ඒ වගේම දේව් ට පුළුවනුත් ඉංග්රීසි විතරයි... පොඩි කාලේ ඉඳං ඉගෙන ගන්න කොච්චර විෂයන් තිබ්බත් දේව් ලකුණු 75 න් එහා ගත්තේ ඉංග්රීසි වලට විතරයි... ( ලකුණු 18 ගත්තු විෂයනුත් තිබ්බ 1 + 1 = 3 කියල ලිව්ව ) හැබැය් දේව් සා/පෙ අසමත් උනේ නෑ... දේව් උ/පෙ ට තෝර ගත්තේ කලා විෂයන්... 2010 අගෝස්තු වල ලිව්ව විභාගෙන් දේව් අසමත් උනා... දැන් කට්ටිය බලනවා ඇති උසස් පෙළ අසමත් කෙනෙක් කොහොමද රජයේ පාසලක ඉංග්රීසි උගන්නන්නේ කියල... ඔව් දේව් උසස් පෙළ අසමත් තමයි... හැබැය් ඒ ආර්ථික විද්යාවයි දේශපාලන විද්යාවයි මිසක් ඉංග්රීසි නෙමෙයි... ඔන්න ඉතින් යන්නේ කොහෙද මල්ලේ පොල් උනා...
ඔන්න ඉතින් දේව් අද උදෙන්ම නැගිටල දත කට මැද ගෙන යන්න ලේස්ති වෙලා ආව මූණු පොත පැත්තේ... ඊළඟට බ්ලොග් අඩවි පැත්තෙත් රවුමක් දාලා වෙලාව යවා ගත්තා... හරියටම දවල් 12 ට ගෙදරින් එලියට බැහැපු දේව් විශ්ව විද්යාලෙට ගියා... ඒත් කව්රුවත් නෑ... වෙලාව 12.15ය්... ඇවිල්ල නෙමෙයි විදලා... දේව් ගේ දඬු මොණරෙට පින් සිද්ද වෙන්න තමයි... ඉතින් දේව් පැය භාගයක් කට්ට කෑවා කව්රුහරි එනකන්... ඔන්න ඉතින් පැය භාගෙකින් විතර ආවා තව කොල්ලෙක්... වැඩේ හරි, එකම පන්තියට... ඉතින් දෙන්න ඔහොම කතා කර කර ඉන්නකොට පංතියට එකා දෙන්න ඇවිත් පිරුනා... ඊට පස්සේ පංතිය පටන් අරන් ඉවර වෙනකන් ගෙවිල ගිය පැය 4 ගෙවෙනවා දේව් ට දැනුනේ නැත්තේ ඉංග්රීසි විෂයට තියෙන ආසාව නිසා වෙන්න ඇති...
කොහොම උනත් දේව් ගේ හිත අද සතුටින් පිරිලා... ඒ නිසයි අද නම් පොස්ට් එකක් දානවමයි කියල හිත හිත ඇවිත් තව පොඩ්ඩෙන් කාණුවක පීනන්න හැදුවේ...
මේ ලිපියේ තේරුමක් නැතුව ඇති ඔයාලට... මම මේක ලිව්වේ හිට්ස් කමෙන්ට්ස් වලට නෙමෙයි... මගේ හිතේ තියෙන සතුට ප්රකාශ කරන්න... මේක කියවල තමන්ගේ වටිනා කාලය අපතේ ගිය කියල හිතෙනවා නම් දේව් ට සමාවෙන්න...
මට අද හරි සතුටුයි...!!!
දේව්දාස්