Friday, October 4, 2019

සිව් වෙනි මානය 3


සිව්වෙනි මානය කියන්නේ කාලය නම සිව්වෙනි මානයේ ජීවියෙක්ට (සිව්වෙනි මානයේ ජීවීන්ට අපි මෙතැන් පටන් පෘථුල වැසියා කියමු) තුන් කල (වර්තමාන, අතීත, අනාගත) කියන්නේ එකම වෙලාවේ පේන දැනෙන ඇහෙන දෙයක් නම්, (පේන, ඇහෙන, දැනෙන යනු ත්‍රිමානික සංවේදන බැවින් එය සිව්වෙනි මානයේ නොතිබිය හැකිය) දෙයක් නම්,  පෘථුල වැසියා අපිට උදව් කරන්න අපේ කාමරේ තිබුණු ත්‍රිමාණ පෙට්ටි ටික එයාලගේ සිව්වෙනි මානයේ අඩුක් කරා කියල අපි කතා කරානේ.

එතකොට වෙන්නේ මොකක්ද කියල කතා කරන්න නම් ඔබට මේ දේ අවබෝධ වෙන්න ඕනේ. ඒකට අපි කලින් උදාහරණයම ගමු.

පැතලි වැසියා - ද්විමාන ජීවින්
පෘතුවි වැසියා - ත්‍රිමාණ අපි
පෘථුල වැසියා - සිව්වෙනි මානයේ ජීවීන්

පැතලි වැසියා හිටපු මෙසේ උඩ තිබුණු කඩදාසි මතකයි නේ. දැන් පැතලි වැසියා උඩ කියල මානයක් දන්නේ නැති වුනත්, ඇත්තටම උඩට යන්න යන්න තියෙන හැම ලේයර් එකක්ම (තට්ටුවක්ම) ද්විමාන වැසියාට අලුත් සමාන්තර ටයිම් ලයින් එකක් එකක්.




මේ පින්තූරයෙන් ඔබට ඒ කාරණාව වැටෙහෙනවා ඇති. අපේ කඩදාසි ප්‍රශ්නෙට ලක් වුනු පැතලි වැසියා තමයි ඔය රතු පාටින් ඉන්නේ. එයාට පේන සහ එයාගේ ලෝකය තමයි රතු පාට කඩ ඉර.

හැබැයි උඩින් තියෙන හැම කඩ ඉරක්ම ඒ වගේම තවත් පැතලි වැසියෙක්ට ඉන්න පුළුවන් තැනක්. වෙන විදියකට කිව්වොත් සමාන්තර ස්ථානයක්. එතන කවුරුවත් නැතත්, එතන පැතලි ජීවියෙක්ට ඉන්න බැරි තැනක් නෙමෙයි. එකම දේ ඔහුට ඒ ගැන අදහසක් ඇත්තෙත් නෑ, තිබුනත් එතෙන්ට යන්න ක්‍රමයකුත් නෑ. හැබැයි ත්‍රිමාණ ජීවියෙක් උදව් කරොත් යන්න පුළුවන්.

එහෙනම් පැතලි ජීවියෙක්ට කොයි තරම් නම් මේ අපි දන්නා ලෝකේ උඩට උඩට සමාන්තර ස්ථාන තියෙනවාද? හැබයි ඒක පැතලි වැසියා දන්නේ නෑ. ඒක දන්නේ ත්‍රිමාණ වැසියෙක් විතරයි.

දැන් එමු අපි අපේ මාතෘකාවට.

අපි ත්‍රිමාණ පෘතුවි වැසියෝ. අපේ ඉහල මානය වෙන සිව්වෙනි මානයේ ඉන්නේ පෘථුල වැසියෝ. (වරද්දගන්න එපා)
දැන් අපි ඉන්නේ හැමතිස්සෙම වර්තමානයේ හිර වෙලා. හැබැයි පෘථුල වැසියාට එහෙම වෙනසක් නෑ. තුන් කලම එකයි.

ඉතින් අර කලින් අපේ ත්‍රිමාණ පෙට්ටි අඩුක්කරලා තිව්වේ කොහෙද කියල අපිට ප්‍රශ්නයක් ආව නේ. පොතේ හැටියට ඒවා අරන් තියල තියෙන්න ඕනේ සමාන්තර ස්ථානයක.

මේක ඔලුව අවුල් වෙනවා වගේ.

උදාහරණයකින් බලමු.




අපි වර්තමානයේ හිර වෙලා හිටියට පෘථුල වැසියාට අපේ මුළු ජීවිත කාලෙම එක පාර පේනවා.

දැන් අපි බලමු ඔහුගේ දෘෂ්ටි කෝණය


පැතලි වැසියාට උඩ කියන මානයේ සමාන්තර ස්ථාන අනන්තයක් තියෙනවා හැබැයි දන්නෙත් නෑ යන්නත් බෑ වගේ, අපිටත් සාමාන්තර කාල ස්ථාන තියෙනවා. හැබැයි අපි දන්නෙත් නෑ, යන්නත් බෑ.




අපිට උඩ තියෙන පැතලි වැසියාගේ සමාන්තර ස්ථාන පේනවා වගේ පෘථුල වැසියාට අපේ සමාන්තර කාල ස්ථාන පේනවා.
අපිට පැතලි වැසියාට සමාන්තර ස්ථානයකට යන්න උදව් කරන්න පුළුවන් වගේම පෘථුල  වැසියාට පුළුවන් අපිට උදව් කරන්න සමාන්තර කාල ස්ථානයකට යන්න.

දැන් මේක තේරෙනවා නම්, අපි ආයෙත් පෙට්ටි ප්‍රශ්නෙට එමු.

පෘථුල වැසියා අපේ පෙට්ටි ටික අරගෙන එයාගේ සිව්වෙනි මානයේ ඔන්න අඩුක් කරා.



දැන් ඒ පෙට්ටිය තියෙන්නේ අපිට නොපෙනෙන, අපේම වෙනත් සමාන්තර කාල ස්ථානයක. ඒක පෙන්නේ පෘථුල වැසියාට විතරය්.
අපිට නිකන් එක අතුරුදහන් වුනා වගේ.

හැබැයි හිතන්න අපි ඕක හොයා හොයා ඉන්නවා දැකල දුක හිතිලා පෘථුල වැසියා අපිට ඒක ආයෙත් ගෙනත් දෙනවා.
දැන් මොකද වෙන්නේ?

සමාන්තර කාල ස්ථානයක ඉඳන් පෙට්ටි ටික අපේ කාල ස්ථානයට එනවා. දැන් අපිට ඒක මතු වුනා වගේ වෙනවා.
මේ දේ තේරුනා නම් මම මෙහෙම දෙයක් අහන්නම්.

පෘථුල වැසියා ඔබව සිව්වෙනි මානයේ පොඩි රවුමක් එක්කන් යනවා. ඒ කියන්නේ සමාන්තර කාල ස්ථාන වල රවුමක් එක්කන් යනවා. මොකද ඔහුට විතරයි ඔබව එහාට ගෙනියන්න පුළුවන්.

දැන් ඔබට පේනවා අම්මෝ තියෙන සමාන්තර කාල ස්ථාන ගොඩ කියලා. සමහර කාල ස්ථාන වල ඔබට අනාගතයත් පේනවා.
දැන් ඔබ ආයෙත් ත්‍රිමාණ යට ආවම, ඔබ මේ විස්තරේ කියනවා ඔබේ යාලුවොන්ට.

එයාල අහන පලවෙනි ප්‍රශ්නේ.

කොහෙද තියෙන්නේ මේ සිව්වෙනි මානය. කෝ පෙන්නන්න. කොයි පැත්තේද?

දැන් ඔබට කෝ උත්තර?

ඔබ දන්නවා ඔබ ගියේ සිව්වෙනි මානයට කියල. සාමාන්තර කාල ස්ථානත් දැක්ක. හැබැයි කාටවත් කියන්න බෑ. මොකද ඔබට  ඇඟිල්ල දික් කරලා පෙන්නන්න බෑ මෙන්න මෙහේ තියෙන්නේ සිව්වෙනි මානය කියලා. ඔබට සිද්ද වෙන්නේ කට වහන් ඉන්න මොකද නැත්නම් ඔබ නිසැක පිස්සෙක් වෙනවා අනිත් අය ඉස්සරහ.

හැබැයි ඔබ විතරක් දන්නවා ඔබ දැක්කේ මොනවද කියල.

ලෝකේ හැටි එහෙම තමයි.

නොදන්නා දෙයක් කවුරුහරි කිව්වොත් එක ඔප්පු කරන්න වෙනවා. ඔප්පු කරන්න බැරි නම් ඒක ඇත්ත නෙමෙයි කියල ලඝු කරනවා.

මේ දේ එදත් අදත් හෙටත් එහෙමමයි.

No comments:

Post a Comment