කලින් ලිපියෙන් කතා කරා අපි කවුරු
මොන දේ විශ්වාස කරත් සනාතන ධර්මය අනුව හැමෝටම ලැබෙන්නේ එකම හැන්දෙන් කියලා.
එහෙනම් හිතන්න මේ ලෝකයේ ඉන්න බෞද්ධ
හෝ හින්දුන් නොවන ජනගහනය සමස්ත ලෝක ජනගහනයෙන් කොච්චරක් වෙන්න ඇත්ද කියල.
ලෝකයේ සමස්ත ජනගහනයෙන් බෞද්ධයින්
ඉන්නවා 7 % ක්.
හින්දුන් ඉන්නවා 15% ක්.
එකතු කරොත් ලෝකයේ සමස්ත ජනගහනයෙන් පුනර්භවය සහ කර්මය කියන දෙය දන්නේ 22% ක්
විතරයි.
එහෙනම් ඒකෙන් කියවෙන අනිත් කාරණය
තමයි මේ ලෝකේ ඉන්න මිනිස්සුන්ගෙන් 78% කර්මය වත් පුනර්භවය වත් ගැන විශ්වාස කරන්න
තියා අහලවත් නෑ කියලා.
මේක හොඳින් මතක තියාගෙන මේ ලිපි
කියවන්න කියල ඉල්ලීමක් කරනවා.
ආයෙත් කියන්නම්. මේ ලෝකයේ 78% කර්මය
හෝ පුනර්භවය ගැන කිසිම දෙයක් දන්නේ නෑ. විශ්වාස කරන්නෙත් නෑ.
දැන් හිතන්න ඒ කතාවේ පදනම මොකක්ද
කියලා.
මෙන්න මේකයි පදනම.
බෞද්ධයන් සහ හින්දුන් කියන්නේ පොඩි
කාලේ ඉඳන්ම ඒ සංස්කෘතීන් වලින් පුනර්භවය, හොඳ නරක, පව පින, කර්මය කියන දේ ඔලුවට
දාගන්න පිරිසක්.
අම්මල තාත්තල, ආච්චිලා සීයලා, පාසල්,
දහම් පාසල් වලින් කරන්නේ මේ දේ යි.
එතකොට පොඩි කාලේ ඉඳන්ම බෞද්ධ ඕ
හින්දු වීම නිසා නේ එහෙම සංස්කෘතියක හැදෙන්න අවස්තාව ලැබුනේ.
එහෙනම් මේ පිරිස කර්මය, පුනර්භවය සහ
අනෙකුත් පව පින ගැන අදහසක් තියෙන පිරිසක්. (ඒ අනුව හැසිරෙන හෝ නැති එක වෙනමම
දෙයක්)
දැන් හිතන්න ලෝකයේ අනිත් 78%
මේ මුකුත් දන්නේ නෑ. එහෙනම් ඒ
සංස්කෘතීන් තුලින් කියන්නේ ජීවත් වෙන කාලේ ජොලියේ උපරිම සැපේ ඉන්න කියලා. ඒකට
සීමාවන් දාන්නේ නීති වලින්. හැබැයි පොඩි කාලේ ඉඳන් ඔලුවට දාන මූලික දේ මේ ජීවිතේ
හරි කෙටියි. ඉන්න ටිකේ සොමියේ ඉඳපන් කියල.
ඒක නිකන් පොඩි කාලේ අපි දනගාද්දී අපේ
අම්මල අපිව ඇවිද්දවන්න උත්සහ කරනවා, ඇවිදිද්දී ගහල බනිනවා වාඩි වෙලා එක තැනකට වෙලා
ඉඳපන් කියල වගේ වැඩක්.
විසංවාදයක්.
එහෙනම් මේ 78% හැසිරෙන්නේ ක්‍රියා
කරන්නේ තමන්ගේ සැප සහ සතුට වෙනුවෙන් නම් ඒකට අනිත් අයට හානියක් වුනාට කමක් න කියලා
හිතෙනවා නම් ඔවුන්ව නවත්තන්න නෙමෙයිද නීති තියෙන්නේ/.
දැන් අපි ලෝකය ප්‍රධාන කොටස් දෙකකට
බෙදුවා.
පුනර්භවය සහ කර්මය ගැන දන්නා පිරිස
සහ නොදන්නා, විශ්වාස නොකර පිරිස.
දැන් ගැටලුව මේකයි.
මේ 22% විතරද ආයේ ඉපදෙන්නේ ?
78% මේ ආත්මයෙන් ඉවරයක් වෙනවද?
No comments:
Post a Comment