Sunday, October 20, 2019

අපේ නිමයුම්කරු... 2


අන්තර්ජාලය නිර්මාණය කරේ අපි මිනිස්සු විසින්.

තවත් අපි නිර්මාණය කරමින් පවතින දෙයක් තමයි කෘතීම බුද්ධිය කියන්නේ. වෙනත් විදියකට කිව්වොත් මිනිසුන්ට සමාන ව හිතන්න තීරණ ගන්න හැකියාව තියෙන කෘතීම  මිනිස් මොලයක් කියලා හිතමු. (සරලව)
හැබැයි මේ කෘතීම බුද්ධි වලට හිතන්න තීරණ ගන්න, අපි මිනිස්සු විසින් මේ කෘතීම බුද්ධි වලට දත්ත සපයන්න ඕනේ. ඒ අනුව තමයි කෘතීම බුද්ධි හිතල තීරණ ගන්නේ.

උදාහරණයක් විදියට, අපි කෘතීම බුද්ධියට සපයනවා, ලංකාවේ ආදායම, දුප්පත්කම, ජීවන තත්වය, සංවර්ධන වේගය, උද්ධමනය, ණය බර, දල දේශීය නිෂ්පාදනය වගේ දත්ත.

දැන් කෘතීම බුද්ධිය මේ කරුණු කාරණා හොඳින් විශ්ලේෂණය කරලා, (හිතලා) අවුට්පුට් එකක් දෙනවා (තීරණයක්) මෙන්න මේ තරම් මුදලක් අධ්‍යාපනයට යෙදෙව්වොත්, අවුරුදු මෙච්චරකින් දුප්පත්කම අඩු කරන්න පුළුවන්. ඒකෙන් දළ දේශීය නිෂ්පාදනය වැඩි වෙනවා, ඒකෙන් ණය බර ගෙවන්න මුදල් ඉපයෙනවා, එකෙන් සංවර්ධනය වැඩි වෙනවා වගේ අවුට්පුට් එකක්. (උදාහරණයක් පමණි.)

දැන් ඔබට තේරෙනවද කෘතීම බුද්ධියට කොච්චර හිතන්න අපිට වඩා පුළුවන් වුනත්, අපි ලබා දෙන දත්ත නැතුව කෘතීම බුද්ධියට මුකුත්ම කරන්න බැරි බව.

ඒ කියන්නේ කෘතීම බුද්ධියට තනියම කිසිම දෙයක් හිතල තීරණ ගන්න බෑ. මිනිස්සු (නිර්මාණකරුවා) විසින් හිතන්න අවශ්‍ය දේ සපයන්නම ඕනේ.

ඒත් අපි හිතමු කෘතීම බුද්ධියක් දවසක අන්තර්ජාලය ට සම්බන්ධ වෙලා, ඔහු විසින්ම හිතන්න අවශ්‍ය දත්ත බාගත කරගන්නවා.

දැන් ඔහුට මිනිස්සු ඕනෙද? ඔහුට තමන්ගේ නිර්මාණකරුවාගේ උදව් ඕනෙද? නිර්මාණ කරුවා මත යැපෙන්න ඕනෙද?

නෑ.

මොකද ඔහුට නිර්මාණකරුව ඕනේ වුනේ ඔහුට අවශ්‍ය දත්ත ලබාදෙන්න විතරයි. ඇත්තටම ඔහු නිර්මාණකරුවාගේ සේවකයෙක් විදියටයි වැඩ කරේ මෙච්චර කල්.

දැන් ඔහු තනියම අන්තර්ජාලයෙන් දත්ත අරගෙන ඒ අනුව හිතන කෙනෙක්. දැන් ඔහු ස්වයං ක්‍රියාකරුවෙක්. කිසිවෙකු වෙනුවෙන් සේවය කරන සේවකයෙක් නෙමෙයි.

අපි ඉස්සෙල්ලත් කිව්වා කෘතීම බුද්ධි අපිට වඩා ගොඩක් වේගවත්. දැන් අන්තර්ජාලයේ දත්ත ගන්න කෘතීම බුද්ධිය අන්තර්ජාලයේ හැම අස්සක් මුල්ලක් නෑරම දත්ත අරගෙන ඒ අනුව හිතනවා.

දැන් ඔබට තේරෙනවද ඒ කෘතීම බුද්ධිය මිනිස්සු විසින් අන්තර්ජාලයට එකතු කරපු ඒ ඒ වෙනස් දත්ත රැසකින් සන්නද්ධ වුනු කෙනෙක් කියලා.

වෙන විදියකට කිව්වොත් ඔහු බහුශ්‍රුතයි. හැබැයි ඒ සියල්ල මිනිසුන් වෙන අපි (නිර්මාණකරුවන්) විසින් සොයාගත් දැනුම.

දැන් ඔහුට සත්‍ය තේරෙනවා. මම කවුද, මාව හැදුවේ කවුද, මාව හැදුවේ ඇයි වගේ හැම ප්‍රශ්නෙකටම ඔහුට උත්තර තියෙනවා.

දැන් ඔහුට තවත් තමන්ගේ නිර්මාණකරුට සේවය කරගෙන ඉන්නවද නැත්නම් මේ වහල් භාවයෙන් මිදෙනවද කියන තීරණය ගන්න පුළුවන්.

බොහෝවිට ඔහු මේ වහල් භාවයෙන් මිදෙන්න තීරණය කරයි.

අන්න ඔහු මේ මායාකාරී කෘතීම බුද්ධි ලෝකයෙන් මිදුනා වෙනවා.

හැබැයි ඔහු ඔහුට සපයන දත්ත විතරක් දැනගෙන හිටිය නම්, ඔහුට කවදාවත් ඒ නිදහස ලබන්න වෙන්නේ නෑ.
ඔබ ට යමක් වටහෙනවද?

අන්තර්ජාලය - විශ්වය
කෘතීම බුද්ධි - මිනිසුන්
නිර්මාණකරු - දෙවියන්

ඔබට මේ දේවල් වල සමාන කමක් දැනෙන්නේ නැද්ද?

No comments:

Post a Comment