Wednesday, October 2, 2019

අනියම් සම්බන්ධතා


අපි කලින් ලිපියෙන් කතා කළා කොහොමද එක්කෙනක් ඉද්දි තවත් කෙනෙක් ලං වෙන්න අපේම වැරදි හේතු වෙන්නේ කියලා. 

එකේදී අපිට තේරුනා එක්කෙනෙක් ඉද්දි තවත් කෙනෙක් ආවම අර කලින් කෙනාට තමන්ගේ තැන නැති වෙනවා කියලා.

ඒත් අනියම් සම්බන්ධතාවයක් කියන්නේ එහෙම දෙයක් නෙමෙයි. එයත් ඉන්නවා මෙයත් ඉන්නවා.

අපි ඒ ගැන කතා කරමු.



අපේ සුපුරුදු සම්බන්ධතා වෘත්තය තුලින්ම මේ ගැන පැහැදිලි කරගනිමු. සුපුරුදු විදියටම ඉන්නවා මැදින් ඔබගේ පෙම්වතිය හෝ බිරිඳ. (බිරිඳ ලෙස මෙතැන් සිට සලකමු)



එතැනින්ම ඉන්නවා ලඟින්ම ඔබ. නිල් පාට වෘත්තයේ ඉන්නවා ඇයගේ හොඳම යහළුවන්. කොළ පාට වෘත්තයේ ඉන්නවා ඇයගේ යහළුවන්.

ඔබගේ විවාහ ජීවිතයේ ඔබ කොයි තරම් හොඳින් හිටියත් ඔබ අතරේ එකඟ වෙන්න බැරි කරුණු ඕනෑ තරම් තියෙන බව ඔබ දන්නවා ඇති. විවාහ ජීවිතයක් ම නෙමෙයි ආදර සම්බන්ධතාවයක් තුලත් එක එහෙමමයි.

අපි මෙහෙම හිතමු. ඔබ ගත කරන්නේ බොහොම කාර්යබහුල ජීවිතයක්. ඔබගේ ජීවිතය හරිම වේගවත්. උදේ නැගිටිනවා, වැඩට යනවා, ගෙදර එනවා, කනවා, නිදා ගන්නවා.

දැන්  ඔබගේ ජීවිතය ඇත්තටම යාන්ත්‍රික බව ඔබට තේරෙනවද? ඔබට බිරිඳක් ඉන්නවා. ඇය ගැන ඔබ නොසලකා හරින බව ඔබට තේරෙනවද?

මේක මෙහෙම වෙද්දී ඔබේ බිරිඳ උත්සහ කරනවා ඔබව ඇයට ඇහුම්කන් දෙන තත්වයට ගන්න. ඒත් ඔබට සිහියක් නෑ.
ඔව්, ඔබ එහෙම වෙහෙසෙන්නේ, උදේ ඉඳන් රෑ වෙනකන් මැරීගෙන වැඩ කරන්නේ මේ බිරිඳව රැක බලාගන්න තමයි. ඒක තේරෙනවා. ඒත් ඊට වඩා වැදගත් හැබැයි පුංචි පුංචි කාරනා තියෙනවා අපි විසින් තේරුම් ගත යුතු. කිසිදු වියදමක් යන්නේ නැති දේවල් අපි මග අරිනවා සල්ලි හොයන්න. අවසානයේ සිද්ද වෙන්නේ ඔබගේ බිරිඳ ඇයට අවශ්‍ය දේ වෙන මාර්ගයකින් හොයන එක.

මෙතැනදී ඇයට තෝරාගන්න කාණ්ඩ දෙකක් තියෙනවා. හොඳම යහළුවන් සහ යහළුවන්. බොහෝ විට ඔබ අහල ඇති අනියම් සම්බන්ධතා පැවැත්වෙන්නේ සැමියාගේ හෝ බිරින්දගේම යහළුවන් සමග කියලා. අපි ඒ ගැන කතා කරමු.


බිරිඳ රැකියාවක් නොකරන ගෙදරටම වෙලා ඉන්න කෙනෙක් නම් ඇයගේ මේ සමබන්ධතා වෘත්තය ඇත්තටම හරිම පොඩි එකක්. මොකද ඇය ආශ්‍රය කරන පිරිස අඩු නිසා. එතකොට ඇයට සිද්ධ වෙනවා ඇය ආශ්‍රය කරන අයගෙන් කෙනෙකු එකට තොර ගන්න. ඇය ආශ්‍රය කරන එකම පිරිමි පිරිස තමන්ගේ සැමියාගේ යහළුවන් නම් ඇය ට වෙනත් විකල්ප නෑ. ඒ වගේමයි පිරිමි ජාතිය තමන්ට නොමිලේ ලැබෙන මේ වගේ අවස්ථා මග අරින්න තරම් වෙස්සන්තර ජාතියේ අයත් නෙමෙයි.

ඉතින් ඇය මුලින් සංඥාවක් දීල බලනවා පිළිතුරු සංඥාවක් ලැබෙන්නේ කාගෙන්ද කියලා. ලැබුනොත් මෙතනින් එහාට කතාව ලියන්න මම අකුරු කොටන එක අපරාදයක්.

ලැබුනේ නැත්නම් ඇය තවත් වෘත්තයක් ආපස්සට යනවා. සැමියාගේ සාමාන්‍ය මිතුරන් වෙත. එකෙනුත් පිළිතුරු සංඥාවක් ලැබුනේ නැත්නම් තවත් වෘත්තයක් ආපස්සට, එදිනෙදා ජීවිතයේ හමු වෙන පිරිස. ගෙදර වැඩකරු, රියදුරු, ගෙදරට ලිපි අරන් එන මනුස්සයා.
මෙතන අනියම් සම්බන්ධතාවයක් ඇති කරගන්න බලපාන එකම හේතුව ලිගිකත්වය විතරක් නෙමෙයි.

සමහරවිට සැමියා අධික ලිංගික ආශාවකින් ඉන්න කෙනෙක් නම් බිරිඳට කිසිම ආදරයක් ලැබෙන්නේ නැත්නම්, උදාහරණයක් විදියට ආදරෙන් කතා කරන්නේ නැත්නම්, සිප වැළඳ ගැනීම් නැත්නම්, තමන් ගැන හොයන්නේ බලන්නේ නැත්නම්, බිරිඳ වෙනත් කෙනෙක්ගෙන් මේ දේවල් හොයනවා. එතන හොයන්නේ ලිංගිකත්වය නෙමෙයි. ආදරය. නමුත් අනියම් පිරිමියාට ඕනේ ආදරය නෙමෙයි. ලිංගිකත්වය. ඉතින් ඔහු ආදරය ලබා දෙන ගමන් බිරිඳව පොළඹවා ගන්නවා ලිංගිකත්වයට. ඇයත් දන්නවා මම මේ දේ නොදුන්නොත් මට මේ ලැබෙන ආදරය නැති වෙන බව.

ආදර සම්බන්ධතාවයක තුලත් අනියම් ඇසුරක් ඇති වෙන්න ඉඩ කඩ බොහොමයි.

ඔබගේ පෙම්වතිය කැමති හින්දි නළුවෙක් වගේ කෙනෙක්ට නම්, ඔබට ඒ වගේ පෙනුමක් තියෙන නිසා ඔබ එක්ක සම්බන්ධතාවය පටන් ගන්න ඇති. (ගති ගුණ වගේ අනිත් දේවල්ද ඇතුළුව)

හැබැයි හිතන්න ඔබ හින්දි නළුවා වගේ. ඇය ට දවසක හම්බෙනවා ඇත්තටම හින්දි පිරිමි ළමයෙක්. අපි හිතමු සංචාරයකට ආපු පිරිමි ළමයෙක්. දැන් ඇය “හින්දි වගේ” කෙනෙක්ට වඩා “හින්දි” කෙනෙක්ට දක්වන කැමැත්ත වැඩියි. ඉතින් දැන් ඇය හිතනවා අර හින්දි පිරිමි ළමය ගැන. වෙනත් විදියකට කිවොත් දැන් ඔබේ ආදර වෘත්තය ඇතුලේ අර හින්දි පිරිමි ළමයත් ඉන්නවා.
නැත්නම් අපි හිතමු ඔබේ ගැහැණු ළමයා කැමතියි මැරයෙක් වගේ කොල්ලෙක්ට. රැවුල වවාගත්තු, ගහ මරා ගන්න, අරක්කු බොන, සිගරට් බොන, ගංජා ගහන කොල්ලෙක්ට. ඔබගේත් ඔය ගති ගුණ තියෙනවා ඔක්කොම. හැබැයි දවසක ඇයට හමුවෙනවා අන්ත මැරයෙක්. අපි හිතමු ඇය සංගීත සංදර්ශනයක් බලන්න ගිහින් එතන මේ මාරයා තව සෙට් එකකට බිම දාගෙන ගහනවා. ඇය කැමති ඔක්කොම ලක්ෂණ ඔහුට තියෙනවා. දැන් ඔබට වඩා දෙයක් ඇය ඔහුගෙන් දැකල ඉවරයි. එහෙනම් දැන් ඔබගේ ආදර වෘත්තය තුල ඔහුත් ඉන්නවා.

මේවා දැක්ක ගමන් සිද්ධ වෙන දේවල් නෙමෙයි. පිරිමින්ට සහජ හැකියාවක් තියෙනවා තමන් ගැන උනන්දු වෙන ගැහැණු ළමයි කවුද කියල තේරෙන්න. ඉතින් ඒගොල්ලෝ අතට ආපු අවස්තාව නැති කරගන්නේ නෑ.

අනියම් ඇසුරක් කියන්නේ ලින්ගිකත්වයම නෙමෙයි.

අපි ඒ ගැන ඊළඟ ලිපියෙන් කතා කරමු මේ ලිපිය දිග වැඩි වුනු නිසා.

2 comments:

  1. අයියෝ මේ තරම් පටු විදියට ආදරය හඳුන්වන්න එපා. මේ ඔබ කියන ආකාරයේ ළාමක ආදරය මුහුකුරා ගිය ගැහැනුන් සහ පිරිමින්ට අදාළ නෑ, එයාල ඔයිට වඩා හරිම වෙනස් ආකාරයටයි හැසිරෙන්නේ. උදාහරණයකට ප්‍රශ්නයක් ඇත්නම් කතා කරගෙන විසඳ ගන්නවා.

    ReplyDelete
    Replies
    1. මං නම් මේ කතාවට එකඟයි. වෛවාහක බිරිඳව වැඩට නොයවා ගෙදර තියාගන්න බලන්නේ ඒ කිව්ව රවුම නැහැමයි කියලා හිතලා. රෑ වැඩ කරන කාන්තාවන්ට අකමැතිත් ඒකයි..රවුමටත් වඩා අවස්ථාව විශාල වෙන නිසා.. දැන් දික්කසාද වැඩිත් මේ වගේ ප්‍රශ්න නිසා, රවුම විශාලයි. පිරිමියගේ වුණත් ගැහැණියගේ වුණත් ..

      Delete