Thursday, October 31, 2019

මම නිරාගමිකයි. Seriously..?


ඔබ නිරාගමික ද?

මොකද දැන් කාලයේ පඳුරකට පයින් ගැහුවත් නිරාගිමික දෙතුන් දෙනෙක් විසි වෙනවා. ඔබත් නිරාගමික නම් මේ ලිපිය කියවල අවසානයේ අදහසක් ඵල කරන්න කියලා ඉල්ලීමක් කරනවා.

ඔබ නිරාගමිකයෙක් නෙමෙයි නම් මේ ලිපිය කියවල ඔබේ නිරාගමික මිතුරාව දැනුවත් කරන්න.

මොකක්ද මේ නිරාගමික කියන්නේ.

නිර් + ආගමික = නිරාගමික

ආගමක් නැති අය.

ඔව් ඕනෙම කෙනෙක්ට තමන් කැමති ආගමක් අදහන්න වගේම කිසිම ආගමක් අදහන්නේ නැතුව ඉන්නත් සම්පූර්ණ නිදහස තියෙනවා.

ඒත් ඔබ කරන දෙය අවබෝධයෙන් තොරව රැල්ලට කරන දෙයක් නම්.

කලබල වෙන්න එපා. මේ ලිපිය සම්පූර්නෙන්ම කියවලා තීරණය කරන්න.

නිරාගමික සංකල්පය මේ ලෝකෙට ආවත් එක්ක ඉතාමත් වේගයෙන් මුළු ලෝකය පුරාම සීග්‍රයෙන් පැතිරුනා. එහෙම වුනේ ඇයි.

නිරාගමික වෙනවා කියලා තීරණය ගත්තේ මුලින්ම බටහිර ජාතීන්. ඒකට හේතු තිබුනා.

බටහිර ජාතීන් අදහපු ආගම විද්‍යාත්මක නෑ කියලා ඔවුන් තේරුම් ගද්දි, කියල තියෙන්නේ බොරු කියලා තේරුම් ගද්දි ඔවුන් බුද්ධිමත්ව තීරණය කරා, මට මගේ තාත්තාගෙන් ලැබුණු මේ ආගම බොරුවක් නම්, මම නිකන් මෙහෙම බොරු ආගමක් අනුව මගේ ජීවිතේ ගත කරන්නේ නෑ කියලා තීරණය කරා. ඔවුන්ට වෙන අදහන්න ආගමක් තිබුනෙත් නෑ. ඉතින් ඔවුන් තීරණය කරා මට මෙහෙම බොරු ආගම් ඕනේ නෑ, ඊට හොඳයි මම ආගමක් නැතුව ඉන්නවා කියලා.

ඔන්න ඔහොම නිරාගමික සංකල්පය බිහි වුනා.

ඒක හරි රැඩිකල් තීරණයක්. මොකද තමන්ගේ තාත්තාගෙන් ලැබුණු ආගම ඇත ඇරලා නිදහසේ ජීවිතේ ගත කරනවා කියන්නේ හරිම බරපතල වගේම නිර්භීත තීරණයක්.

නමුත් ඔවුන් බුද්ධිමත්. ඔවුන් ඇස් පනාපිට බොරු කියලා ඔප්පු වෙන ආගමක් හදාරන්නේ නැතුව ඒකෙන් අයින් වෙන එක ගත්තේ බුද්ධියට අනුව. සහ ඒක වැරදි තීරණයක් නෙමෙයි. මොකද යම් ආගමක් තර්කානුකුල නැත්නම් ඇයි අන්ධ භක්තියෙන් ඒ පස්සේ යන්නේ?

දැන් බලමු ඇයි ඔවුන් නිරාගමික වුන එක හොඳයි කියන මේ ලිපියෙන් අපේ රටේ නිරාගමිකයන්ට නිකන් විරුද්ධව කතා කරන්නේ කියලා.

බටහිර ජාතීන් ට පෙරදිග වගේ අධ්‍යාත්මයෙන් පොහොසත් තර්කානුකුල ආගම් (ඇත්තටම දර්ශන විය යුතුයි. දර්ශන ආගම් වූ හැටි වෙනම ලිපියකින් කතා කරමු) තිබුනේ නෑ. කොටින්ම එහෙම අහලවත් තිබුනේ නෑ.
ඒත් ඔබ දන්නවද දැන් බටහිර ජාතීන් පෙරදිගට විශේෂයෙන් ඉන්දියාවට එන බව හින්දු දර්ශනය සහ බුද්ධ දර්ශනය ඉගෙන ගැනීමට. මොකද ගෝලීයකරණය එක්ක ඔවුන් පෙරදිග දර්ශනයන් ගැන දැනගත්තා. ඔවුන් ට මේ දර්ශනයන් ගේ තර්කානුකුල බව සහ ගැඹුර අවබෝධ වුනා. මතක තියාගන්න ඔවුන් තමන්ට පරම්පරාවේ ලැබුණු ආගම් (අතාර්කික බව වැනි කරුණු නිසා) අත අරින්න තරම් බුද්ධියක් තිබුණු පිරිසක් බවත් හින්දු දර්ශනය සහ බුද්ධ දර්ශනය බුද්ධිමතුන් ගේ නැත්නම් ප්‍රඥාවන්තන්ගේ දර්ශන බවත්.
මේ ඔවුන්ට ගැලපෙන මාර්ගයයි.

ඉතින් ඔවුන් පෙරදිග දර්ශනයන් වෙත නැඹුරු වෙනවා.

දැන් ඇයි අපේ බෞද්ධයෝ නිරාගමික වෙන්නේ?

මේ බෞද්ධයොත් උපතින් තාත්තා බෞද්ධ නිසා බෞද්ධ වුනු අයනේ. ඒත් මොවුන් බෞද්ධ දර්ශනය අතාර්කික අවිද්‍යාත්මක දර්ශනයක් (ඔවුන්ට අනුව ආගමක්) විදියට දකිනවා. ඇයි එහෙම දකින්නේ?

ඒකට හේතුව දැනගන්න අපි ටිකක් අතීතයට යමු.

මතකද රැල්ලක් තිබුනා මීට අවුරුදු 10 කට වගේ කලින් පටන් ගත්තු, බෙල්ලේ කුරුස එල්ලගෙන තමන් කතෝලික බව පෙන්නන්න උත්සහ කරපු.

ඔව් එහෙම රැල්ලක් තිබුනා සහ තාමත් අඩු වැඩි වශයෙන් තියෙනවා.

මේ රැල්ල හැදුනේ කතෝලික පිරිස බෞද්ධ පිරිස වගේ නෙමෙයි, හරිම නවීන විදියට හැදුනේ වැඩුනේ. ඇඳුම් පැළඳුම් නවීන මොස්තරෙන්. ඔවුන් පල්ලියට යන්නෙත් හොඳින් සැරසිලා. කතෝලිකයන් බොහොමයක් ඉතා පොහොසත්.

ඒත් බෞද්ධයෝ?

අනේ හැමතිස්සෙම සරල වෙන්නලු. චාම් වෙන්නලු. පන්සල් එද්දී සුදු ඇඳන් චාම් විදියට එන්නලු. ඇඟ වැහෙන්න අඳින්නලු. විනීත වෙන්නලු.

ඔබ නවීන සමාජයට කැමති කෙනෙක් නම් ඔබ තෝරාගන්නේ බුද්ධ දර්ශනයද කතෝලික දර්ශනය (දහම) ද?
ඔව් කතෝලික දහම. ඒත් මේ නාඹර තරුණ ගැටවු බුදුදහම අත ඇරලා කතෝලික වෙන්න තරම් නිර්භීතත් නෑ, අවබෝධයකුත් නෑ. ඔවුන් උපතින් බෞද්ධ වුනත්, ඔවුන්ගේ හිතින් කැමති කතෝලික පරිසරයට. ඉතින් ඔවුන් ගහනවා ඩබල් ගේමක්.

උප්පැන්න සහතිකේ බෞද්ධ. හැසිරීමෙන් සහ අනුන්ට පෙන්නන්නේ තමන් කතෝලික බව. මොකද ඒ තමයි පොෂ් විදිය.

මේක රැල්ලක් වුනා. උපන්න සහතිකේ බෞද්ධ අය තමන් ගේ දර්ශනය හරි හැටි තේරුම් නොගත්ත අය කතෝලික වෙන්න උත්සහ කරා (මතු පිටින් පමණක්).

ඒත් මේ ගැන බෞද්ධයෝ කලබල වුනේ නෑ. මොකද ඒක අහිංසක පොඩි එවුන්ගේ ආසාව නිසා.
දැන් මොකක්ද මේ නිරගමික රැල්ල.

නිරාගමික රැල්ලත් පොෂ් කතෝලික රැල්ල වගේම එකක්.

නිරාගමික පිරිස කලින් කිව්වා වගේ බුද්ධිමත් නිර්භීත පිරිසක්. ඔවුන් රැඩිකල් වාදීන්.

දැන් හැමෝටම රැඩිකල් වෙන්න ඕනේ වුනා. මොකද ලේසිම ක්‍රමය. රැවුල වවනවා? කොන්දේ වවනා? ගංජා ගහනවා සහ ඒ බව ප්‍රසිධියේ කියනවා?

ඔව් ඒවත් රැඩිකල් වෙන්න ලේසි ක්‍රම, ඒත් ඊට වඩා පිළිගැනීමක් තියෙයි රැඩිකල් වෙලා ආගමක් විවේචනය කරන එකේ.

බෞද්ධයෝ විදියට ඉපදිලා රැඩිකල් වෙන්න නිරාගම්ක රැල්ලට යන්නේ අන්න ඒ නිසයි. ඔවුන් බුද්ධ දර්ශනයේ නැති ඒත් බෞද්ධ සාහිත්‍යයේ ඇති හුදෙක් නිර්මාණ රසය වෙනුවෙන් යොදන ඇතැම් කරුණු අරගෙන බෞද්ධ දර්ශනය කිසිම තර්කානුකුල නැති, අවිද්‍යාත්මක මෝඩ දර්ශනයක් (ඔවුන්ට අනුව ආගමක්) කියලා කියනවා.

ඔව් ඔවුන් හරි. මොකද ඔවුන් බෞද්ධ දර්ශනය දන්නේ නෑ. ඔවුන් දන්නේ ඉස්කෝලේ උගන්නන බෞද්ධ සාහිත්‍ය.

බටහිර නිරාගමිකයෝ පෙරදිග දර්ශන වෙත ඇදිලා එද්දී, උපතින් ඒ දර්ශන උරුම කරගෙන ආපු අපේ පිරිස් රැඩිකල් වෙන්න තමන්ට උරුම වුනු මේ වටිනා දර්ශනය ගැන කියන බොළඳ කතා ඇහෙද්දී තරහක් නෙමෙයි දැනෙන්නේ. අනුකම්පාවක්.

මේ ලැබුණු දුර්ලභ මිනිස් භවයේ, ලංකාවේ ඉපදිලා, බෞද්ධයෙක් වෙලා, මේ සංසාරයේ කෙළවරක් දකින්න අවශ්‍ය මූලික කරුණු ටිකවත් ඇහෙන්න තරම් කොච්චර ඔබ පින් කරලා තියේද. මේ ලෝකේ බිලියන කීයක් සංසාරය කියලා මහා බියකරු කෙළවරක් නැති චක්‍රයක් තියෙන බවවත් දන්නේ නැතුව ඉන්නවද. එහෙම ඔබ ඒ වටිනා ධර්මය ගැන බොළඳ තර්ක ඉදිරිපත් කරලා, රැඩිකල් වෙන්න හදද්දී ඔබ ගැන දැනෙන්නේ අනුකම්පාවක් මිසක් වෙන කිසිවක් නෙමෙයි.

ඔබ නිරාගමික නම්, ඔබේ අදහස් දැනගන්න කැමතියි.

ඔබ බෞද්ධයෙක් නම්, ඔබේ නිරාගමික මිතුරාව මේ සංසාරයේ තවත් රැඳෙන්න හදද්දී, ඔබ ඔහුගේ ඇත්තම මිතුරෙක් නම්, ඔහුට සත්‍යය වටහා දෙන්න. මොකද ඒ ඔබේ මිතුරා  නිසා.

No comments:

Post a Comment