Friday, October 4, 2019

සිව් වෙනි මානය 2


අපි මානයන් ගැන ලිපි දෙකකින් කතා කල නිසා තවත් ඒ ගැන විස්තර කතා කරන්න හිතුනා.

අපි කලින් කතා කරා දෙවැනි මානයේ ඉන්න පැතලි වැසියෙක් ට කඩදාසි අතුරුදහන් වෙන විදියටම අපිට ත් සිව් වෙනි මානයේ ඉන්න ජීවියෙක් උදව් කරන්න ගිහින් අපිටත් ඒ අත්දැකීමම ලැබෙන්න පුළුවන් කියලා.

මේ කතාව තේරුම් අරන් ඉන්න ඔබට සිව් වෙනි මානය සහ එතනින් එහාට යම් අදහසක් ලබා ගන්න අපි කරුණු කිහිපයක් තේරුම් ගනිමු.

විද්‍යාව අද වෙද්දී නිගමනය කරනවා සිව් වෙනි මානය කියන්නේ කාලය කියලා.

මේක ටිකක් තේරුම් ගත යුතු දෙයක්. මෙතැනදී කාලය කියන්නේ වෙලාව කියන අර්ථය නෙමෙයි. කාලය කියන්නේ, වර්තමාන අතීත සහ අනාගත කියන කාලය.

මේක තේරුම් ගන්න සරලව හිතල බලමු ගැඹුරට යන්නේ නැතුව.

අපි හැමතිස්සෙම ඉන්නේ වර්තමානයේ හිර වෙලා. හැමතිස්සෙම.

ඔබ මේ කියන ලිපියේ කලින් කියවපු වචනය


“වචනය”

අයිතිවෙන්නෙත් අතීතයට. මොකද ඔබ ඒ වචනය කියවලා ඉවරයි. දැන් ඔබ කියවන්නේ වෙනත් වචනයක්. එක අලුත්ම වචනයක්. “වචනය “ කියන දේ වුනත් එකම අර්ථයෙන් යෙදුනත් ඒත් අලුත් වචනයක්.

ඔබ සෑම විටකම වර්තමානයේ හිර වෙලා ඉන්නවා. සෑම මයික්‍රෝ තත්පරයකම ඔබ අතීතයට යමක් දෙනවා.
එහෙනම් ඔබ සෑම විටකම ඉන්නේ වර්තමානයේ නෙමෙයිද?

ඉතින් සිව් වෙනි මානය තුල ඉන්න ජීවීන්ට අපිට වගේ වර්තමානයේ හිර වෙලා ඉන්න කොටසක් නෙමෙයි. ඒ අයට වර්තමානය අතීතය සහ අනාගතය කියන තුන් කලම එක විට පේනවා.

ඒක තේරුම් ගන්න අපි මෙහෙම හිතමු.

ද්විමානයේ ඉන්න පැතලි වැසියාට අපි එක උඩ එක ගහපු කඩදාසි ඔක්කොම පෙන්නේ නෑ. ඔහුට පෙන්නේ යටම තියෙන එක කඩදාසිය විතරයි. හැබැයි ත්‍රිමාණයේ ඉන්න අපිට ඒ කඩදාසි ඔක්කොම පේනවා. අපි මේ පැතලි වැසියා ව අතින් අල්ලලා “උඩ” කියන මානයේ පොඩි රවුමක් එක්කන් යනවා. දැන් ඔහුට පේන්න පටන් ගන්නවා අර අතුරුදහන් වුනු කඩදාසි එකින් එක පේන්න පටන් ගන්නවා. හැබැයි ඒත් වරකට එකයි. ඔක්කොම පෙන්නේ නෑ.

මේ වගේ අපිට පේන්නේ වර්තමානය විතරක් වුනාට (අපි ත්‍රිමාණ ජීවින් නිසා) සිව්වෙනි මානයේ ජීවීන්ට අපේ අතීතය වර්තමානය සහ අනාගතය කියන තුනම එක පාර පේනවා. හැබැයි අපිට පේන්නේ  වර්තමානය විතරයි. අතීතය අපිට මතකයක් විතරයි. 

අනාගතය අපිට මවා ගැනීමක් විතරයි. අපි හැමතිස්සෙම ඉන්නේ වර්තමානයේ.

ඉතින් සිව්වෙනි මානය කියන්නේ කාලය කියලා විද්‍යාවෙන් කියද්දී බුදුහාමුදුරුවෝ  ආත්මයක් ගැන කියනවා. බුදුහාමුදුරුවෝ බුදු වෙද්දී බුදුහාමුදුරුවොන්ට ඇති වුනාලු සියලු සතුන්ගේ අතීතය වර්තමානය සහ අනගාතය පේන ඥානය.

මේ දෙකේ පොඩි සමාන කමක් තියෙනවා නේද?

විද්‍යාවේ කාලය කියද්දී බුදුහාමුදුරුවෝ ආත්මය ගැන කියනවා.

ඒ නිසයි හැමතිස්සෙම එක දෙයක් ඔලුවේ තියාගන්න කියල ඉල්ලීමක් කරන්නේ. බුදුහාමුදුරුවෝ හොයාගත්තේ මේ ලෝකේ සදාකල් ක්‍රමය. ඒකට අපි කියනවා සනාතන ධර්මය කියල. ඒ ලෝකයේ සදාකල් ක්‍රමය වෙනත් නම් වලින් ඉදිරියටත් සොයාගැනීම් කරයි. ඒත් ඒ දේම බුදුහාමුදුරුවෝ මීට අවුරුදු 2500 කට කලින් බුදුහාමුදුරුවෝ කියල තියෙනවා.

හිතල බලන්න.

No comments:

Post a Comment