Saturday, October 26, 2019

ඔබත් තරුවක්...


මල්ලි දන්නවද මේ තැන කාගේද කියලා...

නෑ අයියේ.

මල්ලි මේ තැන අහවල් ටෙලිනාට්‍යයේ අහවල් චරිතේ කරන අහවල් කෙනාගේ...

ආහ් අර අහවල් ඉස්කෝලේ ගිහිපු කෙනානේ..?

නෑ බන්, අර අහවල් ටෙලිනාට්‍යයේ ඉන්නේ.

හරි එයා තමයි. එයා අහවල් ඉස්කෝලේ ඉගෙන ගත්තේ.

මේ දෙබස සත්‍ය දෙබසක්. මේ දෙබස ඇති වෙලා දැන් දවස් කිහිපයක් වෙනවා. දේව් යම් තැනකට ගිහිපු අවස්තාවක ඒ තැනට ආපු කෙනෙක් එක්ක සිද්ද වුනු කතාවක් මේ.

ඇත්තටම මේ කියන අහවල් නළුවා දේව් ගේ නගරයේ දේව් ගේ පාසලට ගිහිපු කෙනෙක්. ඒත් දේව් සාමාන්‍යයෙන් නළුවෙක් හෝ නිලියක් නැත්නම් දේසපාලුවෙක් දැක්කම උඩ පැනගෙන කෑගහලා, අත් අල්ලලා, ඉඹලා, සෙල්ෆි ගහන ජාතියේ නෙමෙයි නිසා දේව් ට ඒක ලොකු දෙයක් වුනේ නෑ.

දේව් ට එතන ඒ අහවල් නළුවාගේ වුනත් එකයි නැතත් එකයි, මොකද ගියේ වැඩකට මිසක් නළුවෙක් බලන්න නෙමෙයි නිසා.

ටික වෙලාවකට පස්සේ...

අහවල් නළුවා - අයියා අහවල් ඉස්කෝලේ නේද..?

දේව් - ඔව් මල්ලි.

අහවල් නළුවා - ඒකනේ මට මතකයි.

දේව් - (සිනා සුනා පමණි)

මේ දේව් ට සිද්ධ වුනු ඇත්තම සිද්ධියක්. මේ දේ තුලින් ගන්න පුළුවන් එක දෙයක් තියෙයි. මේ ලිපිය ලියන්න හේතුව ඔබටත් එය තේරුම් කරලා දෙන්නයි.

ඔබ හිතනවද දේව් අර නළුවා ගැන අහලා උඩ පැනලා ඒ නළුවා මත්තේ මැරෙන්න ගියා නම්, ඒ නළුවම ඇවිත් දේව් එක්ක කතා කරයි කියලා..?

නෑ. එහෙනම් වෙන්නේ ඒ නළුවා පොඩ්ඩක් ගණන් උස්සලා, ඔලුව උදුම්මාගෙන ඉන්න එක විතරයි.
අපි හැමතිස්සෙම ජනප්‍රිය හෝ ප්‍රසිද්ධ කෙනෙක් දිහා බල බල ඔහුව විශේෂ බව අඟවනවා නම් ඒ පුද්ගලයා නිකන්ම එහෙම හැසිරෙන්න පටන් ගන්නවා. ඒ මිනිස් ස්වභාවය.

හැබැයි දේව් එහෙම නොකර එකෙන් සිද්ද වුනේ, ඒ නළුවම ඇවිත් දේව් එක්ක කතා කරපු එක.
ඔබ හිතනවද දේව් ඒ නළුවා පස්සෙන් ගියා නම් ඒක වෙයි කියලා.

හිතන්න, මුළු රටක් අඳුනන ඒ නළුවා දේව් ව අඳුනනවා කියන්නේ දේව් නුත් තරුවක් නේ. ඒ කියන්නේ දේව් ඉස්කෝලේ යන කාලේ දේව් තරුවක්. දැන් ඉස්කෝලේ ගිහින් ඉවර වෙලා අවුරුද් 10ක් වෙලත් අනිත් අයට මතක හිටින්න තරම් තරුවක්.

නමුත් මේ ලියන්නේ ඒ ගැන කියන්න නෙමෙයි. දේව් තමන් ඉස්කෝලේ යන කාලේ තරුවක් බව තේරුම් ගත්තේ මේ සිද්ධිය නිසානේ. නැත්නම් දේව් ඒ බවක් දන්නේ නෑ කවදාවත්.

හැබැයි දේව් අර නළුවා පස්සෙන් ගියා නම්, ඔහු එහෙම කතා කරයිද දේව් එක්ක?

ඔබට තේරෙනවද එහෙම වුනා නම් දේව් කවදාවත් තමන් තරුවක් බව අඳුනන්නේ නෑ කියලා.

හිතන්න. මේ වගේ අපි අපිව අඳුනන්නේ නැතුව අනුන් පස්සෙන් කොයි තරම් නම් දුවනවා ඇත්ද? අපි අපිව පහලට දාගෙන අනිත් අයව උඩ යවනවා ඇත්ද කොච්චර?

ඇයි ඒ? අපිත් ඒ වගේම හැකියාවක් තියෙන මිනිස්සු. අපි කාවවත් උඩ යවන්නේ ඇයි? අපිට උඩට එන්න බැරි ඇයි ඒ අය ඉන්න මට්ටමටම?

පුළුවන්. අනිවාර්යෙන්ම පුළුවන්.

හැබැයි මුලින්ම අපි අනුන් උඩ යවන්නේ නැතුව, අපිටත් උඩ යන්න පුළුවන් කියන දේ තේරුම් ගන්න ඕනේ.
ඒ දේ තේරුම් ගන්න තාක් කල් ඔබට උඩ යන්න වෙන්නේ නෑ. අනුන් උඩ යවලා ඔවුන්ව දැකලා සතුටු වෙන්න පුළුවන්.

තීරණය ඔබේ අතේ.

No comments:

Post a Comment