Monday, October 28, 2019

ආදරය...


ඔබ හිතන්නේ ආදරය කියන්නේ මොකක්ද?

ඔබට ආදරයක් ඇති වුනේ කොහොමද?

පරණ සුන්දර අතීතය මතක් කරගෙනම අපි මේ කතාව කියවලා බලමු.

ආදරයක් ඇති වෙන්න පියවර හතරක් පසු කරන්න වෙනවා.

1.ආකර්ෂණය
2.ආශ්‍රය
3.අවබෝධය
4.අතහැරීම
5.ආදරය

ආකර්ෂණය

අපි විරුද්ධ ලිංගිකයෙක් දැක්ක ගමන් අපිට ඇති වෙන්නේ ආකර්ශනයක් විතරයි. දැක්ක ගමන් ආදරය ඇති වුනා කියල කවුරු හරි කියනවා නම් එතන තියෙන්නේ රාගයක් විතරයි. අපි පැහැදිලි කරගමු.

අපි කවුරු වුනත් මුලින්ම කෙනෙක්ගේ පෙනුමටයි ආකර්ෂණය වෙන්නේ. කවුරු පිළිගත්තත් නැතත් ඒක එහෙමයි.

පෙනුම කියන්නේ ආදරේදී වැදගත් දෙයක්. අපි පෙනුමෙන් අපිට හිතට අල්ලන කෙනා ගැන උනන්දු වෙනවා. හැබැයි මේක ආදරය නෙමෙයි.

මෙය හුදෙක් තමන්ගේ ඇස පිනවීමක් විතරයි. අපි ජීවිතේ බෙදාගන්න හදන කෙනා ආකර්ෂණීය කෙනෙක් වෙන්න එපයි. නැතුව බෑ නේ. හැබැයි ආදරේ කියන්නේ පෙනුම නෙමෙයි.

මතක තියාගන්න, දැක්ක ගමන් ඇති වෙන්නේ ආකර්ෂණ මිසක් ආදරය නෙමෙයි.

ඒත් අපි හැමෝම වගේ ආදරය කියල හිතාගෙන ඉන්නේ මෙන්න මේ පලවෙනි පියවර කියලයි.

ආශ්‍රය.

මේ තියෙන්නේ දෙවැනි පියවර. අපි ආකර්ෂණ වුන කෙනා ව අපි ආශ්‍රය කරලා බලන්න ඕනේ මේ මොන වගේ කෙනෙක් ද කියල. මොකද පෙනුමෙන් ලස්සන වුනාට හැසිරීමෙන් ගති ගුණෙන් පහත් කෙනෙක් වෙන්න පුළුවන්. ඒ නිසා අපි අපේ හිත ගිය කෙනා මොන වගේ කෙනෙක්ද කියලා ආශ්‍රය කරන අතරේ බලන්න ඕනේ ගති ගුණ හැසිරීම ගැන.

එතකොට අපිටම තේරෙයි පෙනුම හොඳ වුනාට ගති ගුණ නම් අන්තිමයි කියලා. ඉතින් අපි ඒ වගේ කෙනෙක් තොරාගන්නවද කියල අපිට නිදහසේ තීරණය කරන්න පුළුවන්.

ඒත් ඇත්තටම සිද්ද වෙන්නේ මොකක්ද දන්නවා ද. අපි ආකර්ෂණ නිසා ගිහින් මම ඔයාට ආදරෙයි කියලා ඊට පස්සේ අන්‍යෝන්‍ය ගනුදෙනුවකට ඇවිත් දැන් තමයි ආශ්‍රය කරන්න පටන් ගන්නේ. දැන් ඉතින්  බෙරේ බැඳගෙන ඉවරයි. ගහන්න ම වෙනවා. හොඳ නෑ කියලා හිතුනොත් අත අරින්න බෑ. මොකද ගනුදෙනුව පටන් අරන් ඉවරයි.

අන්න ඒ නිසයි කිව්වේ ආකර්ෂණය කියන්නේ ආදරය නෙමෙයි.

ඒත් අවාසනාවකට අපි ආදරේ දෙවැනි පියවර ගන්නේ ගනුදෙනුව පටන් ගත්තට පස්සේ. එතැනින්ම තේරෙනවද ඇයි ගොඩක් සම්බන්ධකම් අසාර්ථක කියලා.

අවබෝධය

ආශ්‍රය කරන අතරේ අපි අවබෝධ කරගන්න ඕනේ මේ කෙනා මොන වගේ කෙනෙක්ද කියලා. එක සරල තේරුම් ගැනීම කියන අර්ථය නෙමෙයි. අවබෝධය කියන්නේ පෙනෙන දේට වඩා දෙයක් දැකීම කියන අර්ථය. මොකද කවුරුවත් තමන්ගේ ඇත්ත ස්වරුපය පිටට පෙන්නන්නේ නෑ. අපි දක්ෂ වෙන්න ඕනේ අපි ජීවිතේ බෙදාගන්න කැමති කෙනාගේ ඇත්ත ස්වරුපය අවබෝධ කරගන්න.

දැන් නම් ඉතින් ගොඩක් වෙන්නේ ගනුදෙනුව මැදදී තමයි තේරෙන්නේ දෙය්යනේ මු මේ වගේ එකෙක් නේද කියල. පරක්කු වැඩියි. මොකද ගනුදෙනුව පටන් අරන් ඉවරයි.

හැබැයි 3 වෙනි පියවර විදියට ගියා නම් තාම ඔබ නිදහස්. කැමති තීරණයක් ගන්න පුළුවන්.

අත හැරීම

මෙන්න වැදගත්ම පියවර.

ඔබ මේ පියවරෙන් ඔබේ ජීවිතේ බෙදාගන්න කැමති කෙනා තමන්ට ගැලපෙන තමන් හිතන පතන විදියට ගැලපෙන කෙනෙක් කියල හිතෙනවා නම්, ඔබ ඔබව අත හරින්න ඕනේ. මොකද ඔබ දැන් ඉඳන් ප්‍රර්ථනා කරන්නේ ඇයගේ යහපත පමණයි. ඔබට ආත්මාර්ථකාමී වෙන්න බෑ. (ඇය සම්බන්ධයෙන් පමණක්) ඔබ ඇයගේ යහපත වෙනුවෙන් වැඩ කරනවා නම් ඔබට ඔබේ යහපත ගැන හිතන්න බෑ. (ඇය ඔබට ආදරේ නම් ඔබේ යහපත ගැන ඇය හිතනවා. එවිටයි ආදරය අන්‍යෝන්‍ය සම්බන්ධයක් වෙන්නේ)

ඔබට ඇය ගැලපෙන්නේ නෑ කියල හිතෙනවා නම්, ඔබට සම්පූර්ණ නිදහස තියෙනවා ඇයව ඇත හරින්න. මොකද ඔබ ගනුදෙනුවකට ඇවිත් නෑ. ගැලපෙන්නේ නැත්නම් ඉදිරියට යන්න බෑ නේ.

ඉතින් එක්කෝ ඔබට ඔබව අතහරින්න වෙනවා, නැත්නම් අනෙකාව ඇත හරින්න වෙනව.

ආදරය

දැන් හිතන්න, ඔබ අතරේ වැරදි අවබෝධය ඇති වෙන්න ඉඩ කඩ අඩුද වැඩිද? ඔබට අනෙකා ගැන ඇති විශ්වාසය අඩුද වැඩිද?

එහෙනම් ඔබගේ ආදරය සාර්ථක වෙයි ද නොවෙයි ද?

නමුත් අවාසනාවකට අපි මේ පියවර ඔක්කොම කරන්නේ ආකර්ෂණයෙන් පස්සේ ඇති කරගන්න ගනුදෙනුවක් අතරේ.

ඒ නිසයි වර්තමානයේ සම්බන්ධකම් අද තියෙනවා හෙට නැති වෙනවා, අනිද්දා තව කෙනෙක් එක්ක පටන් ගන්නවා වෙලා තියෙන්නේ.

කෙනෙක් කියයි මේ ඔක්කොම කරලා එද්දී කෙල්ල ඉඳියි ද කියල.

ඔව්. ඉන්න එකක් නෑ කියමු. එතකොට ඔබ හදිසි වෙලා ගනුදෙනුවක් පටන් ගන්නේ එහෙම කෙල්ලෙක් එක්කද? පරක්කු නිසා වෙන කොල්ලෙක් එක්ක යන කෙල්ලෙක් එක්කද?

ඔබට අවශ්‍ය සාර්ථක දිගුකාලීන අවංක ආදරයක් නම්, මෙන්න පියවර 5.

ඔබට අවශ්‍ය කෙටිකාලීන හදිසි ගනුදෙනුවක් නම්, ආකර්ෂණයෙන් පටන් අරන් ගනුදෙනුව අතරේ එකිනෙක තේරුම් අරන්, බූට් තියාගෙන දුක් විඳින්න.

තීරණය ඔබේ අතේ...

No comments:

Post a Comment