Tuesday, October 29, 2019

ආදරයේ පරිණාමය...


ආදරය කියන්නේ මේ ලෝකේ කවුරුවත් තාම හරියට නිර්වචනයක් දීල නැති එකිනෙකා විවිද විදියට දකින සංකල්පයක් නේ. ඒ ගැන දරණ අදහස් පුද්ගල බද්ධයි. එකිනෙකා තමන්ට ආවේණික විදියට දකින දෙයක්.
හැබැයි මේ කතා කරන්නේ ඒ හැමෝම තමන්ට ආවේනිකව දකින ආදරය කොහොමද පරිණාමය වෙන්නේ කියලා.

ඔව් මිනිස්සු වගේ, ජීවින් වගේ, හැමදේම පරිණාමය වෙනවා. මේ කතා කරන්නේ ආදරයේ පරිණාමය ගැනයි.
සාමාන්‍යයෙන් බහුතරය ආදරය ගැන කියද්දී කියන්නේ ආදරය කියන්නේ ලබා ගැනීම නෙමෙයි ඇත හැරීම කියලා. මේ කතාව සමහරු තේරුම් ගත්තත් සමහරු අල්ලගන්නේ වැරදි තැනින්.

ඔබ කෙනෙක්ට ආදරය කරනවා නම්, (ගැහැණු ළමයෙක් ලෙස සලකමු) ඒ ඔබ ආදරය කරන ගැහැණු ළමයා ට ඔබ ආදරය දක්වන්නේ ඇයි?

ඇත්තටම මුලින්ම ඇති වෙන්නේ ආදරයද? අපිට කෙනෙක් දැක්ක ගමන් ආදරයක් ඇති වෙනවාද.
මේ ගැන අපි ආදරය ලිපියෙන් කතා කරලා තියෙනවා.

ඇත්තටම කෙනෙක්ට ආදරය කරනවා කියන්නේ මොකක්ද?

ඔබ කෙනෙක්ට ආදරය කරනවා කියන්නේ ඔබ ඒ කෙනාගේ යහපත වෙනුවෙන් වැඩ කරනවා කියන එකයි. ඔබ ගැහැණු ළමයෙක්ට ආදරෙයි නම්, ඔබ ප්‍රාර්ථනා කරන්නේ ඒ ගැහැණු ළමයාගේ යහපහයි. ඒ ගැහැණු ළමයා හොඳ තැනකට යනවටයි.

ඒ වෙනුවෙන් ඔබ කරන්න පුළුවන් හැම දේම කරනවා.

සමහරවිට ඔබ ඒ ගැහැණු ළමයාගෙන් වෙන් වෙන්නත් පුළුවන් ආදරය නිසාම.

මෙන්න මෙතැනයි ඔබ තේරුම් ගත යුත්තේ.

හිතන්න ඔබ ආදරය කරන ගැහැණු ළමයා ඔබත් එක්ක ඉන්නේ සතුටින් නෙමෙයි කියල ඔබට දැනෙනවා. ඇය බලාපොරොත්තු වෙන්නේ ඔබට ලබා දෙන්න පුළුවන් දේට වඩා වැඩි දෙයක් කියල ඔබට හිතෙනවා. ඇය සොයන සිහින කුමරා ඔබට වඩා ගොඩක් වෙනස් කෙනෙක් බව ඔබට තේරෙනවා.

දැන් ඔබට ඇයට ඇත්තටම ආදරය කරනවා නම්, ඔබ කරන්නේ ඇය එක්ක තවත් එකට ඉන්න එකද, ඇයට ඇයගේ සිහින කුමරා ලබාගන්න ඉඩ දීල පැත්තකට වෙන එකද?

මේක නිකන් විකාරයක් වගේ නේද.

ඔව් ආදරය කියන්නෙම විකාරයක්. හිතන්න, ඔබ ආදරය කරන ගැහැණු ළමයා ඔබ එක්ක හිටියට ඇය ඇත්තටම බලාපොරොත්තු වෙන කෙනා ඔබ නෙමෙයි. ඇය බලාපොරොත්තු වෙන දේවල් ඔබෙන් ලැබෙන්නේ නෑ. ඇය බලාපොරොත්තු වෙන ගති ගුණ ඔබේ ළඟ නෑ. ඉතින් ඔබ ඇයට කරන්නේ වරදක් නෙමෙයිද?

ඇයි වරදක් කර කර ඔබ ඇයත් එක්කම ඉන්නේ?

මොකද ඔබ ඇයට ආදරය කරන්නේ නැති නිසා. ඔව් ඔබ ඇයට ආදරය කරන්නේ නෑ.

ඔබ ඇය ගේ යහපත පතනවා නම්, ඔබ කරන්න ඕනේ ඇයට ඇයගේ සිහින කුමරා හොයාගන්න ඉඩ දෙන එක නෙමෙයිද? මොකද ඔබ ඉද්දි ඇය කොහොමද වෙන කෙනෙක් ට ආදරය කරන්න තියා වෙන කෙනෙක් හොයාගන්නේවත්. මොකද ඒක ඩබල් ගේමක්. ඔබ කැමතිද ඔබේ පෙම්වතිය ඩබල් ගේම් ගහනවට? හැබැයි ඇය ට එහෙම හිතෙන එක නවතන්න බෑ, ඔබ ඇයට ගැලපෙන්නේ ත් නැත්නම්, සහ ඔබ ඇයට සුදුසු කෙනා හොයාගන්න ඉඩ දෙන්නෙත් නැත්නම්.

ඔබ ඇයගේ යහපත පතනවා නම් ඔබ කල යුත්තේ ඇයට ඇයගේ සිහින කුමරා හොයාගන්න ඉඩ දෙමින් ඇයගෙන් අයින් වෙන එකයි.

හැබැයි සිද්ද වෙන්නේ ඒකමද?

නෑ. සිද්ද වෙන්නේ බලෙන් හරි ඇයත් එක්ක ඉන්න එක. එහෙම කරන්නේ ඇයි? ආදරේ නිසාද? නෑ. ඒ ආදරය නිසා නෙමෙයි. එහෙම කරන්නේ ඔබ ඇයට ආදරය නැති නිසා. ඔබ ඇයගෙන් බලාපොරොත්තු වෙන්නේ ඔබගේ මනදොල පිනවා ගැනීම පමණක් නිසා. මොකද එයාට කොහොම මොකක් වුනත් මට කමක් නෑ, මගේ වැඩේ වෙනවා නේ. එක නෙමෙයිද ඇත්තටම වෙන්නේ? ඇය සතුටින් නෙමෙයි නම් ඇයි ඔබ ඇයත් එක්ක ඉන්නේ. ඔබට ඇයගෙන් ලබාගන්න දේවල් තියෙන නිසා නේ. ඔබ ඇයගේ යහපත පතනවා නම් ඇය එක්ක ඉන්නේ නෑ නේ.

පැහැදිලියි නේද?

ආදරය තුල රාගය තියෙන්න බෑ කියන්නේ මෙන්න මේ නිසයි. ඒක පටු කෝණයෙන් බලන්න එපා. ආදරයේදී අල්ලාගැනීම නෙමෙයි අතහැරීමයි තියෙන්නේ කියන්නෙත් මෙන්න මේ නිසා. ඒ දේ වැරදි තැනින් අල්ලගන්න එපා.

1 comment: