Sunday, October 27, 2019

හැමදේටම පලවෙනි පාරක් තියෙයි...


මේ මීට අවුරුදු 10 කට කලින් ගුරුවරයෙක් කියපු කතාවක්. ඒත් මේ කතාවේ අර්ථය හරියටම වැටහෙන්නේ දැනුයි.

ඔව්, හැමදේටම පලවෙනි පාරක් තියෙයි.

තේරුම් ගන්න අමාරුයි ද?

හිතන්න ඔබ ඔබේ ජීවිතේ මෙතෙක් කල් කරපු හැමදේම ඔබ ක්‍රියාවෙන් කරන්න කලින් ඔබ ඒ ක්‍රියාව කවදාවත් කරලා තිබුණු කෙනෙක් නෙමෙයි.

මෙහෙම ගමුකො.

ඔබ ඉපදිලා කිසිම ක්‍රියාවක් නොකර මේ වෙනකන් හිටිය නම්. ඔබ අදටත් කකුල් දෙකයි අත් දෙකයි උඩ තියාගෙන උඩ බලන් ඉන්න අවුරුදු 20ක 30ක මනුස්සයෙක්.

ඒත් ඔබ ඉපදුනු දවසේ ඉඳන් යම් යම් දේවල් යම් යම් ක්‍රියා කරන්න පටන් ගත්ත.

ඔබ මුලින්ම දනගාන්න පටන් ගත්ත පලවෙනි වතාවට. එදායින් පස්සේ ඔබ දිගටම දන ගෑවා. හැබැයි ඔබ හිතුවේ නෑ, අම්මෝ දනගාන එක හොඳටම ඇති කියල. එහෙනම් ඔබ අදටත් දනගාන මනුස්සයෙක්.

ඔබ එතනින් එහාට එක දවසක තීරණය කරා මම කෙලින් හිටගන්නවා කියලා. එහෙම හිතල ඔබ පලවෙනි පාරට හිට ගන්න උත්සහ කරනවා. හැබැයි ඇදගෙන වැටෙනවා. රිදෙනවා. ඒත් ඔබ පලවෙනි පාර උත්සහ කරපු නිසා ඔබටම තේරෙනවා, බැරි නෑ, ඊළඟ පාර තව ටිකක් හොඳින් උත්සහ කරන්න ඕනේ කියලා. එහෙම හිතල ඔබ කොහොම හරි කෙලින් හිටගෙන ඇවිදින්නත් පටන් ගන්නවා.

හැබැයි පලවෙනි පාර බිම වැටුණු වෙලාවේ හිතුව නම් අපෝ මේක මට බෑ කියලා?

ඔබ ඔබේ ජීවිතයේ මේ වෙනකන් කරපු හැම හොඳ සහ නරක ක්‍රියාවක් ම ඔබ පලවෙනි වතාවට කරපු නිසයි ඔබ අදටත් ඒ දේවල් කරන්නේ.

ඔබ පලවෙනි වතාවට පාසලට ගිය නිසයි ඔබ දිගටම පාසල් ගියේ. එහෙම පලවෙනි දවසක් නොතිබ්බ නම් ඔබ පාසල් යන කෙනෙක් නෙමෙයි.

ඔබ පලවෙනි පාරට රැකියාවකට ගිය නිසයි අද ඔබ ඔබ රැකියාවක් කරන්නේ.

ඔබ පලවෙනි වතාවට ආදරය කර නිසයි අද ඔබ විඳින්නේ හෝ විඳවන්නේ.

මතක තියාගමු, හැම දෙයකටම පලවෙනි පාරක් තියෙයි.

අපි ඒ දේ හොඳ ද නැද්ද කියල තීරණය කරලා පලවෙනි පාර ඒ දේ කරොත් එතනින් එහාට අපිට ඒ දේ ආයේ ආයේ කරන්න කිසිම පසුබැසීමක් ඇති වෙන්නේ නෑ.

එක පාරක් කරා නම් ආයෙත් කරන්න බැරි කමක් නෑ කියන හැගීම අපිට එනවා.

ඒ නිසා අපි දෙයක් කරන්න කලින් හොඳින් හිතන්න ඕනේ ඒ දේ හොඳ දෙයක්ද නරක දෙයක්ද කියලා.

එතැනදී හොඳ සහ නරක ගැන ඔබේ නිර්වචන වලින් වැඩක් වෙන්නේ නෑ. සනාතන ධර්මය අනුව හොඳ සහ නරක තීරණය කරන්න.

හැමදේටම පලවෙනි පාරක් තියෙයි.

No comments:

Post a Comment