Friday, October 25, 2019

හරකා, කුකුලා සහ හාල් මැස්සා...


ඔබ හරක් මස් කනවද? එහෙනම් කුකුල් මස්? එහෙනම් හාල්මැස්සෝ කනවද?

ඔන්න මුහුදුබඩ පලාතක එක ගමක ඉන්නවා මිනිස්සු 50 ක්.

මේ ගමේ මිනිස්සුන්ට කන්න දෙන්න දවසට එක හරකෙක් මරන්න වෙනවා. හැමදාම එක හරක ගානේ මේ ගමේ අය මරලා හැමෝම ඒ හරකාගේ මස් කනවා. දවසට එක හරකෙක් හොඳටම ඇති මේ ගමේ අයට.
ඔහොම ඉද්දි මේ ගමේ හිටපු ඔක්කොම හරක් ටික ඉවර වෙනවා මේ මිනිස්සු මස් වලට මරලම.

දැන් ඉතින් කන්න දෙයක් නෑ.

ඒ පාර මිනිස්සු ටික එකතු වෙලා වෙන ගමකින් කුකුල්ලු අරන් ඇවිත් කුකුල් ගොවිපලක් පටන් ගන්නවා.

දැන් ඉතින් මේ මිනිස්සු කන්නේ හරක් මස් නෙමෙයි, කුකුල් මස්. දවසට කුකුල්ලු 10ක් මරන්න වුනා මිනිස්සු 50 දෙනාට කන්න දෙන්න. ඔහොම ඔහොම කාලයක් යද්දී ගමේ හිටපු කුකුල්ලු ටිකත් ඔක්කොම ඉවර වුනා.
ඒ පාර ගමේ මිනිස්සු කල්පනා කරා, අපි හරක්, කුකුල්ලු හැදුවට වැඩක් නෑ, උන් ඉක්මනට බෝවෙන්නේ නෑ. ඒ නිසයි ඉක්මනට ඉවර වෙන්නේ.

ඒ නිසා අපි මුහුදු ගිහින් මාළු අල්ලගෙන කමු කියලා. මුහුදේ ඕනේ තරම් මාළු ඉන්නවා ඉක්මනට බෝවෙනවා ත් එක්ක කියලා.

ඉතින් මෙහෙම හිතලා ගමේ මිනිස්සු මුහුදු ගිහින් මාළු අල්ලන්න පටන් ගත්ත. හැමදාම අහු වුනේ 

හාල්මැස්සෝ. ටික සාමාන්‍යයෙන් හාල්මැස්සෝ විශාල ප්‍රමාණයක් එක පාරට අහු වෙනවා. ඒවා ගෙනත් උයල කනවා.

එක පාරට උයන හට්ටියේ සාමාන්‍යයෙන් හාල්මැස්සෝ 1000ක් විතර ඉන්නවා. මොකද මිනිස්සු 50ක්ම කන්න එපයි.

එක මනුස්සයෙක්ගේ බත් කටකම ඉන්නවා හාල්මැස්සෝ දෙන්නෙක් තුන්දෙනෙක් විතර.

ඔබට තේරෙනවද ගමේ මිනිස්සු 50 දෙනාටම කන්න ඉස්සෙල්ලා මැරුවේ 1 හරකයි. ඒ කියන්නේ දවසට සිද්ද උනේ එක සතෙක් මරණ පව විතරයි.

පස්සේ කුකුල්ලු 10ක් මරන්න වුන මිනිස්සු 50 ටම කන්න දෙන්න. දැන් දවසට සත්තු 10ක් මරණ පව් 10ක් සිද්ද වුනා.

ඊටත් පස්සේ දවසට හාල්මැස්සෝ 1000ක් මරණ පව් 1000ක් සිද්ද වුනා.

ඔබ හිතන්නේ හරක් මස් කද්දී පව්, හරකෙක් මරද්දී පව් කියල නම්, කුකුල්ලු මරද්දී සිද්ද වෙන්නෙත් එකම පව තමයි. හැබැයි එකම අගයේ පව් සිද්ද වෙන වාර ගණන වැඩි වෙනවා. මොකද එක හරකෙක්ගෙන් ගන්න පුළුවන් මස් ප්‍රමාණය ට සමාන වෙන්න කුකුල්ලු 10ක ගේ වත් මස් ඕනේ වෙනවා. එහෙනම් කුකුල්ලු මරද්දී පව් සිද්ද වෙනවා වැඩියි නේද.

හාල්මැස්සෝ මරද්දී ඊටත් වඩා හොඳටම වැඩියි නේද.

එහෙනම් මොකක්ද මේ අපි කියන හරක් මස් කද්දී පව් වැඩියි, කුකුලා අඩුයි, හාල්මැස්සෝ අවුලක් නෑ වගේ කතා.

මේ ඔක්කොම අපි අපිටම කරගන්න බොරු. අපිට මස් කන්න ඕනේ නිසාත්. අපි මස් කණ එක සාධාරණීයකරණය කරගන්න ඕනේ නිසාත් අපි ඔහොම කතා ගොතාගන්නවා.

මේකෙන් කියන්නේ මස් කන්න මාළු කන්න එපා කියලා නෙමෙයි. ඒක තමන්ගේ කැමැත්ත.

ඒත් හරකාගේ ජීවිතේ වටිනාකමයි කුකුලගේ ජීවිතේ වටිනාකමයි හාල්මස්සගේ ජීවිතේ වටිනාකමයි 3ක් නෙමෙයි. එකක්. සතාගේ ප්‍රමාණය අනුව ඒ සතාගේ ජීවිතේ වටිනාකම අඩු වැඩි වෙන්නේ නෑ. හැම ජීවියෙක්ගේම ජීවිතේ වටිනාකම එකයි.

අපි අපේ වාසියට එක අඩු වැඩි කරගන්නවා.

අපි අපිව රවට්ටගත්තට, කර්මය ඒවාට රැවටෙන්නේ නෑ.

ඔබ ඕනේ විදියකට ඔබව රවට්ටගන්න කියල කර්මය පැත්තකට වෙලා බලන් ඉන්නවා, විපාක දෙන දවසට අපිට කරපුව ඔක්කොම තේරෙයි. ඒත් එදාට පරක්කු වැඩියි.

No comments:

Post a Comment