Sunday, May 3, 2020

ලෝකය සහ ජීවීන්ගේ ආරම්භය...


ලෝකය සහ ජීවීන්ගේ ආරම්භය ගැන...

අපි මුලින්ම මීට අවශ්‍ය පදනම හදාගෙන ඉමු.

අපි දන්නවා දරුවෙක් බිහි වෙන්නේ පුර්ෂ ශිෂ්නයකින් නිකුත් වෙන ශුක්‍රාණු ස්ත්‍රී ඩිම්බයක් සමග එකතු වෙලා ගර්භාෂය තුල කලලයක් හැදිලා මාස 10 කින් ළදරුවෙක් විදියට ගර්භාෂයෙන් එලියට එමෙන්.

අපි මේක හොඳින් ඔලුවේ තියාගමු.

දරුවෙක් බිහි වෙන්න පුර්ශයගෙන් සිද්ධ වෙන්නේ ශුක්‍රානු ලබා දීම විතරයි. ඉතුරු සියල්ල සිද්ධ වෙන්නේ ගැහැනියගේ ගර්භාෂය තුලයි. අවසානයේ ගර්භාෂයෙන් එලියට එන දරුවා තනියම වැඩිලා මැරිලා යනවා.
දැන් මෙතැනදී එක් එක් අයගේ සහබාගීවීම බලමු.

පුර්ෂයා - ශුක්‍රාණු ලබා දීම පමණි

ස්ත්‍රිය - ඩිම්බය ලබාදීම, ගර්භාෂය තුල කළලය ඇති වීමට ඉඩ දීම, එය පෝෂණය කිරීම, දරුවා මෙලොවට බිහි කිරීම

දරුවා - ඉපදීමේ සිට මිය යාම තෙන් ජීවත් වීම

පුර්ෂයාගෙන් නිකුත් වෙන මිලියන ගණනක් වූ ශුක්‍රාණු වලින් එකක් පමණක් දරුවෙකු වීමට අවස්තාව ලබාගන්නවා. ඒ කොහොමද?

ශුක්‍රාණු ව ස්ත්‍රියගේ බිත්ති තුල ඇලීමක් සිද්ධ වෙන්නේ නැත්නම් එය දරුවෙකු පිළිසිඳ ගැනීමට අවස්තාවක් වෙන්නේ නෑ. එහෙනම් දරුවෙකු බිහි වීමේ පළමු අවස්තාව ශුක්‍රාණු වක් ස්ත්‍රියගේ බිත්තිය තුල ඇලීම.

එම ඇලෙන ශුක්‍රාණුව ස්ත්‍රියගේ ඩිම්බයක් සමග ඇලෙන්නේ නැත්නම් එතන ශුක්රානුව ස්ත්‍රියගේ බිත්තිය තුල ඇලුනත් පලක් වෙන්නේ නෑ. එසේ නම් ශුක්‍රානු ව බිත්තිය තුල ඇලීම මෙන්ම ඩිම්බය සමග ඇලීමද සිද්ධ විය යුතුයි පිළිසිඳ ගැනීමකට.

ස්ත්‍රියගේ බිත්තිය තුල ශුක්‍රානුව ඇලීමත් සමග පිරිමියාගේ කාර්ය භාරය එතනින් ඉවර වෙනවා. දැන් සියල්ල සිද්ධ වෙන්නේ ස්ත්‍රිය ගේ ගර්භාෂය තුලයි.

එකතු වී ශුක්‍රානු ව සහ ඩිම්බය වැඩීම. එක සෛලයකින් පටන් ගෙන එය වර්ධනය වී කළලය සැදීම. ඇස, හදවත ලෙස ටිකෙන් ටික ශරීරයත් ශරීරයේ ඉන්ද්‍රිය සැකසීමත් සිද්ධ වෙනවා.

මාස 10ක් ඇතුලත ගර්භාෂය කියන ලෝකය තුල දරුවෙක් වැඩෙනවා. මස 10කින් ඒ දරුවා පෘථිවිය කියන ලෝකයට බිහි වෙනවා. දැන් ස්ත්‍රියට කරන්න දෙයක් නෑ දරුවා සම්බන්ධයෙන්. ඇයගේ කාර්ය භාර්යයත් එතනින් ඉවරයි. (සංකෘතික කරුණු මෙතැනදී අදාල වන්නේ නැත)

මෙතන සිට දරුවා තනියම ජීවත් වේ. මිය යන තෙක්.

මෙතනින් අපි වෙනම කතාවක් බලමු.

අග්ගඥ සුත්‍රයට අනුව පෘථිවියේ ජීවය බිහි වීම ආභස්සර බ්‍රහ්ම ලෝකයෙන් පැමිණි සිත මිස කය නොමැති ආලෝකය මෙන් වූ සියුම් ශරීර සහිත ජීවින්ගෙන් සිදු වී ඇත.

හින්දු දර්ශනයට අනුව පරමාත්මා නම් අනන්තය තුලින් පැමිණි ආත්ම මගින් ජීවය ආරම්භ වී ඇත.
නමුත් මෙහි තේරුම් ගත යුතු පරස්පරයන් වේ.

එය තේරුම් අරගෙන ඉදිරියට යමු.

බුදු දහමේ පවසන ජීවය ආරම්භය මේ පෘථිවිය ආරම්භ වීම සමග මෙම යුගයේ ජීවයේ විකාෂණයයි. එනම් පෙර ලෝක විනාසය සිදු වන විට තම තමන්ගේ කුසල් අකුසල් අනුව තිරිසන් ප්‍රේත දේව බ්‍රහ්ම වැනි ලෝක වලට චුත වූ ජීවින් නැවත පෘථිවියේ හට ගැනීමයි. එනම් ජීවින් මේ පෘථිවියේ ඇරඹුණේ කෙසේද යන්නක් මිසක මේ විශ්වාසයේ පළමු ජීවියා ඉපදුනු අයුරු නොවේ. බුදුරදුන් විසින් පැවසුවේ නිර්වාණයට අවශ්‍ය දේ පමණි.

නමුත් හින්දු දර්ශනය යනු මේ විශ්වයේ සියලුම දේ පිළිබඳව සඳහන් කරන දර්ශනයකි. එහි ද අවසාන අරමුණ මෝක්ෂය වන අතර එය නිර්වාණය හා සමාන පදයකි.

නමුත් හින්දු දර්ශනය මෝක්ෂය තවත් එක් කොටසක් ලෙස සලකන අතර බුද්ධ දර්ශනය නිර්වාණය යනු එකම අරමුණ ලෙස සලකයි.

එබැවින් මෙම දර්ශන දෙකෙහි වෙනස් කම් තේරුම් ගැනීම ඉතාමත් වැදගත් වේ.

හින්දුන්ට අනුව මේ විශ්වයේ ජීවය බිහි වීම සිදු වන්නේ පරමාත්මා නමැති අනන්තයෙන් ආත්ම නිකුත් වී ඒවා පෘථිවිය නමැති ප්‍රක්රුති හි හිර වීමෙනි. එය කෙදිනක හෝ මෝක්ෂය ලබන්නේ මෙම සංසාරය තුලින් නිදහස් වූ දාටය.

හින්දුන් විසින් මෝක්ෂය ලබන්නේ මෙලෙස යයි විශේෂ කර කිසිදු ඉගැන්වීමක් සිදු නොකර අතර එය සියලුම ක්ෂේත්‍ර පිළිබඳව ඉගැන්වීම සිදු කරයි. ඒ අතර තාරකා විද්‍යාව, ජ්‍යෝතිෂය, වාස්තු විද්‍යාව, ආයුර්වේදය, යෝග වැනි සියලු පති වලට විහිදුනු එක් විශාල වෘක්ෂයක් වැනිය. මෙහි මෝක්ෂය යනු එක් අත්තක් පමණි. එය ආධ්‍යාත්මික අත්ත වෙද්දී එය වට කරගෙන ඇත්තේ ලෞකික / භෞතික අතු මගිනි. එම නිසා ලෞකිකත්වය, භෞතිකත්වය තුල අතරමන් වන මිනිසා මෝක්ෂය නමැති ආධ්‍යාත්මික අත්ත පිළිබඳව උනන්දු වන්නේ නැත.
නමුත් බුදු දහම යනු නිරවනය ඉල්ලක්ක කරගත් එකම එක අත්තක් ඇති ගසක් වැනිය. එහි ලෞකික අතු නැති බැවින් බෞද්ධ සියලුම දෙනාගේ එකම අරමුණ නිවන් දැකීමයි.

අපගේ ජීවය පිලිබඳ කතිකාවතට මේ සියලු කරුණු අත්‍යවශ්‍ය වේ.

මෙහාන සිට අප කරුණු එකිනෙක ගලපමින් ඉදිරියට යමු.

ඒ සඳහා මුලින්ම ජීවය ආරම්භය ගැන ඇති අදහස් අප පෙලගස්සවා ගමු.

බෞද්ධ - ආභස්සර බ්‍රහ්ම ලොවෙන් එන සිත මිස කය නොමැති ආලෝකය වැනි සියුම් ශරීර හිමි ජීවින් පෘථිවියට පැමිණ එහි අහි රස පොලවට ආශාවක් හට ගැනීම නිසා සියුම් ශරීරය අහිමි වී මේ ලෝකයේ සිර වෙනවා.

හින්දු - පරමාත්මා ගෙන් එන ආත්ම මේ සංසාරයේ ආශාව නිසා හිර වෙනවා.

දැන් අදහස් දෙක අපි වෙනත් අපේ එදිනෙදා ජීවිතයේ කරුණක් එක්ක ගලපමු.


අපි මීට පෙර කතා කරපු ආලෝකය ගැනලිපිය මගින් කිව්වා වගේ හිරු එලිය අවර්ණයි. නමුත් ඒ අවර්ණ හිරු එලිය ඇත්තටම සියලුම ආලෝක වර්ණ වල එකතුවක්.

අවර්ණ හිරු එලිය යම් පෘෂ්ඨයක ගැටීමෙන් ඒ පෘෂ්ඨය ඒ සියලු ආලෝකය පරාවර්තනය කරනවා නම් අපිට ඒ කඩදාසිය පෙන්නේ සුදු පාටින්. මොකද සුදු වර්ණය කියන්නේ කිසිදු ආලෝකයක් උරාගන්නේ නැතුව සියලු ආලෝකය පරාවර්තනය කිරීමයි. ඒ පරාවර්තනය වන ආලෝකය අපේ ඇසින් සුදු ලෙස අඳුනගන්නවා.
මේ ගැන සම්පූර්ණ ලිපිය තියෙන නිසා කෙටියෙන් මේ ගැන කතා කරමු.

ඒ සුදු කඩදාසියේ අපි නිල පාටින් ඉරක් ඇන්දොත් අපි එතැනදී කරන්නේ සුදු කඩදාසියේ මතුපිට පෘෂ්ඨයේ ස්වභාවය වෙනස් කිරීමක්. දැන් ඒ නිල ඉර ඇඳපු තැන සියලුම ආලෝකය පරාවර්තනය කරන්නේ නෑ. දැන් ඒ ඉරෙන් යම් ආලෝකයක් උරාගන්නවා. ඒ ඉර අපිට නිල පැහැයෙන් පෙන්න නම් ඒ ඉර රතු සහ කොළ කියන ආලෝකයන් උරාගෙන නිල පැහැය විතරක් පරාවර්තනය කරනව. අපේ ඇසින් ඒ නිල ආලෝකය දකින නිසා ඒ ඉර නිල පැහැය බව අපි දැනගන්නවා.

එතකොට ඉර අඳින්න කලින්ම නිල් පාට ඉරක් අඳිමු කියල කිව්වේ කොහොමද?

මොකද මේ ලෝකයේ තියෙන නිල පැහැති සියලුම දේ අපිට නිල පැහැයෙන් පෙනෙන්නේ ඒ වස්තුව සුදු එළියෙන් රතු සහ කොළ වර්ණය උරාගෙන නිල ආලෝකය පමණක් පරාවර්තනය කරන නිසා.

එය පාට කූරක ඉඳන් ඇඳුමක් වාහනයක් වගේ සියලු දේට පොදු සාධකයක්.

සුදු කඩදාසියේ පෘෂ්ඨයේ ස්වභාවය සියලු ආලෝකය පරාවර්තනය කිරීම.

නිල ඉරක් ඇඳීමෙන් සිද්ධ වෙන්නේ ඒ ස්වභාවය වෙනස් කිරීම.

මේ බව තේරුම් ගන්න පුළුවන් නම් පමණක් ඉතිරි කොටසට යමු.

දැන් අපි අපේ සියළු කරුණු එකිනෙක ගලපමු.

මෙහි පොදු කරුණ නම් ශුක්‍රාණු වත්, සියුම් ශරීරයත්, හිරු එළියත් පලයක් ඇති කරන්නේ එය යමක ඇලීමෙන් පමණි. ඇලීමක් සිදු වන්නේ නැත්නම් එය කිසිදු පලයක් ඇති නොකරයි.

ශුක්‍රාණු ව ස්ත්‍රියගේ බිත්තියේ ඇලීමක් සිදු නොවේ නම් පිළිසිඳ ගැනීමක් සිදු නොවේ.

සියුම් ශරීර රස පොලවේ ඇලීමක් සිදු නොවේ නම් ඝන ශරීර ඇති නොවේ.

හිරු එලිය පෘෂ්ඨයක ඇලීමක් (උරාගනීමක්) සිදු නොවේ නම් වර්ණයක් ඇති නොවේ.

ජීවීන්ගේ බිහි වීමේ ලිපි මාලාවේ පළමු ලිපිය මින් අවසන් වේ.

ශුක්‍රාණු පිට කිරීමෙන් පසු පිරිමියාගේ කාර්ය අවසන් වී ඉතුරු කාර්ය ගැහැණි විසින් සිදු කර්නාක් මෙන්, රස පොලවේ ඇලීමෙන් පසු ඉතුරු කාර්ය පෘථිවිය තුල සිද්ධ වනාවක් මෙන්, හිරු එලිය පෘෂ්ඨයක ඇලීමෙන් පසු ඉතුරු කාර්ය එම අදාල ස්ථානය මගින් සිදු කෙරේ.

එය අප ඉදිරියේදී කතා කරමු.

No comments:

Post a Comment