Tuesday, August 13, 2019

මිනිස් සත්වයා


වර්තමානයේ “මිනිසා” යනුවෙන් හැඳින්වූ විට අප මතකයට නැගෙන්නේ දියුණු තාක්ෂණයක් සහිත, ඇඳුම් පැළඳුමින් සැරසුණු. සංස්කෘතික ලක්ෂණ වලින් හෙඹි දියුණු සන්නිවේදන ක්‍රම වලින් සන්නද්ධ කොට්ඨාශයකි. නමුත් සත්‍ය ලෙසම “මිනිසා” යනු එවන් ජීවීන් කොට්ඨාශයක් ද යන්න මෙම කෘතිය තුලින් පැහැදිලි කර ගැනීම අරමුණු වේ.

වසර මිලියන ගණනකට පෙර, පෘථිවියේ මුල්ම ජීවය බිහිවීමත් සමග ඇරඹි පරිණාමය සමග යම් අවස්ථාවක සිදු වූ විශේෂිත හේතුවක් නිසාවෙන් “මිනිසා” යන සත්ව කොට්ඨාශය බිහි වූ බව වර්තමාන පිළිගැනීමයි.
එනම් තිරිසන් සත්වයන් අතර සිටි යම් සත්ව වර්ගයකින් “වානරයන්ගෙන්” පරිණාමය වී “මිනිසා” නම් සත්ව වර්ගය සෑදී ඇති බවයි. මෙහිදී එක් කාරණයක් අති විශේෂ කර මතු කොට මතකයේ තබා ගත යුතුය. එනම් “මිනිසා යනු තිරිසන් සත්ව කොට්ඨාශයක් වන වානරයන් ගෙන් වෙනස් වී (පරිණාමය වී) සෑදුනු තවත් එක් සත්ව කොටසක් බවයි”. එනම් මිනිසා යනු තවත් එක් සත්වයෙකි.

මිනිසා යනු තවත් එක් සත්වයෙකි.

නමුත් මිනිසා තමන් හට “මිනිසා” යන නම තමන් විසින්ම තබා ගන්නේ අනෙකුත් සත්වයන්ගෙන් මිනිසා වෙනස් වන ප්‍රධාන හේතුවක් ඇති බැවිනි. එනම් අනෙකුත් කිසිදු සත්වයෙකුට වඩා මිනිස් සත්වයාට පිහිටා ඇති අස්වාභාවික මොළයයි. මෙම අති විශේෂ දායාදය හේතුවෙන් “මිනිස් සත්වයා” ලබා ගත දියුණුව අති මහත්ය.
නමුත් අප අමතක නොකළ යුතු එක දෙයක් ඇත. එනම්,

මිනිසා යනු තවත් එක් සත්වයෙකි.



ඉහත පරිච්ඡේදයෙන් අප “මිනිසා” ගේ විශේෂය හැඳින ගත්තෙමු. මඩෙහි සැදී, මඩෙහි ම වැඩී මඩෙන් උඩට නැගෙන නෙළුමක් සේ මිනිසාද තිරිසන් සත්ව ලෝකයේ බිහි වී, තිරිසන් සත්ව ලෝකය අතරම වර්ධනය වී, නමුත් තම වර්ගයාගේ ප්‍රභලම අවිය වන බුද්ධිය නිසාවෙන් එම තිරිසන් සත්ව ලෝකයෙන් උඩට පැමිණ “මනසින් උසස්”, මිනිසා යන නාමය තමන් විසින් තමන් හට දී අද වන විට මුළු මහත් පෘතිවියම තම ග්‍රහණයට නතු කර ගෙන ඇත.

එබැවින් මෙහිදී පැහැදිලි එක් කාරණයක් තිබේ. එනම් “මිනිසා” යනු තවත් එක් තිරිසන් සත්වයෙකු වුවත් ඔහුට ඇති, අනෙකුත් කිසිදු සත්වයෙකුට නොමැති “බුද්ධිය” විසින් ඔහුව වෙනත් මාර්ගයකට පොළඹවා ඇත. එය පහත පරිදි පෙන්වා දිය හැක.


මෙතැන් පටන් මිනිසා තමන්ට ආවේණික මාර්ගයේත්, අනෙකුත් සත්වයන් තමන්ට ආවේණික මාර්ගයේත් යාම පටන් ගත්හ.

නමුත් අප අමතක නොකළ යුතු කාරණයක් ඇත. එනම්,

මිනිසා යනු තවත් එක් සත්වයෙකි.

ඉහත කාරණාව මා පුන පුනා කියා සිටින්නේ, එය මෙම කෘතියේ අඩංගු සියලුම කාරනා සඳහා පදනම වන බැවිනි.


No comments:

Post a Comment