Tuesday, October 1, 2019

සම්බධතා වෘත්තය 3




ඔබ මෙතෙක් කල් ගත කලේ කිසිවෙකුගේ හෝ හව හරනක් ආදරයක් අවශ්‍යයි නොසිතු ජීවිතයක් නම්, ඔබගේ ජීවිතය නිසැකයෙන්ම ඉතාමත් සුළු පිරිසකගෙන් වට වූ ජීවිතයක් වන බව නොඅනුමානයි.

ඊට හේතුව ඔබ ලං කරගන්නේ ඔබට සුදුසුම යැයි හැඟෙන අය පමණි. ඔබ අවට ඉන්න පිරිසෙන් ඔබගේ රුචි අරුචිකම් සහ ඔබගේ ගති ගුණ සමග ගැලපෙන අය සිටින්නේ ඉතාමත් අල්ප වශයෙන් නිසාවෙන් සහ ඒ අතරින් ඔබ ඇසුරට ලක් වෙන ප්‍රමාණය තවත් අල්ප වීම මීට හේතුවයි.

ඔබට හිතවතුන් බොහෝ පිරිසක් සිටිය හැකිය. එදිනෙද ජීවිතයේ හමුවෙන, ගමේ, නගරයේ, අවට ජීවත් වන සියලුම දෙන මේ හිතවතුන් ගණයට අයත් වේ.

නමුත් ඔබට මිතුරන් සිටින්නේ ඉතාමත් අල්ප වශයෙනි.  එය එසේ වන්නේ ඔබ ඉතාමත් සැලකිල්ලෙන් ඔබගේ මිතුරන් තෝරාගන්න බැවිනි.

එසේ නම් ඔබගේ හොඳම මිතුරා එක් අයෙකුට වඩා වැඩි විය නොහැක. එසේම ඔබට හොඳම මිතුරෙක් නොසිටින්නද බොහෝ ඉඩ කඩ ඇත.

ඔබගේ ඇතුලත වෘත්තය හිස් බව අප මීට පෙර සඳහන් කළා.


නමුත් දැන් තත්වය වෙනස්. ඔබට ඔබගේ ඇතුලත වෘත්තය පුරවාගැනීමට අවශ්‍ය යැයි සිතන්න. දැන් ඔබගේ ප්‍රමුක අවශ්‍යතාවය එයයි.

ඔබගේ හොඳම යහළුවා හෝ අනෙකුත් මිතුරන් අතරින් ඊට ගක්ලපෙන අයෙක් නොමැති බව අපට ප්‍රත්‍යක්ෂ බව වැටහෙනවා ඇතැයි විශ්වාස කරමි. මන්ද, එසේ ගැලපෙන කෙනෙක් සිටියා නම් ඔබට ඔහුව ප්‍රතිරෝධයට ලක් කල නොහැක. ප්‍රතිරෝධයට කල් කිරීම යනු ඔබට ඔහුව එසේ මිතුරෙකු ලෙස හෝ හොඳම මිතුරෙකු ලෙස තබා ගත නොහැක. ඔහු අනිවාර්යෙන්ම ඔබගේ සීමාව පසු කරගැනීමට ඔබව පොළඹවනවා නිසැකය.

එබැවින් ඔබට ඔබගේ අවශ්‍යතාවය සපුරා ගැනීමට නම්, පිටතින් අයෙකු මේ සියලු සීමා පසු කර ඔබ වෙත පැමිණීමට කටයුතු සකස් කල යුතුය.

ඔබගේ පිටත වෘත්තය තුල සිටිනා හිතවතුන් ගෙන් අයෙක් ඔබ දැන් තෝරාගන්නවා ඇති.

නමුත් මෙහි වැදගත් කරුණක් ඇත. ඔබ මෙතෙක් දුරට ඉතාමත් පරිස්සමින් සුක්ෂමව තෝරා බේරා ගෙන මිනිසුන් ආශ්‍රය කරත්, දැන් ඔබගේ ප්‍රමුඛ අවශ්‍යතාවය පෙම්වතෙකු නිසා, ඔබ දැන් පෙර පරිදි පරිස්සමින් සුක්ෂමව තෝරා ගැනීම සිදු කරන්නේ නැත.

ඔබ ඔබගේ අස ගැටෙන පළමු ආකර්ෂණීය පුද්ගලයා හට සංඥාවක් ලබා දෙනු ඇත. මෙහිදී ආකර්ෂණය යනු භාහිර පෙනුමෙන් ඇරඹී, භාහිර ලක්ෂණ සහ ගති ගුණ පමණි. මේ තුන යටතේ ඔබ කෙනෙක්ව තෝරාගෙන ඔහුව ඉතාමත් ඉක්මනින් යහළුවන් වෘත්තයට උසස් කරනු ඇත. එහිදී ඔබ කල යුත්තේ ඔහුව හොඳින් ආශ්‍රය කර ඔහුගේ සත්‍ය ස්වරුපය අවබෝධ කරගෙනීම වුවත්, ඔබගේ අවශ්‍යතාවය වඩා ප්‍රභල නිසාවෙන් ඔබ එම කටයුත්ත ඇත පසු කරයි. ඔහුගේ දකිනා අඩු පාඩු ඔබ එතරම් සැලකිල්ලට නොගනියි. පසුව නිවැරිදි කරගත හැකි ඒවා ලෙස දකියි.

ඉන් පසු ඔබ ඔහුව ඉතාමත් ඉක්මනින් හොඳම යහළුවා තත්වයට උසස් කරයි. එහිදීද ඔබ විසින් කල යුතු ඔහුගේ සැබෑ ස්වරුපය අවබෝධ කරගැනීම වෙනුවට ඔබ ඔහුගේ සියලු අඩු පාඩු ඇත පසු කර යැයි. මන්ද, ඔබගේ එකම අරමුණ ඔහුව ඇතුලට වෘත්තය වෙත ගැනීම පමණි.

මෙය එක් වරම සිදුකරන්නේ නැත්තේ ඇයි දැයි ඔබට ගැටළුවක් මතු වනු ඇත. එය ගැහැණු ලක්ෂණයයි. ගැහැණුන් තමන්ට යමක් අවශ්‍ය වුවත් එය පසු පස ගොස් ලබා ගන්නා අවස්ථා ඉතාමත් අල්ප වේ. ගැහැනුන් සෑම විටකම තමන්ට අවශ්‍ය දේ හෝ කෙනා ලවාම කරගැනීමට හැකියාවක් ඇති පිරිසකි.

එලෙසම ඔවුන් තමන්ගේ චරිතයට කළු පැල්ලම් එකතු කරගැනීමටද අකමැත්තක් දක්වයි. එක් වරම පිරිමි ළමයෙකු හිතවතුන්ගෙන් පෙම්වතා වෙත ගෙන ඒම ඔවුන් කිසිවිටෙක සිදු නොකරයි. එය ඔවුන්ගේ පරිණාමයේ කොටසක් වන අතර, එසේ වීමට හේතුව පෙර පැවසූ පරිදි ඔවුන්ට සුදුසුම පුද්ගලයා තෝරා බේරා ගැනීමට අවස්තාව සැලසීමයි. නමුත් වර්තමානයේ සිදු වන්නේ එම පියවර සියල්ල අතපසු කර යාමයි. එබැවින් ඔවුන් සෙමෙන් සෙමෙන් ඔහුව ඇතුලත වෘත්තය වෙත ගෙන ආවාද, සිදු කල යුතු දෙය සිදු වන්නේ නැත.

නැවතත් විග්‍රහය වෙතට.

ටික කලකට පසු ඔබ ඔහුව ඔබගේ වටිනාම වෘත්තය වෙත කැඳවයි. මෙහිදී ඔබ ඔහුව ඔබගේ ජීවිතයේ කොටසක් බවට පත් කර ගනියි. ඔබ ඔහුව මුළුමුනින්ම විශ්වාස කරයි. ඔබගේ ජීවිතේ සියලු රහස් ඔහු හා බෙදා හදා ගනියි. ඔබගේ ජීවිතයේ වටිනා දේ ඔහු වෙනුවෙන් පුද කරයි.

මෙලෙස ඇරඹී ප්‍රේම සම්බධතාවයක ආයු කාලය කෙතරම් වේවිද?

නිසැකවම වැඩි කල් ආයුෂ නැති බව ස්ථිරයි. බොහෝ විට කලබලයෙන් ගත් තීරණය ගැන පසු තැවෙන අතරේ තමන්ගේ අනෙකුත් වෘත්ත තුල සිටිනා තමන් සොයනා ලක්ෂණ ගති ගුණ වැඩියෙන් ඇති වෙනත් කෙනෙක් මේ වෘත්තය තුලට පැමිණීමට දොරගුළු ලිහිල්කිරීමට ඉඩ කඩ ඇත.

ඒ පිළිබඳව මීළඟ ලිපියෙන්.


No comments:

Post a Comment