Tuesday, October 22, 2019

අපි ලිංගිකත්වයට මෙච්චර කැමති ඇයි..?


ඔබ ලිංගිකත්වයට කැමති නෑ කියල කියනවා නම්, ඔබ වගේ තමන්ටම බොරු කරගන්න බොරුකාරයෙක් ට මේ වගේ ලිපියක් ගැලපෙන්නේ නෑ.

ඔබ මම අපි හැමෝම ලිංගිකත්වයට කැමතියි.

ඇත්තම කිව්වොත් අපි අපේ ජීවිතයේ වැඩියෙන්ම කැමති ලිංගිකත්වයට.

අනිත් හැමදේකටම කැමති ඊට වඩා අඩුවෙන්.

එහෙම වෙන්න හේතුවක් තියෙනවා. අපි ඒ හේතුව මොකක්ද කියල විද්‍යාත්මකව  තේරුම් ගමු.

මිනිස්සු තමන්ව පිනවන ක්‍රම 5ක් තියෙනවා. අපි මේවට පංචෙන්ද්‍රිය කියලා කියනවා. මේ පංචෙන්ද්‍රිය විද්‍යාව වගේම දර්ශනයත් කතා කරන මාතෘකාවක්. ඒ නිසා මේ ලිපිය ආගම් කෝණයෙන් වත් විද්‍යා කෝණයෙන් වත් විතරක් බලන්න එපා.

පංචේන්ද්‍රියන් තමයි ඇස, කන, නාසය, දිව සහ ශරීරය.

මේ පංචේන්ද්‍රියන් ගෙන් අපි ලබා ගන්නා දේවල් තියෙනවා 5ක්.

ඇස - රූප
කන - ශබ්ධ
නාසය - ගන්ධය
දිව - රසය
ශරීරය - ස්පර්ශය

දැන් මේ අපි ලබාගන්නා රූප, ශබ්ධ, ගන්ධ, රසය සහ ස්පර්ශය කියන 5 ඇත්තටම අපි ගන්නේ මොකටද?
මෙන්න මේ දේ හොඳින් තේරුම් ගමු.

අපි රූපයක් දකිද්දී, මෙතන සිද්ද වෙනවා ලොකු ක්‍රියාවලියක්.



අපි දකින රූපය ඇත්තටම දකින්නේ ඇස විසින්. ඇස මේ රුපය දකින්න පොළඹවන්නේ සිත විසින්.
තේරෙන්නේ නැද්ද. හරි තවැහැ සරල කරමු.

සිත කියන්නේ අතපය නැති, හැඩයක් නැති, ඔලුවේද, බඩේ ද කොහෙද තියෙන්නේ කියල දන්නේ නැති අමුතුම දෙයක් නේ. මේ හිත හැමතිස්සෙම බලනවා එයා ආස දේවල් කරන්න. ඒත් එයාට ඒ කිසිම දෙයක් කරන්න විදියක් නෑ. මොකද එයාට අතපය ඇස කන් මුකුත් නෑ. එයා නිකන්ම නිකන් නිකමෙක් විතරයි.
එහෙමයි කියල හිත පැරදිලා නිකන් ඉන්නේ නෑ.

ඔබට අතපය ඇස කන් තියෙනවනේ. ඉතින් හිත කරන්නේ ඔබේ අතපය ඇස කන් එයාට ඕනේ දේවල් ලබා ගන්න හසුරවනවා. වෙන විදියකට කිව්වොත් ඔබේ පංචෙන්ද්‍රිය ම හසුරවන්නේ ඔබ නෙමෙයි ඔබේ සිතයි.
ඉතින් සිත හරි කැමතියි ලස්සන රූප දකින්න. ඉතින් එයා ඇස ට කියලා තියෙන්නේ රූප දිහා බලපන් කියලා. ඇස ඉතින් ලස්සනද නැද්ද දන්නේ නෑ. එයා අඳුනන්නේ රූප විතරයි. එයා බලලා සිතට යවනවා ෆොටෝ එක මෙන්න මම දැකපු රූපේ කියලා. සිත ඊට පස්සේ දෙපැත්තට බෙදනවා, ලස්සන රූප ලස්සන නැති රූප කියලා.
වෙන විදියකට කිව්වොත් කැමති රූප, අකැමති රූප කියල කොටස් දෙකකට.

ලස්සන රූප වලට කැමති නිසා සිත ඇසට යවනවා රිප්ලයි එක ලස්සන රූපේ දිහා තව බලල ෆොටෝ එවපන් කියලා. අන්න ඒකට අපි කියනවා ඇලීම කියලා.

ලස්සන නැති රූප වලට අකැමති  නිසා සිත ඇසට රිප්ලයි කරනවා, ඊයා ඕක මහා කැතයි ඕක දිහා නම් තවත් බලන්න එපා කියලා. එකට අපි කියනවා ගැටීම කියලා.

ඉතින් ඔබට දැන් තේරෙනවද ඔබ දකින දේට කම්හි වෙන්නෙත් අකැමති වෙන්නෙත් ඔබ නෙමෙයි සිතයි කියලා.

ඒ නිසානේ මීට කාලෙකට කලින් පණ අරගෙන කැමති වුනු අයගේ රූපේ දැන් දැක්කම එපා වෙලා ඉන්නේ.
රූපේ එකයි. අපේ සිත එක ගත්තු හැටි වෙනස් හැබැයි.

මෙතනට එනකන් තේරුණා නම්, ඉතුරු ටික හරි ලේසියි.

මේ විදියට අපි දකින රූප, දැනෙන සුවඳ ගඳ, රස, මිහිරි ශබ්ද වගේ හැමදේම අපි ලබා ගන්නේ සිතට ඕනේ නිසා. ඒවා හොඳ නම් සිත බල කරනවා තව තව ඒවගේම ඇලෙන්න, හොඳ නැත්නම් ඒවගෙන් ඈත් වෙන්නත්.

ලිපිය ගොඩක් දික් වුනු නිසා ඉතුරු ටික වෙනම ලිපියකින් දාන්නම්.

එතකන් හොඳින් මතක තියාගන්න, අපි පසිඳුරන් වලින් ඇතුලට ගන්න හැමදේම අපි ගන්නේ අපිට ඕනේ නිසා නෙමෙයි, සිතට ඕනේ නිසා කියලා. සිත ඔහුව සතුටු වෙන විදියටයි හැමදේම කරන්නේ. එකේදී “ඔබ” අමාරුවේ වැටෙනවද නැද්ද කියන එක සිතට අදාළ නෑ. ඔහු බලන්නේ ඔහුගේ සැප විතරයි.

No comments:

Post a Comment