Wednesday, October 23, 2019

බලමු...


කවුරු හරි ප්‍රශ්නයක් ඇහුවොත් ඔබ “බලමු” කියන උත්තරය දීලා නැද්ද?

උදාහරණයක් විදියට, ඔයා අර වැඩේ කරනවා නේද?

බලමු.

මොකක්ද මේ බලමු කියන්නේ. එක්කෝ හා කියන්න ඕනේ එක්කෝ බෑ කියන්න ඕනේ. මොකද මේ බලමු එහාකොට?

බලමු කියන්නේ “බෑ” කියන එකට තවත් සමාන පදයක්.

හැබැයි වෙනසක් නැත්තේම නෑ.

මෙන්න මේකයි වෙනස.

ඔබෙන් කෙනෙක් යමක් ඇහුවොත් ඔබට ඒ ක්‍රියාව කරන්න කැමැත්තක් නම් තියෙන්නේ ඔබ “හා” කියලා ඒ දේ කරනවා.

නමුත් ඔබ ඒ දේ කරන්න කැමති නැත්නම් ඔබ “බෑ” කියනවා. අපෝ නෑ. ඔබ බෑ කියන්නේ නෑ.
ඔබට එච්චර කෙලින් කතා කරන්න තරම් හැකියාවක් නෑ. ඔබ එච්චර ශක්තිමත් නෑ. කොටින්ම ඔබ එච්චර අවංක නෑ.

ඔබ කියන්නේ “බලමු” කියලා.

“බලමු” කියන වචනය ඇතුලේ තියෙන්නේ “බෑ” කියන වචනයට තවත් වචනයක් වුනත්, ඔබ අනිත් කෙනාගේ හිත රිද්දවන්නේ නැති වෙන්න ඒ වෙලාවට ප්‍රශ්නයෙන් පැනලා යන්නයි ඒ “බෑ” කියන වචනය කියන්නේ.
හිතලා බලන්න මේ කියන දේ ඇත්තද බොරුද කියල ඔබේම අත්දැකීම් වලින්.

ඔබ යමක් කරන්න අකැමති නම්, නමුත් අනිත් කෙනාගේ හිත රිද්දන්නේ නැතුව ඒ වෙලාවට ඒ ප්‍රශ්නයෙන් බේරෙන්න ඕනේ නම් ඔබ කියන්නේ බලමු කියල.

ඒ වගේමයි මේකේ අනිත් පැත්තත්. ඔබෙන් කෙනෙක් යමක් කරන්න එපා කියලා ඉල්ලීමක් කරොත්, ඔබ ඒ දේ කරන්නේ නැත්නම් ඔබ “හරි, මම එක කරන්නේ නෑ” කියල කියනවා කෙලින්ම.

ඒත් ඔබේ අදහස ඒ දේ කරන්න නම්, ඔබ ඒ දේ නොකර ඉන්න කැමති නැත්නම්, ඔබ කියන්නේ “බලමු” කියල.

මොකද ඔබ එකක් ඒ අදාළ පුද්ගලයාව රිද්දන්න කැමති නෑ, නමුත් ඇත්තම කතාව ඔබ ඔහුට ඇත්ත කියන්න තරම් කොන්දක් නැති දුර්වල වංක පුද්ගලයෙක් පමණයි.

“බලමු” කියන වචනය ඇතුලේ මේ ඔක්කොම දේවල් හැංගිලා තියෙනවා.

ඇත්ත කතා කරන්න බැරි තරම් දුර්වල, වංක, කොන්දක් පණ නැති මනුස්සයෙක් නම් ඔහුගේ හෝ ඇයගේ ශබ්දකෝෂයේ “බලමු” කියන්නේ නිතරම පාවිච්චි වෙන වචනයක්.

ඔබ “බලමු” කියද්දී ඒකෙන් අදහස් වෙන්නේ මේ දේම නම්, මතක තියාගන්න, ඔබ කෙනෙක්ගෙන් දෙයක් අහල ලැබෙන උත්තරය “බලමු” නම්, ඒකෙන් කියවෙන්නෙත් මේ දේම බව.

ඒ වගේ වෙලාවට ඒ පුද්ගලයා ඒ දේ කරයි කියල බලාපොරොත්තු තියාගන්න එපා.

මොකද “බලමු “කියන්නේ “බෑ” කියන එකට තවත් වචනයක්.

No comments:

Post a Comment