Wednesday, October 9, 2019

කතාව ලියන්න නම් නොමැරී ඉන්න... 2


ඇත්තටම මේ මාතෘකාව යටතේ ලියන්න හිතපු ලිපිය නෙමෙයි පලවෙනි කොටසෙන් ලියවුනේ, ඒ නිසයි මේ ලිපියේම 2 නි කොටසක් ඵල කරන්න සිද්ද වෙන්නේ.

ඔබ රාමායණය කියවලා හෝ අහලා ඇති. රාමායණය ලිව්වේ වාල්මිකී කියන ඍෂි වරයා. වාල්මිකී කියන්නේ රාම ගේ හිතවතෙක්.
එතනින් එහාට ඔබ දන්නවා කතාව. රාවණ මරනවා රාම විසින්. රාම වීරයා වෙනවා, රාවණ දුෂ්ඨයා වෙනවා.
මහාභාරත කාව්‍ය නම් ඔබ අහලා නැතුව ඇති.

මහාභාරත කාව්‍ය ලියන්නේ ව්‍යාස කියන ඍෂි වරයා. ව්‍යාස කියන්නේ පාණ්ඩව යන්ගේ හිතවතෙක්. ඉතින් කතාවේ හැටියට පාණ්ඩව හරි දේ කරන අය වෙද්දී නරක කට්ටිය වෙන්නේ කෞරවයෝ.

දැන් මේ ඉන්දියාවේ කතා නේ. ඔබට එක දෙයක් තේරෙනවා ඇති හැමතිස්සෙම කතාව ලියලා තියෙන කෙනා ගේ හිතවතා හොඳ වෙද්දී අනිත් කෙනා නරක වෙනවා. එහෙම නැත්නම් හිතවතා වීරයා වෙද්දී, අනිත් කෙනා දුෂ්ඨයා වෙනවා.

මහාවංශය තුලත් මේක මෙහෙමයි.

මෙතැනදී ඒ ගැන ගැඹුරු විග්‍රහයක් කරන්න උත්සහ කරන්නේ නෑ. මෙතැනදී අපි බලන්න ඕනේ මේ කියන “හොඳ” සහ “නරක” මොකක්ද කියන එකයි.

අපි සනාතන ධර්මය අනුව දන්නවා හොඳ කියන්නේ කිසිම වරදක් නැති සහ නරක කියන්නේ වැරදි කරන කියන අර්ථය.

හොඳ නම් කිසිම වරදක් කරන්න බෑ. නරක නම් වරද කියන්නේ සාමාන්‍ය දෙයක්.

දැන් අපි රාමායණය ගත්තොත් රාවණ නරක වෙන්නේ ඇයි? නරක වැඩ කරපු නිසා. ගෑණු උස්සන් ආව, අනිත් අයව ඝාතනය කරා, ඔය වගේ දේවල් නිසා.

එතකොට රාමා යුද්ධය දිනුවේ ඔය මුකුත් නොකරද?

එක ඝාතනයක් වත් කරේ නැද්ද? රාවණා ගේ බිරිඳගේ සළු පිලි ඉරලා අතවර කරේ නැද්ද රාවණ ගේ යාගය නවත්තන්න ඕනේ නිසා. තමන්ගේම සහෝදරයට විරුද්ධ වෙන්න විභීෂණ ට ලංකාව දෙනවා කියල පගාව දීල තමන්ගේ පැත්තට හරවා ගත්තේ නැද්ද?

එතකොට දෙන්නම එකම දේවල් කරලා නම්, කොහොමද එක්කෙනෙක් හොඳයි කියන්නෙත් අනිත් කෙනා වැරදියි කියන්නෙත්? එක්කෙනක් වීරයෙක් වෙන්නෙත් අනිත් කෙනා දදුෂ්ඨයෙක් වෙන්නෙත්?

හේතු දෙකක්  නිසා.

1.රාම යුද්ධෙන් දිනුවා, මැරුණේ නැතුව ඉන්න  නිසා කතාවේ හැටියට වීරයා වෙන්න අවශ්‍ය මූලික සුදුසුකම සපිරුවා. මොකද කතාව ලියන්නේ ජයග්‍රාහකයා විසින්.
2.වාල්මිකී රාමගේ හිතවතා. ඉතින් රාම වීරයා විදියටත් රාවණ දුෂ්ඨය විදියටත් ලියවුනා.

දැන් වීරයා කරෙත් දුෂ්ඨයා කරෙත් එකම දේවල් නම්, එක්කෙනෙක් වීරයා වෙලා අනිත් කෙනා දුෂ්ඨයා වෙන්න හේතුව පැහැදිලිද?

මහාවංශය ට අනුව දුටුගැමුණු කියන්නේ මහා වීරයෙක්.

දුටුගැමුණු යුද්ධය දිනුවේ භාවනා කරලද? නෑ. මිනී මරලා. අරමුණ එහෙම නැත්නම් චේතනාව යහපත්. නමුත් ක්‍රමය හිංසාව.

එතකොට එළාර ගෙයි දුටුගැමුණු ගෙයි වෙනස?

එළාර මැරුණා, දුටුගැමුණු ජීවත් වුනා. එහෙනම් වීරයා වෙන්නේ දුටුගැමුණු. කතාව ලියවෙන්නේ දුටුගැමුණුට ඕනේ විදියට.

දැන් ඔබට තේරෙනවද අපි මෙතැනදී දකින හොඳ සහ නරක කියන්නේ සනාතන ධර්මයේ කියවෙන හොඳ සහ නරක නෙමෙයි කියලා.

අපිට “හොඳින්” ඉන්න නම් මේ සමාජයේ පවතින්න බෑ. හැබැයි අපි සාපේක්ෂ හොඳින් හිටියොත් පුළුවන්.
ඒ ගැන ඊළඟ ලිපියෙන් කතා කරමු.

No comments:

Post a Comment