Tuesday, October 29, 2019

ආදරයේ පරිණාමය...2


අපි කලින් කතා කරා ඇත්තටම ආදරෙයි නම් අල්ලගන්න නෙමෙයි අතාරින්නයි යුතු කියලා.

ඒත් මේ දේ සිද්ධ වෙන්නේ නැත්තේ ඇයි?

මොකද දැන් අපි ආදරය කියන දේ පටලවාගෙන ඉවරයි.

අපි ඇත්තටම ආදරය කියල දෙයක් දන්නෙම නැති තරම්.

කෙනෙක් ආදරය කරනවා කියල ලිංගිකත්වය හොයනවා, තවත් කෙනෙක් ආදරය කරනවා කියලා සල්ලි හොයනවා, තවත් කෙනෙක් වාසි හොයනවා. අපි ඔක්කොම හොයනවා, ඒ අතරේ ආදරය කියන එක අපිට තේරෙන්නෙම නැතුව අපෙන් ඈත් වෙලා.

ඔන්න ගැහැණු ලමයෙකුයි පිරිමි ලමයෙකුයි හිටියා. මේ දෙන්න ඇත්තටම ආදරේ කරගෙන හිටියා. ඒත් ගැහැණු ළමයට අර පිරිමි ළමයා ගෙන් පොඩි පොඩි අඩු පාඩු සිද්ධ වුනා. ඉතින් ඒ ගැහැණු ළමයා ඒ පොඩි පොඩි දේවල් වෙනත් විදි වලින් හෙව්වා. වෙනත් පිරිමි ළමයි ගැන උනන්දු වෙන්න පටන් ගත්තා. ඔන්න ඉතින් ප්‍රශ්න ඇති වුනා. මේ ප්‍රශ්න කතා කරලා විසඳගන්න උත්සහ කරද්දී මේ ගැහැණු ළමය කරේම තමන් හරි කියන දේ තමන්ම තමන්ට කියාගෙන ප්‍රශ්නේ කතා කරන හැමවෙලාවකම තමන්වම සුද්ද කරගැනීම. ඇයප්‍රශ්න කතා කරලා විසඳගන්න කැමති කෙනෙක් නෙමෙයි. මොකද ඇය දන්නවා ඇය කරේ වැරද්දක් කියලා. ඒත් ඇය කැමති නෑ ඒ බව පිළිගන්න. ඉතින් ඇය සමහර වෙලාවට පුංචි ප්‍රශ්නේ ලොකු ප්‍රශ්නයක් කරනවා අර ප්‍රශ්නේ ලිහා ගෙන ලිහාගෙන ඇවිත් අන්තිමට ඇත්ත එලියට එන නිසා.

පිරිමි ළමයත් ඉතින් උත්සහ කරනවා සත්භාවයෙන් මේ ප්‍රශ්නේ කතා කරලා විසඳගන්න. ඒත් ගැහැණු ළමය එක්ක බෑ. දැන් පිරිමි ළමයට ගැහැණු ළමය ගැන ඇති වෙන්නේ තරහක්. මේ ගෑනි එක්ක ප්‍රශ්න කතා කරන්න බෑ. ප්‍රශ්න ඇති කරන්නෙත් මේ ගැනීමයි, කතා කරලා විසගන්න හදද්දී ඒකට කිසිම ඕනෙකමක් නැත්තෙහ් මේ ගෑනිට මයි කියල හිතෙනවා.

දැන් ආදරයේ නියමය විදියට, පිරිමි ළමය තේරුම් ගන්න ඕනේ, මේ කෙල්ල මෙහෙම කරන්නේ මගේ අඩු පාඩු නිසා. එහෙනම් මම මේ කෙල්ල එක්ක ඉන්න එකේ තේරුම මොකද. මේ කෙල්ල මෙහෙම හැසිරෙන්නේ ඒ නිසානේ. එහෙනම් මම කරන්න ඕනේ මේ කෙල්ලගෙන් අයින් වෙන එක කියල හිතන්න ඕනේ.

ඒත් ඇත්තටම එහෙම හිතෙනවද?

නෑ. හිතෙන්නේ මෙහෙමයි.

මේ ගෑනිත් එක්ක මෙහෙම නම් ජීවිත කාලෙම ගෙවන්න බෑ. මේ වගේ උන්ව කොහොමද විශ්වාස කරන්නේ. වෙන උන් එක්ක ඇයි හොඳයි තියාගන්නවා මදිවට මට බොරුත් කරනවා. මුන් වගේ එවුන් බැන්දොත් වෙන්නේ මම නැති අතරේ වෙන එවුන් ගෙදරට ගෙන්න ගන්න එක. අපෝ මේ වගේ ගෑනියෙක් නම් මට එපා.
දැන් මෙතැනදී යතාර්ථය තේරුම් ගත්තත්, කල යුතු දේ නෙමෙයි ඔහු කරන්නේ. ඔහු හිතනවා, දැන් මේ කෙල්ලා ගැන මට ආදරයක් නැති එකේ මේ කෙල්ලව මම පාවිච්චි කරාම මොකද කියලා.

ඔන්න පටන් ගත්ත ලිංගිකත්වය. දැන් ප්‍රශ්න කොච්චර ආවත්, මොන තරම් දේවල් සිද්ධ වුනත් අර කොල්ලා එච්චර හිතන්නේ නෑ. මොකද දන්නවා මේ කෙල්ලා ගේ හැටි මෙහෙමයි කියලා. මට වැඩක් නෑ මේ වගේ එවුන් හදන්න. මට මේ වගේ එවුන් බඳින්න ඕනෙත් නෑ. මේ ආතල් එක පුළුවන් කාලයක් ගන්නවා කියල හිතාගෙන කොල්ල කෙල්ල ව හොඳට පාවිච්චි කරනවා.

කෙල්ලත් ඉතින් කැමැත්තෙන් ඉන්නවා. මොකද එකක් දැන් ප්‍රශ්න කතා කරන්නේ නෑ, බැනගන්නේ නෑ. ඒක කොච්චර හිතට නිදහසක් ද. අනිත් එක කෙල්ලොන්ටත් හැගීම් නැතුව නෙමෙයිනේ. ඉතින් ලිංගිකත්වය ට ඒ අයත් කැමතියි. ඉතින් දැන් දෙගොල්ලොම එකම අරමුණක ඉන්නවා.

හැබැයි වෙනස, කොල්ල දැනටමත් හිතින් කෙල්ලව අත ඇරලා ඉවරයි. කෙල්ලව තියාගෙන ඉන්නේ පාවිච්චියට විතරයි.

ඒත් කෙල්ල හිතින් හිතාගෙන ඉන්නවා මේ කොල්ල මාව කවද හරි බඳියි නේ ඉතින් අපි මෙහෙම හැසිරුනාට මොකද කියලා.

ඉතින් මෙහෙම කාලයක් ගිහින් කොල්ලා තමන්ගේ හිත පිරෙන්න අර කෙල්ලව පාවිච්චි කරාට පස්සේ නිකන්ම අත ඇරලා දානවා. හේතු නම් ඕනේ තරම් තියෙයිනේ කියන්න. මොකද කෙල්ලගේ අතින් සිද්ද වෙන හැම කොල්ල අකමැති දේයක්ම කොල්ල වෙනම අරන් තියාගෙන ඉන්නවා පස්සේ අවශ්‍ය වෙලාවට ප්‍රයෝජනෙට ගන්න. ඒවා කතා කරලා විසඳගන්න පුළුවන් ඒවා තමයි. ඒත් එකට කෙල්ල කොහොමත් සුදානම් නෑ, කොල්ලටත් දැන් එහෙම ඕනේ නෑ. අන්න ඒවා කෙල්ලව අතාරින්න හොඳ කරුණු. එකක් තෝරාගෙන කෙල්ලගේ මූණට දමල ගහලා අයින් වෙලා යනවා. මොකද එහෙම යන්නේ දැන් කොල්ලට වෙන කෙල්ලෙක් ඉන්න නිසයි. කවදාවත් මේ කන කෑම එක ඇත ඇරලා බඩගින්නේ ඉන්නේ නෑ කොල්ලෝ. වෙන කෑම එකක් හම්බෙනකන් කලින් කෑම එක ටික ටික කනවා ඇති වෙනකන්.

අනේ ඉතින් අසරණ කෙල්ල හිතාගෙන හිටියේ මේ හැමදේම මාව බඳින කොල්ලට එදා දුන්නේ කියල. දැන් ඉතින් කෙල්ලට කරන්න දෙයක් නෑ. කොළ ගිහින් ඉවරයි. දැන් ඉතින් කෙල්ලත් බඩගින්න කියන එක අඳුනනවා. ඉතින් කෙල්ලත් කෑම හොයනවා.

දැන් මේ දෙගොල්ලොම මේ හොයන්නේ ආදරය ද?

මේ දෙගොල්ලොම මේ අත් වින්දේ ආදරයද?

ඒකට කියන්නේ ලිංගිකත්වය කියලා.

ආදරය තියෙන තාක් කල් රණ්ඩු, බැනුම්, හිහ රිදීම් තියේවි. හැබැයි එක මොහොතක් එනවා ඒ හැම දේකම සීමාව ඉක්මවා යන. අන්න එතැන් ඉඳන් ආදරය කියන දේ (ඇත හැරීම) ලිංගිකත්වය (බදාගනීම) බවට මාරු වෙනවා.

මේ ලෝකේ සැබෑ පෙම්වතුන් කවදාවත් එක්වෙලා නෑ. මොකද ඔවුන් ඇත්තටම අනෙකාව ඇත හැරියේ ආදරය නිසා.

එක් වුනු අය සැබෑ පෙම්වතුන් නෙමෙයි. මොකද ඔවුන් තමන්ගේ වාසියට බදාගෙන ඉන්න නිසා.

No comments:

Post a Comment