේ හැම දෙයක්ම හොඳින් ලැබිල තිබුණු කෙනෙක් සිදුහත් කියන්නේ.

හැබැයි සිදුහත් ටත් පොඩි ඇමක් දාල තිබුනා මේ සංසාරයේ ඉඳගන්න. සක්විති රජ කම.

සිදුහත්ට බලාපොරොත්තුවක් දීල තිබුනා ඔයා හොදට ශිල්ප ඉගෙන ගෙන හිටියොත් ඔයා සක්විති රජ වෙනවා කියලා. සක්විති රජකම කියන්නේ ඕනෙම රජ කෙනෙක්ගේ හීනය. මුළු රටටම රජ වෙනවා කියන එක ඕනෙම රජෙක් ගේ හීනය. (ඒ කාලයේ රජකම ප්‍රාදේශීය වශයෙන් තිබුණු දෙයක්. කිඹුල්වත් පුර, කොසොල් පුර, මගදය වගේ ප්‍රාදේශීය රාජ්‍ය)

සිදුහත් නුත් ඇම කෑවා නම් සක්විති වෙන්න තිබුනා. ඒත් සිදුහත් කියන්නේ ප්‍රඥාවෙන් උපරිම කෙනෙක් නිසා ඒ ඇමට අහු වුනේ නෑ.

සක්විති රජ කමට පයින් ගහල සියලුම ලැබීම්, සැප සම්පත් වලට පයින් ගහල ගිහින් පරම සත්‍ය වුනු බුද්ධත්වය හොයාගත්තා..

දැන් හිතන්න අපේ ගැන.

අපිට මොනවද තියෙන්නේ. මුකුත් නෑ. ඒ නිසා අපි කරන්නේ අපිට නැති දේවල් හොයන එක. අපි හොයනවා අපිට නොලැබුණු සැප සම්පත්. දුක් විඳගෙන, කට්ට කාගෙන. හැබැයි අන්තිමට එකක්වත් ගෙනියන්න බැරි නිසා මැරිලා ගිහින් ආයෙත් ඉපදිලා ඒ දුකම විඳිනවා.

ඒ අපිනේ. ඒත් මේ ලෝකේ කොච්චර ඉන්නවද උපතින්ම සැප සම්පත් උරුම කරගෙන ආපු අය.
ඒ අය ඇයි මේ දේ තේරුම් නොගෙන මේ සංසාරේ ඉන්නේ?

මොකද ඒ අයට සැප සම්පත් වලට ලැබීම තිබුනට, නිවන අවබෝධ වෙන්න අවශ්‍ය ලැබීම නෑ.

අපි හිතමු බෞද්ධ කෝටිපතියෙක් ගේ දරුවෙක් විදියට ඉපදෙන කෙනෙක් ට කිසිම අඩු පාඩුවක් නෑ. හැම සැප සම්පතක්ම ලැබිල තියෙනවා උපතින්ම. ඒත් ඒ දරුවා තමන්ගේ ජීවිත කාලෙම ගත කරනවා තවත් සල්ලි හොයන්න. තාත්තට තිබුනේ එක ව්‍යාපාරයයි නම්, පුතා ඒක දෙකක් කරන්න මහන්සි වෙනවා. තාත්තට තිබුනේ ආයතන 5යි නම්, පුතා තවත් ක්‍ෂේත්‍ර වල ආයතන පටන් ගන්න උත්සහ කරනවා.

දැන් තේරෙනවද ඇයි සිදුහත් වෛශ්‍ය කුලයේ ඉපදුනේ නැත්තේ කියලා.

මතු සම්බන්ධයි...

No comments:

Post a Comment