Monday, October 7, 2019

මොළයේ 100% වැඩ ගැනීම


විද්‍යාව නවතම සොයාගැනීමක් කරලා තියෙනවා අපි මොලෙන් වැඩ ගන්නේ 3% විතරයි කියලා. වෙන විදියකට කිව්වොත් අපි මොලේ 97% ප්‍රයෝජනයට ගන්නේ නෑ කියලා.
නෑ. මේක බොරුවක්.

විද්යාවෙන්ම මීට විරුද්ධව මත ඉදිරිපත් වෙනවා.

අපි මේ කතාව තේරුම් ගමු.

සියලුම මිනිස්සු බුද්ධිමත් ජීවින් විදියට තමන්ගේ මොළයෙන් 100% වැඩ ගන්නවා. ඒක සනාතන ධර්මයක්.
එතකොට මොකක්ද මේ කතාව. ආයෙත් අපි මේ කියන්න හදන්නේ විද්‍යාවට කවදාවත් සංකල්පමය වශයෙන් (මානයන් වගේ) ඔප්පු කරන්න බැරි නමුත් අපි දැනටමත් දන්නා දෙයක් ගැනයි.

එකින් එක බලමු.

මිනිස්සු මොලෙන් 100% වැඩ ගන්නවා - සත්‍ය

ප්‍රශ්නේ තියෙන්නේ මිනිස්සු ඒ මොලේ පාවිච්චි කරන්නේ මොනවා වෙනුවෙන්ද කියන එකයි.

අපි හැමෝම දන්නවා මිනිස්සු න්ගේ මොළෙත් හරියට පරිඝණකයක RAM එක වගේ. උපරිමයක් තියෙනවා. අපි හිතමු මිනිස් මොලේ උපරිමය 100P කියලා (ඒකකයක් කියන්න දන්නේ නෑ MB, GB වගේ ඒ නිසා P කියලා ඒකකයක් හැදුවා. P - process), දැන් මේ 100 බෙදිලා යන්නේ කොහොමද?

අන්න එතනයි ප්‍රශ්නේ.

පරිඝනකයේ ඔබ සින්දු අහන්න මිඩියා ප්ලේයර් එකයි, ඉන්ටනෙට් යන්න බ්‍රවුසර් එකයි, වින්ඩෝස් ෆෝල්ඩර් ටිකකුයි ඕපන් කරන ඉන්නවා නම්, ඔබේ පරිඝනකයේ RAM එක මේ එක් එක් දේ වෙනුවෙන් තමන්ගේ කොටසක් බෙදල වෙන් කරනවා. (පහසුවට 100 MB RAM එකක් කියල සලකමු.)


අපි හිතමු
මිඩියා ප්ලේයර් - 25 MB
වින්ඩෝස් ෆෝල්ඩර්ස් - 25 MB
ඉන්ටනෙට් බ්‍රවුසර් - 50 MB

දැන් කාට හරි කියන්න පුළුවන් ද RAM එකේ අපි පාවිච්චි කරන්නේ නෑ කියලා 100%ක්?

බෑ එහෙම කියන්න බෑ. හැබැයි හිතන්න කෙනෙක් ෆෝකස් කරන්නේ මිඩියා ප්ලේයර් එක ගැන විතරයි. දැන් එයා කියනවා RAM එක 100 MB උනාට අපි පාවිච්චි කරන්නේ 25 MB විතරයි කියලා. ඔව් ඒ කතාව හරි. මොකද එයා බලන්නේ මිඩියා ප්ලේයර් එක ගැන විතරයි. හැබැයි අනිත් 75 MB පාවිච්චි වෙන්නේ නැත්තේ නෑ. එයා කතා කරන්නේ මිඩියා ප්ලේයර් එක ගැන විතරක් නිසා එයාගේ කතාව හරි.

දැන් ආපහු හැරෙමු මිනිසි මොලයට.

අපි පාවිච්චි කරන්නේ 3% විතරයිලු.

මෙහෙම කියන්නෙත් මොනවා හරි එක දෙයක් ෆෝකස් කරගෙන විතරයි.

මොකක්ද මේ ෆෝකස් කරන දේ. අන්න ඒකයි වැදගත් වෙන්නේ.

අපි ඒ ගැන කතා කරමු. මීළඟ ලිපියෙන් ඔබත් උත්සහ කරන්න ඔබ ඔබගේ මොලය යොදවන්නේ කොහොමද කියලා හිතල බලන්න.

No comments:

Post a Comment