ඔන්න පහනක් තියෙනවා. කවුරු හරි මේකට
තිරයක් දාලා, තෙල් දාලා, ගිනි පෙට්ටියෙන් ගිනිකුරක් අරන් මේ පහන පත්තු කරනවා.
දැන් මේ පහන පත්තු වුනේ තමන් විසින්
ද?
නෑ. වෙන කවුරු හරි කෙනෙක් පත්තු කරපු
දෙයක්. හැබැයි වෙන කෙනෙක්ට පත්තු කරන්න අවශ්‍ය ඔක්කොම දේවල් තිබුන නිසයි මේ පහන
පත්තු වුනේ.
ඒවා නොතිබ්බ නම් මේ පහන පත්තු වෙන්න
විදියක් නෑ නේ.
දැන් මේ පහනේ තෙල් තියෙනකන් පහනේ
දැල්ලත් තියෙනවා. පහනේ තෙල් ඉවර වුනු ගමන් දැල්ලත් නිවිලා යනවා.
දැන් හිතන්න, මේ පහනේ තෙල් කොයිම
වෙලාවක හරි ඉවර වෙන්න ඕනේ නේ. තෙල් ඉවර වුනු ගමන් පහනේ දැල්ලත් ඉවරයි කියන්නේ කතාව
එතනින් ඉවරයි.
ඒත් අපි හිතමු මේ පහනේ තෙල් අඩු
වෙන්න අඩු වෙන්න කවුරු හරි පහනට තෙල් දානවා කියලා.
දැන් පහන නිවෙන්නේ නෑ නේ. දිගටම
පත්තු වෙනවා.
ඔබේ ජීවිතයත් මෙන්න මේ වගේ.
ඔබේ මේ සංසාරයේ එක භවයක මුලින්ම
ඉපදෙන්න අවශ්‍ය ඔක්කොම කරුණු කාරනා තිබුණු නිසා ඔබ මේ සංසාරයේ ඉපදුනා. ඒ භවයේ තෙල්
ටික ඉවර වෙනකන් ඉඳල එතැනින්ම කතාව ඉවර කරගන්න තිබුනා. (තෙල් = කර්ම ඵල)
ඒත් ඔබ මොකක්ද කරේ, ඔබ ඔබේ තෙල් ඉවර
වෙන අතරේම ඔබේ ක්‍රියා නිසා තව තව තෙල් එකතු කරගත්තා, පහනට. ඉතින් පහන නිවෙන්නේ
නෑ. දැල්ල දිගටම පත්තු වේවි තියෙනවා.
දැන් මේ විදියට අඩු වෙන අඩු වෙන හැම
තෙල් බින්දුවකටම ඔබ තව තෙල් එකතු කරගන්නවා ප්බේ පහන ට. ඉතින් දැල්ල දිගටම පත්තු
වෙනවා.
දවසක ඔබ තීරණයක් ගත්තොත් නෑ, මම තවත්
තෙල් එකතු කරගන්නේ නෑ, මේ තෙල් ටික හිඳෙනකන් විතරයි මම පත්තු වෙන්නේ කියලා, අන්න
ඔබ නිවනට මුල්ම අඩිය තියලා.
හැබැයි ඒත් ඔබට පහනේ තෙල් ඔක්කොම ඉවර
වෙනකන් ඉන්න වෙනවා.
අන්න එහෙම ඉන්න එක තමයි ඔක්කොටම වඩා
අමාරු. මොකද මේ සමාජයේ රැඳෙන්න නම්, ඔබට තෙල් එකහු කරගන්නම වෙනවා. නැතුව ඉන්න බෑ.
මිනිස්සු ඔබට පිස්සු කියල හිතයි.
දැන් ඔබට තේරෙනවද ඇයි බුදුහාමුදුරුවෝ
භික්ෂු සමාජයක් ඇති කරේ කියලා.
මෙන්න මේ පහනේ තෙල් ඉවරකරගෙන දැල්ල
නිවාගන්න කැමති අයට සමාජයෙන් ඈත් වෙලා තමන්ගේ තෙල් ටික හින්දෙනකන් ඉන්න පුළුවන්
තැනක් හදන්නයි භික්ෂු සමාජය ඇති කරේ.
ඒත් අද, ඒ භික්ෂු සමාජය ත් ඒ තැන
ඉඳන් කරන්නේ තව තව තෙල් එකතු කරගන්න එකමයි.
විනාශ කාලේන, විපරීත බුද්ධි...
No comments:
Post a Comment