Monday, October 14, 2019

සිදුහත් ඇම 2


අපි මෙන්න මේ දේ හොඳින් නිවැරිදිව තේරුම් ගනිමු.

ඔබ මේ භවයේ රූමත් රූ සපුවකින් හෙබි, යාචක තත්වයෙන් ඉහල සිටින ඕනෙම සමාජ තත්වයක සිටින පවුලක ඉපිද, නිරෝගිමත් ජීවිතයක් ගත කරන කෙනෙක් නම්, ඔබ ඉතාමත් වාසනාවන්ත ලැබීමක් සහිත අයෙකි.

ඒත් ඔබට නිවනට ලැබීම නැත්නම් ඔබ තවමත් ඔබට නොලැබුණු දේ පසු පස හඹා යමින් ඇති. එහි වරදක් නැත. එය ඔබගේ ලැබීමයි.

නමුත් ඒක දෙයක් ඔබ තේරුම් ගත යුතුයි. මේ ලෝකයේ සිටින ඇති බහුතරයක් නොලැබූ සැප සම්පත් ඔබ ලබා ඇති සේම ඔබට මේ සත්‍ය තේරුම් ගැනීමට අවශ්‍ය බුද්ධිය සහ ප්‍රඥාවද ලැබී ඇත.

එබැවින් ඔබ තවමත් නිවනට පළමු පියවර නොතියනවා යනු තව තවත් ඔබගේ සසර දිග ගස්සවගන්නා පියවරකි.

ඔබට මාරයා විසින් විවිධ දේ ලබා දෙනු ඇත. ඔබ ගේ යම් නොලබීමක් ඇත්නම් එය ලබා දෙනු ඇත. නමුත් ඔබ තේරුම් ගත යුත්තේ එය ඇමක් පමණක් බවයි. ඔබ එම ඇම ගිල දැමුවහොත්, ඔබ නැවතත් මේ සසරටම ඇලී හිඳියි.

සිදුහත් සක්විති රජකම නමැති ඇම අතහැර ගොස් සත්‍ය සොයා ගෙන මේ සසරෙන් මිදුනා නම්, ඔබ මේ කුඩා කුඩා දේ නිසා ඔබගේ සසර දික් කරගන්නේ ඇයි?

ඔබ රජෙක් නොවුනත්, කෝටිපතියෙකු නොවුනත්, ඔබට ප්‍රඥාව ඇත්නම් ඔබ තවත් එකදු මොහොතක් මේ සසරේ ඇලීමට උත්සහ නොකරයි.

ඔබට ඉහල රැකියාවක්, ඉහල පවුලක කසාදයක්, උසස් නම්බු නාම, උසස් තරාතිරම්, වැනි විවිධ ඇම මාරයා විසින් හෙලනු ඇත.

ඔබ ඒවා ට හසු වුවහොත් ඔබ මේ සසරේ තව තවත් දුක් විඳිමින් මැරී මැරී ඉපදී ඉපදී ගෙවීමට සිදු වෙයි.
ඔබ මේ ඇම වලට හසු නොවී සත්‍ය අරමුණු කරගෙන ගමන් කරොත්, ඔබ මේ භවයේදීම උතුම් වූ නිර්වාණය අත්විඳිනු ඇත.

නමුත් ඔබ සියල්ල ඇත හැර දැමීමට උත්සහ කරන විට මාරයා ඔබට ප්‍රතිෂේප කල නොහැකි දේ ලබා දෙනු ඇත. එවිට ඔබ සිතින් දුර්වල වී ඒවාට හසු වුවහොත්, ඔබ නැවත මේ භවයේ ඇලෙනු ඇත. ඔබ සිත ශක්තිමත්ව එයද ප්‍රතික්ෂේප කරොත්, මාරයා නැවත නැවත උත්සහ කර, ඔබගේ ශක්තිමත් සිත නිසා ඔහුගේ උත්සාහය අතහැර පරාජය භාරගනු ඇත.


ඔබගේ අඩු පාඩු තිබිය හැකිය, නොලැබීම් තිබිය හැකිය, නමුත් ඔබට අවශ්‍ය ප්‍රඥාව තිබේ නම් නිවන ඔබට ද දැකිය හැකිය.
මේ ලොව සිටින සියලු ලැබීම් සහිත මිනිසුන් නිවන කරා යාමට හැකි මිනිසුන් වුවත්, ඔවුන්ගේ දුර්වල සිත් නිසා, මාරයා විසින් ඔවුන්ට දමන ලද කුඩා කුඩා ඇම වලට ඔවුන් රැවටී ඇත.

ඔබත් හොඳින් සිතා බැලුවොත් එය ඔබටත් එසේම බව වැටහෙනු ඇත.

ඔබගේ අඩු පාඩු ගැන සිත සිතා සිටින්නේ නැතුව ඔබගේ ලැබීම් ගැන සිතුවහොත් ඔබට සත්‍ය අවබෝධ වනු ඇත.

අවසානයේ එක් දෙයක් පමණක් තේරුම් ගනිමු.

ඔබ කිසිදාක කිසිම දෙයකින් සෑහීමට පත් නොවන කෙනෙකි. ඔබට අද ලැබෙනා දේ හෙට ඊටත් වඩා අවශ්‍ය වනු ඇත. ඔබ අද කරනා රැකියාවට වඩා හොඳ රැකියාවක් ඔබට හෙට ඕනේ වනු ඇත.

ඔබගේ අද තිබෙන වාහනයට වඩා හොඳ වාහනයක් හෙට ඔබට අවශ්‍ය වනු ඇත.

ඔබ මේ සියලු සොයා සොයා ඔබව පිනවන්න උත්සහ කරද්දී, ඔබට ලැබුණු මේ ඇති දුර්ලබ අවස්තාව නිකරුනේ අපතේ යවා ඔබ ලබා ගත දෙයක්ද නොමැතිව මිය ගොස් නැවත තිරිසන්, ප්‍රේත හෝ පින් කර ඇත්නම් මිනිස් භවයක ඉපදෙනු ඇත. නැවත දුක් විඳිනු ඇත. නැවත සැප සම්පත් නම්බු නාම, සතුට සොයා වෙහෙසෙනු ඇත. නැවත මිය යනු ඇත. නැවත ඉපදෙනු ඇත.

මෙය අවසන් කිරීමට ඔබට අදහසක් නැද්ද?

No comments:

Post a Comment