Wednesday, October 2, 2013

දේව්දාස් ගේ ඇරියස් කවර් කිරීම

         මෙන්න අදත් ටිකක් විතර වැඩිහිටි කතාවක්. ඒත් හිතන්න යමක්. වල්පල් ඕනේ නෑ. කෙලින්ම කාරණේට එන්නම්.
       
         මේක කියවන ඔයාගේ ඉඳං මේක ලියන මගේ ඉඳං අපි හැමෝම ආදරේ කියන දේ විඳලා තියෙයි. මේ කියන්න යන්නේ ඔන්න ඔය ආදරේ කරද්දී හැමෝටම ඇත විඳින්න වෙන පොදු බාධකයක් ගැන. අන්තිමට පොඩ්ඩක් ට්‍රැක් පනියි. මොකද මේක ඇරියස් කවර් කිරිල්ලක් නිසා.

         හොඳයි. ආදරේ කරන දෙන්නෙක්ට හමු වෙන්න මේ ලංකාවේ නිදහස් තැන් කීයක්‌ තියෙයිද? ගාල්ලේ උන් කියයි ගාල්ලේ සමනල පාර්ක්‌ එක තියෙයි කියලා. කොළඹ උන් කියයි විහාරමහාදේවි පාර්ක්‌ එක තියෙයි කියලා. මම අනිත් ඒවා ගැන නම් දන්නේ නෑ. ඒත් මම හොඳටම දන්නා මාතර නම් එහෙම එක තැනක්වත් නෑ. තියෙන්නේ එකම එක තැනයි. ඒ තමයි මුහුදු වෙරළ. ලංකාව වටේම මුහුද තියෙයි. ලංකාව වටේම පෙම්වතුන් මේ මුහුදු වෙරළවල් වලට නිදහසේ ඉන්න කියලා යනවා තමයි. ඒත් අද මම කියන්නේ මම ඇහැට දැකල තියෙන, අහල තියෙන 100% සත්‍ය කරුණු මත පදනම වුනු දෙයක්. මෙන්න මේකයි සිද්ධිය.

         මාතර අපිට නිදහසේ ඉන්න යන්න තියෙන්නේ මාතර මුහුදු වෙරළ විතරයි. සෙනසුරාදා, ඉරිදා වගේ දවසක මාතර ආපු කෙනෙක්ට ඇත්තටම මුහුදු වෙරළේ වැලි වලට වැඩිය කුඩ දකින්න පුළුවන්. දැන් ඕගොල්ලෝ හිතයි ෂා මාතර උන්ට මාර නිදහසක් නේ තියෙන්නේ කියලා.  ඇත්තටම නෑ.

        ඔහොම නිදහසේ ඉන්න අතරේ කොයි වෙලාවේ පොලිසියෙන් එයිද කියල බයේ ගැහි ගැහියි මේ පෙම්වතුන් ඉන්නේ. එහෙනම් එතන කොහෙද නිදහසක් තියෙන්නේ. ඕගොල්ලන්ට හිතුනේ එහෙම වෙන්න ඇති. ඔව් ඇත්ත. එතන කිසිම නිදහසක් නෑ. ඒ වගේම එහෙම එන්නත් පොලිසියේ අයට කිසිම අයිතියක් නෑ. අසංවරව හැසිරෙන අයව අල්ලන්න ඉන්න පොලිසිය ඒ බලය අයුතු විදියට පාවිච්චි කරලා අමුතු ආතල් එකක් ගන්නවා. පෙම්වතුන් බය කරනවා ගෙදර ලිපිනය දුරකථන අංක වගේ අරගෙන. ඒත් මේක මෙහෙම බලල නිකන් ඉන්න පුළුවන් කාරණාවක් නෙමෙයි. හේතුව මෙන්න මේකයි.

         දැන් කොල්ලෝ කෙල්ලෝ මේ එකිනෙකා මුණ ගැහෙන්න එන්නේ ගෙවල් වලින් ආශීර්වාදේ අරන්ද? ගෙවල් දැනගෙනද? නෑ. එහෙනම් මේ එන්නේ හොරාට. ඉතින් මෙහෙම හොරාට ඇවිත් හරම පොලිසියෙන් බය කලාම මුන් ඊළඟ පාර මොකද කරන්නේ? ගෙදරටත් හොරාට, අහු වෙන්නේ නැති, පොලිසියටත් හොරාට, අහු වෙන්නේ නැති තැනකට යනවා. කොහෙද? ෆිල්ම් හෝල් එකට.

         පලවෙනි දවසේ ෆිල්ම් එක බලයි. දෙවැනි දවසේ භාගයක් බලයි. තුන වෙනි දවසේ ටිකක් බලයි. ඊළඟ දවසේ ඉඳං ඇතුලට යන පාරෙත් ෆිල්ම් පෙන්නයි. මේක තමයි සාමාන්‍ය යතාර්ථය සහ ඇත්ත. ඊළඟට මොකද වෙන්නේ? රසේ අහු වුණාම දෙන්න ඊටත් වැඩ එහාට යන්න අඩිය තියනවා. කොහෙද? රූම්ස්.

         මේක මාතර නගරයට විතරක් අදාළ දෙයක් නෙමෙයි. ඒත් මාතර නගරයේ තියෙන පන්සල ප්‍රමාණයට වඩා රූම්ස් තියෙනවා. ලොකුවට නම ගහල වරහන් ඇතුලේ ආරක්‍ෂිත කියල ගහලා. මොකක්ද මේ ආරක්‍ෂිත? වෙන විදියකට කිව්වොත් පොලිසියෙන් නම් පනින්නේ නෑ කියන එක. මේකට ගියාම ඉතින් නිකන් ඉඳල කතා කරලා එයි කියල හිතෙනවා නම් ඒක මහා විහිළුවක්. එතකොට මුහුදු වෙරළෙන් පෙම් කරන්න පටන් ගත්තු පෙම්වතුන් අන්තිමට කාමර අස්සෙන් නවතිනවා. වරද කාගේද? පොලිසියේද? පෙම්වතාගේද? පෙම්වතියගේද?

         ඇත්තටම මේ තුන්ගොල්ලම වැරදියි කියලයි මට හිතෙන්නේ. මුල්ම වරද කරන්නේ පොලිසියෙන්. මේ නිදහසේ ඉන්න ජෝඩු බය කරලා අන්තිමට උන් කාමරෙන් නවත්තන්නේ පොලිසියේ මේ ඉන්න ගොන් හරක්. අසංවර නම් උන්ව අල්ලන ඒක වෙනම දෙයක්. ඒත් ඕනේ එකයි එපා එකයි ඔක්කොම ඇල්ලුවම මේවා නිකන්ම තල්ලු වෙනවා කාමර වලට.

         පෙම්වතා ඊළඟට වැරදියි. මම නම් හිතන්නේ කොල්ලෙක් කෙල්ලෙක්ට ඇත්තටම ආදරෙයි නම් කවදාවත්ම ඒ කෙල්ලව කාමර ගානේ එක්කන් යන්නේ නෑ. එහෙම එක්කන් යනවා නම් ඒ කෙල්ලට ආදරේට නෙමෙයි, ඒ කෙල්ලගේ ඇඟට ආදරේට.

        කෙල්ලත් වැරදියි. තමන්ගේ කොල්ල තමන්ට කාමරේකට යන්න කතා කලොත් කනට දෙකක් දීලා ඒ සම්බන්ධෙ එතනින් නවත්තන්නේ නැතුව එහෙම යන කෙල්ලත් වැරදියි. ඇයි කෙල්ල කියන්නේ මොලේ නැති එකෙක්ද. පොඩ්ඩක් හිතන්න බැරිද බැන්දට පස්සේ කරන දේවල් බඳින්න කලින් කරන්න කතා කරන කොල්ල හොඳ එකේද නැද්ද කියල.

        අද වෙනකොට ෆිල්ම් හෝල් වල අර පෙට්ටි වලට පොලිසියෙන් පැනලා චෙක් කරනවලු. තවත් හොඳයි. දැන් කොල්ලෝ කෙල්ලෝ කෙලින්ම යාලු වුන ගමන කාමර ගානේ යයි. අද යාලු වුනා. හෙට කාමරේ. ඊළඟ අවුරුද්දේ ළමයෙක අතේ. ඊට පස්සේ කියයි තාත්තා නැතේ.

         ඇයි මේ දේවල් හිතන්න බැරි? මේ රටේ පොලිසියේ ඉන්න ඔක්කොම පිස්සෝ නෙමෙයි, හරක් නෙමෙයි. මේ රටේ ඉන්න හැම කොල්ලම වලත්තයෙක් නෙමෙයි. මේ රටේ ඉන්න හැම කෙල්ලම මෝඩ එලදෙන්නු නෙමෙයි. ඒත් ඇයි මෙහෙම වෙන්නේ? ආසියාවේ ආශ්චර්ය කරන්න කතා කරනවා. ඇයි මුන්ට නොතේරෙන්නේ මේවා හදාගන්නේ නැතුව මොන චර්යා කලත් වැඩක් නෑ කියලා.

         මේ පොස්ට් එක ඇරියස් කවර් කිරිල්ලක් තමයි. මොකද මම අනන්තවත් අනාථ වුන කෙල්ලෝ දැකල තියෙයි. මගේම යාලුවෝ කියන්නත් ලැජ්ජ බල්ලෝ කියන්න පුළුවන් යාලුවෝ වෙලා හිටිය උන්ගේ අතින්. ඒත් දැල්ලට පිච්චෙනකන් පළඟැටියට දැනුනේ නෑ වගේ ඒ කෙල්ලොන්ටත් තේරුනේ නෑ වෙනකන්. බීරි අලින්ට වීණා වායුවට වැඩක් නෑ වගේ අර බල්ලොන්ට කිව්වා දේ තේරුනෙත් නෑ. කාලෙකට පස්සේ බ්ලොග් එක ලියන්න ආපු දේව්දාස් මේ ඒ ඇරියස් කවර් කරනවා පොස්ට් වලින්.

         කොච්චර කෑගැහුවත් අර රෙපා කිව්වා වගේ මේවා දැන් සාමාන්‍ය දේවල් වෙලා. කියෙව්වට ඔබට බොහොම ස්තුතියි. මේ දේව්දාස් ගේ ඇරියස් කවර් කිරීමයි...

Tuesday, October 1, 2013

එක් වැඩිහිටි කතාවක්

           කාලෙකට පස්සෙයි මේ පොස්ටුවක් දාන්නේ. ඇත්තටම මේ කොහෙත්ම දාන්න හිතාගෙන හිටිය විදියේ පොස්ටුවක් නම් නෙමෙයි. ඒත් කාලීනයි කියල හිතුන නිසයි මේ විදියට ලියන්න හිතුවේ ආයෙමත්. ඉතින් මේ එක් වැඩිහිටි කතාවක් ගැනයි...

හොඳයි කෙලින්ම කතාවට එන්නම්කෝ. කවුරු හරි ඇහුවොත් ලෝකයේ සමූහ දූෂණය වැඩිම රට මොකක්ද කියල එක පාරටම ඔලුවට එන්නේ මොන රටේ නමද? මම හිතනවා හැමෝගෙම උත්තරේ වෙන්නේ ඉන්දියාව කියල. ලෝකයේම අවධානය යොමු වුනු සිද්ධීන් 2ක් පහු ගිය කාලයේ ඉන්දියාවේ සිද්ධ වුනා. මේ ඒවා රස කරලා විස්තර කරන්න යනවා නෙමෙයි. අපේ ලංකාවේ මාධ්‍ය වල පහත්ම ගතිය තමයි දූෂණය කියන වචනේ දැක්ක ගමන, පත්තරේ හෝ රූපවාහිනියේ හෝ තමන්ගේ මාධ්‍යයේ එය රස කරලා ලුණු ඇඹුල් දාල විස්තර කරන එක. එක බලන උන් නුත් මානසික ආතල් එකක් ගන්නවා ඒක කියවලා. මම මේ මාධ්‍යට බනිනවත් නෙමෙයි. එහෙනම් මොන බම්බුවක්ද මේ කියන්න යන්නේ කියල හිතෙන්න කලින් මම කියන්නම් මට හිතෙන දේ.

ඊට කලින් මෙන්න මේ පින්තූර ටික බලන්නකෝ.

(මේ ඔක්කොම ඉන්දියාවේ සයිට් එකකින් දැකල ගත්තුවා. අපේ "එළකිරි" වගේ thread සයිට් එකක්. හින්දි වලින් තියෙන්නේ. සිංහල තේරුම දාන්නම්)





නංගි සමග මුල්ම වතාවට


කවුරුවත් ඇත්තටම තමන්ගේම නංගිට %&&*( කරන්න උනොත්  , නැත්නම් %&&*(  කරන්න කැමති වූනොත්?




 මම මගේම නංගිට &^%$&*  කැමතියි. මොකද කරන්නේ. කවුරු හරි කියන්නකෝ.




මම මගේ නංගිට &^%**  දෙන්නද?
මේක නම් සම්පූර්ණ පරිවර්තනයට දිග වැඩියි. මේකෙන් කියන්නෙත් තමන්ගේ අයියා මෙහෙම කරන්න උත්සහ කළා. මමත් ඒකට කැමතියි. ඒත් මම periods වල හිටපු නිසා මම මග ඇරලා ගියා. දැන් මම periods වල නෙමෙයි. ආයෙත් අයියා ආවා. මම මොකද කරන්නේ? එහෙම කලාට කමක් නැද්ද?






 (මේ තියෙන්නේ ඒකට ආපු reply එකක්.) මම නම් එයත් එක්ක මුළු මදුසමයම ගත කරනවා.



තමන්ගේ අම්මා %&(*& කැමතියි නම් ඔයා කොහොම තමන්ගේ අම්මට *%(*&) ?





           මේ ඔක්කොම එකම සයිට් එකෙන් ගත්තුවා. මේවා පරිවර්තනය කලේ හැමෝටම හොඳින් තේරෙන්න ඕනේ නිසයි. දැන් මෙතන ඉඳගෙනයි මට කියන්න ඕනේ දේ පටන් ගන්නේ. ඉස්සරහට කියවන්න කැමති අය කියවන්න, නැති අය බැහැල යන්න.

        මේ ඔක්කොම, ඉන්දියාවේ ඉන්න සහෝදරයෝ, තමන්ගේම සහෝදරිය එක්ක මදුසමය ගත කරන්න හිතාගෙන ඉන්න අය කියල පැහැදිලියිනෙ. එකක් තියෙයි සහෝදරිය තමන්ගේ සහෝදරයට ඉඩ දෙන්නද කියල අහල තියෙන. එකක් තියෙයි පුතෙක් අම්ම ගැන අහල තියෙන. මේවා කියවද්දී අපිට මහා අප්‍රසන්න හැඟිමක් එනවා තමයි. ඒත් දිගටම කියවන්න. ගොඩක් දේවල් තියෙයි කියන්න.

මේ තමන්ගේම සහෝදරිය එක්ක එකට ඉන්න අහන අහන සහෝදරයම, තමන්ගේම නංගි හෝ අක්කව තමන්ගේ කසාද ගැහැණිය විදියට පේනවා නම් මේ පිරිමියට සමාජයේ ඉන්න අනිත් ගැහැණු, අම්මා, සහෝදරිය, දුව විදියට පෙනෙයි කියල කාටද කියන්න පුළුවන්?  මේ සහෝදරියට සමාජයේ අනිත් පිරිමි, පියා, සහෝදරයා, පුතා විදියට පෙනෙයි කියල කාටද කියන්න පුළුවන්?

අද ඉන්දියානු සමාජය ගොඩක් පිරිහිලා තියෙන්නේ. හොඳම උදාහරණය ඉන්දියානු චිත්‍රපට. මීට දශකයකට කලින් චිත්‍රපට බලපු පරම්පරාව තමයි අද මේ බ්ලොග් ලෝකේ බහුතරය. මතකද මීට අවුරුදු 10 කට කලින් අද වගේ හින්දි චිත්‍රපට ආවා. ආවා නැත්තේ නෑ. ඒත් ඒවා වැඩිහිටියන්ට පමණයි. අද ඒවම එනවා පවුලේ සැමට බලන්න. වාසනාවකට ලංකාව තාමත් ඒ තරම් පහත තත්වෙකට වැටිලා නෑ. (නැත්තෙත් නෑ)

මේ පොස්ටුවේ අරමුණ ඉන්දියානු සමාජේ ගැන කියල දෙන ඒක නෙමෙයි. සමාජයේ පිරිහීම තමයි ස්ත්‍රී දූෂණ වලට ප්‍රධාන හේතුව. අද ඉන්දියාවේ සමූහ දූෂණය වෙන්නේ මෙහෙම පිරිමි ඉන්න නිසයි. හැබැයි මෙහෙම පිරිමි හැදෙන්න හේතුව මොකක්ද කියල හිතුවොත්.


         සරලව හිතමු. මීට කලින් පවුල් වල අයියල නංගිලා ඉඳල නැද්ද? හිටියා. ඒත් අපි මේ අහන දේවල් වෙන්න පටන් ගත්තේ බොහොම මෑතකදී. හැමෝම කියනවා වගේ තාක්ෂනය එක්ක. ඒත් ඇත්තටම තාක්ෂනය කිව්වම ඔලුවට එන porn sites මද හේතුව? මම නම් හිතන්නේ නෑ. එකම හේතුව සහ ප්‍රධාන හේතුව ඒක නෙමෙයි. එතකොට මොකක්ද?

ඒ තමයි දැනට porn sites වලට වඩා තරුණ පරම්පරාව වැඩියෙන් යොමු වෙලා තියෙන wela sites. හැමෝම දන්නවා මේ මොකක්ද කියල. දන්නේ නැති අය මෙතනින් එහාට කියවල වැඩක නෑ. මේවල කතා සිංහල අකුරෙන් ලොකුවට ලස්සන පින්තූර දාල තියෙන්නේ. ඒත් මේවල කතා වල බහුතරය එක්කෝ අයියයි නංගි, එක්කෝ අම්ම පුතා, එක්කෝ පුංචි, පුතා. මේ කතාවල ප්‍රධාන චරිත වෙන්නේ අපේ තුන හිතකවත් නැති අය. මේවා විශේෂ දේවල්. ඒත් ඕනෙම විශේෂ දෙයක් ටික කලක යද්දී සාමාන්‍ය දෙයක් වෙනවා. අද මේ සමාජෙට වෙලා තියෙන්නෙත් ඒකමයි. ඒ අමුතු දේ අද සාමාන්‍ය දෙයක් වෙලා. ඉතින් තමන්ගේම සහෝදරිය, අම්ම, දුව, පුංචි, නැන්දව අඳුනන්නේ නැතුව යන කාලය තව ගොඩක් ඈතක නෙමෙයි කියල දැන් තේරෙනවා නේද අපිට. දැනුත් පත්තරයක් ගත්තම තමන්ගේම ලෙයින් ඉපදුනු දුවව නාස්ති කරපු තාත්තල කී දෙනෙක් පත්තරේ ඉන්නවද. මේවා තව ඉස්සරහට වැඩි වෙයි.
අපිට මේවා අඩු කරගන්න පුළුවන්. ඒවා ඉතින් ඔය wela sites කරන, ඒවාට කතා දාන අයගේ වැඩක්. ඔය කතා ලියන අය ලියන්න කලින් කතාව හිතද්දී මනසින් තමන්ගේම සහෝදරිය, අම්ම, දුව එක්ක ඉන්නවා නේද, ඔය කතා කියවද්දී කියවන කෙනා තමන්ගේම අම්ම, සහෝදරිය, දුව එක්ක මනසින් ඉන්නවා නේද. අද මනසින් කල දේ හෙට ප්‍රායෝගිකව කරන්න කෙනෙක් උත්සහ නොකරයි කියල කාටද කියන්න පුළුවන්.

හිතන්න. හිතන්න. අයෙත් හිතන්න. මේ අපි සල්ලි වලට, ප්‍රසිද්දියට, ආතල් එකට නැති කරන්නේ, විනාස කරන්නේ අපේම සමාජය. wela site යන්න එපා කියන්නේ න මම. යන්න. කියවන දේ තෝරා ගන්න. ලියන දේ තෝරා ගන්න. මොකද අද සිතුවිල්ල හෙට ප්‍රායෝගික වෙන නිසාවෙන්.

Saturday, February 2, 2013

දේව්දාස් සහ බලාපොරොත්තුව

               
                 අද දේව්දාස් මේ ලිපිය ලියන්නේ ලොකු සතුටකින්. හේතුව... හේතුව තමයි ලිපියේ මාතෘකාව. බලාපොරොත්තුව. තේරෙන්න කියනවා නම්, අද දේව්දාස් ගේ ලොකුම බලාපොරොත්තුව ඉෂ්ට වුණා...

                 පාරෝ... පාරෝ, උසස් පෙළ විභාගය ඉහලින්ම සමත්... විශිෂ්ට සාමාර්ථ 3ක්. දිස්ත්‍රික් කුසලතාව 19.

                  අද දේව්දාස් ට ජීවිතයේ සතුටුම දවසක්...


                 " දේව්, අපි දෙන්නම කැම්පස් යනවා නම් යමු. මම නම් යන්නේ නෑ, ඔයා ආවේ නැත්නම්..."

        මතකද එදා ඔයාට මම බැනපු හැටි. ඔය මූණ දුකින් පුරව ගෙන මගේ දිහා බලන් හිටපු හැටි... අද ඒ දේ ඒ විදියටම සිද්ද වෙලා...

                 මට ඔයාට කතා කරලා සුභ පතන්නවත් විදියක් නෑ... ඒත් මගේ සුභ පැතුම්, ආශීර්වාදය, ආදරය ඔයා එක්ක හැමදාමත් තියෙනවා... ඉහලටම යන්න පුළුවන් වෙන්න ඕනේ ඔයාට...

             
                ලතා මඩුලු අත වනාවි... එපා අහක බලන්න...
                මා ගැන මතකය ගුලි කර... මහවැලියට දමන්න...

       දැන් ඔයා මට වඩා ගව් ගණනක් දුරින්... මගේ ආදරේ මම පරිස්සමින් අරන් තියනවා... ඔයාගේ ලෝකේ... :)  ඔයාගේ ලෝකේ ඔයා ලස්සනට සරසන්න. මගෙන් සුභ පැතුම්...


             හැමදාමත් ඔයාට ආදරේ,
දේව්දාස්...

Tuesday, December 4, 2012

දේව්දාස් වයසට යයි 2

                දින 365ක්. ඔව් අදට දින 365 ක් ගත වී තිබුනත් තවමත් දේව් ගේ ඒ බලාපොරොත්තුව ඉෂ්ට වුනේ නෑ...  තවමත් දේව් පාරෝ ගෙන උපන් දින සුභ පැතුමක් බලාපොරොත්තුවෙන් ඉන්නවා. අදට දින 365ක්.

දේව්දාස්...

Monday, December 5, 2011

දේව්දාස් වයසට යයි...

            මාතෘකාව දැක්කම මේ මොකක් ගැන කියන්න යනවද කියල හිතෙනවා ඇති... ඇත්තටම මේ කියන්න යන්නේ අපි හැම කෙනාටම ජීවිතයේ වැදගත්ම දවස එහෙමත් නැත්නම් උපන් දිනය ගැනයි... දේව්දාස් ඊයේ 20 වන උපන් දිනය සැමරුවා... ජීවිතයෙන් 1/4 ගෙවුණ දවස ඊයේ දවසයි...

            දේව්දාස් කවදාවත් උපන් දිනය සමරන්න විශේෂ දෙයක් කළ කෙනෙක් නෙමෙයි... ඒ වගේම දේව්දාස් ට කවුරු සුභ පැතුවත්, කවුරු සුභ නොපතුවත් දේව්දාස් ට එහි කිසිම විශේෂයක් නෑ... මොකද උපන් දිනය දෙව්දාස්ට තවත් එක් දිනක් පමණයි...

            නමුත් මේ ලිපිය ලියන්නට එක් කාරණයක් හේතු වුණා... මෙන්න මේකයි කතාව... දේව්දාස් උපන් දිනය දවසේ වුණත් පරණ පුරුදු දින චරියාවම ගෙවලා රෑ 8 ට විතර මුහුණු පොත පැත්තේ ගියා... ආහ්හ්... කලින් කියන්න අමතක වුණා... දේව්දාස් කලින් දවසේ මුහුණු පොතෙන් දේව්දාස් ගේ උපන් දිනය මැකුවා... ඒක නිසා කිසිම උපන් දින සුභ පැතුමක් හෝ කිසිම විශේෂ දෙයක් බලාපොරොත්තුවෙන් නෙමෙයි මුහුණු පොතට ඇතුළු වුණේ...

            ඇතුළු වුණු ගමන්ම messages 2 ක තියනවා කියල දැක්කා...  ගිහින් බැලුවා කවුද එවල තියෙන්නේ කියලා... එකක් එවල තිබුණේ කලින් ලිපියෙන් සඳහන් කළ "මුරණ්ඩු හිතුවක්කාරී"... අනික දේව්දාස් ට අහම්බෙන් හමු වුණු මුහුණු පොතේ යෙහෙළියකගෙන්... දැනට විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබන ඈ දේව්දාස් ට උපන් දින සුභ පැතුම් එවල තිබුණා... නමුත් විශේෂත්වය ඇය උපන් දිනය මතක තියාගෙන ඉඳපු එක නෙමෙයි... ඇය උපන් දින සුභ පැතුම එවල තිබුණේ හරියටම ඊට කලින් දවසේ රාත්‍රී 12...

            මේ යෙහෙළිය දේව්දාස් ට අහම්බෙන් හමු වුණු කෙනෙක් වුණත්, දේව්දාස් ට ගොඩක් සමීප යෙහෙලියක් වුණා... බොහෝ දේවල් දේව්දාස් සමග කතා කරලා තියනවා... කොපමණ සමීප කෙනෙක් වුණත් දේව්දාස් හීනෙකින් හෝ මෙවැනි දෙයක් බලාපොරොත්තු වුණේ නම් නෑ...

            එය දේව්දාස් ට විශේෂ දෙයක් වන්නේ ඇයිදැයි ඔබට ගැටළුවක් ඇති... හේතුව... හේතුව මේකයි... දේව්දාස් උපන් දිනය දවසේ රාත්‍රී 12 ට අවංකවම සුභ පැතුමක් බලාපොරොත්තු වුණා... නමුත් ඒ දේව් ගේ පාරෝ ගෙනුයි... නමුත් ඉන් පැය 24 නොවෙයි, මේ ලිපිය ලියන විට පැය 45 පසු වී තිබුණත් පාරෝගෙන් තවමත් සුභ පැතුමක් නෑ...

            පාරෝගෙන් එවැන්නක් බලාපොරොත්තු වුණු දේව් කිසිම විටක මේ යෙහෙලියගෙන් මෙවැනි කැප වීමක් බලාපොරොත්තු වුණේ නෑ... දේව් මේකට කැපවීම කියන්නේ, දේව් හිතන විදියට මේක කැපවීමක් නිසා... මොකද නැත්නම් උපන් දිනය දවස ඇතුලත ඕනෙම වෙලාවක සුභ පතන්න පුළුවන් කම තිබුණත්, 12 වෙනකන් ඇහැරිලා ඉඳල සුභ පතන ඒක දේව් හිතන්නේ කැපවීමක් කියලයි...

           ඇත්තටම මේ ලිපියෙන් දේව්දාස් කිසිම දුක ප්‍රකාශ කිරීමක් හෝ වෙන කිසිම දෙයක් බලාපොරොත්තු වුණේ නෑ... දේව්දාස් ට හිතුණා මේ ලිපිය ලියන්න... ඉතින් ලිව්වා... බයිලයක් කියල හිතෙනවනම් සමාවෙන්න...

දේව්දාස්...

Thursday, December 1, 2011

දේව්දාස් ගෙන් මුරණ්ඩු හිතුවක්කාරියෙක්ට...

               ටික දවසක් නිහඬව ඉඳල මේ වගේ ලිපියක් පල කරන්න වෙයි කියල දේව්දාස් කීයටවත් හිතුවේ නෑ... වැඩි වැල් වටාරම් ඕනේ නෑ... සිද්ධ වුණු දේ කියන්නම්...

            දේව්දාස් ට හොඳ යාළුවෙක් හිටියා... මෙයා ගැහැණු ළමයෙක්... ටිකක් මුරණ්ඩු හිතුවක්කාර කෙනෙක්... දේව්දාස් නුයි මෙයායි යාළුවො වුණේ මීට මාස 6 කට විතර කලින් මුහුණු පොතෙනුයි... පස්සේ ගොඩක් ලඟින් ඇසුරු කරන යාළුවෙක් වුණා... ගැහැණු ළමයෙක් වුණත් දේව්දාස් පිරිමි ළමයෙක් වුණත් යාළුකමට ඒ කිසි දෙයක් බලපෑවේ නෑ...

            කොච්චර මුරණ්ඩු වුණත්, හිතුවක්කාර වුණත් මෙයා දේව්දාස් කියන දේ ඇහුවා... වැරද්දක් කරන කොට ඒක පෙන්නලා දුන්නම ඒ දේ හදා ගන්න තරම් නිහතමානි වුණා... දේව්දාස් මෙයාව හම්බවෙලත් තියනවා... මේ ලිපිය ලියන්න හේතුව වුණේ, මේ හිතුවක්කාරී දේව්දාස් ගේ හිත රිද්දවපු නිසයි... මේකයි වුණේ...

            දේව්දාස් ගේ අම්මට මේ හිතුවක්කාරිගේ අම්මව හම්බවෙන්න ඕනේ කිව්වා මොනවද වැඩකට... ඉතින් දේව්දාස් අම්මයි තාත්තයි එක්ක දැන් ටිකකට කලින්, දන්නා කියන විස්තර හොයාගෙන ගියා මෙයාගේ ගෙදර හොයාගෙන... ගෙදර එනවා කියල නොකිව්වේ පුදුම කරවන්න හිතාගෙනයි...

           එත දේව්දාස් දන්න විස්තර මදි වුණා ගෙදර හොයා ගන්න... ඉතින් ඒ වෙලාවේ දේව්දාස් මෙයාට call එකක් අරන් කිව්වා "අපි දැන් ගෙදර එන ගමන්... දැන් ඉන්නේ ***** තැන... මෙතනින් එහාට එන්නේ කොහොමද" කියලා... එතකොට මෙයා ටිකක් කලබල වෙලා කිව්වා "ඉන්න මම තව ටිකකින් call එකක් ගන්නම්" කියලා...

           මේ වෙලාවේම මොකක්දෝ අවාසනාවකට දේව්දාස් ගේ phone එකේ battery ඒක බැස්සා... දැන් කරන්න දෙයකුත් නෑ... මේ number ඒක තියෙන්නේ දේව් ගේ phone එකේ විතරයි... දේව් තාත්තගේ phone ඒක අරන් දේව් ගේ සිම් ඒක දාල බලන හිටියා call ඒක එනකන්... විනාඩි ක් විතර හිටියා... ඒත් නෑ... ටිකකින් sms එකක් එනවා "අපි මේ *** ලගේ ගෙදර ඉන්නේ... එයාගේ බාප්පා හදිස්සියේම නැති වෙලා... අපි මේ එහෙ ඉන්නේ" කියලා...

            මේ වෙලාවේ දේව්දාස් ට ඇති වෙච්ච වේදනාව හිතා ගන්නවත් බැරි තරම්... වෙන මොහොකටවත් නෙමෙයි... ඒ කිව්වේ බොරු කියලා දැනුන නිසා... දේව් ට ඒක බොරු කියල හිතුනේ මොකද කියල ඔයාලා බලනවා ඇති... හිතන්න පොඩ්ඩක්... ඇයි එහෙනම් දේව් ට ටිකක් ඉන්න කියල විනාඩි 10 කට පස්සේ ඔය දේ කිව්වේ..? ඇයි ඔය දේ ඒ වෙලාවේම කිව්වේ නැත්තේ..? ඒක හිතල කිව්වා දෙයක් කියන්න ඒ දේම ඇති නේද..?

            දේව්දාස් ට ඒ වෙලාවේ හිතුනා ඇයි මෙච්චර දුරක් ආවේ කියලා... දේව් ලගේ ගෙදර ඉඳං මෙයාලගේ ගෙදරට එන්න ටිකක් නෙමෙයි ඇත්තටම ගොඩක් දුරයි... ඒ ආවෙත් වෙන දෙයකට නෙමෙයි දේව් ගේ අම්මට මෙයාගේ අම්මව හම්බවෙන්න ඕනේ කිව්වා නිසා... ඒත් දේව් ට හිතා ගන්න බැරි ඇයි මෙයා එහෙම දෙයක් කලේ කියලා... මෙයා කලේ බොරුවක් කියන ඒක දේව් හොඳටම දන්නවා... ඒත් මෙච්චර හොඳ යාළුවෙක් වෙලත් ඇයි එහෙම කලේ..?

           හේතු ඇති... ඒත් ඒ හේතු කියන්නේ නැතිව බොරුවක් කියපු එකට දේව් කවදාවත් සමාව දෙන්නේ නෑ... දේව් ට බොරු කියන අය පෙන්න බෑ... කොච්චර හොඳ යාළුවෙක් වුණත් බොරු කිව්වා නම් දේව් එයාව තවත් යාලු කමේ තියා ගන්නේ නෑ...

           දේව් දන්නවා මේ ලිපිය මේ මුරණ්ඩු හිතුවක්කාරිත් බලනවා කියලා... දේව් ට කියන්න ඕනේ වුණු හැම දේම මේකේ කියවිලා නෑ... මොකද මේ ලිපිය ලියන්නේ සැලසුම් කරලා නෙමෙයි... හිතට එන දේ ලියනවා... ඔයාගේ හිත දන්නවා ඔයා කලේ බොරුවක් කියලා... ඒ වගේම ඔය දන්නවා දේව් ට බොරුකාරයෝ පෙන්න බෑ කියලත්... ඉතින් සමාවෙන්න... අදින් පස්සේ ඔයාට දේව් කියල යාළුවෙක් නැති වෙයි... ඒ වගේම ඔයා කියල තියන විදියට හොඳ සහෝදරයෙකුත් නැති වෙයි... මේ ඔයාගේ වැරැද්ද නිසයි... ඉතින් අපි සමුගනිමු... දුක වුණත් මේ අපේ යාලු කමේ අවසානයි...

දේව්දාස්...

Monday, November 21, 2011

දේව්දාස් ගෙන් පුංචි කතාවක්...

            ගොඩාක් කාලෙකට පස්සේ ආයෙත් ආවත් දේව්දාස් ට ඉස්සර වගේ ලියන්න වෙලාව හොයාගන්න අමාරුයි... මේ පාර උසස් පෙළ වුවමනාවක් ඇතුව කරන නිසා ටිකක් මහන්සි වෙනවා ඒ වෙනුවෙන්... ඒ වුණත් ලියන්නේ නැතුව ඉන්නවා කියන එක නම් දේව් ට ටිකක් අමාරු වෙන දෙයක්... මොකද දේව්දාස් මේ බ්ලොගේ එක ලියන්නේ තමන් ලබන අද්දැකීම්, දුක, සතුට වගේ දේවල් බෙදා ගන්නනේ... ඉතින් දේව් ලියන්නේ නැතුව ඉන්න නම් කොහෙවත් නොගිහින්, මොනවත් නොකර එකම තැන ඉන්න වෙයි... මොකද එහෙම උනොත් විතරයිනේ ඔය කිව්ව එකක්වත් අත්දකින්න වෙන්නේ නැත්තේ...

             අද කියන්න යන්නෙත් දේව් අත්දැකපු දෙයක්... මීට දවස්‌ 2 කට කලින් දේව් අම්මත් එක්ක ගියා දේව් ගේ පෙර පාසැල් කාලේ යාලුවෙක්ගෙ ගෙදර... ඇත්තටම කිව්වොත් ඒ ගියේ අවුරුදු 14 න් කියන එක කවුරුවත් විශ්වාස කරන එකක් නෑ... පෙර පාසලෙන් අයින් වුනාට පස්සේ එදායි ආපහු ගියේ...

             අවුරුදු ගානකට පස්සේ වුණත් යාළුවගේ ගෙදර නම් වෙනස් වෙලා නෑ පොඩ්ඩක්වත්... දේව් යාළුවා එක්ක කතා කර කර ඉන්නකොට දැක්කා බිත්තියේ එල්ලලා තියනවා යාළුවගේ පුංචි නංගිගේ පින්තූරයක්... ළමා සාරිය ඇඳන් ඉන්න ඒ පින්තූරේ දැක්කම අවුරුදු ගානකින් දැකල නැති වුණත් නංගි කොච්චර පින්වන්ත පාටද කියල දේව් ට හිතුණා...

             ඒත්... විශ්වාස කරන්න එතකොටම දොරකින් එලියට මතු වුණේ ඒ පින්තූරේ ඉඳපු නංගිම  තමයි... ඒත් ස්වරූපය නම් සම්පූර්ණයෙන්ම වෙනස්... අඟල් වලින් මනින්න පුළුවන් පුංචි සාය කෑල්ලක් ඇඳන් ස්කිනර් එකක් ඇඳන් ආපු ඒ නංගි මද මේ පින්තූරේ ඉන්නේ කියල මම ආයෙත් පින්තූරේ දිහා බැලුවා... ඔව් මේ නංගි ම තමයි... ඒත් අර මුලින් හිතට දැනුණු දේවල් යටපත් කරගෙන පිළිකුලක් වගේ දෙයක් මතු වුණා... ඒත් ඒ ඇයි කියන්න දන්නේ නෑ...

             දේව්දාස් ට කියන්න ඕනේ වුණේ මෙන්න මේ දේයි... අපේ ළමා සාරිය අඳින ඕනෙම ගැහැණු ළමයෙක් හරිම පින් පාටයි... හරිම අහිංසක පාටයි... ඒත් අපේ ගැහැණු ළමයින්ට ඔය ළමා සාරියම දහම් පාසලට වුණත් ඇඳන් එන එක කොච්චර අමාරු වැඩක්ද? ගොඩක් ගැහැණු ළමයි කැමති නෑ ළමා සාරිය අඳින්න... ඊට වඩා හොඳයි එයාලට ගවුම අඳින එක... ඒත් ළමා සාරියෙන් මතු වෙන ඒ චාම් බව, පින්වන්ත බව මතු කරන්න මේ ලෝකේ කිසිම ඇඳුමකට බෑ කියලයි දේව් ට හිතෙන්නේ...

            මේ දේව්දාස් අත්දැකපු පුංචි සිදුවීමක් පමණයි... නමුත් දේව්දාස් හිතනවා මෙතන හිතන්න යමක් තියනවා කියලා... ඒ නිසයි මේ පුංචි සිදුවීම පළ කළේ... ඉතින් සිතීම හෝ සිනාසීම ඔබට භාරයි...

දේව්දාස්...