Tuesday, October 22, 2019

අපි ලිංගිකත්වයට 2 පාරටත් කැමති ඇයි..?


ඉතින් කලින් කතා කරා වගේ අපි පසිඳුරන් වලින් ඇතුලට ගන්න හැමදේම ගන්නේ ඇයි කියලා දැන් අපි දන්නවා.

ලස්සන රූපයක් දැක්කොත් ඒකෙන් පිනවෙන්නේ එක ඉන්ද්‍රියක් විතරයි. ඇස කියන ඉන්ද්‍රිය විතරයි.
හැබැයි හිතන්න හොඳ කෑම වේලක් දුන්නොත් ඔබට?

ඇසෙන් දකින රුපය නිසා ඇස පිනවෙනවා, නහයෙන් දැනෙන සුවඳ නිසා නාසය පිනවෙනවා, දිවට දැනෙන රස නිසා දිව පිනවෙනවා.

දැන් ඔබට තේරෙනවද කෑම වේලක් ගද්දි අපි අපේ ඉන්ද්‍රියන් 3ක් පිනවනවා කියලා.

ඒ නිසයි අපි කෑමට පෙරේත.

දැන් හිතන්න ඔබ ලිංගික සතුටක් ලබද්දී මොකද වෙන්නේ කියලා.

රුපය නිසා ඇස පිනවෙනවා.
අනිකාගේ ශරීරගේ ගන්ධය නිසා නාසය පිනවෙනවා.
අනිකාගෙන් නැගෙන කෙඳිරිලි හඬ තදින් හුස්ම ගැනීම් ඇසෙද්දී කන පිනවෙනවා.
ඔහුගේ / ඇයගේ රස මුසු තැන් සොයායද්දී දිව පිනවෙනවා.
ඔහුගේ / ඇයගේ ශරීරයේ ස්පර්ශය නිසා ශරීරය පිනවෙනවා.



ඔබට තේරෙනවද ලිංගික සතුට ලබන විට ඔබ විසින් ඔබගේ ඉන්ද්‍රියන් 5 ම පිනවන බව?

ඔබ දන්නවද මේ ලෝකයේ ඉන්ද්‍රියයන් 5 ම පිනවන ක්‍රියාවන් තියෙන්නේ එකයි ඒ ලිංගික සතුට ලැබීම පමණයි කියලා.

ඔබට තේරෙනවද ඇයි මිනිස්සුන්ට ලිංගික සතුට ලැබීම මෙච්චර වැදගත් කියලා.

මිනිස්සු ලිංගික සතුට වෙනුවෙන් ඕනේ දෙයක් කරන තත්වයට පත් වෙලා ඉන්නේ ඇයි කියලා.

මොකද අපි හැමෝම අපේ සිත් වලට ඕනේ විදියට වැඩ කරන අය.

අපි හැමෝම කැමතියි අපේ පසිඳුරන් පිනවන්න.

ඉතින් එකම මොහොතේ ඉඳුරන් 5 ම පිනවන්න පුළුවන් නම්, ඒකට කවුද අකැමති?

කවුද ඒ දේ අතාරින්න කැමති..?

මේ නිසයි මේ ලිපිය ජනප්‍රියම ලිපි එකතුවේ උඩින්ම තියෙන්නෙත්. මොකද අපි ලිංගිකත්වය කියන වචනය දැක්කමත් නිකන්ම ඒ පැත්තට ඇදෙනවා.

ඉතින් මේ කතා කරේ විද්‍යාත්මක පැත්තනේ.

දර්ශනය අනුව, මිනිසා මේ සංසාරයේ හිර කරගෙන ඉන්න සිතට පුළුවන් වෙලා තියෙන්නෙත් මෙන්න මේ ලිංගික අල්ලස දීලා. මොකද ලිංගික සතුට අපේ ශරීරය ලබද්දී අපිට හිතෙන්නේ නෑ මේ සිත තමන්ගේ පැවැත්මට දෙන අල්ලසක් කියලා. අපිට හිතෙන්නේ අනේ ආයෙත් මේ සතුට ලබන්න තියෙනවා නම් කියල විතරයි.

No comments:

Post a Comment