Thursday, October 3, 2019

අනියම් සම්බන්ධතා 2



අනියම් සම්බන්ධතා කියන්නේ ලිංගික අසුරක්ම නෙමෙයි.

ඔබ ඔබගේ ආදර වෘත්තය තුල දෙන්නෙක් සමබර කරනවා නම් ඒක අනියම් ඇසුරක්.

අපි කලින් ලිපියෙන් කතා කරා වගේ ඔබගේ පෙම්වතා හෝ පෙම්වතිය ගාව නැති දෙයක් ඔබ වෙන කෙනෙකුගෙන් දැකලා ඒ පුද්ගලයා ඔබගේ වෘත්තය තුල සීමා පහු කරන්න ඉඩ දෙනවට කියන්නේ අනියම් ඇසුරක් කියලම තමයි.

මොකක්ද මේ සමබර කිරීම?

මෙතනදී බැලන්ස් කරනවා කියන්නේ ඔබගේ පෙම්වතා සහ ඔහු තුල නැති දේවල් හිමි පුද්ගලයා යන දෙදෙනා ගැනම හිතීම.
අපි මෙහෙම හිතමු. ඔබගේ පෙම්වතිය කැමති අහිං සක කොල්ලෙක්ට. ඔබ ඇය එක්ක සම්බන්ධතාවය පටන් ගද්දි ඇයට පෙන්නුවේ එහෙම මූණක් තමයි, හැබැයි දැන් ඔබේ ඇත්ත මූණ එලියට එන්න පටන් අරන් තියෙන්නේ. ඒ කියන්නේ ඇයගේ ඇස දෙකට දැන් ඔබ අහිංසක කොල්ලෙක් නෙමෙයි.

දැන් හිතන්න ඇය වැඩ කරන තැන නැත්නම් ඉගෙන ගන්න තැන, නැත්නම් ඇය නිතර යන එන තැනක ඉන්නවා හරිම අහිංසක හැසිරීමක් තියෙන, පිරිමි ළමයෙක්.

දැන් ඇය ගේ හිත මේ අහිංසක පිරිමි ළමය දිහාවට ඇදෙන එක නවත්තන්න ඇයටත් බෑ.

ඉතින් ඇය ඒ පිරිමි ළමයාගෙන් බලාපොරොත්තු වෙන්නේ නෑ ලිංගිකත්වය. හැබැයි ඇය ඒ පිරිමි ළමයට කැමතියි. මොකද ඔහු අහිංසක නිසා. හැබැයි තවමත් ඇය ඔබට ආදරෙයි.



ඒත් ඇයගේ ආදර වෘත්තය ඇතුලේ දැන් දෙන්නෙක් ඉන්නවා. ලඟින්ම ඉන්න ඔබ. ඈතින් ඉන්න ඔහු.

මෙන්න මේකට කියනවා බැලන්ස් කරනවා කියලා. වෙනත් විදියකින් ඩබල් ගේමක් ගහනවා.

මොකද ආදර වෘතය ඇතුලේ ඉන්න පුළුවන් එක්කෙනෙක් මිසක් දෙන්නෙක් ඉන්න බෑ.

ඇයත් දන්නවා මේ දෙවනියා ආදර වෘත්තය ඇතුලට ගත්තොත් කවද හරි ඇයට පෙම්වතා එක දැනගත්තොත් තමන්ට පෙම්වතා නැති වෙන බවත්. එතැනදී ඇය තීරණයක් ගන්න ඕනේ.

මම දන්නවා මම තුන් වෙනියෙක් ගත්තොත් කවදාක හරි මට පෙම්වතා නැති වෙනවා. එහෙනම් මම ගන්නේ නැතුව ඉන්න ඕනේ. හැබැයි ඇත්තම කතාව ඇය දැන් ගන්න හිතලත් ඉවරයි.

ගන්නවා කියලා තීරණයක් ගත්තොත් ඒ කියන්නේ ඇයට කමක් නෑ පෙම්වතා නැති වුනාට. ඇය එකට සුදානම්.

බැලන්ස් කරන්න පුළුවන් කවදාක හරි පෙම්වතා මේ බව නොදැන ඉන්න තාක් කල්. කොහොමත් තුන් වෙනියා දැනගෙනයි එන්නේ තමන් තුන් වෙනියා කියලා. හැබැයි ප්‍රශ්නේ පටන් ගන්නේ පෙම්වතා මේක දැනගත්තට පස්සේ.

මෙතැනදී බැලන්ස් කරනවා කියන්නේ හැමදේම සුපුරුදු විදියට පෙම්වතා එක්ක කරන අතරේ හිතින් අර තුන් වෙනියට විශේෂ තැනක් දීම.

නමුත් තුන් වෙනියා කවදාවත්  ඔතනට වෙලා ඉන්න කැමති කෙනෙක් නෙමෙයි. ඉතින් ඔහු මේ පෙම්වතියගේ සැලසුම අවුල් කරනවා. ඔහු තව ටිකක් ලං වෙන්න ඕනේ වෙනවා. ඉතින් ඔහු පෙම්වතාට දන්නවනවා මමත් කැමතියි උඹේ කෙල්ලට කියලා. දැන් මේ දෙන්න අතරේ ප්‍රශ්න ඇති වෙනවා. අන්තිමට දෙන්න මරාගන්නවා. කෙල්ලා පැත්තකට වෙලා බලාගෙන ඉන්නවා.

එත් ඇත්තටම මේ ඔකොටම හේතුව ගැහැණු ළමය නෙමෙයිද? ඇයගේ හිතේ චපලත්වය නිසා නෙමෙයිද මෙහෙම වුනේ?
අන්න ඒකට සිංහලෙන් අලුතින් වචනයක් හදල තියෙනවා අනියම් සම්බන්ධතා කියලා. වෙනත් විදියකට කිව්වොත් එකක් තියාගෙන තවත් එකක් ලං කරගෙන දෙකම සමබරව පවත්වා ගෙන යාම.

දැන් තේරෙනවද ඇයි සමහර පිරිමි ළමයි තමන්ගේ පෙම්වතියට කොල්ලෙක් ගේ දිහා බලන්නවත් දෙන්නේ නැත්තේ කියලා? මොකද කොල්ලෝ දන්නවා අවස්තාව ලැබුණු ගමන් මේ දේ සිද්ද වෙනවා කියලා. හැබැයි එහෙම නීති දාල තියාගන්න එක කවදාවත් සාර්ථක දෙයක් නෙමෙයි. යන්න ඕනේ කෙනා මොනවා කරත් යනවා.

මේ අතරේ සමහරු හිතින් මෙහෙම දෙයක් කරත් අපි එහෙම නෑ වගේ ඉන්නවා.

No comments:

Post a Comment