Thursday, October 10, 2019

අපේ පැයක් එහෙ විනාඩියක්


පුරාණ මහා  භාරත වගේ පුරාවෘත්ත වල පවා සඳහන් වෙලා තියෙනවා මේ මිනිස් ලෝකයේ ඉඳන් ඉහල මානයකට අයිති දේව ලෝකයකට ගිහින් එහේ අවුරුද්දක යුද්ධයකට ගිහින් ආපහු මිනිස් ලෝකෙට ආපු රජෙක්ට දකින්න ලැබිල තියෙන්නේ තමන් මේ ඇවිත් ඉන්නේ අවුරුදු දහස් ගානකට පස්සේ තමන්ගේ ලෝකෙට කියලා. වෙන විදියකට කිව්වොත් රජා දේව ලෝකේ අවුරුද්දක් ගත කරද්දී මනුස්ස ලෝකයේ අවුරුදු 1000ක් ගත වෙලා ගිහින්.

ඒ වගේම වර්තමානයේ විද්‍යාවත් මෑතකදී හොයාගත්තා අභ්‍යවකාශයේ ඉද්දි වයසට යනවා අඩුයි කියලා.
මෙන්න අපි කතා කල යුතුම මාතෘකාවක්.

විද්‍යාව සොයාගැනීම් කරන්න මෙච්චර උත්සහ කරන දෙයක් තමයි කොහොමද මේ අභ්‍යවකාශයේ දී වයසට යාම අඩු වෙන්නේ කියලා. අපි ඒක තේරුම් ගන්න පහසු වෙන්න පොඩ්ඩක් වෙනත් විදියකට ගමු. වයසට යනවා අඩුයි කියන්නේ කාලය ගත වෙනවා අඩුයි. මහා භාරත එකේ රජාට වුනෙත් ඒකමනේ. දේව ලෝකෙදි වයසට ගියේ අවුරුද්දයි, හැබැයි මනුස්ස ලෝකෙට ඒ අවුරුද්දක කාලය සමානයි අවුරුදු 1000ක්.

දැන් මේ කතා දෙකම සමානයි කියල ඔබට තේරෙනවා.

එහෙනම් අපි මේ ප්‍රහේලිකාව විසඳමු. මේක එක ලිපියකින් ලියල ඉවරයක් කරන්න බැරි වෙයි සමහරවිට. උත්සහ අක්රලා බලමු.



ඔබට පේනවා ඇති මේ පාට හතරක් තියෙන වෘත්තය. අපි මේ වෘත්තය එක වටයක් කර කැව්වොත් කළු පාටින් ඉරි ගහල තියෙන පොයින්ට් එක එක් වටයක් කැරකිලා ආයෙත් එතෙන්ටම එනවා.


ඒත් ඔබට තේරෙනවද රතු පාට ලොකු රවුමේ පොයින්ට් කරපු කළු ඉරත්, සුදු පාට පුංචිම රවුමේ පොයින්ට් කරපු කළු ඉරත් එක වෙලාවේ පටන් අරන්, එකම වෙලාවක් අරගෙන එක වටයක් කැරකිලා ආයෙත් ආරම්භක ස්ථානයට එන්නෙත් එකම වෙලාවේ.

එක පැහැදිලි නැත්නම් මේ රවුම වගේ නිකන් කොලයක රවුම් ඇඳලා ඒක එක වටයක් කරකවල බලන්නකෝ. මේ දේට මෙච්චර අවධානයක් දෙන්නේ මෙතනින් එහාට යන්න බෑ ඔබට මේ කාරණාව තේරෙන්නේ නැත්නම්, ඒ නිසයි.

හොඳයි ඔබට මේ කාරණය වැටහෙනවා නම් දැන් හිතන්න මෙහෙම.

පොඩි රවුමයි ලොකුම රවුමයි දෙකම එක වටයක් කර කැවෙන්න යන්නේ එකම වෙලාව නම්, පොඩි රවුම කර කැවෙන්න ඕනේ ලොකු රවුමට සාපේක්ෂව “හෙමින්” නැත්නම් අඩු වේගයකින්.

එහෙනම්, සුදු පාට පොඩිම රවුම මූලික කරගෙන කතා කරොත්,

කහ රවුම කරකැවෙන්නේ සුදු රවුමට වඩා වේගයෙන්.
නිල් රවුම කරකැවෙන්නේ සුදු රවුමට සහ නිල් රවුමට වඩා වේගයෙන්.
රතු රවුම කරකැවෙන්නේ සුදු, කහ සහ නිල් රවුමට වඩා වේගයෙන්.

මේක ටිකක් ඔලුව විකාර කරන දෙයක් වෙයි. නිදහසේ හිතල බලන්න. මේක තේරුම් ගන්න පුළුවන් නම් විතරයි අපිට අනිත් කොටසට යන්න පුළුවන් වෙන්නේ.

No comments:

Post a Comment