Thursday, October 31, 2019

මම නිරාගමිකයි. Seriously..?


ඔබ නිරාගමික ද?

මොකද දැන් කාලයේ පඳුරකට පයින් ගැහුවත් නිරාගිමික දෙතුන් දෙනෙක් විසි වෙනවා. ඔබත් නිරාගමික නම් මේ ලිපිය කියවල අවසානයේ අදහසක් ඵල කරන්න කියලා ඉල්ලීමක් කරනවා.

ඔබ නිරාගමිකයෙක් නෙමෙයි නම් මේ ලිපිය කියවල ඔබේ නිරාගමික මිතුරාව දැනුවත් කරන්න.

මොකක්ද මේ නිරාගමික කියන්නේ.

නිර් + ආගමික = නිරාගමික

ආගමක් නැති අය.

ඔව් ඕනෙම කෙනෙක්ට තමන් කැමති ආගමක් අදහන්න වගේම කිසිම ආගමක් අදහන්නේ නැතුව ඉන්නත් සම්පූර්ණ නිදහස තියෙනවා.

ඒත් ඔබ කරන දෙය අවබෝධයෙන් තොරව රැල්ලට කරන දෙයක් නම්.

කලබල වෙන්න එපා. මේ ලිපිය සම්පූර්නෙන්ම කියවලා තීරණය කරන්න.

නිරාගමික සංකල්පය මේ ලෝකෙට ආවත් එක්ක ඉතාමත් වේගයෙන් මුළු ලෝකය පුරාම සීග්‍රයෙන් පැතිරුනා. එහෙම වුනේ ඇයි.

නිරාගමික වෙනවා කියලා තීරණය ගත්තේ මුලින්ම බටහිර ජාතීන්. ඒකට හේතු තිබුනා.

බටහිර ජාතීන් අදහපු ආගම විද්‍යාත්මක නෑ කියලා ඔවුන් තේරුම් ගද්දි, කියල තියෙන්නේ බොරු කියලා තේරුම් ගද්දි ඔවුන් බුද්ධිමත්ව තීරණය කරා, මට මගේ තාත්තාගෙන් ලැබුණු මේ ආගම බොරුවක් නම්, මම නිකන් මෙහෙම බොරු ආගමක් අනුව මගේ ජීවිතේ ගත කරන්නේ නෑ කියලා තීරණය කරා. ඔවුන්ට වෙන අදහන්න ආගමක් තිබුනෙත් නෑ. ඉතින් ඔවුන් තීරණය කරා මට මෙහෙම බොරු ආගම් ඕනේ නෑ, ඊට හොඳයි මම ආගමක් නැතුව ඉන්නවා කියලා.

ඔන්න ඔහොම නිරාගමික සංකල්පය බිහි වුනා.

ඒක හරි රැඩිකල් තීරණයක්. මොකද තමන්ගේ තාත්තාගෙන් ලැබුණු ආගම ඇත ඇරලා නිදහසේ ජීවිතේ ගත කරනවා කියන්නේ හරිම බරපතල වගේම නිර්භීත තීරණයක්.

නමුත් ඔවුන් බුද්ධිමත්. ඔවුන් ඇස් පනාපිට බොරු කියලා ඔප්පු වෙන ආගමක් හදාරන්නේ නැතුව ඒකෙන් අයින් වෙන එක ගත්තේ බුද්ධියට අනුව. සහ ඒක වැරදි තීරණයක් නෙමෙයි. මොකද යම් ආගමක් තර්කානුකුල නැත්නම් ඇයි අන්ධ භක්තියෙන් ඒ පස්සේ යන්නේ?

දැන් බලමු ඇයි ඔවුන් නිරාගමික වුන එක හොඳයි කියන මේ ලිපියෙන් අපේ රටේ නිරාගමිකයන්ට නිකන් විරුද්ධව කතා කරන්නේ කියලා.

බටහිර ජාතීන් ට පෙරදිග වගේ අධ්‍යාත්මයෙන් පොහොසත් තර්කානුකුල ආගම් (ඇත්තටම දර්ශන විය යුතුයි. දර්ශන ආගම් වූ හැටි වෙනම ලිපියකින් කතා කරමු) තිබුනේ නෑ. කොටින්ම එහෙම අහලවත් තිබුනේ නෑ.
ඒත් ඔබ දන්නවද දැන් බටහිර ජාතීන් පෙරදිගට විශේෂයෙන් ඉන්දියාවට එන බව හින්දු දර්ශනය සහ බුද්ධ දර්ශනය ඉගෙන ගැනීමට. මොකද ගෝලීයකරණය එක්ක ඔවුන් පෙරදිග දර්ශනයන් ගැන දැනගත්තා. ඔවුන් ට මේ දර්ශනයන් ගේ තර්කානුකුල බව සහ ගැඹුර අවබෝධ වුනා. මතක තියාගන්න ඔවුන් තමන්ට පරම්පරාවේ ලැබුණු ආගම් (අතාර්කික බව වැනි කරුණු නිසා) අත අරින්න තරම් බුද්ධියක් තිබුණු පිරිසක් බවත් හින්දු දර්ශනය සහ බුද්ධ දර්ශනය බුද්ධිමතුන් ගේ නැත්නම් ප්‍රඥාවන්තන්ගේ දර්ශන බවත්.
මේ ඔවුන්ට ගැලපෙන මාර්ගයයි.

ඉතින් ඔවුන් පෙරදිග දර්ශනයන් වෙත නැඹුරු වෙනවා.

දැන් ඇයි අපේ බෞද්ධයෝ නිරාගමික වෙන්නේ?

මේ බෞද්ධයොත් උපතින් තාත්තා බෞද්ධ නිසා බෞද්ධ වුනු අයනේ. ඒත් මොවුන් බෞද්ධ දර්ශනය අතාර්කික අවිද්‍යාත්මක දර්ශනයක් (ඔවුන්ට අනුව ආගමක්) විදියට දකිනවා. ඇයි එහෙම දකින්නේ?

ඒකට හේතුව දැනගන්න අපි ටිකක් අතීතයට යමු.

මතකද රැල්ලක් තිබුනා මීට අවුරුදු 10 කට වගේ කලින් පටන් ගත්තු, බෙල්ලේ කුරුස එල්ලගෙන තමන් කතෝලික බව පෙන්නන්න උත්සහ කරපු.

ඔව් එහෙම රැල්ලක් තිබුනා සහ තාමත් අඩු වැඩි වශයෙන් තියෙනවා.

මේ රැල්ල හැදුනේ කතෝලික පිරිස බෞද්ධ පිරිස වගේ නෙමෙයි, හරිම නවීන විදියට හැදුනේ වැඩුනේ. ඇඳුම් පැළඳුම් නවීන මොස්තරෙන්. ඔවුන් පල්ලියට යන්නෙත් හොඳින් සැරසිලා. කතෝලිකයන් බොහොමයක් ඉතා පොහොසත්.

ඒත් බෞද්ධයෝ?

අනේ හැමතිස්සෙම සරල වෙන්නලු. චාම් වෙන්නලු. පන්සල් එද්දී සුදු ඇඳන් චාම් විදියට එන්නලු. ඇඟ වැහෙන්න අඳින්නලු. විනීත වෙන්නලු.

ඔබ නවීන සමාජයට කැමති කෙනෙක් නම් ඔබ තෝරාගන්නේ බුද්ධ දර්ශනයද කතෝලික දර්ශනය (දහම) ද?
ඔව් කතෝලික දහම. ඒත් මේ නාඹර තරුණ ගැටවු බුදුදහම අත ඇරලා කතෝලික වෙන්න තරම් නිර්භීතත් නෑ, අවබෝධයකුත් නෑ. ඔවුන් උපතින් බෞද්ධ වුනත්, ඔවුන්ගේ හිතින් කැමති කතෝලික පරිසරයට. ඉතින් ඔවුන් ගහනවා ඩබල් ගේමක්.

උප්පැන්න සහතිකේ බෞද්ධ. හැසිරීමෙන් සහ අනුන්ට පෙන්නන්නේ තමන් කතෝලික බව. මොකද ඒ තමයි පොෂ් විදිය.

මේක රැල්ලක් වුනා. උපන්න සහතිකේ බෞද්ධ අය තමන් ගේ දර්ශනය හරි හැටි තේරුම් නොගත්ත අය කතෝලික වෙන්න උත්සහ කරා (මතු පිටින් පමණක්).

ඒත් මේ ගැන බෞද්ධයෝ කලබල වුනේ නෑ. මොකද ඒක අහිංසක පොඩි එවුන්ගේ ආසාව නිසා.
දැන් මොකක්ද මේ නිරගමික රැල්ල.

නිරාගමික රැල්ලත් පොෂ් කතෝලික රැල්ල වගේම එකක්.

නිරාගමික පිරිස කලින් කිව්වා වගේ බුද්ධිමත් නිර්භීත පිරිසක්. ඔවුන් රැඩිකල් වාදීන්.

දැන් හැමෝටම රැඩිකල් වෙන්න ඕනේ වුනා. මොකද ලේසිම ක්‍රමය. රැවුල වවනවා? කොන්දේ වවනා? ගංජා ගහනවා සහ ඒ බව ප්‍රසිධියේ කියනවා?

ඔව් ඒවත් රැඩිකල් වෙන්න ලේසි ක්‍රම, ඒත් ඊට වඩා පිළිගැනීමක් තියෙයි රැඩිකල් වෙලා ආගමක් විවේචනය කරන එකේ.

බෞද්ධයෝ විදියට ඉපදිලා රැඩිකල් වෙන්න නිරාගම්ක රැල්ලට යන්නේ අන්න ඒ නිසයි. ඔවුන් බුද්ධ දර්ශනයේ නැති ඒත් බෞද්ධ සාහිත්‍යයේ ඇති හුදෙක් නිර්මාණ රසය වෙනුවෙන් යොදන ඇතැම් කරුණු අරගෙන බෞද්ධ දර්ශනය කිසිම තර්කානුකුල නැති, අවිද්‍යාත්මක මෝඩ දර්ශනයක් (ඔවුන්ට අනුව ආගමක්) කියලා කියනවා.

ඔව් ඔවුන් හරි. මොකද ඔවුන් බෞද්ධ දර්ශනය දන්නේ නෑ. ඔවුන් දන්නේ ඉස්කෝලේ උගන්නන බෞද්ධ සාහිත්‍ය.

බටහිර නිරාගමිකයෝ පෙරදිග දර්ශන වෙත ඇදිලා එද්දී, උපතින් ඒ දර්ශන උරුම කරගෙන ආපු අපේ පිරිස් රැඩිකල් වෙන්න තමන්ට උරුම වුනු මේ වටිනා දර්ශනය ගැන කියන බොළඳ කතා ඇහෙද්දී තරහක් නෙමෙයි දැනෙන්නේ. අනුකම්පාවක්.

මේ ලැබුණු දුර්ලභ මිනිස් භවයේ, ලංකාවේ ඉපදිලා, බෞද්ධයෙක් වෙලා, මේ සංසාරයේ කෙළවරක් දකින්න අවශ්‍ය මූලික කරුණු ටිකවත් ඇහෙන්න තරම් කොච්චර ඔබ පින් කරලා තියේද. මේ ලෝකේ බිලියන කීයක් සංසාරය කියලා මහා බියකරු කෙළවරක් නැති චක්‍රයක් තියෙන බවවත් දන්නේ නැතුව ඉන්නවද. එහෙම ඔබ ඒ වටිනා ධර්මය ගැන බොළඳ තර්ක ඉදිරිපත් කරලා, රැඩිකල් වෙන්න හදද්දී ඔබ ගැන දැනෙන්නේ අනුකම්පාවක් මිසක් වෙන කිසිවක් නෙමෙයි.

ඔබ නිරාගමික නම්, ඔබේ අදහස් දැනගන්න කැමතියි.

ඔබ බෞද්ධයෙක් නම්, ඔබේ නිරාගමික මිතුරාව මේ සංසාරයේ තවත් රැඳෙන්න හදද්දී, ඔබ ඔහුගේ ඇත්තම මිතුරෙක් නම්, ඔහුට සත්‍යය වටහා දෙන්න. මොකද ඒ ඔබේ මිතුරා  නිසා.

Wednesday, October 30, 2019

මැරෙන දවස තීරණය කිරීම...


ඔබ මැරෙන දවස ඔබට තීරණය කරන්න පුළුවන් නම්..? බැරි නෑ. හැබැයි ටිකක් අමාරුයි. බලමු කොහොමද කියලා.

මැරෙන එකට කලින් බලමු අපි කැමති දවසක ඉපදෙන්න අපිට පුලුවන්ද?

අපි ඉපදෙන්නේ අපි කැමති දවසේ ද? ඉස්සර නම් අපි ඉපදෙන දවස අපේ අම්මලා වත් දන්නේ නෑ. හැබැයි දැන් නම් සීසේරියන් සැත්කම් වලට පින්සිද්ද වෙන්න අපි ඉපදෙන දවස තීරණය කරන්නේ අපේ අම්මලායි දොස්තරලයි.

ඒත් අපිට බෑ අපි ඉපදෙන දවස තීරණය කරන්න. ඒක අපේ තීරණයක් නෙමෙයි.

ඔබ ඉපදෙන්නේ ඔබේ කැමැත්තෙන්ද?

නෑ නේද. ඔබ ඉපදෙන්නේ ඔබේ අම්මටයි තාත්තටයි ඕනේ නිසා මිසක් ඔබට ඕනේ නිසා නෙමෙයි. එහෙනම් ඔබ ඉපදෙන එකේ ඉඳන් ඔබ ඉපදෙන දවස පවා ඔබේ තීරණ නෙමෙයි.

හරි කොහොම හරි ඉපදුනා කියමුකෝ කාගේ හරි කැමැත්තක් නිසා.

ඔබට දාන නම ඔබේ තීරණයක් ද?

ඒත් නෑ නේද.

ඒකත් එක්කෝ අරිසෙන් අහුබුදු ගේ, නැත්නම් පවුලේ වැඩිහිටියෙක්ගේ එහෙමත් නැත්නම් අම්මගේ තාත්තගේ. කාගේ වුනත් ඔබේ නම තීරණය කරන්නේ ඔබ නම් නෙමෙයි.

එතකොට ඔබේ නම දීල තියෙන්නෙත් වෙන කෙනෙක්.

ඉතින් ඔහොම එකේ අපි කොහොමද අපි මැරෙන දවස තීරණය කරන්නේ නේද?

ඔව් ඒක සාධාරණ තර්කයක්.

ඒත් ඔබ සියදිවි හානි කරගන්න කැමති නම් ඔබට මැරෙන දවස තීරණය කරන ඔබටම අවස්තාව හම්බෙනවා.
ඒත් මේ ලියන්නේ සියදිවි හානි කරගෙන මැරෙන දිනය තීරණය කරන එක ගැන කියන්න නෙමෙයි.

ඔබ දන්නවද මේ ලෝකේ ඉන්නවා පිරිසක් තමන් උපදිනවද නැද්ද, උපදින දවස, තමන්ගේ නම වගේම තමන් මැරෙන දවසත් තීරණය තමන්ටම ගන්න පුළුවන්.

ඒ කවුද ඒ?

ඒ තමයි පැවිදි උතුමන්ලා.

පැවිදි වෙන්නේ අපි වගේම සාමන්‍යය මිනිස්සු. අපි වගේම රාජකාරි තියෙන, අම්මලා තාත්තලාගේ ඕනේ කමට ඉපදුනු, වෙන කෙනෙක් දුන්නු නමක් තියෙන මිනිස්සු.

ඒත් සත්‍යය අවබෝධ වුනු කෙනෙක් තීරණය කරොත් (හරි අවබෝධයෙන්) මම මේ සංසාරයෙන් මිදෙන්න ඕනේ කියලා, ඔහු පැවිදි වෙන්න තීරණය කරොත්, ඔහු අලුතෙන් උපදින්නයි ඒ තීරණය ගන්නේ.

ගිහි ජීවිතෙන් මැරිලා, පැවිදි ජීවිතයේ ඉපදෙන්න තීරනය් ගන්නේ තමන්මයි. වෙන කෙනෙක්ට ඒ තීරණය ගන්න බෑ.

අලුතින් ඉපදුනු පැවිදි ජීවිතයේ තමන්ගේ නම තීරණය කරන්නේ තමන්මයි. දැන් නම් ඒවා ටිකක් වෙනස් වෙනවා වගේ. ඒත් සම්ප්‍රධාය ඒකයි.

අවබෝධයෙන් පැවිදි වුනු කෙනෙක් හරි මාර්ගයේ ගිහින්  නිවන් මාර්ගයට අවතීර්ණ වෙලා, නිවනට ලඟා වෙද්දී, ඔහුට මාර්ග ඵල ලැබෙනවා.

දැන් ඔහු මාර්ගඵල ලාබී උතුමෙක්.

මාර්ගඵල ලාබී උතුමන් තමන් වහන්සේ පිරිනිවන්පාන මොහොත තීරණය කරන්නේ තමන් විසින්මයි.
මොකද ඒ උතුමන් තමන්ගේ සියලු කර්ම ඵල ගෙවා අවසන් නිසා.

බෞද්ධ ඉතිහාසයේ අපි දන්නා සියලුම රහතන් වහන්සේලා පාහේ පිරිනිවන් පෑවේ තමන් ගේ කැමැත්තක් මත තමන් තීරණය කරන මොහොතෙයි.

එහෙනම් ඔබට වැටහෙනවද පැවිදි උතුමන් ලාට තමන් උපදිනවද නැද්ද, උපදින දිනය, තමන්ගේ නම සහ තමන් මිය යන දිනය තීරණය කරන්න පුළුවන් බව.

සියදිවි නසාගත්තොත් ඔබට මේ භවයේ නම් තමන්ගේ කැමැත්ත පරිදි මැරෙන්න පුළුවන්. හැබැයි එතනින් එහාට සංසාරය කියන ලොකු චිත්‍රයේ අපා දුක් විඳින්න වෙනවා.

හැබැයි පැවිදි උතුමන්ලා මිය යන්නේ අවසන් වතාවටයි. මේ සංසාරයේ ඔවුන් තීරණය කරලා උපදින්නේ අවසන් වතාවට, ඔවුන් තමන්ට දාගන්නේ මේ සංසාරයේ තමන්ගේ අවසන් නම, මිය යන්නේ අවසන් වතාවට.
අන්න ඒ නිසයි මේ තමන්ම ගන්න තීරණය අනුව උපදින, මිය යන තීරණය වැදගත් සහ වෙනස් වෙන්නේ.
මොකද ඒ එච්චරටම විශේෂ පිරිසක්.

වර්තමානයේ මෙහෙම පිරිස් ඉන්නවද නැද්ද කියල ප්‍රශ්නයක් ඇති ඔබට.

ඔබට එහෙම අහන්න කිසිම අයිතියක් නෑ. මොකද ඔබ තාම නිවන් මාර්ගයේ පලවෙනි අඩියවත් තියලා නැති පිරිසක් නිසා. පැවිදි වුනේ මොන අරමුණෙන් වුනත් ඔවුන් අඩුම ගානේ නිවන් මාර්ගයේ යන්න තීරණයක් හරි අරන්.

ඔවුන් පැවිදි වෙලා කරන දේවල් ඵල දෙන්නේ ඔවුන්ටමයි. ඒ නිසා අපි ඒ ගැන කලබල නොවී ඉමු.

වී වැපිරුවොත් අස්වැන්නට වී ලැබෙයි.
තල වැපිරුවොත් අස්වැන්නට තල ලැබෙයි.

එය ඔබටත්, මටත් ඔවුන්ටත් පොදු ධර්මතාවක්.

ආදරයේ පරිණාමය...3


ආදරය පටන් ගන්නේ අනෙකා ගැන ඇති වෙන අනෙකාගේ යහපත වෙනුවෙන් පතන හැගීමක් එක්ක. ඒත් ඒක කාලයත් එක්ක, දෙදෙනාගේම උදව්වෙන් ලිංගිකත්වයට පත් වෙනවා.

එතනින් එහාට?

එතනින් එහාට ආයෙත් ආදරය කියල දෙයක් නෑ. එතනින් එහාට ලැබෙන්නේ ලිංගිකත්වය විතරයි. එතනින් එහාට හොයන්නෙත් ලිංගිකත්වය විතරයි.

ඔබ දන්නවද සමහර ගැහැණු ළමයි තමන්ගේ ජීවිතයේ කවදාවත් ආදරය කියන දේ අත්විඳලා නැති බව. ඔවුන් හැමදාම අත්විඳලා තියෙන්නේ ලිංගිකත්වය විතරයි. ඔවුන්ට ආදරය ලැබෙද්දී ඔවුන් ට එය අවශ්‍ය නෑ. ඔවුන් හොයන්නෙම ලිංගිකත්වය.

එහෙම වෙන්නේ ඇයි?

මොකද කවුරු මොනවා කිව්වත් මේ ලෝකේ ඉඳුල් වෙච්ච කෙල්ලෙක්ට කිසිම කොල්ලෙක් කැමති නෑ තමන්ගේ ආදරය විදියට. තමන්ගේ බිරිඳ විදියට. තමන්ගේ දරුවන්ගේ අම්මා විදියට.

ඉඳුල් වුනු කෙල්ලෙක් ගෙන් ඕනෙම කොල්ලෙක් බලාපොරොත්තු වෙන්නේ ලිංගිකත්වය ම විතරයි.
හැබැයි කවුරුවත් එහෙම කියන්නේ නෑ. හැමෝම මම ඔයාට ආදරෙයි කියාගෙන ආවට ඇත්තටම ඇතුලෙන් තියෙන්නේ ඉඳුල් වුනු කෙල්ලෙක් නේ, මමත් පොඩ්ඩක් කෑවම මොකද කියන අදහස විතරයි.

ගලන ගඟෙන් වතුර ටිකක් බිව්වට මොකද වෙන්නේ? මුහුදේ නැව් ගියාට පාර හිටින්නේ නෑ නේ. මේ වගේ ඕනේ තරම් ඒ ගැන හැදිච්ච කතා තියෙනවා සමාජයේ.

ඉතින් එක පාරක් ඉදුල් වුනු කෙල්ලෙක් තමන්ගේ ලිස්ට් එකේ 2නි කොල්ලට කිව්වොත් මම මෙහෙම කලින් අයියා එක්ක ගිහින් තියෙයි කියලා, ඒ කොල්ලට හැගීම් දෙකක් දැනෙනවා.

එක වේදනාවක්, මොකද තමන්ගේ කෙල්ල මීට කලින් වෙන කොල්ලෙක් එක්ක ලිංගිකව හැසිරිලා කියල දැනුනම ඒක හදවත ට සතුට ගේන හැගීමක් නෙමෙයි නිසා.

දෙක නිදහසක්, මොකද කලින් ගිහින් තියෙයි නම්, මේ කෙල්ල ට නැති වෙන්න දෙයක් නෑ නේ. එහෙනම් මට බය නැතුව ඕනේ තරම් මේ කෙල්ලගෙන් සැප ගන්න පුළුවන් කියන හැගීම.

සමහරවිට කෙල්ල හොයන්නේ ආදරය වෙන්න ඇති. ඒත් ඔබ එක පාරක් ඉඳුල් වුනු කෙල්ලෙක් නම්, ඔබ ආදරය හොයාන්න එපා. ඔබට ආදරයක් ලැබෙන්නේ නෑ කවදාවත්. මූණට ආදරය ලැබෙයි, ඔබ කසාදත් බඳියි. ඒත් මතක තියාගන්න ඔබේ පෙම්වතාගේ, ඔබේ සැමියාගේ හිතේ ඔබ ඉඳුල් කෙල්ලෙක් කියන දේ ගලේ කොටලා වගේ තියෙනවා. කවදකම හරි මේ දේ ඔලුවට එනවා ඔහුගේ. ගොඩක් වෙලාවට රණ්ඩු වලදී කියවෙයි. කරන්න දෙයක් නෑ. ඔබේ වරද. වැපිරුවා නම්, නෙලාගන්න වෙනවා.

කොල්ලෝ කෙල්ලෝ 100ක් එක්ක නිදාගත්තත් බඳින්න හොයන්නේ නොඉඳුල් කෙල්ලෙක්. බය වෙන්න එපා, කොල්ලොන්ටත් වැපිරුවා නම් නෙලාගන්න වෙනවා. ඔවුන් හොයලා හොයලා හම්බෙන නොඉඳුල් කෙල්ල නමට නොඉඳුල් වෙන්න පුළුවන්, නැත්නම් කසදෙන් පස්සේ සැමියා ඉද්දි වටේ යන කෙනෙක් වෙන්නත් පුළුවන්, එහෙමත් නැත්නම්, තමන්ගේ දුව ඒ තත්වෙට පත් වෙන්නත් පුළුවන්. මොකද කර්මය කියන්නේ එච්චර ටම බල්ලෙක්. ඔබ බල්ලෙක්ට ගලක් ගැහුවොත් බල්ලා ඔබේ පස්සෙන් පන්නන එක නවත්තන්න බෑ.

ආයෙත් මාතෘකාවට.

ආදරය මාරු වෙනවා ලිංගිකත්වයට. මෙතනින් එහාට?

ලිංගිකත්වයට එහා දෙයක් නෑ නේ.

නැත්තේ නෑ.

මෙතනින් එහාට තියෙන්නේ ඇබ්බැහිවීම.

ලිංගිකත්වය ඊළඟට මාරු වෙනවා ඇබ්බැහිවීමට.

දැන් ඔබ හොයන්නේ නෑ ආදරය කියන සළුවෙන් ඔතාපු බොරු ලිංගිකත්වය. කෙලින්ම ඔබ හොයන්නේ ලිංගිකත්වය.

කලින් වගේ හොරෙන් ලෝකෙන් වසන් වෙලා, ආදරය කියන සළුවෙන් ඔතන්න ඕනේ නෑ ඔබට. අද හම්බුනා හෙට ගියා.

ඒ කොල්ල හරි ගියේ නැත්නම්, වෙන කොල්ලෙක් හොයාගන්නවා. මොකද දැන් ඇඟ ඉල්ලන්නේ උපරිම ලිංගිකත්වය.

ඔබට විශ්වාස නැද්ද මේ කියන දේ? පොඩ්ඩක් සමාජයේ තරුණ පරම්පරාව ලඟින් ආශ්‍රය කරලා බලන්න. ඔබටම තේරුම් යැයි.

ඉතින් ආදරයේ පරිණාමය මෙසේය.

ආදරය  à ලිංගිකත්වය à ඇබ්බැහිවීම

ඔබ ඉන්නේ මොන පියවරේද?