ඔබ Luci චිත්‍රපටය නරඹා ඇති කියල
හිතනවා. නැත්නම් ඒක බලල ඇවිත්ම මේ ලිපිය කියවන්න.
ආයෙත් කියන්නම්, ෆිල්ම් එක බලල
නැත්නම් බලල ඇවිත්ම කියවන්න, දැනට බුක්මාර්ක් එකක් දාල තියාගන්න.
හරි එහෙනම් බලපු අය දැනටමත් කතාව
දන්නවනේ.
මතකයිනේ ටිකෙන් ටික ලුසී මොළයේ
ක්‍රියාකාරිත්වය වැඩි කරගෙන 100% කරගත්තම එයා නොපෙනී ගිහින් හැමදෙයක් එක්කම බද්ධ
වෙනවා. එයාට හැම දෙකටම ඇතුල් වෙන්න පුළුවන්.
මේ දෙයින් බටහිර චිත්‍රපටියක් පෙරදිග
දර්ශනය සහ සංකල්ප පෙන්නන්න උත්සහ කරපු අවස්තාවක් විදියටයි මම නම් දකින්නේ.
මොකද අවසානයේ පෙරදිග මිනිස්සු
විශ්වාස කරනවා වගේ ලුසී දෙවියෙක් වගේ වෙනවා. (එහෙම නොහිතෙන්න පුළුවන් තවත්
කෙනෙක්ට. ඒ ගැන විවාද කරන්න නෙමෙයි මේ ලිපිය ලියන්නේ. ආරම්භයක් ගන්නයි එහෙම
කිව්වේ)
දැන් හිතන්න අපි අර කලින් කතා කරා
වගේ මොළයේ ක්‍රියාකාරීත්වය අපි නොහිතන විදියට එක එක පති වලට බෙදිලා ගිහින්
තියෙනවනේ. අපි ඉන්න මේ සංකීර්ණ සමාජයේ එහෙම වෙන එක සාමාන්‍ය දෙයක්.
අපි හැමදෙයක් එක්කම ගැටෙනවා. හිතාමතා
හෝ නොහිතා ඒ දේ වෙනවා. ඒක නවත්තන්න බෑ.
දැන් හිතන්න කවුරු හරි කෙනෙක් තීරණය
කරනවා, මේ මොලේ එක එක පැති වලට බෙදෙන්නේ
මේ සංකීර්ණ සමාජයේ මම ගැටෙන නිසානේ, එහෙනම් මේ සංකීර්ණ සමාජයෙන් ඈත් වෙලා, මේ
ඔක්කොගෙන්ම ඈත් වෙලා, මම මගේ පාඩුවේ පොතක්
පතක් කියවගෙන ඉන්න කියලා.
ඔන්න කමල් එහෙම තීරණයක් ගත්තා
කියන්නකෝ.
දැන් කමල් හැමෝගෙන්ම ඈතට ගිහින්
පාඩුවේ පොත් කියවගෙන ඉන්නවා. මෙයා ගෙනියපු පොත් ඔක්කොම වගේ විශ්වය ගැන තියෙන පොත්.
හැබැයි මෙයා වැස්සකටත් ග්‍රහලෝකාගාරේ බලන්න ගිහිපු මනුස්සයෙක් නෙමෙයි.
ඔන්න දැන් ඔහොම කාලය ගෙවෙද්දී කමල්
ගේ මොළේ ට තියෙන එකම කාර්යය තමයි මේ විශ්වය ගැන කියවන එකට යොමු වෙන එක. (වෙන කිසිම
ක්‍රියාවක් වෙන්නේ නැති නිසා.)
දැන් කමල් කවදාවත් ඉගෙන ගත්තේ නැති
දෙයක් වුනාට මාසයකින් විතර එලියට එද්දී කමල් විශ්වය ගැන හොඳ දැනුමක් තියෙන කෙනෙක්.
අන්න කමල් එයාගේ මොලෙන් 3% වැඩ වැඩ
ගත්ත. සමහරවිට 90% විතර වැඩ කරන්න ඇති ඒ කාලය ඇතුලත. මොකද වෙන දේවල් නෑ නේ හිතන්න
වත්.
විද්‍යාඥයින් මොළෙන් 3% වැඩ කරනවා
කියන්නේ මිනිස්සු තමන්ගේ බුද්ධියෙන් දෙයක් ඉගෙන ගන්න දේවල් ගැන විතරයි. අපි
හැමතිස්සෙම පස්සෙන් දුවන්නේ දැනුම හොයන්න. දැනුම කියන්නේ වෙන කෙනෙක්ගේ
සොයාගැනීමක්. අපි දැනුම උකහගන්නවා මිසක් “දැනුම නිර්මාණය කරන්නේ නෑ”. අන්න ඒ නිසයි
විද්‍යාඥයින් කියන්නේ මිනිස්සු දැනුම නිර්මාණයට යොදවන්නේ මොලෙන් 3% කියලා. එයාලගේ
ෆෝකස් එක එච්චරයි. හැබැයි ඇත්තටම අපි 100% පාවිච්චි කරනවා.
අවසානයට මේකත් කියන්නම්. මීට අවුරුදු
2500 කට කලින් හිටියා මොලේ 100%ක් එකම අරමුණට යොදවලා ගොඩක් දේවල් හොයා ගත්ත
මනුස්සයෙක්. ඒ මනුස්සයට අර ලුසී එකේ වගේ ප්‍රාතිහාර්ය පාන්න, හැමදේකම මුල මැද අග
දකින, වගේ අපිට හිතන්නවත් බැරි දේවල් ගොඩක් පුළුවන් වුනා තමන්ගේ මොලය (මනස) එක
තැනකට යොදවපු නිසා.
ඒත් මනුස්සයෙක්. අපිත් මනුස්සයෝ.
එක්කෙනෙක්ට පුළුවන් නම් ඇයි අපිට බැරි?
මොකද අපෙ මොලය තමන්ගේ
ක්‍රියාකාරීත්වය හැම පැත්තටම විසිරුවල තියෙන නිසා. එක තැනකට ගත්තොත් කරන්න බැරි
දෙයක් නෑ. හැබැයි අමාරුම දේත් ඒකම තමයි
No comments:
Post a Comment