Thursday, October 10, 2019

අපේ පැයක් එහෙ විනාඩියක් 4


අපි ඉගෙන ගත්ත එකම වෘත්තයේ විවිද ස්ථාන 4ක් එකම කාල පරතරයක් තුල වෙනස් දුරක් යන්න පුළුවන් කියලා.

දැන් අපි තවත් ගැඹුරට බලන්න උත්සහ කරමු.

කලින් ඉගෙන ගත්ත විදියට a – b කියන දුර යන්න තත්පර 7.5 ගත වෙනවා. ඒ වගේමයි අනිත් රවුම් වලටත්. 1/8 දුරක් යන්න ගත වෙන්නේ තත්පර 7.5යි.

පහල පින්තූරයෙන් ඒ බව තේරුම් ගන්න පුළුවන්.



හැබැයි මෙන්න මොලේ අවුල් වෙන තැන.


කහ පාට රවුමේ c – d කියන දුර ඇතුලේ තියෙනවනේ a – b  වගේ තුන් ගුණයක්. අපි c – d ඇතුලේ තියෙන ඒ a – b වලට සමාන දුර නම් කරමු p – q කියල.  ඒ කියන්නේ c – d වල p – q දුර යන්න ගත වෙන කාලය සමානයි තත්පර 2.5.

c – d = (p – q ) + (p – q ) + (p – q )

c – d ගත වෙන කාලය = තත්පර 7.5
p – q x 3
7.5 ÷ 3 = 2.5 (තත්පර)

p – q දුර යාමට ගත වන කාලය  = තතපර 2.5





පැහැදිලිද?

p – q වල දුර සමානයි නේ a – b  වලට.

ඒත් a – b ට තත්පර 7.5 ක් යද්දී ඒ දුරම යන්න p – q ට යන්නේ තත්පර 2.5 යි. ඒ කියන්නේ p – q  අතර කාලය ගත වෙන්නේ හිමින්.

a – b අතර 7.5 තත්පර = p – q  අතර 2.5 තත්පර.

එම නිසා

(a-b දුර සඳහා ගත වන කාලය   ×  p -q දුර සඳහා ගත වන කාලය)/(මිනිත්තුවකට තත්පර)

(7.5 ×2.5)/60  = 180
ඒ අනුව

a – b හි විනාඩියක් p – q හි විනාඩි 3ක්.

ඔන්න ඉතින් දැන් ට්‍රැක් එකේ ඉන්නවා. මෙතනින් එහාට ඔබම උත්සහ කරන්න අනිත් රවුම් වල කාලය ගත වීමේ වේගය හොයන්න.

වෙනම පොස්ට් එකක් දාන්නම් ඔබ උත්සහ කරාට පස්සේ.

No comments:

Post a Comment