Tuesday, October 8, 2019

මොළයේ 100% වැඩ ගැනීම 2


අපි කලින් කතා කරා මොලයෙන් 100% අපි හැමෝම වැඩ ගන්නවා ඒත් ඒ බෙදී යාම වෙනස් වෙන්න පුළුවන්, ඒ නිසයි විද්‍යාඥයින් කියන්නේ අපි පාවිච්චි කරන්නේ 3% විතරයි කියලා.

පහල රුපයෙන් අපි මේ දේ තේරුම් ගන්න උත්සහ කරමු.





මේ තියෙන්නේ අවුරුදු 16 ක පාසල් යන පිරිමි ළමයෙක් ගේ (වර්තමාන) මොළයේ බෙදී යාම කියලා හිතමු.

අපි කලින් කිව්වා මොළයේ ක්‍රියාකාරිත්වය 100P. මෙතන කොටස් 8 කට බෙදිලා තියෙනවා. ඒ කියන්නේ එක කොටසක් වෙනුවෙන් මොලය 12.5 P යොදවනවා. (100 / 8)

දැන් අපි බලමු “පොරක් වෙන්න ඕනේ” කියන කොටස ඇතුලේ මොළයේ ක්‍රියාකාරීත්වය.



මේ තියෙන්නේ ඒ පිරිමි ළමයාගේ මොළය “පොරක් වෙන්න ඕනේ” කියන කොටස තුල බෙදිලා ගිහින් තියෙන හැටි.

දැන් මේ එක අනුකොටසක මොළයේ යෙදවීම 3.125 P. (12.5 / 4)

අපි දශම ගණන් අයින් කරලා කියමු 3 P කියලා.

එතකොට ගංජා, අරක්කු, කුඩු, සිගරට් මුදලාලි මේ ළමයාගේ මොලේ දිහා බලල කියනවා, අපෝ වැඩක් නෑ, මුගේ මොලෙන් 3% නේ මු පාවිච්චි කරන්නේ කියලා.

මොකද මුදලාලි ෆෝකස් කරන්නේ තමන්ට අදාළ දේ ගැන විතරයි.

මෙහෙමම බලමු මේ ළමයාගේ අධ්‍යාපන කොටස දිහාත්.

ඔබට පැහැදිලියි මේ ළමයා අධ්‍යාපනය කියන කොටසෙනුත් අධ්‍යාපනයෙන් ඉදිරියට යනවා කියලා තමන්ගේ මොලෙන් යොදවන්නේ 3.125 P විතරයි කියලා. ඒ කියන්නේ තමන්ගේ මොලෙන් 3% යි.


මොකද සාමාන්‍ය පෙළ වත් ගොඩ දාගන්න ඕනේ කියල හිතෙන කෙනෙක් එතනින් එහාට යන්න තවමත් හිතලවත් නෑ. එහෙනම් යන්න වෙන්නෙත් නෑ.

මේ වගේම හිතල බලන්න ලංකාවේම පළවෙනියා, දිස්ත්‍රික්කයේ පළවෙනියා කියලා වාර්තා තියල විභාග සමත් වෙන ළමයින් ගැන.

ඒ ළමයින්ගේ මොළයේ යෙදවීම අධ්‍යාපනය කියන පැත්තට හරිම වැඩියි. ඒ මොකද මේ අවුරුද් 16 පිරිමි ළමය වගේ නෙමෙයි ඒ ළමයිට මොලය වෙනත් දෙයකට යොදවන්න තියෙන පැති හරිම අඩු නිසා.

හැමතිස්සෙම පොතේම ඇලිලා, පන්ති යනවා, ඉස්කෝලේ යනවා, පාඩම් කරනවා, එතනින් එහාට ලෝකයක් නෑ.

ඉතින් ඒ ළමය විභාගය ඉහලින්ම සමත් වෙන්නත්, මේ පිරිමි ළමය අවුල් කරගන්නත් හේතු පැහැදිලි ඇති කියල හිතනවා.

ඔබ හිතන්නේ ඔබේ මොලය ඔබ පාවිච්චි කරන්නේ කොහොම කියලද?


No comments:

Post a Comment