Sunday, October 6, 2019

බෞද්ධයෝ විතරද නිවන් දකින්නේ 3


පුනර්භවය සහ කර්මය විශ්වාස කරන ඒ අනුව ජීවත් වෙන 22% විතරද ආයේ ආයේ උපදින්නේ?

පුනර්භවය සහ කර්මය විශ්වාස නොකරන 78% ආයේ උපදින්නේ නැද්ද?

මෙන්න හොඳ ප්‍රශ්නයක්.

මේකට උත්තරය ටිකක් විකාර වෙයි.

මොකද ඇත්තටම ආයේ ආයේ උපදින්නේ කර්මය සහ පුනර්භවය විශ්වාස නොකර 78% විතරයි.

මේක ටිකක් ගැඹුරින් තේරුම් ගත යුතු දෙයක්.

අපි භාහිර සාධක නෑ කියලා හිතලා පුනර්භවය විශ්වාස කරන අය ඒ අනුව ජීවත් වෙනවා කියල හිතුවොත් අපිට තේරෙනවා ඔවුන් ඒ ආත්මයේ කිසිම වැරද්දක් නොකර හොඳින් ජීවත් වෙලා නිවනට පාර කපාගන්නවා කියලා. එහෙනම් ඔවුන් නිවන් දකිනවා. එකනේ කර්මය. හොඳ කරොත් හොඳ ලැබෙයි නරක කරොත් නරක ලැබෙයි. මුකුත්ම නැතුව හිටියොත් නිවෙයි.

හැබැයි මේ මුකුත් දන්නේ ඇති 78% ඔහේ ජොලියේ සොමියේ සැපේ ජීවත් වෙනවා වැරදි කර කර. දැන් ඔවුන් පුනර්භවය විශ්වාස කරේ නැති වුනාට වැඩක් නෑ. සනාතන ධර්මය ඔවුන්ටත් පොදුයි.

වැරදි කරා නම් වැරදි තැනක ඉපදිලා දුක් විඳියි. හොඳ කරා නම් හොඳ තැනක ඉපදිලා සැප විඳියි. හැබැයි කොහොම වුනත් ඉපදෙනවා. එකටනේ පුනර්භවය කියන්නේ.

ඒත් ඇත්තම කතාව මේක මෙහෙමම වෙන්නේ නෑ.

අපි ඒ ගැන කතා කරමු.

අපි මුලින් ගමු 22%

අපේ රටම උදාහරණයට ගමු.

අපි කොච්චර වාසනාවන්ත පිරිසක්ද කියලා මීට කලින් ලිපියක අපි කතා කරා. මිනිස්සු වෙලා ඉපදිලා, එකත් ලංකාව කියන රටේ (රටේ පාලකයෝ පත් කරෙත් ඔබමයි, නැතුව ඒක රටේ වැරද්දක් නෙමෙයි.) ඒකත් බෞද්ධයෝ වෙලා ඉපදුනු අපි අතරේම පුනර්භවය විශ්වාස නොකරන කොච්චර නම් ඉන්නවද?

විශේෂයෙන් දැන් ඉන්න තරුණ සහ එතනින් පහල සියලු පරම්පරා පුනර්භවය විශ්වාස කරන්නේ නෑ.

ඉතින් මේ සමාජේ පිරිහෙන එක ගැන පුදුමයක් තියේද ඔබට?

ඔවුන් උපතින් බෞද්ධ වුනත් ඇත්තටම අයත් වෙන්නේ අර 78% නේද?

මොකද ඔවුන් පුනර්භවය විශ්වාස කරන්නේ නැති නිසා.

එහෙනම් උපතින් බෞද්ධ වුනත් අපිට හරි අවබෝධයක් නැත්නම් අපි ආයෙත් ගිහින් වැටෙන්නේ අර 78% කියල තේරෙනවා ඇති.
ඕකෙම අනිත් පැත්තත් තියෙනවා.

දැන් දැන් බටහිර රටවල ගොඩක් අය ඉන්දියාව ලංකාව හොයාගෙන එනවා බෞද්ධ දර්ශනය ඉගෙන ගන්න. ඇයි ඒ?

ඉගෙන ගද්දි කර්මය පුනර්භවය ගැන දැනගෙන ඒ අනුව හැසිරෙනවා නම් ඔවුන් අයිති වෙන්නේ 78% ද 22% ටද?

22% නේද?

එහෙනම් නිවන් මාර්ගයට ලඟයි නේද? හැබැයි ඔවුන් බෞද්ධයෝද?

නෑ. බෞද්ධ කියන්නේ ආගමක් නෙමෙයි දර්ශනයක් කියන්නේ ඒකයි.

බෞද්ධයෝ නිවන් දකින්නේ නැති වුනත් බෞද්ධ නොවෙන අය නිවන් දකින්න ඕනේ හැටියේ පුළුවන්.
ඒකට හේතුව මොකක්ද?

6 comments:

  1. මට ප්‍රශ්න කිහිපයක් තිබෙනවා. කොහෙන්ද 22% අගය සොයා ගත්තේ?
    //අපි භාහිර සාධක නෑ කියලා හිතලා පුනර්භවය විශ්වාස කරන අය ඒ අනුව ජීවත් වෙනවා කියල හිතුවොත් අපිට තේරෙනවා ඔවුන් ඒ ආත්මයේ කිසිම වැරද්දක් නොකර හොඳින් ජීවත් වෙලා නිවනට පාර කපාගන්නවා කියලා.// මේක ඉතාම වැරදි උපකල්පනයක්නේ. පුනර්භවය විශ්වාස කරන අය මොනතරම් වැරදි කරනවද? අනිත් අතට පුනර්භවය විශ්වාස නොකරන මොනතරම් යහපත් අය ඉන්නවද. //හැබැයි මේ මුකුත් දන්නේ ඇති 78% ඔහේ ජොලියේ සොමියේ සැපේ ජීවත් වෙනවා වැරදි කර කර.//ඒ නිසා මේකත් ඉතාම වැරදි උපකල්පනයක්. //බෞද්ධයෝ නිවන් දකින්නේ නැති වුනත් බෞද්ධ නොවෙන අය නිවන් දකින්න ඕනේ හැටියේ පුළුවන්.// අන්න ඒකට නම් එකඟයි. නමුත් මේ තර්කය ඔබේ ඉහත තර්ක සමඟ නොපෑහේ. දැන් මට කියන්න පුනර්භවය විශ්වාස නොකරන බෞද්ධ නොවෙන වෙනත් ආගමක අයෙක් ඉතා යහපත්ව ජීවත් උනොත් ඔබේ පළමු තර්කයට අනුව නිවන් නොයයිද දෙවන තර්කයට අනුව නිවන් යයිද?

    ReplyDelete
  2. Hinduism has approximately 1.1 billion adherents worldwide (15% of world's population).
    Buddhism is a religion practiced by an estimated 488 million in the world, 495 million, or 535 million people as of the 2010s, representing 7 % of the world's total population.
    (Wikipedia)
    22% හොයාගත්තු විදිය.

    ඔව් පුනර්භවය විශ්වාස කරන අය හැමෝම නිවන් දකිනවා කියල ගත්තු උපකල්පනය වැරදියි කියලා මේ පොස්ට් එකේම මම ලියලා තියෙනවා.
    විශ්වාස නොකර අය නිවන් දකින්නේ නැතුව ඉන්නේ නෑ කියලත් කියලා තියෙනවා.

    එතනින් අදහස් කරේ "පොතේ හැටියට" පුනර්භවය විශ්වාස කරන අය හොඳින් ඉන්න ඕනේ, (මොකද එයාල ආයෙත් උපදින බව දන්නා නිසා වැරදි නොකර ඉන්න නිසා) ඒ නිසා එයාල ආයේ ඉපදෙන්නේ නෑ කියන එක මිසක් ඒක එහෙමම වෙනවා කියන එක නෙමෙයි.

    ඒ වගේම පුනර්භවය විශ්වාස නොකර හැමෝම පොතේ හැටියට ඉන්න ඕනේවිදිය ජොලියේ ඕනේ දෙයක් කර කරනේ. මොකද එයාල හිතන්නේ මේ ආත්මෙන් ඔක්කොම ඉවරයි. ඉතින් මොනවා කරත් එකයි.

    හැබැයි එහෙම වෙන්නේත් නෑ කියලා මේකෙම කියල තියෙයි.

    //ඒත් ඇත්තම කතාව මේක මෙහෙමම වෙන්නේ නෑ.//

    ඒකයි මේ එකම දෙය ගැන පොස්ට් හතරක්ම ලියන්න වුනේ. එකින් එක සරලව පැහැදිලි කරන්න ඕනේ නිසා. අන්තිම පොස්ට් එකේ ඒ ප්‍රශ්නයට උත්තරය තියෙනවා.

    ReplyDelete
  3. දේව්දාස්, ස්තූතියි පිළිතුරට. නමුත් ඔබේ ලිපි සමඟ එකඟ විය නොහැකියි. කිසියම් උපකල්පනයක් කරන විට ඒක යථාර්තයට පුළුවන් තරම් කිට්ටු විය යුතුයි නිරවද්‍යතාවයක් තිබීමට. ඔබේ උපකල්පන යථාර්තයට ඉතාම දුරයි. පුනර්භවය විශ්වාස කරන හින්දු සහ බෞද්ධ 22% කිසි වරදක් කරන්නෙ නෑලු, එහෙනම් ඉන්දියාවයි ලoකාවයි කේතුමතී රාජ්‍ය දෙකක් විය යුතුයිනෙ, නමුත් ඇත්ත නම් ඉන්දියාවයි ලoකාවයි ඉතා ප්‍රශ්නකාරී රටවල් දෙකක්නෙ, ඉන්දියාවේ අධික කුළ වාදය, අධික ලෙස කාන්තාවන් දූෂණය කිරීම, දෑවැද්ද මත පදනම් වූ ගෘහස්ථ හිoසනය, අවයව ජාවාරම වගේ වෙන කිසිම රටකට දෙවැනි නැති අපරාධ මොනතරම් වෙනවද? හරි ක්‍රමය නම් ඔබ ලoකාවෙන් සහ ඉන්දියාවෙන් පුනර්භවය විශ්වාස කරන හින්දු සහ බෞද්ධ මිනිස් නියැදි තෝරා ඔවුන්ට ප්‍රශ්නාවලියක් හෝ වෙනත් ආකාර ක්මවේදයක් දී කොතරම් වැරදි කරනවාද යන්න ගැන අදහසක් ගෙන ඒ අනුව අර 22%න් කීදෙනෙක් කිසි වරදක් කරන්නෙ නැද්ද යන්න දැන ගැනීමයි. මම එවැනි ටිකක් සමාන සමීක්‍ෂණයක් කලා ලoකාවේ අය ගැන, කිසි වරදක් කරන්නෙ නැති අය 0% ලැබුනේ. අනිත් අතට පුනර්භවය විශ්වාස නොකරන ආගම් වල බොහෝ මිනිස්සු එම ආගම් වල කියා ඇති පරිදි යහපත් විදියට ඉන්නවා, නැත්නම් ඒ මිනිස්සු ලoකාවට මත්පැන් පානයෙන්, සියදිවි හානි කර ගැනීමෙන්, වස විස ආහාර පරිභෝජනයෙන්, ගූගල් සෙක්ස් සර්ච් එකෙන් කප් ගහන්න දෙන්නෙ නෑනෙ නේද?

    ReplyDelete
  4. මුලින්ම කියන්න ඔබ ලිපි හතරම කියෙව්වද කියලා.

    ReplyDelete
  5. ඔව් ඔබ මගේ ඉහත ප්‍රශ්නයට හැකිනම් පිළිතුරක් දෙන්න.

    ReplyDelete
  6. අපි දෙයක් දිහා බලන්නේ වෙනත් දෙයක් ඔලුවේ තියාගෙන නම් අපිට අර කියල තියෙන දේ නෙමෙයි ඔලුවට වැටෙන්නේ, අපේ ඔලුවේ තියෙන දේමයි හරි කියල හිතෙන්නේ.

    ඔබට වෙලා තියෙන්නෙත් ඒ දේමයි. මොකද ලිපි හතරේම කියල තියෙන දේ ඔබ තේරුම් අරන් ඉන්නේ සම්පූර්නෙන්ම වැරදියට.

    මේ ලිපි වල කොහෙවත් කියලා නෑ බෞද්ධයෝ සහ හින්දුන් සම්පූර්ණ පුනර්භවය විශ්වාස කරන නිසා හොඳට ඉඳල නිවන් දකිනවා කියලා. මම ද3 වැනි වතාවටත් කියන්නම්, මේකේ කියල තියෙන්නේ හරි නම් සිද්ද වෙන්න ඕනේ එහෙමයි කියල. හැබැයි එහෙම වෙන්නේ නෑ.

    ඒ වගේම පුනර්භවය විශ්වාස නොකර අයයි හරි නම් ඔහේ ඉඳල ජොලියේ වැඩ කරලා ඒවගේ විපාක දන්නේ නැතුව ආයේ ආයේ ඉපදී ඉපදී මැරී මැරී ඉන්න ඕනේ. හැබැයි එහෙම වෙන්නෙත් නෑ.

    //අපි භාහිර සාධක නෑ කියලා හිතලා පුනර්භවය විශ්වාස කරන අය ඒ අනුව ජීවත් වෙනවා කියල හිතුවොත් අපිට තේරෙනවා ඔවුන් ඒ ආත්මයේ කිසිම වැරද්දක් නොකර හොඳින් ජීවත් වෙලා නිවනට පාර කපාගන්නවා කියලා. එහෙනම් ඔවුන් නිවන් දකිනවා. එකනේ කර්මය. හොඳ කරොත් හොඳ ලැබෙයි නරක කරොත් නරක ලැබෙයි. මුකුත්ම නැතුව හිටියොත් නිවෙයි.

    හැබැයි මේ මුකුත් දන්නේ ඇති 78% ඔහේ ජොලියේ සොමියේ සැපේ ජීවත් වෙනවා වැරදි කර කර. දැන් ඔවුන් පුනර්භවය විශ්වාස කරේ නැති වුනාට වැඩක් නෑ. සනාතන ධර්මය ඔවුන්ටත් පොදුයි.

    වැරදි කරා නම් වැරදි තැනක ඉපදිලා දුක් විඳියි. හොඳ කරා නම් හොඳ තැනක ඉපදිලා සැප විඳියි. හැබැයි කොහොම වුනත් ඉපදෙනවා. එකටනේ පුනර්භවය කියන්නේ.

    ඒත් ඇත්තම කතාව මේක මෙහෙමම වෙන්නේ නෑ.//

    අන්තිමට කියලා තියෙනවා ඇත්තටම මේ පුනර්භව විශ්වාස කරන අය නිවන් දකින එකත් නැති අය ආයේ ආයේ ඉපදෙන එකත් එහෙමම වෙන්නේ නෑ කියලා. අන්න ඒකයි ඔබට තේරුම් ගන්න බැරි වෙලා තියෙන්නේ.

    ඒක සාධාරණයි. ශ්‍රී ලාංකික-අප්‍රිකානු අප්සරාවක් විදියට ඔබට සිංහල එතරම් ම හොඳට බැරි බව පැහැදිලියි එකම කරුණ තුන් වතාවක් කියන්න සිද්ධ වීමෙන්.

    ලිපි හතරම කියවලත් මේ කාරණාව තේරෙන්නේ නැත්නම්, ඔබ මේ ලිපි කියවන්න එපා. මොකද අපරාදේ ඔබගේ මොලයට මේ දැනුම බර වැඩියි.

    අවසානයට කිව යුතුයි, මේ රටවල් දෙකේ තියෙන තරම් පහත් ගති ගුණ පහත් ක්‍රියා වෙනත් කිසිම රටක වෙන්නේ නෑ. ඒකට හේතුවත් මෙච්චර දෙයක් තමන්ගේ අතීතෙන් දැනුම විදියට ලැබුණු මිනිස්සු දැන් ඒවා ගැන කිසිම හන්ගීමක් නැතුව අර කිව්වා බටහිර රටවල් වල දේවල් ගන්නම් වාලේ අරන් දැන් මිශ්‍ර ජාතියක් වෙලා ඉඳීම මයි. මොකද මිශ්‍ර වුනු ජාතියකට අල්ලපු අත්තත් නෑ, පැය ගහපු අත්තත් නෑ.

    ඒත් එතනම තියෙනවා කලකිරෙන්න හේතු. වෙන විදියකට කිව්වොත් නිවනට පාර කපා ගන්න හේතු.

    ඒත් අපි කරන්නේ හඳ පෙන්නුවම, ඇඟිල්ල දිහා බලල, ඇඟිල්ලේ ඇද හොයලා ඒක ගැන තර්ක කරන එකයි. ඒකයි කිව්වේ පුනර්භවය දන්නා බෞද්ධයොත් මෙහෙම නම් අනිත් පිරිස ගැන කවර කතාද.

    හැබැයි බෞද්ධයෝ කියන්නේ උප්පැන්න සහතිකෙන් බෞද්ධ වුනු අයට නෙමෙයි. බෞද්ධ දර්ශනය පිළිපදින අයට. නැත්නම් ඒකත් වැරදියට අල්ල ගනියි. :)

    ReplyDelete