Thursday, October 3, 2019

සිව් වෙනි මානය 1


අපි කලින් ලිපියක ද්විමාන සහ ත්‍රිමාණ ගැන කතා කර නිසා ඒ හා සම්බන්ධ තවත් ලිපියක් ලියන්න හිතුනා.
මේ ලිපියේ කරුණු තේරුම් ගන්න නම් හොඳින් මනස එක තැනක තියාගෙන මේ ලිපිය කියවන ගමන් ම ඒ කරුණු අවබෝධ කරගන්න උත්සහ කරන්න.



ඔබට මේ පින්තූරයේ පේනවා ඇති අපි කලින් හඳුන්වලා දුන්නු “පැතලි වැසියෙක්” ඉන්නවා ඔහුගේ කාමරයේ.
ඔහුගේ කාමරය පැතලි ද්‍රව්‍ය වලින් පිරිලා. මේ අළු පාටින් තියෙන්නේ ඒ පැතලි ද්‍රව්‍ය.

දැන් මේ පැතලි වැසියා ඉන්න කාමරයේ වර්ග ඵලය ට වඩා එක දශමයක් වත් මේ පැතලි ද්‍රව්‍ය වලට ඉඩක් අරගන්න බෑ. මොකද පැතලි ලෝකයේ “උඩ" කියලා මානයක් නැති නිසා.

නිකන් හිතන්න පැතිලි වැසියෙක් ඉන්නවා ඔබේ මෙසේ උඩ. දැන් ඔබගේ මේසය උඩ කඩදාසි විසිරුවල දැම්මොත් පැතලි වැසියාට තමන්ගේ ස්ථානය පැතලි ද්‍රව්‍ය වලින් පිරිලා කියලයි තේරෙන්නේ. මොකද කඩදාසි කියන්නේ පැතලි වැසියාට තමන්ගේ මානයට අනුව ද්‍රව්‍යයක්. මුළු මේසයම වැහෙන්න කඩදාසි 20ක් විසිරුවල දැම්මොත් පැතලි වැසියාට තමන් ඉන්න තැන ඉඩ නෑ කියලයි තේරෙන්නේ.

මෙතෙන්ට එනකන් තේරුනා නම්, ඊලඟ පියවර තේරුම් ගන්න අමාරු වෙන්නේ නෑ.

දැන් ඔබ ත්‍රිමාණ වැසියෙක්. ඔබට “උඩ “කියලා මානයක් තියෙනවා. ඔබට පුළුවන් මේ කඩදාසි ඔක්කොම එකට එකතු කරලා එකක් උඩ එකක් තියලා කඩදාසි මිටියක් හදලා මේසය උඩ එක තැනකින් තියන්න.
දැන් ඔබ කරේ, ද්විමානයේ විසිරා තිබුණු කඩදාසි එකතු කරලා ත්‍රිමාණයේ තිබ්බ  එක විතරයි.



හැබැයි අපේ පැතලි වැසියාට මේක හිතාගන්න බෑ. දැන් පැතලි වැසියාට පෙන්නේ එක කඩදාසියක් විතරයි. ඒ පෙන්නේ ඔබ ගොඩ ගහපු කඩදාසි මිටියේ යටම කඩදාසිය නිසා. අනිත් කඩදාසි වලට මොකද වුනේ කියලා ඔහුට හිතාගන්න බෑ.

ඔහු හොඳටම දැක්කා කාමරේ පිරිලා තියෙනවා. ඊට පස්සේ එක පාරට ඒ කඩදාසි නොපෙනී ගියා. ආයෙත් එක පාරට එක කඩදාසියක් විතරක් මෙන්න තියෙනවා මේසය උඩ.

මෙහෙම වෙන්නේ පැතලි වැසියාට අපි ඉන්න තුන් වන මානය ගැන කිසිම අදහසක් නැති නිසයි. ඔහු “උඩ “කියල මානයක් දන්නේ නැති නිසා කඩදාසි ටික මේසයෙන් “උඩ”ට අරන් එක ගොඩක් ගහල දැන් මේසය උඩම එකක් “උඩ” එකක් තියෙන බව ඔහුට තේරුම් ගන්නත් බෑ, පේන්නෙත් නෑ.

දැන් ඔහුට හරි ප්‍රශ්නයක් කෝ අනිත් කඩදාසි ටික, මොකක්ද ඒවාට වුනේ කියලා. හැබැයි එකට උත්තරය ඔහුට කවදාවත් ලැබෙන්නේ නම් නෑ. ඔබම කොය් වෙලාවට හරි එක උඩ එක ගහපු කොලයක් අරන් මේසය උඩට දැම්මොත් ඇරෙන්න.

එහෙම දැම්ම කියලා හිතමු. දැන් පැතලි වැසියාට පෙන්නේ එක පාරට මතු වුනු කඩදාසියක්. ඒක නිකන් මැජික් එකක් වගේ ඔහුට.

ඔබට මේ කතාව වැටහෙනවා නම්, මෙහෙම හිතන්න.

අපි ඉන්නේ ත්‍රිමාණයේ. අපි තාම දන්නේ නෑ සිව් වෙනි මානය මොකක්ද කියලා. අපේ කාමරේ පිරෙන්න පිරෙන්න පුළුවන් ත්‍රිමාණ ද්‍රව්‍ය වලින්.

ඔන්න ඔබගේ කාමරය ත්‍රිමාණ ද්‍රව්‍ය වලින් පිරිලා තියෙද්දී ඔබ දිහා බලන් ඉඳපු සිව් වෙනි මානයේ ජීවියෙක් ඔබ ගැන අනුකම්පා කරලා, පව් මේ පොඩි එකාට උදව්වක් කරන්න ඕනේ කියල හිතලා, ඔබගේ කාමරේ පිරිච්ච ත්‍රිමාණ ද්‍රව්‍ය (අපි හිතමු පෙට්ටි කියලා) ටික ඔහුගේ සිව් වෙනි මානයට අරන් ඒවා සිව් වෙනි මානයේ පිළිවෙලට අඩුක කරනවා. මම දන්නේ නෑ එකට කියන්නේ කොහොමද කියලා. එක උඩ එක ගහනවා කියන්න බෑ, මොකද උඩ කියන්නේ අපේ ත්‍රිමාණයේ දෙයක්. ඉතින් සිව් වෙනි මානයේ තියෙන්නේ මොකක්ද නොදන්නා නිසා හරියටම කියන්න බෑ කොහොමද අඩුක කරන්නේ කියලා.

හැබැයි එකක් කියන්න පුළුවන්, එහෙම ඔහු අපිට උදව් කරන්න ඔබගේ කාමරය පිරිලා තියෙන පෙට්ටි ටික සිව් වෙනි මානයට අරන් අඩුක කරද්දී ඔබට එය පේන්නෙත් පැතලි වැසියාට කඩදාසි ටිකට අතුරුදහන් වුනා කියල පෙනුන වගේම තමයි.

ඔබටත් පෙනෙයි ඔබගේ කාමරයේ තියෙන පෙට්ටි එක පාරට අතුරුදහන් වෙනවා. මොකද ඔබට සිව් වෙනි මානය පෙන්නේ නෑ. නමුත් ඒ පෙට්ටි ඇත්තටම සිව් වෙනි මානයේ බොහොම පරිස්සමට අඩුක කරලා තියෙනවා.

පිස්සු වගේ නේද.

අන්න ඒ නිසයි බුදුහාමුදුරුවෝ කිව්වේ ඒ ගැන හිතන්න යන්න එපා කියලා. ඒ ඇයි කියලා අපි වෙනම ලිපියකින් කතා කරමු.

No comments:

Post a Comment