Thursday, October 10, 2019

අපේ පැයක් එහෙ විනාඩියක් 3


හොඳයි අපි දැන් දන්නවා එකම වෘත්තයේ මධ්‍ය ලක්ෂය ඒ වෘත්තයේම පිටත දාරයට වඩා හෙමින් කරකෙවෙන්නේ කියලා.

දැන් අපි බලන්න ඕනේ වෙනත් කෝණයකින් මේ දිහාම.

ඒකට අපි පහල පින්තූර උපයෝගී කරගමු.



මේ තියෙන්නේ දැති රෝදයක්. මේ දැති රෝදයේ මැද දැති (දත්) 10ක් තියෙනවා, වටේට දැති 30ක් තියෙනවා.

මේ වගේ දැඩි රෝද යොදාගන්නේ වේගය පාලනය කරන්න.

පහල පින්තූරයත් බලන්න.




ඔබට පේනවා මැද දැති 1ක් වෙනුවෙන් වටේට දැති 3ක් තියෙනවා කියල. ඒ කියන්නේ මැද දැති එකක් සමානයි වටේ දැති 3ක්.

මැද දැති 1ක් X කියන දුරක් යද්දී, වටේ දැති 3ක් ඒ X කියන දුරම යනවා.

හැබැයි දැති ඔක්කොගෙම දිග පළල සමානයි.

මෙන්න මේ වගේ අර අපි කලින් ගත්තු වෘත්තයේ ත් සිදු වීමක් තියෙනවා.

ඒ තමයි සුදු රවුමේ 1 /8 කොටසක් යන්න ගත වෙන කාලය වගේ තුන් ගුණයක් කාලය අඩුවෙන් ගත වෙන්නේ අනිත් ඕනෙම රවුමක ඒ දුරම යන්න.

ඒක නම් හොඳින් පැහැදිලි කරගන්න ඕනේ දෙයක්.

මෙන්න උදාහරණය.

අපි මේ 1/8 කොටස් නම් කරගෙන ඉමු පහල පින්තූරයේ විදියට.

ඒ අනුව

සුදු පාට රවුමේ 1/8 කොටස a – b
කහ පාට රවුමේ 1/8 කොටස c – d
නිල් පාට රවුමේ 1/8 කොටස e – f
රතු පාට රවුමේ 1/8 කොටස g – h



මෙතැන් ඉඳන් අපි මේ සංකේත වලින් තේරුම් ගමු.

දැන් ඔබට තේරෙනවා a – b වගේ තුන් ගුණයක් c – d වල තියෙනවා කියලා. ඒ කියන්නේ

c – d  =  (a – b) + (a – b) + (a – b)   තුන් ගුණයක්
e – f = (a – b) + (a – b) + (a – b) + (a – b) + (a – b)   පස් ගුණයක්
g – h = (a – b) + (a – b) + (a – b) + (a – b) + (a – b) + (a – b) + (a – b)   හත් ගුණයක්


දැන් මේ කතාව තේරෙනවා නම් අපිට වැඩේ ලේසියි. මෙතනින් එහාට තියෙන්නේ හරිම සරල ගණිත ක්‍රියා කිහිපයක්.

(a – b) =  (a – b)
c – d  =  (a – b) + (a – b) + (a – b)  
e – f = (a – b) + (a – b) + (a – b) + (a – b) + (a – b)
 
g – h = (a – b) + (a – b) + (a – b) + (a – b) + (a – b) + (a – b) + (a – b)


පහත පින්තුරයෙන් ඒ බව පැහැදිලි වෙනවා.  



ඔබට මේ පින්තූරයෙන් පෙන්නේ විනාඩියෙන් 1/8 එකක් තුල (තත්පර 7.5) එකම වෘත්තයේ විවිද ස්ථාන හතරක් ගමන් කරන දුරයි.

අපැහැදිලියි වගේ නම් ආයෙත් මුල ඉඳන් පොස්ට් ටික කියවන්න. අදහසක් එයි. එහෙමත් තේරෙන්නේ නැත්නම්, මේ පොස්ට් එක ඔබට ගැලපෙන එකක් නෙමෙයි.

හතර වෙනි කොටසින් හමුවෙමු.

No comments:

Post a Comment