දේව් හොඳටම තුවාල වෙලා හිටියේ... දේව් ට තමන්ගේ වම් උරහිස හොලවන්නවත් බැරි වුණා... දකුණු කකුල වාඩි වෙලා ඉන්න නිසාමදෝ ගොඩක් රිදෙන්න ගත්තා... මේ වගේ ලෙඩ්ඩු භාර ගන්නේ රජයේ රෝහලකින් විතරක් නිසා දේව් ට සිද්ධ වුණා මාතර මහා රෝහලට ඇතුලත් වෙන්න... මේ වෙනකොට දේව් ට ගොඩක් අමාරු වුනත් දේව් තීරණය කළා ගෙදර අයට ඒ ගැන අඟවන්නේ නැතිව ඉන්න... දේව් ව රෝහලට ඇතුලත් කළාට පස්සේ වෛද්‍යවරු නිගමනය කළා දේව් ගේ වම් උරහිසත්, දකුණු කකුලත්, පපු ප්‍රදේශයත් පරීක්ෂා කරන්න... ඒත් මේ සියලු දේ හවස් වරුවේ නිසා, දේව් රෝහලට ඇතුලත් කරනකොට රෑ 6.30 විතර ඇති... ඒ වෙලාවේ කිසිම පරීක්ෂණයක් කරන්නේ නෑ කියලයි රෝහලේ වැඩ කරන සහ වෛද්‍යවරු පවා කිව්වේ...
ඒත් රෝහල් දේව් ට මොකක්දෝ ක්‍රමයකින් අවශ්‍ය පරීක්ෂණ කරලා වාර්තා ඉදිරිපත් කරන්නට පුළුවන් වුණා... වාර්තා අනුව දේව් ගේ වම් උරහිස පැනලා, දකුණු කකුලේ අස්ථියක් පුපුරලා... පපු ප්‍රදේශයට නම් කිසිම බලපෑමක් නෑ... දවස් එකහමාරක් රෝහලේ ගත කළ දේව් ඊළඟ දවසේ හවස් වරුවේ බලෙන් ticket කපා ගෙන ගෙදර ආවා...
දේව් මේ ලිපිය ලිව්වේ දේව් ට මේ සිද්ධියෙන් දැක ගන්න ලැබුණු කාරණා කිහිපයක් සම්භන්දයෙන් කියන්නයි... දේව් ට අවශ්‍ය පරීක්ෂණ කරන්න අනුමැතිය ලැබිල තියෙන්නේ රෝහල අධ්‍යක්ෂක මගින්... දේව් ගේ තාත්තා රෝහල අධ්‍යක්ෂකගේ හිතවතෙක් වීමෙන් දේව් ට අවශ්‍ය පරීක්ෂණ එවෙලේම කරගන්න හැකි වුණා... ඒත් හිතන්න දේව් ගේ පව්ලේ අය ඒ කව්රුවත් අඳුනන්නේ නැත්නම්, දේව් ට සිද්ධ වෙනවා ඊළඟ දවසේ උදේ වෙනකම් ඉන්න... ඒ අතරේ දෙයක් උනොත්... මේ කියන්නේ දේව් ගැනම නෙමෙයි... මේ වගේ රෝගීන් කීදෙනෙක් අපහසු තාවයන්ට පත වෙනවා ඇත්ද?
දේව්ට රෝහලෙන් තනියම ඉන්න ඇඳක් ලැබුණා... ඒත් සමහර රෝගීන් එක ඇඳේ දෙන්නා බැගින් ඉන්නවා දේව් දැක්කා... ඇඳවල් අඩු කම නිසා වෙන්න පුළුවන්... ඒත් ඒ රෝගීන්ට රෝහල සේවකයන් කතා කරන විදිය, දේව් ට නම් අහන් ඉන්න බෑ... කතා කරනවා නෙමෙයි. ඒක සමාන වෙන්නේ බැනුමකට... මේ රජයේ දේ විවේචනය කරනවා නොවෙයි... නමුත් මේ ස්වභාවය...
දේව් ට සිද්ධ උණු දේ දැනගෙන දේව් ව බලන්න ආපු අය, බලන්න ආවේ නැති අය, එන්න ඕනෙවට ආව අය, මේ හැම දෙනාම දේව් ට හිතන්න දේවල් ඉතුරු කරලයි ගියේ... දේව් ගේ අක්කගේ දුව, රෝහලට ඇවිත් මාමා දාල යන්න බෑ කියල අඬනකොට දේව් ට ඇති වෙච්ච හැගීම වචනයෙන් විස්තර කරන්න බෑ...
තවත් දෙයක් ගැන දේව් කනගාටු වෙනවා... දේව් ට උදවු කළ ඒ පිටරටියට (පිටරටියා කියන්නේ දේව් සුද්දා කියන වචනේපාවිච්චි නොකරන නිසා) ස්තුති කරන්න දේව් ට බැරි වුණා... තාමත් ඒකට දේව් සූදානම් වුණත්, දේව් ට ඒකට තාමත් අවස්තාවක් හම්බ වුණේ නෑ... ළඟදීම දේව් ඒ යුතුකම ඉෂ්ට කරන්න යනවා...
ඉතින් අද මේ ලිපිය ලිව්වේ ඒ සිද්ධියෙන් දේව් දැකපු, අහපු, දැනුනු දේවල් ගැන කියන්නයි... ඒත් දේව් මේ සිද්ධියෙන් ජීවිතේට ගොඩක් දේවල් ඉගෙන ගත්තා... ඉතින් මේ දේව්දාස් ලබපු දෙවැනි උපත ගැනයි...
දේව්දාස්...
ඇත්තටම ඔයා අසරණ උන වෙලාවේ පිහිට උන එ පිට රට කෙනාට ගිහින් ස්තුති කරන්න මුලින්ම දෙව්..එකයි වටින්නේ.
ReplyDeleteනිම්ෂා - මම ඒ යුතුකම ඉෂ්ට කරන්න ළඟදීම යනවා... බොහෝම ඉක්මණින්... ඔබගේ අදහස් දැක්වීමට බොහෝම ස්තුතියි, නැවත මෙහි පැමිණෙයි කියලා දේව්දාස් විශ්වාස කරනවා...
ReplyDeleteදේව්දාස්...
ඔයා වාසනාවන්තයි.
ReplyDeleteපිණිබිඳු - හ්ම්ම්ම් දේව්දාස් නුත් වොශ්වාස කරනවා ඒ දේ නම්... ඒ උනත් තවත් නම් වාසනාව ගැන විශ්වාස කරලා තවත් මෝඩ වැඩ කරන්නේ නෑ...
ReplyDeleteදේව්දාස්...
වාසනාව නම් උපරිමයි...
ReplyDeleteඔව්.. දේව් වාසනාවන්තයි...අර පිටරැටියාට ස්තූති කරන්න ලැබෙනවනම් ඒක කරන්න.. එයා හුගාක් ලොකු ඩ්හෙයක්නෙ කළේ...:)
ReplyDeleteනදුන් උයන - හ්ම්ම්ම්... දේව්දාස් නුත් එහෙම හිතනවා... අදහස් දැක්වීමට ස්තුතියි... අයෙත් මේ පැත්තේ එයි කියල දේව්දාස් විශ්වාස කරනවා...
ReplyDeleteදේව්දාස්...
හිතුවක්කාරී - අනිවාර්යෙන්ම දේව්දාස් ඒ යුතුකම ඉෂ්ට කරනවා... තාමත් ඒකට අවස්තාවක් එළඹුණේ නෑ... ඒත් ළඟදීම ඒ දේ සිද්ධ වෙයි...
ReplyDeleteදේව්දාස්...
කොලු කාලෙට ඕනෑම අවදානමක් ගන්න අපි කිසි බයක් නැ . එත් පිස්සු කෙලලා අපි මොනවා හරි කරගත්තාම එකෙන් වැඩියම දුක් විදින්නේ අපේ දෙමාපියෝ. ඇත්තටම අපිත් එක්ක ලගින් ඉන්න අයව අදුර ගන්නත් ඔය වගේ දෙයක් වෙන්නම ඕනේ.
ReplyDeleteඅම්බලම - සම්පූර්ණයෙන්ම ඇත්ත කතාව... අපිට හිතවත් අය නැති අය, අඬන අය, සතුටු වෙන අය හැමෝම අඳුනගන්න පුළුවන් මේ වගේ අවස්ථාවකදී... දේව්දාස් ඒ බව අද්දැකීමෙන් දන්නවා...
ReplyDeleteදේව්දාස්...
ඇත්තටම දේව් අපිට කරදරයක් උනාම තමා දැනගන්න පුලුවන් වෙන්නේ අපේ පිහිටට එන්නේ කවුද කියලා.සිංහයගෙත් අත්දැකීමෙන් කියන්නේ ............
ReplyDeleteThe Lion - එහෙනම් සිංහයටත් දේව්දාස් ට වගේ තමන් එක්ක ඇත්තටම ඉන්නේ කවුද කියල තේරුම් ගන්න අවස්ථාවක් ලැබෙන්න ඇති...
ReplyDeleteදේව්දාස්...