Monday, October 21, 2019

විශ්වාසය , මායාව , සත්‍යය


ඔබ පුනුරුප්පත්තිය විශ්වාස කරනවද?

ඔබ දෙවියන් විශ්වාස කරනවද?

ඔබ පිටසක්වල ජීවින් විශ්වාස කරනවද?

මේ වගේ ප්‍රශ්න ඔබ ඕනේ තරම් අහල ඇති.

මේ ප්‍රශ්න වල ඇත්තම අර්ථය මොකක්ද?

ඔබ පුනුරුප්පත්තිය විශ්වාස කරනවද?

මේ අහන්නේ පුනුරුප්පත්තිය කියල දෙයක් තියෙන්නත් පුළුවන් නොතින්නත් පුළුවන් කියන තැන ඉඳගෙන කියල ඔබට තේරෙනවද?

අහන කෙනා විශ්වාස කරන නිසා අනිත් කෙනා විශ්වාස කරනවද කියල දැනගන්න අහන්න පුළුවන් වගේම, අහන කෙනා විශ්වාස නොකර නිසා, අනිත් කෙනාගේ මතය දැනගන්න අහන්න පුළුවන්.

හැබැයි ඔබ කාගෙන්වත් අහනවද ඔබ ගුරුත්වාකර්ෂණ බලය විශ්වාස කරනවද කියල..?

නෑ.

මොකද අපි හැමෝම ප්‍රත්‍යක්ෂයෙන් ඒ දේ දන්නා නිසා. එහෙම නැත්නම් ඒ දේ පාසලේ උගන්නලා තියෙන නිසා අපි පොලවට ඇලිලා ඉන්න නිසාත් අපි දන්නවා අහ ගුරුත්වාකර්ෂණය කියන්නේ ඒකට කියලා.
ඒ කියන්නේ ගුරුත්වාකර්ෂණය ගැන අපිට මතයන් දෙකක් නෑ. එහෙම එකක් තියෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන් කියල හිතෙන්නේ නෑ අපිට. අපි දන්නවා එහෙම දෙයක් තියෙන බව.

අපි මේ දේ තේරුම් ගමු.

පුනර්භවය විශ්වාස කරනවද කියන ප්‍රශ්නය ඇතුලේ පුනර්භවය කියල දෙයක් තියෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන් කියන කතාව තියෙයි.

පිටසක්වල ජීවින් විශ්වාස කරනවද කියන ප්‍රශ්නේ ඇතුලේ, පිටසක්වල ජීවින් ඉන්නත් පුළුවන් නොඉන්නත් පුළුවන් කියන කතාව තියෙයි.

ඒත් ඔබට තේරෙන්නේ නැද්ද ඒ “වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්” කියන දේ ඇත්තටම අර්ථ ශුන්‍යයි කියලා.

මොකද අපි දැනගෙන හිටියත් නැතත් පිටසක්වල ජීවින් ඉන්නවා නම් ඉන්නවා, නැත්නම් නෑ.
අපි “හිතමු” ඉන්නවා කියලා.

දැන් අපි ඔවුන් ඉන්නවා කියල විශ්වාස කරනවද කියන ප්‍රශ්නේ ඇති අර්ථය මොකක්ද?

ඔවුන් ඉන්නවනේ. ඇයි අපි ඉන්නවද නැද්ද විශ්වාස කරන්නේ..?

අපි එහෙනම් අහන්න ඕනේ පිටසක්වල ජීවින් මොන වගේද කියල වගේ ප්‍රශ්නයක්. මොකද අපි දන්නවා ඉන්නවා කියලා.

ඔබ විශ්වාස කරනවා කිව්වත් වැරදියි, විශ්වාස කරන්නේ නෑ කිව්වත් වැරදියි.

මොකද ඒ උත්තර දෙකේම ඔබ අවිනිශ්චිතව යි උත්තර දෙන්නේ.

මොකද ඒ ප්‍රශ්නෙම වැරදි නිසා.

කෙනෙක් ඔබෙන් ඇහුවොත් ඔයා මාව විශ්වාස කරනවද කියලා.

ඒ ප්‍රශ්නේ ඇතුලෙම තියෙනවා ඔයාට මාව විශ්වාසයි කියල මට හිතෙන්නේ නෑ, ඒ නිසා මම මේ ඒ දේ තහවරු කරගන්නයි අහන්නේ කියන කතාව.

මොකද කෙනෙක්ට තමන් ව අනිත් කෙනාට විශ්වාස කියල දැනෙනවා නම් එහෙම අහන්න ඕනේ නෑ.
විශ්වාසය කියන වචනය ඇතුලෙම තියෙන්නේ මායාව. මායාව කියන්නේ සත්‍ය නොපෙන්නන වෙනත් දෙයකින් සත්‍ය වහල තියෙන දේ.

විශ්වාසය කියන වචනයම මායාකාරී වචනයක්.

ඔබ දෙයක් විශ්වාස කරනවා කියන්නේ ඔබට ඒ ගැන 100% තහවරුවක් නෑ කියන එකයි.

හැබැයි මේ ලෝකේ දෙයක් තියෙනවා නම් තියෙනවා, නැත්නම් නෑ. එකටයි සනාතන ධර්මය කියන්නේ.
90% තහවරු කියල දෙයක් නෑ. එක්කෝ තහවරුයි, නැත්නම් තහවරු නෑ.

විශ්වාසය කියන වචනය ඔබේ ශබ්ධකෝෂයේ තියෙනකන් ඔබ ඉන්නේ ලොකු මායාවක, සත්‍ය කියන්නේ ඔබට ගොඩක් දුර දෙයක්.

No comments:

Post a Comment