Saturday, October 5, 2019

බුදුහාමුදුරුවෝ සහ ශේප් න්‍යාය


බුදුහාමුදුරුවෝ කියල තියෙනවා විෂයන් 3ක් ගැන හිතන්න යන්න එපා කියලා. ඒ තමයි, ලෝක විෂය, බුද්ධ විෂය, කර්ම විෂය කියන්නේ.

ඇයි බුදුහාමුදුරුවෝ මෙහෙම දෙයක් කිව්වේ? බුදුහාමුදුරුවෝ මෙතැනදී ශේප් න්‍යාය දැම්මද? නොදන්නා නිසා අනිත් අයටත් හොයන්න එපා කියල කිව්වද?

නෑ.

බුදුහාමුදුරුවෝ දැනගෙන හිටියා මේ දේවල් ගැන. ඒ නිසාමයි කිව්වේ අනිත් අයට හොයන්න යන්න එපා කියලා.

එහෙම කියන්න හේතුව තමයි මේ දේවල් ගැන හොයන්න හොයන්න තව තව කුතුහලය සහ උනන්දුව වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නෑ කවදාවත්ම. එකක් හොයාගත්තම එතනින් එහාට මොකක්ද කියලා හොයන්න ඕනේ වෙනවා. එකත් හොයා ගත්තම එතනින් එහාට මොකක්ද කියලා හොයන්න ඕනේ වෙනවා. මෙහෙම මෙහෙම කෙළවරක් නැතුව අපි හොයා හොයා යනවා.
මාපි මේක උදාහරණයකින් තේරුම් ගමු.

මිනිසා ඈත අතීතයේ ඉඳන්ම අපි කවුද, කවුද අපිව මැව්වේ, අපි මේ ලෝකෙට අවේ කොහොමද කියන ප්‍රශ්න වලට උත්තර හොයන්න උත්සහ කරලා තියෙනවා.

සමහර මිනිස්සු තමන්ගේ ජීවිත පරිත්‍යාගයෙන් මේවට උත්තර හොයන්න උත්සහ කරලා තියෙනවා. නමුත් අද වෙනතුරුත් කවුරුවත් හොයාගෙන නෑ. ඒත් උත්තරේට ලඟයි කියල දැනෙන සොයාගැනීම් හැමදාම වගේ සිද්ධ වෙනවා.

මුලින්ම හිතුව පෘතුවිය රොටියක් වගේ තැටියක් කියලා. පස්සේ නෑ මේක බෝලයක් වගේ ගෝලයක් කියල හොයාගත්තා. ඊට පස්සේ හිතුවා පෘතුවිය වටේ තමයි අනිත් ඔක්කොම කැරකෙන්නේ කියලා. පස්සේ හොයා ගත්ත නෑ ඉර වටේ ඔක්කොම කැරකෙන්නේ කියලා.

ඊටත් පස්සේ හොයාගත්ත නෑ, ඉරත් කැරකෙනවා මන්දාකිනිය වටේ කියලා. ආයෙත් පස්සේ හොයාගත්තා මන්දාකිනිත් කැරකෙනවා  මේ විශ්වය පුරා කියලා. ආයෙත් හොයා ගත්ත නෑ එක විශ්වයක් නෙමෙයි, විශ්වයන් බොහොමයක් තියෙනවා කියලා. දැනට නම් එච්චරයි හොයාගෙන තියෙන්නේ ඒ නිසා මෙතනින් ඒ කතාව නවත්තන්නම්.

මේකට අපි කියනවා විද්‍යාව කියලා.

විද්‍යාව දියුණු වෙන්නේ නව සොයාගැනීම් නිසා. අරක වැරදියි මේකයි හරි. නෑ නෑ එකත් වැරදියි මෙන්න මේකයි හරි.
මෙහෙම වෙන්නේ ඇයි?

හේතුව, තාමත් හොයන උත්තරයේ ළඟටවත් අපි ඇවිත් නැති නිසා. අපි අපේ වටිනා ජීවිත කාලය වගේම ඊළඟ පරම්පාරවත් මේකට ඇදලා දානවා මේවට උත්තර හොයන්න.

එතකොට සිද්ද වෙන්නේ මොකක්ද?

අපි නිවන ගැන හිතන්න, සිත යොමු කරලා ඊට අනුව ක්‍රියා කරන්න කෝ වෙලාවක්. කෝ අපිට උවමනාවක් නිවන ගැන හිතන්නවත්?

අපේ හිතේ උනන්දුව තියෙන්නේ ලෝකේ මුල හොයන්න. තරු ගැන හොයන්න.

මේ සම්පූර්ණ අන්ත දෙකක්.

අපි මේ දේවල් උනන්දු වෙන්න වෙන්න අපිට එකෙන් ගැලවෙන්න හිතෙන්නේ නෑ. එච්චරටම ආසයි අපිට. ඒ නිසා අපි තව තවත් ගැඹුරට හිතනවා. අන්තිමට දන්නෙම නැතුව මැරිලා යනවා. ලැබුණු ඇති දුර්ලභ මිනිස් ජීවිතය නිකරුනේ නාස්ති කරලා.
මෙන්න මේ නිසා බුදුහාමුදුරුවෝ කිව්වා ඒ විෂයන්  ගැන හොයන්න යන්න එපා, එහෙම වුනොත් වෙන්නේ ඒ ගැන හිත හිත ඉඳල මේ වටිනා මිනිස් ජීවිතය නිකරුනේ නාස්ති වෙනව, ඒ නිසා නිවන ගැන හිතන්න කියලා.

මේ කතාව වර්තමානයට කොයි තරම් අදාලද කියල ඔබ තීරණය කරන්න. මොකද වර්තමානයේ අපිට නිවන ගැන කිසිම විශ්වාසයක් නැතුව කොහොමද නිවන ගැන හිතන්නෙවත්? අපිට අද බෞද්ධ සාහිතයේ තියෙන දේවල් ප්‍රායෝගික නෑ නේ. ගොඩක් දේවල් නිකන් සුරංගනා කතා නේ.

ඒත් තේරුම් ගන්න ඕනේ එක දෙයයි. බුදුහාමුදුරුවෝ මේ දේවල් ගැන හොයන්න එපා කිව්වේ නිවනට බාධාවක් නිසා මිසක් ඒ දේවල් ගැන හොයන්න බෑ කියන අර්ථයෙන් නෙමෙයි. කැමති කෙනෙක්ට හොයන්න පුළුවන්, එත් නිවනට තව පරක්කු වෙනවා. ඊළඟ ආත්මයේ සතෙක් වෙයිද දන්නේ නෑ නේ. ඒ නිසා ලැබුණු ආත්මෙන්ම ගොඩයන්න කියලයි සරලව බුදුහාමුදුරුවෝ කිව්වේ. හැබැයි ඒක ඔබේ තීරණයක්.

ඔබට පුළුවන් තීරණය කරන්න. ලැබුණු දුර්ලභ මිනිස් ආත්මයේ කෙළවරක් නැති දෙයක් හොයා හොයා ඉඳල නිකරුනේ නාස්ති කරගෙන මැරිලා ගිහින් ආයෙත් පෙරුම් පුරලා පෙරුම් පුරලා මිනිස් ආත්මයක් ලබනවද කියන එකත්, ලැබුණු දුර්ලභ මිනිස් ආත්මයේ මේ ඉපදිලා, ලෙඩ වෙලා, දුක් විඳ විඳ අන්තිමට මැරිලා ගිහින් ආයෙත් ඉපදිලා මේ ටිකම ආයේ ආයෙත් වෙන එක නවත්තගන්න මේ ලැබිල තියෙන අවස්තාව ප්‍රයෝජනයට අරන් මේ ආත්මෙන්ම මේක ඉවරයක් කරගන්න හෝ ඉවරයක් කරගන්න පලවෙනි පියවර හෝ තියනවද කියලා.

ඔබ වී වැපිරුවොත් අස්වැන්නට වී ලැබෙයි.

ඔබ තල වැපිරුවොත් අස්වැන්නට තල ලැබෙයි.

වී වපුරා තල අස්වැන්නක් බලාපොරොත්තු වෙන්න එපා.

දැන් ඔබට තේරෙනවද ඇයි විද්‍යාව තවමත් ළදරු මට්ටමේ තියෙන්නේ කියලා ආතර් සී ක්ලාක් කිව්වේ කියලා.
මොකද විද්‍යාව හැමදාම තමන් හොයාගන්න දේට වඩා තවත් එහාට හොයන්න උත්සහ කරනවා.

කවදාක හරි හොයාගත්තොත් අපි මේ ලෝකෙට අවේ කොහොමද කියලා, ඊට පස්සේ හොයන්න උවමනාව වෙනවා මේ ලෝකේ අපි බිහි වෙන්න කලින් අපි කොහෙද හිටියේ. ඒ මොන ලෝකෙද? මහා පිපුරුමට කලින් මොකද වුනේ. ඔහොම ඔහොම හොයා හොයා ගිහින් කෙළවරක් නැතුව යනවා.

බුදුහාමුදුරුවෝ ඒකයි කිව්වේ මේ දේවල් ගැන හොයල වැඩක් නෑ නිවනට කිසිම විදියකින් උදව්වක් වෙන්නේ නෑ. මේ ලෝකෙට එන හැම මිනිසෙක්ම මේ ලෝකෙට ඉපදෙන්නේ අනිත් ගැනිය නොහැකි වූ ජීවීන්ට වැඩ ලොකු කුසල් කර්මයක් තියෙන නිසා. ඒ නිසා ඔවුන්ගේ අරමුණ විය යුත්තේ නිවනට යාමයි. ඒ නිසා ඒ දේවල් ගැන හොයා හොයා කාලය නාස්ති නොකර, නිවනට යොමු වෙන්න කියලා.

එතකොට බෞද්ධයෝ විතරද නිවන් දකින්නේ?

ඒ ගැන වෙනම කතා කරමු.

No comments:

Post a Comment