Thursday, August 29, 2019

අටුව කඩා පුටුව හදන එක ඇත්තටම අප්සට්ද?


හැමෝම  අහල ඇතිනේ අටුව කඩලා පුටුව හදපු වඩුවා ගැන. ඒ ගැන අපි අහලා තියෙන්නේ මහම මෝඩ වඩ්ඩෙක් කියලා. ඒත් ඒක එහෙමමද. මෙහෙම වෙන්න බැරිද?

මුලින්ම  මතක තිය ගමු ඒ වඩ්ඩෙක්. ඒ කතාවේ හැටියට වඩ්ඩගෙ ගෙදරට කවුදො ආවම වාඩි වෙන්න දෙන්න පුටුවක් නැති නිසා වඩ්ඩ කලේ අටුව කඩලා ඒ ලී වලින් පුටුවක් හදපු එක. ඒකෙන් අපි පොඩි කාලෙ ඉගෙන ගත්තේ වටින දෙයක් නැති කරගෙන ඊට වඩා වටිනකම අඩු දෙයක් ලබා ගන්නවා වගේ අර්ථයක්නේ. ඒත් ඒක එහෙමමද?

හරි මෙහෙම හිතමුකෝ. ඒ වෙලාවේ වඩ්ඩට ඕනේ වුනේ පුටුවක්. ඒ නිසා අටුව කැඩුවා. ඉතින් ඒකෙ අවුලක් නෑ නේ. අටුව කියන්නේ වී මලු ගබඩා කරල තියෙන තැන.

1. අපි හිතමු වී මලු තිබුනේ නෑ කියලා අටුවේ. එහෙනම් ඉතිං අටුව කඩල පුටුව හැදුවට කමක් නෑ නෙ. ඒ වෙලාවේ අවශ්‍යයතාවය පුටුව මිසක් වී මල්ලක් වත් නැති අටුව නෙමෙයි නේ.

2. අපි හිතමු වී මලු තිබුන අටුවකුයි ඒ කැඩුවේ කියලා. ඉතිං ඒත් අවුලක් නෑ නෙ. ඒ වඩ්ඩට වී මලු ටික එක රැයකට බිම තිබ්බ කියලා හානියක් වෙන්නේ නෑ නේ.

නිකං හිතන්න වඩ්ඩට ඒ වෙලාවේ අවශ්‍යය පුටුව හදන ඕනෙ කරන දැනුම තිබ්බා. නොතිබ්බේ ලී. ඒකට ලී සපය ගන්න තිබුනු එකම තැන අටුවද? එහෙනම් ගෙදර දොර කඩලා ලී අරගන්න තිබුන නෙ. ඒක ඊට ලේසියිනේ. ඒත් දොරක් නැතුව රැයක් ගෙවන එකට වඩා වී මලු ටික බිමින් තියලා අටුවෙන් ලී ගන්න එක හොඳ් නැද්ද. දොරක් නැතුව රැයක් ගෙවනවට වඩා අටුව කඩල ඊලග දවසේ හදා ගන්න එක හොඳ විකල්පයක් නෙමෙයිද.

සරලව කිව්වොත් එතනදි වඩුවා තෝර ගත්තේ තමන්ගේ ඒ වෙලාවේ අවශ්‍යයතාවය ඉටු කරගන්න ගන්න පුලුවන් හොඳම විකල්පය.

අවශ්‍යය දේ පුටුවක්. නැත්තෙ ලී. එක්කො දොර කඩල ලී ගන්න පුලුවන් නැත්නම් අටුව කඩලා ගන්න පුලුවන්. මොකක්ද හොද. ඒක නිකං අර ආර්ථික විද්‍යයාවේ ආවස්තික පිරිවැය වගේ කේස් එකක්.

දැන් කියන්න එපා කලිංම පුටුවක් හදලා තිබුන නම් ඉවරයිනෙ කියලා.

අපේ ජීවිතෙත් මේ වගේ අවස්තා ඕනේ තරම් වෙනවා. වෙලාව තියෙද්දි කරන්නේ නෑ හැබැයි හදිස්සියෙන ඒ දෙම ඕනේ වෙනවා. ඒ වෙලාවට මෙන්න මේ කතාව මතක තියාගෙන අවම හානියක් වෙන දේ තෝර ගන්න. වඩ්ඩ තෝර ගත්තේ අවම හානියක් වෙන අටුව. ඊට වඩා හානිය වැඩියි දොර කැඩුව නම්.

ඒත් කලින් කිව්ව වගේ හොඳම දේ අව්ව තියෙන වෙලාවේ පිදුරු ගොඩ වේල ගන්න එකයි. වෙලාව තියන කොට පස්සට නොදා කරන්න තියෙන දෙයක් කරන්න. ඒත් හදිසියෙවත් වඩ්ඩට වගේ අවස්තාවකට මූණ දුන්නොත් පුලුවන් තරම් අවම හානියක් වෙන දෙ තෝර ගන්න.

Wednesday, August 28, 2019

මැදුම් පිළිවෙත ට යන්නේ පරිස්සමින්


මුලින්ම කියන්න ඕනේ හදිසි නොවී අන්තිම වෙනකන් නිදහස් මනසකින් කියලවල ඊට පස්සේ තීරණය කරන්න කියලා. සමාජ ජාල මාද්යයේ සිදු කරපු  සමීක්ෂණයක ප්‍රතිඵල අනුව කවුරුවත්ම වගේ කැමති නෑ සම්පූර්ණ ආවරණය වූ හෝ සම්පූර්ණ අනාවරණය වූ කැටගරියේ පෝන් (porn) වීඩියෝ බලන්න.මේක ඇත්තටම සාමන්‍යය මානසික තත්වය. අපි කාටවත් සම්පූර්ණ ඇඟ වහන් ඉන්න කෙනෙක් දැක්කම ලිංගික හැඟීමක් එන්නේ නෑ නේ. එහෙම එනවා නම් කියන්න තියෙන්නේ ඔබට මානසික රෝගයක් තියෙනවා. මනෝ වෛද්‍යවරයෙක් මුණ ගැහෙන්න කියලා තමයි.

ඒ වගේමයි සම්පුර්ණ නිරුවත් කෙනෙක් දැක්කමත් අපිට ලිංගික ගැඟීම් එන්නේ නැති තරම්. (ඔව් ඒක ටිකක් විශ්වාස කරන්න අමාරුයි) අපි දරුවෙක්ට කිරි දෙන ගැහැණු කෙනෙක් දිහාවත් බලන්නේ නෑ නේ කිරි දෙන බව දැක්කම. පාරෙ යන පිස්සු මනුස්සයෝ ඇඟේ මෙලෝ ඇඳුමක්  නැතුව යනවා අපි අහක බලාගන්නවා මිසක් ඒ දිහා කන්න වගේ බලන් ඉන්නේ නෑ නේ.(මේ කියන ගණයට අයිති නැති අයත් ඉන්න බැරි නෑ) ඒ කොහොම වුනත් අපේ මනසේ සාමන්‍යය විදිය නම් ඕකයි.
දැන් මේ දෙකටම අයිති නැති තවත් විදියක් තියෙයි. ඒ තමයි, ඇඟේ වැහෙන්න ඕනේ තැන් භාගෙට වහගෙන (ඒ කියන්නේ භාගෙට පේන්න) ඇඳුම් අඳින අය.

අපි පුංචි කාලෙ සෙල්ලමක් කරනවා නේ ආච්චි ආච්චි පොල් කඩන්නද කියලා. ඒකේ එකක් කැඩුවා නම් කමක් නෑ අනිත් ඒවත් කඩන්න කියන්නේ. අන්න ඒ වගේ තමයි මෙතනත්. ඇඟේ වැහෙන්න ඕනේ තැන් බාගෙට පෙන්නද්දි පලවෙනි පොල් ගෙඩිය කැඩුවා වගේ තමයි. ඔක්කොම කඩන්න බලනවා ඊට පස්සේ.

නිකං හිතන්න. එතනදි ඇති වෙන්නේ කුතුහලය. කුතුහලය කියන්නේ මේ ලෝකේ වෙනස් කරපු තාමත්  වෙනස් කරන ඉස්සරහටත් වෙනස් කරන්න පුලුවන් හරි ප්‍රභල දෙයක්. කුතුහලය තමයි මිනිසා ඉගෙන ගැනීමට යොමු කරන්නේ. ඒ නිසා මේ කුතුහලය හරියට පිහිය වගේ. පාන් කපන්න ගන්නත් පුලුවන් බෙල්ල කපන්න ගන්නත් පුලුවන්. ඒක එක් එක් මනුස්සයගේ මානසික මට්ටම අනුව වෙනස් වෙනවා. මානසික මට්ටමෙන් පහල ඉන්න අයට තමන්ට ඇති වෙන කුතුහලය පාලනය කරගන්න බැරි වුනු අවස්ථා ඕනේ තරම් තියෙයි.

මේක තව ටිකක් පැහැදිලි වෙන්න මේ උදාහරණය ගමු.

කැම්පස් වල උගන්නන්නේ නෑ නේ. කුතුහලය අවුස්සනවා පොඩි දෙයක් කියල දීලා. අපි ඒ ගැන උනන්දු වෙලා හොයලා බලලා දැනගන්නවා. ඒ අපිට ඒ ගැන කුතුහලයක් ඇති වුනු නිසා.

ඉගෙනුම් ඉගැන්නුම් ක්‍රියාවලියෙදි මේ කුතුහලය කියන්නේ සාර්ථකව යොදාගත හැකි දෙයක්.
ටෙලි නාට්‍ය වල සිකුරාදට මොකක් හරි අලුත් සිද්ධියකින් ඉවර කරන්නේ සඳුදා වෙනකන් කුතුහලය නිසා මිනිස්සු බලන් ඉන්නවා මොකද වෙන්නේ කියලා දැන ගන්න.

ඉතිං මේ ඔක්කොම කිව්වේ මේකයි. අපි ඇඳුම් අඳිද්දී ඇඟේ වැහෙන්න ඕනේ තැන් වහගෙන යමු එක්කො. නැත්නන් ඔක්කොම ඇරගෙන යන්න. මොකද මේ දෙකම නැතුව භාගෙට පෙන්නගෙන යන එකෙන් වෙන්නේ නැති ලිංගික කුතුහලය ඇති වීමක්. (ලිංගික වචනේ දැම්මට ඒක බරපතල අර්ථයෙන් ගන්න එපා) ඒත් මේ කුතුහලය පාලනය කර ගත හැකි , නොහැකි කියලා කොටස් දෙකක් ඉන්නවා. නොහැකි අය තමයි අද සමාජයේ ගොඩක්ම අපිට අහන්න දකින්න ලැබෙන්නේ. ඒ අයටම ඇඟිලි දික් කරනවට වඩා අපිම අපේ නොපෙන්විය යුතු තැන් නොපෙන්වා ඉන්නව නම් මේ අහන දකින දේවල් ගොඩක් අඩු කරගන්න පුලුවන් වෙයි නේද.

පොඩ්ඩක් බලන්න අද සමාජයේ ඇඳුම්. භාගෙට පෙන්නගෙන නෙමෙයිද. ඒක ඇයි එහෙම පෙන්නන්නේ. වහගන්න ඕනේ කියන්නේ වහගන්නවට මිසක් භාගෙට වහගන්නවට නෙමෙයි. ඔව් තර්කයක් එන්න පුලුවන් නොබල හිටිය නම් හරි නේද කියලා. ඒත් ඊට වඩා ලේසි නැද්ද  මුලින්ම (ගහේ මුල වගේ "මුලින්ම") කපලා දාන්න පුලුවන් විදියට අපි පුරුදු වුනොත්. මොකද කුතුහලය ඇති වෙන්න හේතුවක් තියෙන නිසයි ඵලය ඇති වෙන්නේ. හේතුව නෑ කියන්නේ ඵලයත් නිකන්ම නැතුව වෙනවා.

එක්කෝ සම්පූර්ණ වහගන්න, නැත්නම් සම්පූර්ණෙන් ඇරගෙන ඉන්න කියන අන්ත දෙකින් එකක් තෝරගන්න. මැදුම් පිලිවෙත මෙතනදි නන් හොඳ නෑ. ඒ කිවේ භාගෙට වහන් භාගෙට  ඇරන් කියන්නේ නිකං නැති කුතුහලයක් ඇති කිරීමක්.

Monday, August 26, 2019

මාරයාද සාතන්ද?

කළු පේන්න නම් සුදු තියෙන්න ඕනේ වගේ, මිටි පේන්න නම් උස තියෙන්න ඕනේ වගේ, මහත පේන්න නම් කෙට්ටු තියෙන්න ඕනේ වගේ ඕනෑම කතාවක වීරයෙක් ඉන්න නම් දුෂ්ටයෙක් ඉන්න ඕනේ. ඒක පොදු සිද්ධාන්තයක්. හොඳ ඉදිරියට එන්න ඕනේ නරක තියෙන තැනක. නැත්නම් හොඳ මොකක්ද කියල කාටවත් තේරෙන්නේ නැති නිසා. සිංහයෙක් ගේ අගය දැනෙන්න බූරුවෙක් රජ වෙන්න ඕනේ කියල කියනවනේ.  සෑම විටම යමක් කැපී පේන්න නම් ඊට විරුද්ධයක් තිබිය යුතුමයි. මේක හොඳටම දන්නේ ගෑණු ළමයි. දැකලා නැද්ද සුදු ලස්සන ගෑණු ළමයි ගේ යාලුවෝ කළු ගෑණු ළමයෙක්. උස ගෑණු ළමයි ගේ යාලුවෝ මිටි ගෑණු ළමයි. කෙට්ටු ගෑණු ළමයිගේ යාළුවො මහත ගෑණු ළමයි. ඒ තමන්ව හොඳින් කැපී පෙනෙන බව ඔවුන් දන්නා නිසා. සුදු ලස්සන ගෑණු ළමයි ගොඩක් එකට හිටියොත් එක්කෙනෙක් කැපී පෙන්නේ නෑ. ඒ නිසා සුදු ළමය ඉන්නේ කළු ළමය එක්ක. ඒක ඕනෑම වෙලාවක සමාජයට ගියොත් දකින්න පුළුවන් පොදු සිද්ධාන්තයක්.

හැබැයි මේ කතාව ඒ සුදු කළු ගෑණු ළමයි ගැන නෙමෙයි. ඊට වැඩ ගැඹුරු දෙයක් ගැන. සෑම ආගමකම හතුරෙක් ඉන්නවා. සාතන්, මාරයා වගේ එක එක නම් වලින් ඒ ඒ ආගම අනුව අපි හඳුන්වනවා. මම සාතන් ගැනවත් මාරයා ගැනවත් විස්තර කරන්න යන්නේ නෑ. එත් පැහැදිලි කරන්නම් කවුද මේ අය කියලා.

ඒ බව තේරුම් ගන්න නම් මුලින් අපි මේ කාරණය තේරුම් අරන් ඉමු. ඔබ ඕනෑතරම් දැක ඇති අධර්මිෂ්ටව සමාජයේ ජීවත් වෙන අය ඉතා සුපිරි ජීවිත ගත කරන බව. ධර්මිෂ්ටව ජීවත් වන අය අඩු පහසුකම් මැද අසීරු ජීවිත ගෙවන බව. මේක අපි සරලව තේරුම් ගමු. හරි නම් වෙන්න ඕනේ ධර්මිෂ්ටව ඉන්න අය ඉහල ජීවිතත් අධර්මිෂ්ට ඇය පහල ජීවිතත් ගත කිරීම. එත් ඇයි අනිහැ පැත්තට සිද්ධ වෙන්නේ?

A සහ B කියලා එකම වයසේ එකම සමාජ තත්ත්වයේ එකම කුලයේ එකම ජාතියේ, එකම ආගමේ, සියල්ල සමාන සාධක ඇති පුද්ගලයින් දෙදෙනෙක් උපකල්පනය කරමු. A ධර්මිෂ්ට ව ඉන්නා අතරේ B අධර්මිෂ්ටව සිටිතැයි සිතමු. මින් ඉහලම දියුණුවක් ලබමින් සමාජයේ ඉහලටම යන්නේ අධර්මිෂ්ටව හැසිරෙන B මිස A නොවේ. ඒ ධර්මයේ හෝ ආගමේ බලපෑමක් නිසා නොවේ. සමාජය සැදී ඇත්තේ එලෙස බැවිනි.

සමාජයේ අනුන්ට පීඩා කරමින් අනුන්ට කරදර කරමින් සොරකම් කරමින් මිනීමරමින් ජීවත් වෙන මිනිසාට මුළු සමාජයම බිය වේ. ගරු කරයි. (නිකරුනේ ජීවිතය නැති කරගැනීමට අවශ්‍ය නැති නිසා) ඔහුට අවශ්‍ය සියලු දේ ඔහු ඉතා පහසුවෙන් ලබා ගනියි. හොඳට වඩා නරකින් තමන්ගේ වැඩය කරගනියි. ඔහු දැන් සමාජයේ ඉහලට පැමිණි අයෙකි.

සියල්ල නීතියට අනුව, කල යුතු ආකාරයට කරමින්, හොඳින්, සියලු දෙනාගේ ආදරයට පාත්‍ර වෙමින් කටයුතු කරනා මිනිසා එක් දෙයක් කරගැනීමට සැපිරිය යුතු කොතෙක් නම් කොන්දේසි කාරනා ඇත්ද? ඔහු සියලු කොන්දේසි ඉටු කරමින් නීතියට අනුව සියල්ල සිදු කරන අතර ඔහුට එම කාර්ය එපා වන අවස්ථා බොහොමයි. මේ සමාජයේ සරල සත්‍යයි. එය සනාතන ධර්මයයි.

දැන් මොහොතක් හිතන්න. සියලුම සාධක එක හා සමාන වූ A සමාජයේ අසීරුවෙන් ක්‍රියා කිරීමටත් B ඉක්මනින් ඉහලට යාමටත් හේතුව කුමක්ද?

හේතුව නම් හොඳ පැත්තට යාමට වඩා නරක පැත්තට යෑම ඉතාමත් පහසු වීමයි. එය අතිශය සාමාන්‍ය දෙයකි. සමාජයේ නරකට යාම ඉතාමත් පහසු දෙයකි. නමුත් සියල්ල ඉවසා දරා හොඳින් ජීවත් වීම අතිශය අපහසු දෙයකි. (කලියුගය හොඳ 25% සහ නරක 75% බව ඔබ මතකයේ ඇතැයි සිතමි)

හොඳ සහ නරක ඔබට වැටහුනේ නම් මෙතනින් එහා ආගමික කාරණය වටහා ගනිමු.
මින් අදහස් කරනුයේ නරක කරනා අය සාතන් යන්නක් නොවේ. මෙය ඉතා සියුම් මෙන්ම ඉතා ගැඹුරු කාරණයකි. එය ඉතා පරිස්සමින් තේරුම් ගනිමු.

ඔබගේ ජීවිතයේ යම් දෙයක් දැඩි ලෙස අවශ්‍ය වී එය ලබා ගැනීමට උත්සහ කර එය අසාර්ථක වූ නිසා සියලු බලාපොරොත්තු ඇත හැර දැමූ පසු ඔබට අවශ්‍ය වූ දෙය නිකන්ම ඔබට ලැබුණු අවස්ථා ජීවිතයේ කොතෙක් නම් ඇත්ද? නමුත් එසේ ලැබුණු මුත් දැන් ඔබට එහි කිසිදු වටිනාකමක් නැත. මේ කාරනාව සියලුම දෙනාට පොදු ධර්මතාවයකි.

දැන් මෙලෙස සිතන්න. ඔබට අවශ්‍ය විට නොලැබුණු දෙයම ඔබට අවශ්‍ය නැති විට ලැබේ. නමුත් දැන් එහි කිසිදු වටිනාකමක් නැත. එසේ වන්නේ ඇයි?
විශ්වයේ අපට නොපෙනෙන යම් බලයක් විසින් අපව සෑම විටකම මේ භෞතික ලෝකයට අලවා තැබීමට උත්සහ කරයි. එය අපට සෑම විටකම අරමුණක් ලබා දෙයි. එය පසු පස අප ලුහුබන්දීමට ඉඩ හසරවයි. නමුත් එය පසු පස අප දිව ගොස් හති වැටුණු විට එය අපට නොමිලේම ලැබේ. එය ලබා දී එම අරමුණ ඉෂ්ට කරන මොහොතේම අපට තවත් අරමුණක් ලබා දෙයි. මෙලෙස අප සෑම විටකම යම් අරමුණක් පසු පස දුවමින් සිටියි. මෙම අදෘශ්‍යමාන බලය සාතන් ලෙසත් මාරයා ලෙසත් හඳුන්වන බව මාගේ පුද්ගලික අදහසයි. එබැවින් මෙම මාරයා ඔබව ඔහුගේ අල්ලේ නටවන බව මාගේ අදහසයි.
නමුත් ඔබ දක්ෂයෙක් නම්. නෑ. ඔබ ඉතා දක්ෂයෙක් නම් ඔබට මාරයා හෝ සාතන් ඔබගේ අල්ලේ නැටවිය හැකිය.

මිනිස්සු වෙනස් ඇයි?

මිනිස්සුන්ගේ ජීවිතේ ඉපදුනු දවසේ ඉඳන් මැරෙන දවස වෙනකන් කාලය අපි හිතමු අවුරුදු 50යි කියල. එක උපකල්පනය කරගෙන අපි දැන් මේ කතාව තේරුම් ගමු.
කෙනෙක් ඉපදුනු ගමන් කිසිම දෙයක් තේරුම් ගන්න බෑ. අවුරුද්දක් විතර ගියාම බොහොම පුංචි දේවල් තේරුම් ගන්න පුලුවන්. අම්ම කවුද, තාත්ත කවුද වගේ. අවුරුදු 5ක් ගියාම ටිකක් කලින්ට සාපේක්ෂව ගොඩක් දේවල් තෙරුම් ගන්න පුළුවන්. ඒ නිසයි අවුරුදු 5න් පාසලට ඇතුල් කරවන්නේ.
පාසලේදී 5 වසරේ ඉගෙන ගන්න ළමයෙක්ට තේරෙන දේවල්, 1 වසරේ ඉගෙන ගන්න ළමයෙක්ට තේරෙන්නේ නෑ. 5 වසරේ ඉගෙන ගන්න ළමයට 11 වසරේ ඉගෙන ගන්න ළමයෙක්ට තේරෙන දේවල්, තේරෙන්නේ නෑ. උසස් පෙළ ඉගෙන ගන්න ළමයෙක්ගේ තේරුම් ගැනීමේ ශක්තිය 11 වසරේ ළමයට නෑ වගේම තමයි කැම්පස් ළමයෙක්ගේ තේරුම් ගැනීමේ ශක්තිය උසස් පෙළ ළමයෙක්ට නෑ. කැම්පස් ළමයට බෑ අවුරුදු 35 වැඩිහිටියෙක් තේරුම් ගන්න තරමට යමක් වටහා ගන්න. ඒ වගේමයි අවුරුදු 50 ක පුද්ගලයෙක් ට තේරෙන ප්‍රමාණය අවුරුදු 35 වැඩිහිටියාට තේරෙන්නේ නෑ.
දැන් මෙහෙම හිතල බලන්න. අපිට අවුරුදු 5ක ළමයෙක් ගෙන් බලාපොරොත්තු වෙන්න බෑ උසස් පෙළ ගැටළුවක් තේරුම් ගනියි කියල. ඒ නිසා අපි 5 වසරට හරියන සිලබස් එකක් හදනවා. ඒ වගේ තමයි උසස් පෙළ ළමයෙක්ගෙන් බලාපොරොත්තු වෙන්න බෑ අවුරුදු 35 කෙනෙක් වැටහ ගන්න දෙයක් තේරුම් ගනියි කියල. එකට කියන්නේ අත්දැකීම කියල. ඒ ඒ වයසේදී අපි අත්දැකීම් එක්ක අපේ තේරුම් ගැනීමේ ශක්තිය වැඩි කරගන්නවා.
මෙතෙන්ට එනකන් තේරුනා නම් ටිකක් සංකීර්ණ කොටස දැන් තේරුම් ගමු.
අපේ ජීවිතේ අපිට හම්බෙලා තියෙනවා එක වයසේ අය, හැබැයි අපිට තේරෙන දේ ඒ අයට තේරුම් ගන්න බෑ. කොච්චර කිව්වත් බෑ. ඒ වගේමයි අපිට හම්බෙනවා අපිට වැඩ වයසින් වැඩි අය, එත් අපිට තේරෙන දේවල් ඒ අයට තේරෙන්නේ නෑ. ඒ වගේම අපිට හම්බෙනවා අපිට වැඩ දැනුමෙන් රැකියාවෙන් තනතුරෙන් ගොඩක් ඉහලින් ඉන්න අය. ඒත් අපිට තීන පොඩි පොඩි දේවල් පවා ඒ අයට තේරෙන්නේ නෑ.
මතක් කරලා බලන පොඩ්ඩක්. ඇයි එහෙම වෙන්නේ?
මෙන්න මේකයි හේතුව.
අපි ජීවිතේ "අවුරුදු" ගත කරනවා වගේ තමයි, අපි මේ සංසාරේ "ආත්ම" ගත කරන්නේ. අපේ එක ජීවිතයක එක අවුරුද්දක් = අපේ සංසාරේ එක ආත්මයක් කියල හිතන්න.
මිනිස් ආත්මයක් ලබන හැම ආත්මයක්ම අපේ ජීවිතේ එක අවුරුද්දක් කියල හිතන්න.
තේරුනේ නැත්නම් මම මෙහෙම කියන්නම්.
අපි මේ සංසාරේ ඉපදෙනවා, මැරෙනවා, ආයේ ඉපදෙනවා, ආයේ මැරෙනවා, මෙහෙම දිගටම මේ චක්‍රය යනවා. අපි මේ ආත්මේ මනුස්සයෙක් උනාට ලබන ආත්මේ මනුස්සයෙක් වෙයිද විශ්වාසෙන් කියන්න බෑ. සතෙක් වෙන්න පුළුවන්. පෙරේතයෙක් වෙන්න පුළුවන්. මම කියන්නේ සතුන් සහ පෙරේතයන් වගේ ආත්ම ඇත ඇරලා මිනිස් ආත්ම ලබපු ප්‍රමාණය අපි පොඩ්ඩක් සලකා බලමු.
හිතන්න ඔයා මේ සංසාරේ මොන යම් හෝ ආත්ම 100ක් ලබල තියෙයි මේ වෙනකන් ඉපදී ඉපදී මැරී මැරී. පලවෙනි ආත්මය මනුස්සයෙක්, 2 ආත්මය බල්ලෙක්, 3 පෙරේතයෙක්, මෙහෙම මෙහෙම හිතන්න මේ ආත්ම 100න් ආත්ම 10ක් මනුස්ස ආත්ම, 75 තිරිසන් ආත්ම, 15ක් පෙරේත ආත්ම.
දැන් අපිට වැදගත් වෙන්නේ මිනිස් ආත්ම ලබපු ප්‍රමාණය විතරයි. ඒ කියන්නේ ඒ මිනිස් ආත්ම ලබපු ආත්ම 10 විතරයි.
ඔයා ඔයාගේ සංසාරේ මිනිස් ආත්ම 10ක් ලබල අත්දැකීම් තියෙන කෙනෙක්.
මෙතෙන්ට එනකන් පැහැදිලියි නම් ඉතුරු ටික තේරෙන්න ඕනේ.

හිතන්න නිවන් දකින්න මිනිස් ආත්ම 100ක් ලබල පින් රස කරලා තියෙන්න ඕනේ කියල නිකන්. දැන් එහෙනම් ඔයා මිනිස් ආත්ම 10ක් ලබල අත්දැකීම් තියෙන කෙනෙක්. a කියන්නේ එක සමානයි අවුරුදු 10ක ළමයෙක්ට. ටිකක් තේරෙනවා.
හැබැයි හිතන්න මම මේ සංසාරේ මිනිස් ආත්ම 50ක් ලබපු කෙනෙක්. දැන් මට ඔයාට වඩා අත්දැකීම් තියෙයි මේ සංසාරේ මිනිස් ආත්ම ලබල. ඒ නිසා මට ඔයාට වැඩ දේවල් තේරෙනවා.
හිතන්න "කමල්" කියල කෙනෙක් ඉන්නවා, එයා සංසාරේ මිනිස් ආත්ම ලබල තියෙන්නේ 1යි. මේ පලවෙනි මිනිස් ආත්මය. ඒ නිසා එයට ඔයාට තරම් දේවල් තේරෙන්නේ නෑ. ඔයාට මට තරම් දේවල් තේරෙන්නේ නෑ. නිවන් දකින්න කිට්ටු කෙනෙක් ඉන්නවා නම් එයාට තේරෙන තරම් මට තේරෙන්නේ නෑ.
මේක සංසාරයට වැඩ අවුරුදු වලින් හිතුවොත් තේරුම් ගන්න ලේසි වෙයි.

අවුරුදු 1ක ළමයෙක්ට වඩා අවුරුදු 10ක ළමයෙක්ට තේරෙනවා. එත් ඒ අවුරුදු 10 ළමයට වඩා අවුරුදු 50 කෙනෙක්ට තේරෙනවා.
සන්සාරයත් මේ වගෙයි. අපි මිනිස් ආත්ම ලබපු ආත්ම ගැන වැඩි වෙන්න වැඩි වෙන්න අපේ අවබෝධ ශක්තිය වැඩියි.
එත් හිතන්න. මිනිස් ආත්ම ලබපු ප්‍රමාන වෙනස් වුනත් ඔය, මම, කමල් තුන් දෙනාම මේ ආත්මේ එකම අවුරුද්දේ ඉපදිලා එකම පන්තියට එනවා. එත් අපි තුන් දෙනාගේ තේරුම් ගැනීමේ ශක්තිය වෙනස්. හැබැයි අපි තුන් දෙනාම එකම වයසේ. එහෙනම් තේරුම් ගැනීමේ ශක්තිය වෙනස් වෙන්න බෑ නේ. ඔන්න ඔහොමයි වෙනස් වෙන්නේ.
අපේ සමාජේ ඉන්නවා මිනිස්සු වර්ග 4ක්.
1. කොච්චර ගහල බැනල කිව්වත් තේරුම් ගන්න බැරි මිනිස්සු. (සංසාරයේ මිනිස් ආත්ම අඩුවෙන් ලබපු මිනිස්සු / නිවනට ගොඩක් දුර මිනිස්සු)
2. ටිකක් වැඩිපුර උවමනාවෙන් කියල දුන්නම තේරුම් ගන්න මිනිස්සු. (සංසාරයේ මිනිස් ආත්ම යම් ප්‍රමාණයක් ලබපු අය. / නිවනට ටිකක් දුර මිනිස්සු.)
3. දෙයක් කිව්වම තේරුම් ගන්න මිනිස්සු. ( සංසාරයේ මිනිස් ආත්ම ටිකක් වැඩියෙන් ලබපු මිනිස්සු / නිවනට ළඟ මිනිස්සු)
4. දෙයක් කියන්නේ නැතුව තමන් විසින්ම අවබෝධ කරගන්න මිනිස්සු. හරිම අඩුවෙන් මේ වගේ අය ඉන්නේ. (සංසාරයේ මිනිස් ආත්ම වැඩියෙන්ම ලබපු මිනිස්සු / නිවනට ගොඩක්ම ළඟ මිනිස්සු)

හිතල බලන්න මේ දේ ගැන. හරිද වැරදිද කියල.

3, 6, 9

මේ අංක 3 ඉතිහාසයේ ඉඳන්ම හරි අත්භූත ස්ථානයක් රැක ගෙන ඉන්න අංක තුනක්. ලෝකයම විශ්වාස කරත් 7 කියන්නේ වාසනාවන්ත අංකය 9 කියන්නේ අවාසනාවන්ත අංකය කියල ඉතිහාසයේ ඉඳන් කරුණු අරන් බැලුවොත් මේක ටිකක් වෙනස් වෙනවා.

නිකොලා ටෙස්ලා.

නිකොල ටෙස්ලා කියනවා ඔබ 3, 6, 9 යන අංක වල සත්‍ය දන්නේ නම් ඔබ මුළු විශ්වයම පිළිබඳව ම දනියි කියල.
ටෙස්ලා කියන්නේ මේ නිකන් ගෝල් ෆේස් එකේ කඩල තම්බපු කෙනෙක් නෙමෙයි නිසා ඒ කතාවේ මොකක් හෝ රහසක් තියෙන්න ඕනේ කියල මුළු බටහිරම මේ රහස හොයන්න තවමත් උත්සහ කරනවා.

පොදුවේ ලෝකේ ගොඩක් සම්මත පිළිගැනීම් මේ 3, 6, 9, කියන අංකයෙන් ගැලවෙන්න බැරි වීමකුත් පෙන්නුම් කරනවා.

අවුරුද්දකට දවස් 365 තවත් දවස් කාලයි. ඒ කියන්නේ 365.25
මේ අංක ටික එකතු කරාම 3+6+5+2+5 = 21 --> 2 + 1 = 3

මාස 12 --> 2 + 1 = 3
දවසට පැය 24යි 2 + 4 = 6
පැයට විනාඩි 60යි
විනාඩියට තත්පර 60යි

ඒ කාලය සම්බන්ධව. හැඩ තල සම්බන්ධවත් හරි අපූරු සම්බන්ධයක් තියෙයි.
ඕනෙම හැඩ තලයක කෝණ වල එකතුව අංශක 360යි
වෘත්තය - 360 --> 3 + 6 = 9
ඍජුකෝණය - 90 x 4 = 360
සමචතුරශ්‍රය - 90 x 4 = 360
සමකෝණී ත්‍රිකෝණය 60 x 3 = 180
වෙනත් ඕනෑම ත්‍රිකෝණයක් = 180
මෙතනින් එහාට එන සියලුම හැඩ තල වල කොණිය එකතුව සමානයි අංශක 360

මන්තර ජපා කරන්නේ 108 වාරයක් 1008 වාරයක් වගේ 9 හැදෙන විදියට
බුද්ධ දර්ශනයේ සහ හින්දු දර්ශනයේ 3, 6, 9 අංක තුනට ලොකු වැදගත් කමක් ලැබෙනවා.
අපි සරලව දන්න ත්‍රිලක්ෂණ, තුන් දොර, ත්‍රිවිධ රත්නය,
ප්‍රථම රහත් 60 නම
පස්වග තවුසන්, යස කුල පුත්‍රයා සහ මිතුරන් 54 දෙනා. එතනත් යාලුවෝ 54 විශේෂයි.
හින්දු දර්ශනයේ තමයි වැඩිපුරම 3, 6, 9, එතනිනුත් 9 වැදගත් කරලා තියෙන්නේ.
නව රාත්‍රිය
නවග්‍රහ
ශරීරය දොරටු 9ක එකතුවක් කියල හින්දු දර්ශනයේ කියනවා
නාස් පුඩු 2, දෙඇස, දෙකන, නාභිය සහ භාහිර විවර 2 (ලින්ගේන්ද්‍රය සහ ගුද මාර්ගය)
හින්දු සනාතන ධර්මයට අනුව යුගයන් හි අවුරුදු ගණන බෙදෙන්නේ ද අපුරු අන්දමට.
සත්‍ය යුගය අවුරුදු 172,800 කි (1 7 2 8) = 18 =(1 8 = 9)
ත්‍රේත යුගය අවුරුදු 1296000 කි (1 2 9 6) = 18 =(1 8 = 9)
ද්වාපාර් යුගය අවුරුදු 864000 කි (8 4 6) = 18 =(1 8 = 9)
කලි යුගය අවුරුදු 432000 කි (4 3 2) = 9
හින්දු ජ්‍යෝතිෂයට අනුව තරු රටා 27ක් ( 2 + 7 = 9 ) වන අතර ඒ සියල්ල දිශා 4කට බෙදී යයි.
27 x 4 = 108 ( 1 + 0 + 8 = 9 )
එනම් එම 108 තුලින් මුළු මහත් විශ්වයම ආවරණය කරයි.
හින්දු යෝගීන් භාවිතා කරන ඇට මාලයේ ඇට 108ක් තිබේ.
හින්දු දර්ශනයේ අංක 9 නිරුපනය කරන්නේ බ්‍රහ්ම වයි. එනම් මැවුම් කරුවායි.
ජ්‍යෝතිෂයට අනුව ලග්න 12කි --> 2 + 1 = 3
අංක වලින් මූලික අංක තියෙන්නේ 9යි.
1, 2, 3, 4, 5, 6, 7, 8, 9
0 නොහොත් ශුන්‍ය එකතු වුනේ ඉන්දියාවෙන් පසු කාලෙදියි අරාබි ඉලක්කම් වලට. (ඉන්දියාව ශුන්‍ය භාවිතා කරේ මීට වසර දහස් ගනකකට පෙරයි)
ඒ නිසා මූලික අංක 10 විදියට සැලකුවොත් මේ අංක ඔක්කොම එකට එකතු කරාම එකතුව වෙන්නේ 45
4 + 5 = 9
ඒ කියන්නේ මූලික අංක ඔක්කොම එකතු කරාම එකතුවත් 9යි
මේ විදියට 3, 6, 9 කියන අංක 3 තියෙනවා මොකක්දෝ රහසක්. 
තව දෙයක්. මේ දවස් වල ක්‍රිකට් පිස්සුව නිසා එකත් පොඩ්ඩක් බලන්න. ගොඩක් ක්‍රිකට් ලෙජන්ඩ්ස් ල ගේ අංක 3, 6, 9 ට සමාන වෙන ඒවා.
මාලිංග - test cap 99 ODI cap 123
මහේල - test cap 69 ODI cap 92 (පසුව 27 ලෙස ජර්සි අංකය වෙනස් කරගත්ත)
සංගා - test cap 84 ODI cap 105

Wednesday, August 14, 2019

සිත


සිත යනු හැඩයක් නොමැති, පැහැයක් නොමැති, නිශ්චිත ස්ථානයක නොමැති, කිසිවෙකු හෝ දැක නොමැති නමුත් සියල්ලන්ගේම පාලකයාය. සිත පිළිබඳව බුද්ධ දර්ශනයේ සඳහන් වන්නේ "දුර ගමන් යන, තනිව හැසිරෙන, ශරීරය නමැති ගුහාවේ ජීවත් වන" දෙයක් ලෙසය. ඊට අමතරව, එවැනි සිත මෙල්ල කරනුයේ කවරෙක්ද, එවැනි සිත පාලනය කරනුයේ කවරෙක්ද, ඔහු මාර බන්ධනයෙන් මිදෙතැයි තව දුරටත් සඳහන් වේ.

මෙය තරමක් ගැඹුරින් එසේම විස්තරාත්මකව පැහැදිලි කරගත යුතු කරුණකි.

සිත දුර ගමන් යයි.

මොහොතක් සිතන්න. ඔබ ශ්‍රී පාදය නැමදීමට ගිය ගමන. සීතලෙන් වෙව්ල වෙව්ලා, පිය ගැට පෙළ නැගුනු ආකාරය. සීත ගඟුලෙන් මුව දොවා ගත ආකාරය, මහා ගිරි දඹය අපහසුවෙන් නැගුනු ආකාරය. උද මළුවේදී සීතලෙන් ගැහෙමින් සීතල පොලවේ පය ගසා ගොස් සිරි පතුල නැමද සිටි අයුරු.

නැවත සිතන්න ඔබ පාසල් ගිය ආකාරය. මිතුරන් සමග එකට ගත කර අයුරු. ගුරුවරුන්ගෙන් දඬුවම් ලැබූ අයුරු.

මේ සියල්ල ඔබේ සිත ඔබ ඉදිරියේ එකින් එක මවා පෙන්වන්න ඇති. සිතන්න. ඔබේ ගත මෙතනම තිබියදී, ඔබේ සිත ඔබේ පාසල් කාලයට මෙන්ම ශ්‍රී පාදයටද ගොස් පැමිණ අවසානයි. එක මිනිත්තුවක් ඇතුලත. එසේනම් ඔබේ සිතට දුර ගමන් යා නොහැකිද?

තනිව හැසිරෙයි.

ඔබේ සිත ඔබ මෙන් නොව මිතුරන් නොමැතිව තනිව හැසිරෙන දෙයකි. සිත ට යහළු සිත් නැත.

ශරීරය නමැති ගුහාවේ වාසය කරයි.

සිත හට නවාතැනක් ඇත. ඒ ඔබේ ශරීරයයි. සිත ට අත් පා නොමැති අතර ඔබගේ අත් පා සිත එයට අවැසි ආකාරයට පාලනය කර ප්‍රයෝජනයට ගනියි. සිත කොයි තරම් දුර ගමන් ගියද නැවත ඔබගේ ශරීරයටම පැමිණෙයි. ඔබ කොහි ගියත් නැවත නිවසට පැමිණෙනවා මෙන් සිතද කෙතරම් දුර ගියත් නැවත ඔබගේ ශරීරයටම පැමිණෙයි.

සිතට පැවැත්මක් තිබීමට නම් ඔබගේ ශරීරය ට පැවැත්මක් තිබිය යුතුය. ඔබගේ ශරීරය මෙලෝ ජීවත්ව සිටින තාක් කල් සිත ඔබගේ ශරීරය එයට අවශ්‍ය පරිදි ප්‍රයෝජනයට ගනී. ඔබගේ දෑත පාලනය කරන්නේ ඔබගේ සිතයි. ඔබගේ පාද පාලනය කරන්නේ ඔබගේ සිතයි. ඔබගේ මුවින් පල වන වදන් පාලනය කරන්නේ ඔබගේ සිතයි. එබැවින් ඔබගේ ශරීරය සිත විසින් පාලනය කරන්නා වූ එක රූකඩයක් පමණි. ඔබගේ ශරීරය නොමැති නම් සිතට එයට අවශ්‍ය පැවැත්ම තබා ගත නොහැක.

ඔබ මේ ආත්මයේදී මිය ගියද ඔබගේ සිත මිය නොයයි. එය ඔබ නැවත තවත් ශරීරයක් ලබා ගන්න තුරු හිඳ එම ශරීරය තුලට පැමිණ එයට අවශ්‍ය පරිදි කටයුතු කරයි. ඔබගේ නිවාස යම් ස්වභාවික අනතුරක් හේතුවෙන් විනාස වූ පසු ඔබ නැවතත් තවත් නිවසක් සාදා එහි වාසය කරනවාක් මෙන් සිතද ඔබගේ මෙම ආත්මයේ ශරීරය මිය ගොස් නැවත ඉපදුනු පසු එයට පැමිණ වාසය කරයි.

මෙහිදී ඔබට එක කරුණක් පැහැදිලි වනවා ඇති. එනම් ඔබ සහ ඔබේ සිත යනු එකක් නොව දෙදෙනෙක් බවයි. සත්‍ය එයයි. ඔබ සහ සිත යනු දෙදෙනෙකි. නමුත් ඔබ සාම විටකම සිතෙහි පාලනය යටතේ සිතෙහි වහලෙක් ලෙස සිටි. සිත ඔබව පාලනය කරනවා මිස ඔබ සිත පාලනය නොකරයි. සිත ඔබව පාලනය කරන්නේ ඔබගේ ශරීරය සිතෙහි පැවැත්මට අවශ්‍ය බැවිනි. ඔබ සිත පාලනය කරනවා යනු ඔබ සිතට අවශ්‍ය දේ නොව ඔබට අවශ්‍ය දේ කිරීමයි.

එය පිළිගැනීමට අපහසු නම් මෙසේ සිතා බලන්න. ඔබගේ ජීවිතයේ යම් තීරණයක් ගැනීමේදී ඔබ සිතින් තර්ක කරන්නේ කත සමගද? ඔබ ඇඳුමක් ගැනීමට ගොස් ඔබගේ රුචිකත්වය අනුව ඇඳුමක් තොර ගෙන සිටියදී එයට විරුද්ධව කරුණු ගෙන හැර පෙන්වමින් එයට විරුද්ධ වන්නේ කවුරුන්ද? එවැනි අවස්තා වල බොහෝ විට ජය ගන්නේ ඔබද නොමැති නම් එම විරුද්ධ කරුණු ගෙන හැර පානා  සිතද? ඔබ සහ සිත එකක් නම් එසේ ඔබට රුචි දෙය පිළිබඳව නැවත විරුද්ධ වන්නේ ඇයි?

තව දුරටත් පැහැදිලි කරගැනීමට ඔබ යම් පොතක් කියවීමට තීරණය කර එය කියවන අතර තුර ඔබගේ කියවීමට බාධා කරමින් එක් එක් වෙනත් සිතුවිලි ඔබට ගෙන හැර පාන්නේ කවුරුන්ද? ඔබම නම් පොතක් කියවීමට තීරණය කරේද ඔබයි. නැවත වෙනත් සිතුවිලි පැමිණීම සිදු වන්නේ කෙසේද?

ඔබ සහ සිත යනු දෙදෙනෙකි. ඔබ ගන්නා සෑම තීරණයක්ම සිත විසින් අභියෝගයට ලක් කරනු ලැබේ. ඒ සිතෙහි ස්වභාවයයි.

සිත ඔබව පාලනය කරනු ලබන්නේ සිතට එහි පැවැත්ම තබා ගැනීම සඳහා ඔබගේ පැවැත්ම අනිවාර්ය වන නිසාවෙනි. ඔබ පවතින්නේ නැත්නම් සිතටද පැවැත්මක් නැත.

ඔබව මෙලොව පවත්වා ගැනීමට නම් ඔබව මෙලොවට තව තව ඇද බැඳ ගන්නා දේ ඔබට ලබා දිය යුතුය. ඒ සඳහා සිත ක්‍රම 5ක් උපයෝගී කරගනියි. ඒවා නම් ඇස, කන,නාසය,දිව සහ ශරීරයයි.

මෙම පන්චේන්ද්‍රයන් මගින් සිත ඔබව මෙලොවට බැඳ තබයි.

ඇස මගින් සොඳුරු රූප පෙන්වා සිත ඔබව මෙලොවට අලවා තබයි.
කන මගින් සොඳුරු ශබ්ද  මිහිරි ශබ්ද ඇසීමට සලස්වා ඔබව මෙලොවට අලවා තබයි.
නාසය මගින් මිහිරි සුගන්ධයන් දැනීමට සලස්වා ද
දිව මගින් මියුරු රසයන් දැනීමට සලස්වාද
ශරීරය මගින් සොඳුරු ස්පර්ශයන් සැනීමට සලස්වා ද ඔබව තව තවත් මෙලොවට අලවා තබයි.

මදක් සිතන්න. ඔබ ඉදිරියේ ඔබේ ප්‍රියතම ආහාරය තිබෙයි සිතන්න. ඔබ එය දැකීමෙන් ඔබ එයට බැඳේ. එයට ආශාවක් ඇති වේ. එහි සුවඳ දැනීමෙන් ඔබ එය හා තවත් බැඳේ. එය ආහාරයට ගන්න විට එහි මිහිරි රසයෙන් තව තවත් එය හාම බැඳීම සිදු වෙයි. මෙය සිතෙහි ස්වභාවයයි. ඔබේ ඉදිරියේ තිබෙන ආහාරය ඔබට ප්‍රිය වන්නේ එය ඔබගේ සිත විසින් ඔබට එය රසවත්ය සුවන්දවත්ය දැකුම්කුය යන සිතුවිල්ල ලබා දීම මත පමණි. ඔබගේ ප්‍රියතම ආහාරය කිරිබත් වන අතර තවත් අයෙකුට එය ඔහුගේ අප්‍රිය ආහාරය විය හැකිය. ඔබ නිවිති සමග පරිප්පු කෑමට අප්‍රිය කරද තවත් අයෙකු එයට ප්‍රිය විය හැකිය. ආහාරය එකක් නමුත් තමන්ගේ සිත අනුව එය ප්‍රිය හෝ අප්‍රිය වීම සිදු වේ. එබැවින් එය සිතෙහි ස්වභාවයයි වටහා ගැනීම අපහසු නැත.

ඔබ පෙර ප්‍රිය වුත් නමුත් වර්තමානයේ අප්‍රිය වන දෙයක් හෝ අයෙක් මතකයට නගා ගන්න. එම අදාළ දෙය හෝ අය පෙර මෙන්ම දැනුදු එකමය. නමුත් ඔබගේ සිත එය ඔබට හැඬුවා දීම වෙනස් වී ඇත. පෙර ප්‍රිය ලෙස පෙන්වූ දෙය මේ වන විට අප්‍රිය ලෙස පෙන්වා දේ. එබැවින් ඔබගේ පාලනය ඔබ ඇත නොව ඔබේ සිත මත ඇති බව තව දුරටත් පැහැදිලි වේ.

සිත මෙසේ අපව පාලනය කරන්නේ කුමන හේතුවක් නිසාද?

පෙර පැවසු පරිදි සිතට පැවැත්මක් තිබීමට නම් අපගේ ශරීරයේ පැවැත්ම තිබිය යුතුය. එබැවින් සිත අපගේ ශරීරය මෙලොව හා ඇලවීමට කල හැකි සියල්ල සිදු කරයි. ඔබගේ පසිඳුරන් මගින් ඔබව මෙලොවට ඇලවීම සිතට කල හැකි පහසුම හා සරලම ක්‍රියාවයි. ඔබ පසිඳුරන්ගෙන් ඇලවීම මත සිත තමන්ගේ අරමුණ ඔබගේ ශරීරය මගින් ඉටු කරගැනීම සිදු කරයි.

මෙලෙස මදක් සිතන්න. ඔබ බොහෝ ප්‍රිය වූ දෙයක් ලබා ගැනීමට බොහෝ වෙහෙසීමට සිදු අවස්ථා ඕනෑතරම් ය. එලෙස බොහෝ ඇලුම් කර බොහෝ උත්සහ කරද ලබා ගැනීමට නොහැකි වූ දෙයක් හෝ අයෙකු සිහියට නගා ගන්න. ඔබ එය නොලැබෙන බව දැන එය අත්හැර දමා ඇති අවස්ථා බොහෝ ඇති බව නොරහසකි. නමුත් ඔබ එසේ ඇත හැර දමා නොබෝ කලකින් ඔබට එයම ලැබුණු අවස්ථා ඇති බව ඔබට දැන් සිහි වනවා ඇති. මෙසේ සිදු වන්නේ ඇයි?

සිත ඔබව මෙලොව සමග ඇලවීමට බෙහෙවින් වෙහෙස වන්නෙකි. එය සිතෙහි එකම රාජකාරියයි. ඔබ යමකට ඇලුම් කරනවා යනු ඔබ මෙලොව ඇති යමක් සමග බැඳී ඇති බව සිත දනී. එබැවින් සිතට වෙහෙස වීමට අවශ්‍ය නැත. කිමද එය ඔහුගේ අරමුණ වන අතර ඔබම යමක් හා බැඳී ඇත යනු සිතට නිදහසේ සිටිය හැකිය. කිමද? ඔබ දැනටමත් යමක් හා ඇලී ඇති බැවිනි. එම දෙය ලබා ගැනීමට ඔබ දරනා සාම උත්සාහයක්ම ඔබ එහිම ඇලීමට හේතු වන බැවින් සිතට ඔහුගේ රාජකාරිය සඳහා වෙහෙස වීමට අවශ්‍ය නැත. කිමද ඔබ එය ඔහු වෙනුවෙන් සිදු කරනා බැවිනි. නමුත් ඔබට එය පිළිබඳව කලකිරී එය ඇත හැර දැමු විට සිත කලබල වේ. මන්ද ඔබ දැන් එයට ඇලී නැත. ඔබේ සිත නිදහස් වේ. එවිට සිත ඔහුගේ රාජකාරිය ඉටු කරයි. සිත ඔබට ඔබ ප්‍රිය කල එම දෙය හෝ අය ලබා දේ. දැන් ඔබ නැවතත් එයටම ඇලී සිටියි. ඔබ එයටම බැඳී සිටියි. සිතෙහි අරමුණ ඉටු වී ඇත. එබැවින් සිතෙහි පැවැත්ම තව දුරටත් තහවරු වී ඇත.

ඔබේ සිත කෙතරම් ප්‍රභල දැයි මදක් සිතා බලන්න. ඔබව මෙලොව හා අලවා තැබීම නමැති එකම රාජකාරිය ඉටු කරන සිත ඔබගේ ශරීරය ප්‍රයෝජනයට ගනිමින් ඔබව මෙලොව හා මෙතරම් අලවා තබන්නේ සිතෙහි පැවැත්ම සඳහා නම් හා නම් පමණක් බව වටහා ගන්නා අයකු සිත හඳුනා ගත් අයෙකි. ඔහු සිත මෙල්ල කර ගැනීමේ පළමු පියවර තබා අවසානයි.

ඔබද ඔබේ සිත මගින් පාලනය වන රූකඩයක් වී ඔබ සිතේ වහලකු වනවා ද නොමැති නම් ඔබ ඔබේ සිත පාලනය කර සිත ඔබේ වහලෙකු කරගන්නවා දැයි යන්න ඔබගේ තීරණයකි.

සිත පාලනය කරගනු ලබන්න මාර බන්ධනයෙන් මිදෙතයි බුදුරදුන් පැවසුවේ එබැවිනි.

සිත පාලනය කරගන්නා කිසිවකට  නොඇලවේ. ඔහු හට ආශාවන් නැත. ඔහු හට මෙලොව ඇලී ගැලී සිටීමට අරමුණු නැත. එබැවින් ඔහුට නැවත උපතක්ද නැත. ඔහු මාර බන්ධනයෙන් මිදුනා වේ.

Tuesday, August 13, 2019

ශිව තාණ්ඩව ස්තෝත්‍රය


අපි ශිව ගැන  කතාව  අතරේ ශිව තාණ්ඩව ස්තෝත්‍රය ලබා දෙන්නම් කියල කලින් ලිපියේදී කිව්වනේ. ඉතින් ඔන්න අද මේ ලිපිය ඒ ගැන.  සංස්කෘත භාෂවෙන් ලියල තියෙන මෙම ශිව තාණ්ඩව ස්තෝත්‍රය සංස්කෘත අක්ෂර වලින් සිංහල ට අරගෙනයි මේ ලියල තියෙන්නේ. හොඳම උච්චාරණ සහිත ශිව තාණ්ඩව ස්තෝත්‍රයේ ලින්ක් එකත් මෙතන තියෙනවා.

රාවණා අතින්ම ලියලා රාවණා ගේ මුවින්ම ගයපු මෙම ශිව තාණ්ඩව ස්තෝත්‍රය ඔබටත් ශ්‍රවනය කිරීමෙන් යම් ශක්තියක් දැනෙනවද කියල අපිත් එක්ක බෙදා ගන්න.

ඔබ මෙය නිවැරිදි ලෙස උච්චාරණය කරනවා නම් එක් දෙයක් මතක තබා ගන්න. ඔබ ඒ ගයන්නේ රාවණා විසින් යම් දිනක ඔහුගේම මුවින් පැවසු වචනයි.

රාවණා විසින් රචිත ශිව තාණ්ඩව ස්තෝත්‍රය
ජටාටවී ගලජ්ජලා ප්‍රවාහ් පාවි තස්තලේ
ගලේ වලම්බ්ය ලම්බිතාන් භුජන් ගතංග මාලිකාම්
දමඩ්ඩ මඩ්ඩ මඩ්ඩ මන්නිනාන දවඩ්ඩ මර්වයන්
චකාර චණ්ඩ තාණ්ඩවන් තනෝ තුනඃ ශිවඃ ශිවම්

ජටා කටා හසම්බමා භ්‍රමන් නිලිම්ප නිර්ජනී,
විලෝ ලවී චිවල්ලරි විරාජ මාන මුර්ධනි.
ධගද් ධගද් ධගජ්ව ලල්ල ලාට පට්ට පාවකේ,
කිශෝර චන්ද්‍ර ශේකරේ රතිහ් ප්‍රතික්ෂනන් මම

ධාරා ධරේන්ද්‍ර නන්දිනී විලාස බන්ධු බන්ධුරස්,
පුරද් දෘගන්ත සන්තතිත් ප්‍රමෝද මාන මානසේ.
කෘපා කටාක්‍ෂ ධෝරණි නිරුද්ධ දුර්ධ රාපදී,
ක්වචිද්දී ගම්බරේ මනෝ විනෝද මේතු වස්තුනි
.

ජටා භුජංග පින්ගලස් පුරත්පනා මනිප්‍රභා,
කදම්බ කුංකු මද්‍රවප් රලිප්ත දිග්ව ධුමුකේ.
මදාන්ධ සිංදු රස් පුරත් ත්වගුත්ත රීයමේ දුරේ,
මනෝ විනෝද මද්භුතම් බිභර්තු භූත භාර්තරි
.

සහස්‍ර ලෝච නප්‍රභුත්‍ය  ශේක ලේඛ ශේකරා
ප්‍රසූන ධූලි ධෝරණි විධූස රාන්ග්‍රී  පීට භූ
භුජංග රාජමාලයා නිබන්ධ ජාටජූටක
ශ්‍රියේ චිරාය ජායතාන් චකෝර බන්ධු ශේකර :

ලලාට චත්ව රජ්ව ලද් ධනංජයස්තු ලිංග මා
නිජීත පංච සායකන් නමන් නිලිම්ප නායකම්
සුධා මයූ කලේ කයා විරාජ මාන ශේකරන්
මහා කපාලි සම්පදේ ශිරෝජ මාල වස්තු න:

කරාල භාල පට්ටිකා ධගද්ධ ගද්ධ ගජ්වලා
ධනංජයා හුතී කෘත ප්‍රචණ්ඩ පංච සායකේ
ධාරා ධරේන්ද්‍ර නන්දිනී කුචාග්‍ර චිත්‍ර පත්‍රක
ප්‍රකල්ප නේක ශිල්පිනි ත්‍රිලෝ චනේ රතිර් මම...

නවීන මේඝ මණ්ඩලි නිරුද්ධ දුර් ධරස් පුරත්
කුහූ නිශීතිනි තමඃ ප්‍රබන්ධ බද්ධ කන්ධර:
නිලිම්ප නිර්ජනී ධරස් තනොතු කෘත්ති සින්ධුරඃ
කලා නිධාන් බන්ධුර: ශ්‍රියන් ජගද් ධුරන් ධර:

ප්‍රපුල්ල නීල පංකජ පපංච කාලි ම පභා
වලම්බි කන්ට කන්දලි රුචි ප්‍රබද්ධ කන්දරම්
ස්මරච්චිදන් පුරච්චිදන් භාවච්චිදන් මකච්චිදන්
ගජච්චි දාන්ධ කච්චිදන් තමන්ක කච්චිදන් භජේ

අකර්ව සර්ව මංගලා කලා කදම්බ මංජරී
රසඃ ප්‍රවාහ මාධුරි විජුම්භනා මධු ව්‍රතම්
ස්මරාන්තකන්  පුරාන්තකන්  භාවාන්තකන්  මකාන්තකන්
ගජාන්ත කාන්ධ කාන්තකන් තමන්ත කාන්ත කන් භජේ

ජයත් වදභ්‍ර විභ්‍රම භ්‍රමද් භුජංග වශ්වස
ද්විනිර්ග මත් ක්‍රමස් පුරත් කරාල භාල හව්‍ය වාට්
ධිමිද්ධි මිද්ධි මිධ්වනම් මාදංග තුංග මංගලා
ධ්වනි ක්‍රම ප්‍රවර්තිත ප්‍රචණ්ඩ තාණ්ඩව: ශිවඃ

ශ්රුෂද් විචිත්‍ර කල්පයෝර් භුජංග මෝක්ති කස්ර ජෝර්
ගරිෂ්ට රත්න ලෝෂ්ටයෝහ් සුහෘද් විපක්ෂ පක්ෂයෝ
තෘෂ්ණා රවින්ද චක්ෂුයෝ ප්‍රජා මහී මහේන්ද්‍රයෝ
සම ප්‍රවෘත්තික: කදා සදා ශිවම් භජේ

කදා නිලිම්ප නිර්ජනී නිකුන්ජ කෝටරේ වසන්
විමුක්ත දුර්මති: සදා ශිරඃ ස්ත  මන්ජලින් වහන්
විමුක්ත ලෝල ලෝචනෝ ලලාම භාල ලග්නක:
ශිවෙති මන්ත්‍ර මුච්චරන් සදා සුඛි භාවාම් යහම්

ඉදම් හි නිත්‍ය මේව මුක්ත මුත්ත මොත්ත මම් ස්වතන්
පටන් ස්මරන් බ්රුවන්නරෝ  විශුද්ධි මේති සන්තතම්
හරේ ගුරෝ සුභක්ති මාන්ශු යාති නාන් යතා ගතින්
විමෝහ නන්හි දේහිනාන් සුෂන් කරස්ය චින්තනම්...