Friday, October 18, 2019

ඔහු ඔබේ කී වෙනියා ද..? 2


අපි කලින් කතා කළා කොහොමද ඔබ ඔබේ ලිස්ට් එක දික් කරගන්නේ කියලා.

ඔබට හිතෙන්න ඇති ගැහැණු විතරද වැරදි, පිරිමි නිසානේ මේ ඔක්කොම වෙන්නේ කියලා.

ඔව් ඒක සම්පූර්ණ ඇත්ත. කිසිම තර්කයක් නෑ ඒ ගැන.

ඒත් ආදරණීය නංගි, අක්කේ, ඔබ ඔවුන්ට දෙන අවස්තාව නිසා නේද ඔවුන් ඒ ප්‍රයෝජනය ගන්නේ? ඔබ ඔවුන්ට අවස්තාව දෙන්නේ නැත්නම් ඔවුන් කොහොමද ඒ ප්‍රයෝජනය ගන්නේ?

ඉන්න පැහැදිලි කරන්නම්.

පිරිමි කියන්නේ අරක්කු බොන එක, සිගරට් බොන එක, ගංජා, කුඩු ගහන එක, කොටින්ම තවත් කෙනෙක් එක්ක අතින් පයින් ගහගන්න එකත් මහා වීරකමක් කියලා හිතාගෙන ඉන්න ජාතියක්.

මේකෙන් පිරිමින් ව සුද්ද කරන්න උත්සහ කරනවා නෙමෙයි.

ඒත් එකයි ඇත්ත.

අපි කඩල ඇට පෙඟෙන්න දාල පෙඟුනට පස්සේ වතුරෙන් කඩල ඇට ටික අයින් කරලා ගන්නේ කොහොමද?

එක්කෝ අපිට පුළුවන් වතුර භාජනයේ තියෙද්දී කඩල ඇට ටික ටික අතින් අරන් වෙනම භාජනයකට දාන්න, එහෙමත් නැත්නම් අපිට පුළුවන් කඩල ඇට භාජනයේ තියෙද්දී භාජනය ඇල කරලා වතුර ටික අයින් කරන්න.
ඔබට හිතෙන්නේ පහසු සහ ප්‍රායෝගික ක්‍රමය මොකක්ද..?

භාජනය ඇල කරලා වතුර බේරලා යවන එක.

මෙතනත් අපි මේ කතා කරන්නේ අන්න ඒ වගේ දෙයක්.

පිරිමි සහ ගැහැණු දෙගොල්ලොම නිසා ගැහැණු මේ තත්වෙට වැටුනට, මේ දෙයින් වැළකෙන්න නම් දෙගොල්ලොන්ගෙන් එක කොටසක් මේ දේ තේරුම් අරන් ඒ විදියට වැඩ නොකර ඉන්න ඕනේ.

ඉතින් ඔබට හිතෙනවා නම් කරන හැම ඵලක් රහිත ක්‍රියාවක්ම වීර ක්‍රියාවක් කියල හිතන පිරිමි ජාතිය මේ දේ තේරුම් අරන් මේ දේවල් සිද්ධ නොවෙන විදියට වැඩ කරයි කියලා එතන තියෙන්නේ ඔබේ මෝඩකම.

ගැහැනියක් එක්ක ලිංගිකව එකතු වීමත් අද වෙද්දී පිරිමියෙක්ට වීරකමක් වෙලා ඉවරයි. ඒ නිසා ඔබ ට ඇත්තටම අවශ්‍ය නම් ඔබගේ ලිස්ට් එක දික් නොකරගන්න, ඔබ මේ දේ තේරුම් ගනීවි.

සමාජය නමක් දෙන්නේ පිරිමි කීපදෙනෙක් එක්ක ගිය ගැහැනියකට මිසක් ගැහැණු කීපදෙනෙක් එක්ක ගිය පිරිමියෙක්ට නෙමෙයි. ඒ නිසා ඔබට ඇත්තටම අවශ්‍ය නම් ඔබ අනුන් ට ඇඟිලි දික් කරන එකක් නෑ.

මේ කතාව කිව්වේ පිරිමි න් ට මුකුත් නොකියා ගැහැණු ඔබව අරමුණු කරගෙන මේ ලිපිය ලිව්වේ ඇයි කියලා කියන්නයි.

ඔබේ ලිස්ට් එක දික් වෙන එකෙන් සිද්ද වෙන්නේ ඔබට සමාජය නමක් දෙන එක විතරක් නෙමෙයි.
හිතන්න ඔබේ මානසික තත්වය...

ඔබ ලිස්ට් එකේ දෙවැනියාගේ ඉඳන් හැමෝම එක්ක ඉද්දි ඔබට කලින් අත්දැකීම් මතකයට එන එක වලක්වන්න පුළුං ද. ඔබට එතකොට සතුටක් දැනෙයි ද? ඔබට ඔබේ ඒ වෙලාවේ ලිස්ට් එකේ ඉන්න කී හෝ වෙනියා එක්ක මම මේ කරන්නේ මීට කලින් මම අහවලා එක්ක කරපු ටිකම නේද, මම මේ විදියටම නේද කලින් අය එක්කත් හිටියේ කියල හිතෙද්දි ඔබට ඇත්තටම සතුටක් ලැබේවිද?

ඔබ මානසිකව ඒ සතුට ලබයි ද?

ඔබ ලබන සතුට පිරිමියාට වැදගත් වෙන්නේ නෑ. ඔහු සතුටක් ලබනවා නම් ඔහු තකන්නේ ඒ ගැන විතරයි.
ඒ නිසා ඔබ ඔබේ තාවකාලික වින්දනයක් වෙනුවෙන් අනුන්ට ඇඟිලි දික් කරනවා වඩා හොඳ නැද්ද ඔබමමම මේ තත්වෙට පත් වෙන්නේ මගේම වැඩ නිසා කියල තේරුම් අරන්, ඒ වගේ තත්වෙට පත් වෙන එක නවත්තගන්න එක.?

ආයෙත් මේ දේ කියන්නම්, මේ සමාජය කැමතියි ඔබ ඒ තත්වයට පත් වෙනවට. ඔබ තීරණය කරන්න ඔබගේ ඇඟ ඉල්ලන දේ ලබාගන්න තමන්ගේ ගෞරවය නැති කරගන්නවද, නැත්නම් නිසි කාලය එනකන් ඉන්නවද කියන එක.

සමාජය ඔබට නමක් දෙන්නෙත්, ඒක සාමන්‍යකරණීය කරලා ඔබව තවත් ඒ දේට පොළඹවා ගන්න කියන දේ තේරුම් ගන්න. මොකද ඔවුන් කැමතියි ගලන ගඟෙන් වතුර බොන්න. ඔබ ගලන ගඟක් කරන්න ඔවුන් හැමතිස්සෙම උත්සහ කරයි.

ගලන ගඟක් වෙලා හැමෝම පිනවනවද, නැත්නම් ඉවසගෙන ඉඳල නිසි කාලය ආවම තමන්ගේ සහකරු විතරක් පිනවනවද කියන එක තමන්ගේ තීරණයක්.

No comments:

Post a Comment