Monday, October 21, 2019

ද්විකෝටිකය



ද්විකෝටිකය කියන වචනය ඔබ තර්ක ශාස්ත්‍රය හදාරලා තියෙනවා නම් අඳුනන වචනයක්.

ද්විකෝටිකය කියන්නේ අන්ත දෙයයි කියන එකයි.

මේ අන්ත දෙක තමයි, එක්කෝ තියෙනවා, නැත්නම් නෑ කියන අන්ත දෙක.

වෙන විදියකට කිව්වොත් එක්කෝ සුදුයි, නැත්නම් සුදු නෑ. (එක්කෝ සුදයි නැත්නම් කලුයි නෙමෙයි.)

එක්කෝ ලස්සනයි, නැත්නම් ලස්සන නෑ. (කැතයි නෙමෙයි)

තවත් දෙයක් තියෙනවා චතුස්කෝටිකය කියලා. ඒ කියන්නේ අන්ත හතරයි.

තියෙනවා,
නෑ,
ඇත්තෙත් නෑ,
නැත්තෙත් නෑ.

අපි එදිනෙදා ජීවිතයේ කතා බහ කරද්දී යොදාගන්නේ මොන කෝටිකය කියලද ඔබට හිතෙන්නේ?
ඔව් චතුස්කෝටිකය.

මොකද චතුස්කොටිකයෙන් අපිට ලස්සනට ඕනෙම දෙයකින් බේරෙන්න පුළුවන්.
මෙහෙම ගමුකො.

ඔබට කවුරු හරි තේකක් හදල දෙනවා. ඔබ ඒක බොනවා. ඔබට දැනෙන්නේ නෑ තේක ගැන පිරියක්.
දැන් ඔබෙන් අර තේක හදල දුන්නු කෙනා අහනවා, කොහොමද තේක කියලා.

ඔබ අන්ත බොරු කාරයෙක් නම් ශා හරිම රසයි කියල කියයි.

ඔබ ශේප් බොරු කාරයෙක් නම් වරදක් නෑ කියල කියයි.

ඒත් ඔබ සත්‍ය කතා කරන කෙනෙක් නම් ඔබ ද්විකෝටිකයෙන් හිතයි. තේක ට මට පිරියක් ඇති වුනේ නෑ. 

එහෙනම් එක්කෝ රසයි, නැත්නම් රස නෑ.

එහෙනම් ඔබේ උත්තරය වෙන්නේ තේක රස නෑ.

හැබැයි ඔබට මෙහෙම උත්තර දෙන්න බෑ කියලා දන්නවා. මොකද අපි අනිත් කෙනාගේ හිත රිද්දන්න කැමති නැති නිසා. ඒ නිසයි කලින්ම කිව්වේ ඔබ බොරු කාරයෙක් නිසයි ඔබ චතුස්කෝටිකය එතැනදී පාවිච්චි කරන්නේ.

ඔබ අනිත් කෙනාගේ හිත හදන්න කියන්නේ බොරුවක්.

මේකෙන් අවාසි දෙකක් වෙනවා.

1.ඔබ බොරු කියලා පව් පුරවා ගන්නවා.
2.ඔබ අනිත් කෙනාට ඒ කෙනාගේ තේකේ අඩු පාඩු තියෙන බව නොකිව්වා නිසා ඒ කෙනා කවදාවත් ඒ අඩු පාඩු දැනගන්නේ නෑ. ඒ කියන්නේ ආයෙත් ඒ වරදම කරනවා. ඒ කියන්නේ ඔබ ඒ කෙනාට හොඳක් නෙමෙයි කරලා තියෙන්නේ.

වෙනත් උදාහරණයක් ගමු හොඳින් තේරුම් ගන්න.

ඔයා මට බොරු කියල තියේද?

එක්කෝ ඔව් එක්කෝ නෑ.

හැබැයි ගොඩක් අය කියන්නේ, නෑ ඉතින් සමහර වෙලාවට කියල තියෙන ඔය පොඩි පොඩි බොරු.
දැන් මේ කතාව විකාරයක් නෙමෙයිද?

බොරු කියල තියෙනවා නම් කියල තියෙනවා, ඒකෙ ලොකු පොඩි, හැම වෙලාවෙමද, සමහර වේලාවේද කියල අදාළ වෙන්නේ නෑ. මේ හැම විශේෂණ පදයකින්ම කරන්නේ ඒ තමන් කරපු වැරද්දක් බව දන්නා නිසා ඒ වැරැද්දේ සැර අඩු කිරීමයි.

බොරු කියලා නැත්නම් නෑ කිව්වම ඉවරයි. බොරු කියල තියෙනවා නම් ඔව් කියල තියෙනවා කිව්වම ඉවරයි.
ඒත් එහෙම කිව්වම ප්‍රශ්න ඇති වෙනවනේ. බොරු කියලා තියෙන කෙනෙක් එක්ක ඉන්න කවුද කැමති.

එහෙනම් ඉතින් බොරු නොකිය හිටියම ඉවරයි නේද, බොරු කියලා එහෙම කිව්වද නැද්ද ඇහුවම එකටත් බොරු කියල සැර අඩු කරන්නේ නැතුව..?

මේ ඇඳුම ලස්සද?

එක්කෝ ලස්සනයි, එක්කෝ ලස්සන නෑ.

වරදක් නෑ, පොඩ්ඩක් දිග වුනා නම් හොඳයි නේද?

මේ උත්තරේ ඇතුලේ තියෙන්නෙත් ලස්සන නෑ කියන එකම තමයි. හැබැයි සැර අඩු කරලා.

ඔය අර මනුස්සය එක්ක කතා කරා නේද.

එක්කෝ ඔව් එක්කෝ නෑ.

නෑ ඉතින් ඒ වෙලාවේ කතා කරන්න වුනා නැත්නම් හරි නෑ නේ, අනික මහා ගොඩක් කතා කරේ නෑ, වචන දෙකයි කතා කරේ.

මෙතනදීත් කරන්නේ සැර අඩු කිරීමක් නෙමෙයිද. කතා වචන දෙක හරි 1000ක් හරි කතා කරා නම් කතා කරා, නැත්නම් නෑ.

ඔයා අදත් සිගරට් බිව්වා නේද?

එක්කෝ ඔව් එක්කෝ නෑ.

නෑ ඉතින් අද විතරයිනේ. හැමදාම කරන්නේ නෑ නේ. එක සිගරට් එකයි අනේ බිව්වේ.

මෙතනදීත් කරන්නේ සැර අඩු කිරීමම තමයි.

සිගරට් එක බිව්වත් පැකට් එකක් බෝව්වත් බිව්වා නම් බිව්වා, නැත්නම් නෑ. සැර අඩු කරන්නේ තමන් කරේ වරදක් බව දැනගෙන ඒ වැරැද්ද වහගන්නයි.

ඉතින් ඔබ ද්විකෝටිකයේ කෙනෙක් නම්, ඔබ අනිවාර්යෙන්ම සත්‍ය කතා කරන කෙනෙක් වෙයි.
ඔබ චතුස්කෝටිකයේ කෙනෙක් නම්, ඔබ අනිවාර්යෙන්ම වැරදි කරන, ඊට පස්සේ ඒ වැරදි වහගන්න කටින් සටන් කරන කෙනෙක් වෙයි.
තීරණය ඔබේ අතේ.

1 comment: