Thursday, October 17, 2019

ඔහු ඔබේ කී වෙනියා ද..?


මේ කතා කරන්න හදන්නේ ඔබේ පෙම්වතුන් ලේඛනය ගැනයි...

ඔබ කාන්තාවක් නම්, මේ ලිපිය කියවද්දී ඔබට ටිකක් තරහ යැයි පිරිමි ඇත ඇරලා ඇයි මේ ගැහැණු විතරක් අරන් කතා කරන්නේ කියලා.

මේක කාන්තාවන්ට තියෙන්න වූ ගෞරවය නිසාම ලියන ලිපියක් බවත්, ඔවුන්ව අපහසුතාවයට පත් කරන්නවත්, ඔවුන්ව විහිලුවට පත් කරන්නවත් ලියන ලිපියක් නොවන බවත් කරුණාවෙන් සලකන්න.
අපි ඒක තේරුම් අරන් ඉමු මුලින්ම.

අපේ සංස්කෘතියේ කාන්තාව කියන්නේ උතුම් චරිතයක්. අපි ගෙදර බුදුන් කිව්වේ අම්මට. කාන්තාවක්. අපි කාන්තාවන්ට තැන නොතැන බලන්නේ නැතුව ගරු කරපු ජාතියක්.

ජනවහරේ තියෙනවා යොවුන් තරුණියක් නිල් මැණිකක් අතේ තියාගෙන දුහුල් සළුවක් ඇඳන් දෙවුන්දර තුඩුවේ ඉඳන් පේදුරු තුඩුව වෙනකන් පයින් යන්න පුළුවන් කම තිබුන රටක් කියලා මේ රට.
අද කාලේ කොහොම වෙයිද?

අපි මුලින් එක දෙයක් තේරුම් ගන්න ඕනේ, අපි කාන්තාවන්ට ගරු කරන ජාතියක් තවමත්. ඒත් ඒ කාන්තාවන් හිතාගෙන ඉන්න ගරුත්වය නෙමෙයි.

කාන්තාවන් හිතාගෙන ඉන්නවා තමන්ගේ හොඳ කියන, වර්ණනා කරන එක තමයි හොඳ කියලා.
තමන්ගේ වැරදි අඩු පාඩු පෙන්නන එක හොඳ නැති වැඩක් කියලා.

මුලින්ම තේරුම් ගමු, කාන්තාවන් ට තියෙන ගෞරවය තවමත් එහෙමයි, ඒත් කාන්තාවන් තමන්ගේ හැසිරීම නිසා නම් ඒ ගරුත්වය නැති කරගන්නවා වර්තමානයේ.

ඉතින් මේ ලිපිය ලියන්නෙත් අන්න ඒ වගේ දෙයක් පෙන්නුම් කරන්න.

හොඳයි, මේකයි කතාව...

ගැහැණු පිරිමි හැමෝම ආදරය කරනවා. පාසල් කාලයෙන් බොහෝ විට පටන් ගන්න මේ ආදරය විවාහය වෙනකනුත් විවාහයෙන් පස්සෙත් ඇති වෙනවා.

අපි හිතමු ඔබ ගැහැණු ළමයෙක්, ඔබට ආදරයක් ඇති වෙනවා පාසල් කාලයේ පිරිමි ළමයෙක් ගැන. ඔහුත් ඔබ ගැන අදහසක් ඇති කරගෙන ඔබ එකිනෙකාට ආදරය කරනවා.

මෙතනට එනකන් හරිම ආදරණීයයි. නමුත් ප්‍රශ්නය පටන් ගන්නේ ඔබ දෙදෙනා අතරට ලිංගිකත්වය ආපු දවසටයි.

මෙහෙම හිතන්න, ඔබ මේ ආදරය කරන කෙනා එක්ක විවාහ වෙන්නම ලැබෙයි කියලා ඔබට 100% විශ්වාසද?

අනාගතේ අපිට මොනවා සිද්ධ වෙයිද කියන්න තියෙන හැකියාව මොකක්ද?

ඔබගෙන් ආදරය කරන අතරේ ලිංගිකත්වය බලාපොරොත්තු වෙන කෙනෙක් ඔබට ඇත්තටම ආදරේ ද කියන ප්‍රශ්නය ඔබ ඔබෙන් අහන්න.

අපි හිතමු ඔබ ඔහුව විශ්වාස කරලා ඔබගේ වටිනාම දේ ඔහුට දුන්න කියලා. දැන් ඔහු ඔබෙන් ඒ දේ ආයේ ආයේ බලාපොරොත්තු වෙන එක නවත්තන්න බෑ. ඔබත් එයට කැමති තාක් කල් කිසිම ප්‍රශ්නයක් නෑ. 

දෙදෙනාගේ කැමැත්තෙන් සිදු වෙන දෙයක්.

නමුත් ප්‍රශ්න පටන් ගන්නේ ඔහුට ඔබව එපා වෙන්න පටන් ගත්ත දවසේ ඉඳන්. ඔව්, ලිහලා බලන්න තියෙන මල්ල ඔබලා බලද්දී දවසක ඒක එපා වෙනවා දවසක් එනවා. එදාට ඔබට ඔහුව නැති වෙනවා. මොකද හැමදාම දකින කුකුලගේ කරමලය සුදු නිසා ඔහු වෙනත් කරමලයක් හොයාගෙන යනවා. ඒක නවත්තන්න බෑ.

මෙතනින් තමයි ප්‍රශ්නය පටන් ගන්නේ.

දැන් ඔබට තනිකම කියන්නේ උහුලන්න බැරි දෙයක්. ඔබ දැන් මේ තනිකමෙන් මිදෙන්න කෙනෙක් හොයනවා.

වෙනත් විදියකට කිවොත් ඔබේ ලිස්ට් එකේ දෙවැනි පෙම්වතාව හොයනවා.

ඔන්න හම්බුනා. දැන් ඔබ කලින් වගේම පලවෙනි පෙම්වතා එක්ක ගිය දුරම හෝ බොහෝවිට ඊට වඩා දුර දෙවැනි පෙම්වතා එක්ක යනවා. දැන් ඔහු ඔබ පෙර අත්දැකීම් තියෙන කෙනෙක් කියල දැනගත්තු මොහොතේම ඔබ ඔහුගේ ලිංගික අවශ්‍යතා වෙනුවෙන් පාවිච්චි කරන මෙවලම බවට පත් වෙලා ඉවරයි. මොකද කිසිම පිරිමියේ කැමති නෑ ඉඳුල් වුනු ගැහැනියෙක්ට. ඒත් ඒ බව නොකියා ඔබෙන් ඔහු සතුටක් ලබනවා හැකි තාක් කල්. ඒ ආදරය නිසා නෙමෙයි. රාගය නිසා. ඔබ කොහොමත් ඉඳුල් කාන්තාවක් නම් මම මේ කෙල්ලව තව ටිකක් පාවිච්චි කරාට මොකක් වෙනවද කියන මානසිකත්වය විතරයි.

ඔහුත් ඔබව හැර ගියාම, ඔබ දැන් ඇබ්බැහි වෙලා ඉන්න මේ තනිකම මකා ගන්න ඔබ තවත් කෙනෙක් ලං කරගන්නවා. ඒ කියන්නේ ඔබේ ලිස්ට් එකේ 3 වෙනියා. ඔහුත් ඔබව පාවිච්චි කරලා ඇත ඇරලා දානවා.

ඊට පස්සේ ඔබේ ලිස්ට් එකේ හතර වැනියා. ඔහුත් කරන්නේ ඒ ටිකමයි.

මේ ලිස්ට් එක එන්න එන්න දික් වෙනවා කියලා ඔබට තේරෙන්නේ නෑ, මොකද ඔබ හොයන්නේ ඔබේ ශරීරය දැන් ඇබ්බැහි වෙලා ඉල්ලන සතුට විතරයි. අනිත් හැමදේම ඔබට අපැහැදිලියි. ඔබට ඒ ගැන හිතන්න ඕනේ කමකුත් නෑ.

මෙහෙම ඔබේ ලිස්ට් එක දික් වෙද්දී සමාජය (ඇත්තටම කිව්වොත් ඔබව පාවිච්චි කරපු ඔබේ ලිස්ට් එකේ පිරිමින්ම බොහෝ විට) ඔබට අලුත් නමකුත් දෙනවා..

දැන් ඔබට මේ නමත් සාමන්‍යය දෙයක්. ඒ නිසා කලින් හොරාට කරපු දේ දැන් ඔබ එළිපිටම කරන්න පසු බැට වෙන්නේ නෑ. ඒ කියන්නේ ඔබ කලින් ඔබේ ශරීරයේ අවශ්‍යතාවය සපුරා ගත්තේ “ආදරය” කියන සළුවෙන් වහගෙන.

දැන් ඔබට සමාජයෙන් නමකුත් දීල තියෙන නිසා ඔබට “ආදර” සළුව ඕනේ නෑ ඔබේ අවශ්‍යතාවය ඉෂ්ඨ කරගන්න.

මෙන්න මෙහෙම අවස්තාවක ඔබ බලාපොරොත්තු වෙනවා නම් පිරිමි ඔබට ගරු කරයි කියලා, ඔබට ගොඩක් වැරදිලා. ඔබම වැරැද්ද ගෙන.

ඒ නිසා මේ තත්වයට පත් වෙන්න එපා ඔබ කවදාවත්. ඔබ ගැහැනියක් විදියට මේ සමාජයේ ලොකු ගෞරවයකට පාත්‍ර වන කෙනෙක්. ඒත් ඔබ ඔබේ ක්‍රියාවෙන්මයි මේ තත්වයට පත් වෙන්නේ.

ඒ වගේම මතක තියාගන්න, මේ සමාජයේ පිරිමි කැමතියි ඔබ මේ තත්වයට ඇද වටෙනවටත්. මොකද එතකොට ඔවුන්ට ඕනේ තරම් අවස්ථා තියෙනවා ඔවුන්ගේ ආසාවන් ඉෂ්ඨ කරගන්නත්. ඔබ ඔවුන්ගේ ඉත්තෙක් වෙන්න එපා. ඔවුන්ගේ වර්ණනා වලට රැවටෙන, ආදරණිය කතා බහට හසු වෙන ගැහැණුන් ට ඔවුන් ගරු කරන්නේ නෑ. ඔවුන් ගරු කරන්නේ තමන්ගේ තැන තියාගෙන ඉන්න ගැහැණුන්ට විතරයි.

හැබැයි ඔවුන් උත්සහ කරනවා ඒ ගැහැණුත් අර කාණ්ඩයටම ඇදලා දාන්න. ඒවාට අසු වෙන ගැහැණු වගේම ඒවාට හසු නොවෙන ගැහැණුත් මේ සමාජයේ ඉන්නවා.

ලිපිය දිග වැඩි වුනු නිසා දෙවැනි කොටසක් පල කරන්නම් ඉතුරු කොටස එක්ක.

2 comments:

  1. කිසිදිනෙක කතා කරලා අවසන් කරන්න බැරි මාතෘකාවකටනෙ අත ගහල තියන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඇත්ත. ඒත් මුකුත්ම නොකියා ඉන්නවට වඩා පුළුවන් නම් එක දෙයක් හරි කියන එක හොඳයිනේ කියල හිතුවා...

      Delete